ජලාප්‍රවාහණ ද්‍රෝණිවල වැදගත්කම

භූ දේශපාලනික සීමා ලෙස

සීමා නිර්ණයේදී ඓතිහාසිකවම ජලාප්‍රවාහණ ද්‍රෝණි වැදගත් වී ඇත. විශේෂයෙන්ම ජලය හරහා සිදු කරන වෙළඳාම වැදගත් වන ප්‍රදේශවලදීය. උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි අධිරාජ්‍ය හඩ්සන් බොක්ක ආයතනයට හඩ්සන්බොක්ක දියබස්නාවේ සම්පූර්ණ ඉන්දීය වෙළදාමේ ඒකාධිකාරය පවරා දෙන ලදී. එම ප්‍රදේශය Rupwrt භූමිය ලෙස හැඳින්විණි. මෙම ආයතනය පසුව ආක්ටික් සාගරයේ උතුරු ඇමෙරිකානු දියබස්නාව අත්පත් කර ගන්නා ලදී. (වයඹ දිග භූමිය) මෙම වයඹ දිග භූමීන් පසුකාලීනව කැනඩාවේ කොටස් බවට පත්විය. ඒවා කැනඩාවේ භූමියෙන් බහුතරය අයත්කරගෙන සිටී. 

වර්තමා‍නයේ Sistan ද්‍රෝණිය ඇෆ්ගනිස්ථානය හා ඉරානයේ දකුණු ප්‍රදේශ හරහා පැතිර පවතී. Shangrial විල පකිස්ථානයේ Skardu හිදී.

අද ජෛව ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍ර වාදය විශේෂිත ජලාප්‍රවාහණ ද්‍රෝණියක් ආරක්ෂා කිරීමට එකඟතා අන්තර්ගත කරගත හැකිය. මේවා මහාවිල් කොමිසම අන්තර්ගත කර ගනී. 

ජලවිද්‍යාව

 

මිසිසිපි ගංගාවේ ජලාප්‍රවාහන ද්‍රෝණියේ කොටසක් වන ඔහියෝ ගංගාවේ ජලාප්‍රවාහන ද්‍රෝණිය

ජල විද්‍යාවේදී ජලාප්‍රවාහන ද්‍රෝණි ජලචක්‍රය තුළ ජලයේ චලන අධ්‍යයනය සඳහා තාර්කික ඒකකයකි. ද්‍රෝණිය මත පතිතවන වර්ෂා පතනය මගින් ද්‍රෝණියෙන් විසර්ජනය වන ජලයේ බහුතරයක් සමන්විත වන නිසාවෙනි. ජලාප්‍රවාහන ද්‍රෝණියට යටින් භූගත ජලපද්ධතියට ජල ප්‍රමාණයක් එකතු වී වෙනත් ජලාප්‍රවාහණ ද්‍රෝණියක් කරාගලායයි. ඒ භූගත ජල ගැලීමේ දිශානතියන් පිටත ජලාප්‍රවාහණ ජාලයට හැමවිටම ගැළපීම සිදු නොවන බැවිණි. ද්‍රෝණියේ මුව විට තබන ලද ප්‍රවාහ ආමාණයක් මගින් ද්‍රෝණියෙන් විසර්ජනය වන ජල ප්‍රමාණය මැන ගත හැක.

ජලාප්‍රවාහණ ද්‍රෝණියක් මතට වැටෙන මුළු වර්ෂාපතනය මැනීමට වර්ෂා ආමාන යොදා ගනී. එම දත්ත ලබාගැනීමට වෙනත්ක්‍රමද ඇත. නියත වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයක ආමාණ රාශියක් එකාකාරීව පැතිරී ඇත්නම් අංක ගණිතමය මධ්‍යන්‍ය ක්‍රමය වඩා හොඳ ප්‍රතිඵල ලබාදේ. Thiessen බහු අස්‍ර ක්‍රමයේදී දිය බස්නාව බහු අස්‍රවලට බෙදෙන අතර ප්‍රධාන  ආමානය සෑම බහුඅස්‍රයකම මැද පිහිටුවා ඇත. එය එම ප්‍රදේශයේ වර්ෂාපතනයට නිදර්ශකයක් ලෙස ක්‍රියාකරයි. මෙම බහු අස්‍ර ආමාන අතර රේඛා ඇඳීමෙන් නිර්මාණය කෙරේ. අනතුරුව බහුඅස්‍රවල සිට ඒවාට ලම්භ සමච්ඡේදකයක් නිර්මාණය කරයි. සම වර්ෂා රේඛාක්‍රමය භාවිතයේදී සමාන වර්ෂාවක් වැටෙන සමොච්ච රේඛා සිතියමක අඳිනු ලැබේ. එම චාපයන් අතර වර්ගඵලය ගණනය කොට ජලපරිමාව එකතු කිරීම කල්ගත වන ක්‍රියාවකි. 

පරිසර විද්‍යාවේදී

 

එක්සත් ජනපද ගංගාවක විශාලතම වර්ගඵලය අයත් වන්නේ මිසි සිපි ගංගා ද්‍රෝණියටයි. ඉන් වැඩි ප්‍රමාණයක් කෘෂිකාර්මික ප්‍රදේශ වේ. කෘෂි කාර්මික අපව‍ාහයන් හා වෙනත් ජල දුෂණ කාරක මෙක්සි‍කෝ බොක්කේ මළ කලාපයක් ඇති කිරීමට හේතු වී ඇත. ජලාප්‍රවාහණ ද්‍රෝණි පරිසර විද්‍යාවේදී ද වැදගත් මූලකාරකයන් වේ. පොළව හරහා ගලායන ජලය පෝෂක අවසාධක හා දුෂක එකතුකර ගත හැකි බැවිනි. ජලය මෙන්ම ඒවාද ද්‍රෝණියේ පිටත විවරය දෙසට ගලායයි. ඒවා සිය ගමන් මග තුළ පරිසර විදයාත්මක ක්‍රියාකාරකම්වලට බලපෑම් ඇති කරවන අතර ඒ අතර තුරදීම ජල ප්‍රභවය ලැබීමේදී ද බලපෑම් සිදු කළ හැකිය. 

කෘත්‍රීම පොහොරවල වර්තමාන භාවිතයේදී නයිට්‍රජන් පොස්පරස් හා පොටෑසියම් භාවිතය දියබස්නාවල මුවවිට වෙත බලපෑම් ඇති කොට ඇත. ඛණිජ දියබස්නාව මගින් එහි මුවවිට දක්වා ගමන්කරවන අතර එහිදී තැන්පත් වේ. එය ස්වාභාවික ඛණිජ තුලනයට බාධා කරයි. 

සම්පත් කළමණාකරණයේදී

‍ජල විද්‍යාත්මක දැක්මට අනුව ජලාප්‍රවාහන ද්‍රෝණි සංක්ෂිප්ත වස්තූන් වන බැවින් තනි ද්‍රෝණි පදනම මත ජල සම්පත් කළමනාකරණයට පොදුවේ යොදා ගනී. Minnesota එක්සත් ජනපද ප්‍රාන්තයේදී මෙම ක්‍රියාව සිදු කරන රාජ්‍ය වස්තූන් හැඳින්වෙන්නේ දියබස්නා දිස්ත්‍රික්ක ලෙසය. නවසීලන්තයේදී ඒවා හැඳින්වෙන්නේ ජලධාරක මණ්ඩල වශයෙනි. කැනඩාවේ පොන්ටෙරියෝහිදී සංසන්දනාත්මක ප්‍රජා කණ්ඩායම් සංරක්ෂණ අදිකාරීන්නම් වේ. උතුරු ඇමෙරිකාවේදී මෙම ක්‍රියාව දියබස්නා කළමනාකරණය නම් වේ. බ්‍රසීලයේදී ජල සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය නම් වේ. එය විධිවිධාන කොට තිබෙන්නේ 1997 9.433 පනතෙනි. ඒ අනුව ජලාප්‍රවාහණ ද්‍රෝණි බ්‍රසීලීය ජල කළමනාකරණයේ භෞමික බේදීම් ලෙස එළි දක්වා ඇත.
භූවේදය (ඉංග්‍රීසි:  Geology), ස්වභාවිකවේදයේ ශාඛාවක් වෙයි.

වැදගත් සිද්ධාන්ත  

භූවේදයෙහි වැදගත් සිද්ධාන්ත රාශියකි. ඒ අතරින් බොහොමයක්ම භූ ස්ථරවල සාපේක්ෂ වයස් පැවසීමේ හෝ ඒවා සකස් වූ ආකාරය පැවසීමේ හැකියාව අන්තර්ගත වේ.

ආක්රාෂන්තික සම්බන්ධතා සිද්ධාන්තයේ දී ආක්රාෂාන්තික හරස් කැපුම් සැලකිල්ලට ගැනේ. භූ විද්‍යාවේදී අවසාදිත පාෂාණයක් සකස් වීම නිසා ආග්නේය ආක්රාන්තිකයක් විච්ඡේදනය වූ විට අවසාදිත පාෂාණයක් ආග්නේය ආක්රාඅන්තිකයට වඩා වයසින් අඩු බව නිගමනය කළ හැකිය.

විශාල ආක්රාන්තිකයන්, නිතල ආක්රාන්තිකයන්, ආස්තරයන්, වේලි ඇතුළුව ආක්රාන්තිකයන් රාශියකි.

හරස් විච්ඡේදන සම්බන්ධතා පිළිබඳ සිද්ධාන්තය, විභේදිතයන් සකස් වීම හා ඒවා විච්ඡේදනය කළ අනුක්‍රමික වයස් වකවානුවලට අදාළ වේ. විභේදනයන් ඒවා විච්ඡේදිත වු පාෂාණවලට වඩා වයසින් අඩුය. විභේදිතයන් මුදුනේ හැර ඇතැම් සකස් වීම් නම් විච්ඡේදිත සකස් වීම් විභේදිතයනට වඩා වයස්ගතය. විච්ඡේදනය නොවූ ඒවා විභේදිතයට වඩා වයසින් අඩු විය යුතුය. විභේදිතයන් සාමාන්‍ය විභේදිතයක් ද විය යුතුය. විභේදතයන් සාමාන්‍ය විභේදිතයක් ද තෙරපුම් විභේදිකයක් ද යන්න අපෝහනය කිරීමේ දී මෙම අවස්ථාවල යාන්ත්‍රණ හඳුනා ගැනීම වැදගත් වේ.

අන්තර්ගයන් හා සංඝටකයක් පිළිබඳ සිද්ධාන්තයේ දී කියැවෙන්නේ අවසාදිත පාෂාණයන්ට අදාළව සකස්වීමක දී අන්තර්ගතයන් හමුවේ නම් අඩංගු වන සකස් වීමට වඩා අන්තර්ගතයන් වයස්ගත විය යුතුය යන්නයි. උදාහරණයක් වශයෙන් පැරණි සකස්වීමක ඇති බොරළු පැලීගොස් නව ස්ථරයක අඩංගු වීම පොදු දෙයකි. ආග්නේය පාෂාණ සමඟ සමාන තත්ත්වයක් ඇති වන්නේ අගම් සලයන් හමු වු විට දීය. මෙම ආගන්තුක දේහ මැග්මා හා ලාවා ධාරා තුළ හමුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස අගම් සල ඇති වේ. ඒවා අඩංගු වන පාෂාණවලට වඩා වයස්ගතය.

ඒක අවයවීකරණ සිද්ධාන්තයේ දී විස්තර කෙරෙනුයේ පෘථිවි කබල විකරණය කෙරෙන නූතන ක්‍රියාදාමයේ දී නිරීක්ෂිත භූ විද්‍යාත්මක ක්‍රියාවන් මින් පෙර භූ වකවානුවල දී ද එලෙසට ක්‍රියාකාරී වී ඇති බවයි. ස්කොට් ජාතික භෞතික හා භු විද්‍යාඥයෙකු වූ ජේම්ස් හටන් විස්තර කරන පරිදි “වර්තමානය අතීතයේ යතුරයි” යන්න 18 වැනි ශත වර්ෂයේ දී උසස් කෙරුණු සිද්ධාන්තයයි. හටන්ගේ වචනවලට අනුව “අපගේ ගෝලයේ අතීතය අද සිදු වන ලෙස පෙනෙන දෙයින් විස්තර කළ යුතුය”

ප්‍රභවය තිරස්තාව පිළිබඳ සිද්ධාන්තයේ දී විස්තර කෙරෙනුයේ අවසාදිත තැන්පත් වීම තිරස් පලස් ලෙස සිදු වන බවයි. නූතන ජලීය හා නිර්ජලීය අවසාදිතයන්ගේ විවිධ පාරිසරික නිරීක්ෂණයන් මෙම සාමාන්‍යකරණය ඇති කරයි. (හරස් පලස් අවනතීන් වුව ද හරස් පලස්මය ඒකකයනගේ සමස්ත දිශානතිය තිරස්ය)

අධිස්ථාපනයේ සිද්ධාන්තය මඟින් විස්තර කෙරෙනුයේ භෞමිකව හායනය නොවූ අනුක්‍රමණයක අවසාදිත පාෂාණ ස්ථරයක් ඊට පහළ ස්ථරයට වඩා වයසින් අඩු අතර ඉහළ ස්ථරයට වඩා වයස්ගතය. තාර්කිකව වයසින් අඩු ස්ථරයක් පෙර තැන්පන් වූ ස්ථරයකට යමින් රූටා වැටිය නොහැකිය. මෙම සිද්ධාන්තයට අනුව අවසාදිත ස්ථර සිරස් කාල රේඛාවකට අනුව දැක ගැනීමට ඉඩ සලසයි. ඊට අඩංගු වන්නේ පහළම ස්ථරයේ සිට ඉහළම ස්ථරය තෙක් තැන්පත් වීම දක්වා අර්ධ හෝ සම්පූර්ණ කල් ගතවීමේ වාර්තාවකි.

සත්ව අනුක්‍රමණයේ සිද්ධාන්තයේ පදනම් වන්නේ අවසාදිත පාෂාණ තුළ පොසිල හමු වීම මතය. එකම කාලයේ දී ජීවීන් පෘථිවිය පුරා වාසය කළ බැවින් ඔවුන්ගේ හමු වීම හෝ ඇතැම් විට හමු නොවීම ඒවා හමුවන සැකැස්මට සාපේක්ෂ වයස සපයයි. චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය ප්‍රකාශයට පත් වීමට වසර සිය ගණනකට පෙරාතුව විලියම් ස්මිත් විසින් ඉදිරිපත් කරන ලද සිද්ධාන්ත මත එය පදනම් වී ඇත. එබැවින් පරිණාම වීම පිළිබඳව වූ මතයට ස්වාධීනව අනුක්‍රමණ සිද්ධාන්තය වර්ධනය වී ඇත. මෙය වඩාත් සංකීර්ණ සිද්ධාන්තයකි. කෙසේ වුව ද පොසිලකරණයේ අවිනිෂ්චිතතා ජනාවාසවල පසුකාලීන වෙනස්වීම් නිසා පොසිලවර්ගවල ප්‍රදේශකරණය (අවසාදිත ස්ථරවල මුහුණුවර වෙනස් වීම්) හා සියලු පොසිල ගෝලීයව එකම කාලයේ දී හමු නොවීම ඊට හේතුවයි.

ආශ්‍රිත ලිපි 

 Glossary of geology
 Geoprofessions
 Geotourism
 Glossary of geology terms
 Index of geology articles
 International Union of Geological Sciences (IUGS)
 Outline of geology
 Timeline of geology

මූලාශ්‍ර

භාහිර සබැඳි 

 One Geology: This interactive geological map of the world is an international initiative of the geological surveys around the globe. This groundbreaking project was launched in 2007 and contributed to the 'International Year of Planet Earth', becoming one of their flagship projects. 
 Earth Science News, Maps, Dictionary, Articles, Jobs
 American Geophysical Union
 American Geosciences Institute
 European Geosciences Union
 Geological Society of America
 Geological Society of London
 Video-interviews with famous geologists
 Geology OpenTextbook
 Chronostratigraphy benchmarks
සාමාන්‍යයෙන් යටිතල ව්‍යුහය යන පදය භාවිතා වන්නේ මහා මාර්ග, ජල සැපයුම්, ජල අපවහනය, විනෝදාත්මක හා වෙනත් ආර්ථිකව උපයෝගී වන වත්කම් සඳහාය. අතීතයේ දී මේවා ප්‍රාදේශීය හෝ මධ්‍යම රජයන් මඟින් පාලනය කෙරුණි. නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් ලාභාංශ ඉපයීම රජය විසින් මෙම වත්කම් ආයෝජනය කිරීමේ අරමුණයි. මේවා සංකලනය කොට සිවිල් යටිතල ව්‍යුහයන් ලෙස හැඳින්විය හැකිය. නාගරික යටිතල ව්‍යුහයන් සරල පොදු වැඩ කටයුතු ආදී ලෙසද හඳුන්වයි. එසේ වුව ද ඒවා සංවර්ධනය කොට හැසිරවීම පෞද්ගලික අංශය මඟින් හෝ රජයේ ව්‍යවසායකයන් අතින් සිදුවේ. “සංඝටක ප්‍රතිස්ථාපනය හා යලි නඟා සිටුවීම අඛන්ඩව සිදුකිරීම මඟින් නියත ස්ථාවර මට්ටමක නඩත්තු කොට පවත්වා ගන්නා පද්ධතියක්” අඩංගු වත්කම් ජාලයක් ලෙස යටිතල ව්‍යුහය පොදුවේ අර්ථ දැක්වේ.

යටිතල ව්‍යුහය පිළිබඳ විකල්ප අර්ථ දැක්වීම් 

වෙනත් යෙදවීම්වල දී යටිතල ව්‍යුහය, තොරතුරු තාක්ෂණය, නිල හා නිල නොවන සන්නිවේදන මාර්ග, මෘදුකාංග සංවර්ධනය කිරීමේ මෙවලම්, දේශපාලන හා සාමාජීය ජාල හෝ විශේෂිත කණ්ඩායම්වල විශ්වාසයන්ද යටිතල ව්‍යුහය ලෙස හැඳින්වේ. මේ අතරින් වඩාත් පොදු ව්‍යවහරයක් වන්නේ අඩංගු වන පද්ධතිය හෝ සංවිධානය සඳහා සංවිධානාත්මක ව්‍යුහයක් හා සහයෝගීතාවයක් ලබා දෙන්නක් ලෙසද එය අර්ථ දැක්විය හැකියි. එය නගරයක්, ජාතියක්, සමූපකාරයක් විය හැකිය. ආර්ථික විද්‍යාවේදී යටිතල ව්‍යුහය දැකිය හැක්කේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට නිෂ්පාදන ක්‍රියාදාමයේ කොටසක් වීම සඳහා ඉඩ ලබා දෙන ව්‍යුහීය මූලයක් ලෙසයි. උදාහරණ - මහා මාර්ග තැනීමෙන් හා වැඩි දියුණු කිරීමෙන්,නිමි භාණ්ඩ හා අමුද්‍රව්‍ය ප්‍රවාහනයට පහසුකම් සැලසීම.

යටිතල ව්‍යුහයන් සතු ලාක්ෂණික ගුණාංග 

               
පොදුවේ යටිතල ව්‍යුහයන්ට පහත ගුණාංග ඇත.

සමස්ථ පද්ධතියක් ලෙස නිරතුරුව ප්‍රතිස්ථාපනය නොවන පරම්පරා ඔස්සේ ඉදි වන විශාල ජාලයන්ය.
 සේවා ධාරිතාව සදාකාලික විශ්වාසයක් මත නඩත්තු කෙරෙන බැවින් දීර්ඝ හා අවිනිෂ්චිත ආයු කාලයක් පවතී. (අඛණ්ඩ ප්‍රතිස්ථාපනය හා යල් පැනීමේ දී යලි නගා සිටුවීම මගිනි. 
පද්ධති සංඝටකයන් අන්තර් පරාධීන වන අතර වෙන්කර ඉවත දැමීම හෝ කොටස්වලට බෙදීම සිදු කළ නොහැකිය. වානිජ වෙළෙඳාම තුළද අනුක්‍රමිකව ඉවතදැමියහැකි නොවේ. 
 පද්ධති අන්තර් පරාධීනතාව නිසා තනි සංඝටකයක ආයු කාලය කෙටි කලකට සීමා කෙරේ. 
වත්කම් සඳහා ඉහළ ප්‍රාග්ධනයක් අවශ්‍ය අතර පහසුවෙන් නිර්ණය කළ නොහැකිය.

වත්කමක් සමස්ථ පද්ධතියක සංඝටනීය කොටසක් වූ විට එය යටිතල ව්‍යුහයක් ලෙස සැලකිය හැකිය. එනම් වත්කම ඉවත් කළහොත් පද්ධතිය අසම්පූර්ණ වේ නැතහොත් අවශ්‍ය මට්ටමේ සේවයක් සැපයීමට පද්ධිතයට වත්කම අත්‍යවශ්‍ය වේ.

විවේචනාත්මක යටිතල ව්‍යුහය 

යටිතල ව්‍යුහය යන පදය විවේචනාත්මක ලෙස භාවිතා වන්නේ අඩංගු පද්ධතියට හෝ සංවිධානයට සංකීර්ණ කඩා කප්පල් කිරීම් ඇති කරමින් හානි වන හෝ විනාශ වන යටිතල ව්‍යුහයන් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහාය. කුණාටු ගංවතුර , භූ කම්පා නිසා නගරයක ප්‍රවාහන පද්ධති සමහරක් අක්‍රීය කරවන හානිකර තත්ත්වයන් ඇති කරවිය හැකිය. (උදා - ගංඟා හරහා පාලම් ඉදිකිරීම, එය මිනිසුන්ට එහා මෙහා ගමන්කිරීම හා වැළැක්වීමට හදිසි සේවා අක්‍රීය කරවීමට හේතු විය හැකිය. මෙවැනි පථ විවේචනාත්මක යටිතල ව්‍යුහයන් ලෙස හැඳින්වේ. මෙලෙස අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියක් ගුවන් පථයකට විවේචනාත්මක යටිතල ව්‍යුහයක් විය හැකිය.

සටහන්
ශ්‍රී ලංකාව වටා දූපත් විශාල සංඛ්‍යාවක් ඇත. වඩාත් සුලභ දීපිකාවන් උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයට නැගෙනහිරින් පිහිටා ඇත. මෙම දූපත් සමූහය ලන්දේසි පාලන සමයේදී ලන්දේසි නම් ශ්‍රී ලංකාව වටා දූපත් විශාල සංඛ්‍යාවක් ඇත. වඩාත් සුලබ දූපත් ඇත්තේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයට නැගෙනහිරින්ය. මෙම දූපත් සමූහය ලන්දේසි පාලන සමයේදී ලන්දේසි නම් වලින් ව්‍යවහාර විය. ඇතැම් ඒවා අද ද එම ව්‍යවහාරයේ පවතී.

යාපනය අර්ධද්වීපය

යාපනය අර්ධද්වීපය වටා සුලභව හඳුනාගත හැකි දූපත් වන්නේ අනලතිව් දූපත් වන අතර අදටත් දිය මංකඩක් හරහා ප්‍රධාන භූමියට සම්බන්ධ වී ඇත. එලුවැතිව් කුඩා ධීවර නැවතුම් පොළකි. කච්චතිව් දූපත 1974 දී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය වූ අතර ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තය අතර සම්බන්ධිත ලක්ෂ්‍යයක් ලෙස අදටත් ක්‍රියා කරයි. අතිතයේදී කච්චතිවු දූපත ලාංකික සහ ඉන්දීය ධීවරයන් විසින් හවුලේ භාවිතා කෙරුණි. මෙම දූපතේ ප්‍රසිද්ධ කතෝලික ආශ්‍රමයක් ඇත. වෙනත් හඳුනාගත හැකි දූපත් වන්නේ කරතිව්, මණ්ඩතිව්, හා නයිනතිව් වන අතර සිංහල භාෂාවෙන් නයිනතිව් නාගදීපය ලෙසද හැඳින්වේ. එහි බෞද්ධ හා හින්දු පූජනීය ස්ථාන ඇති අතර ද්‍රවිඩ හින්දූන්ට හා සිංහල බෞද්ධයන්ට කීර්තිමත් වන්දනා ස්ථානයක් වේ. නෙදින්තිව් ලන්දේසි භාෂාවෙන් ඩෙල්ෆ් වශයෙන් හැඳින්වෙන අතර එහි ආවේණික පෝනි අශ්වයන් සඳහා ප්‍රසිද්ධ වේ. පරාටිතිව් යනු දේශීය ධීවරයන් විවේක ගැනීමට භාවිතා කරන ජනාවාස නොවූ දුපතකි. දුපත් ජනගහනයෙන් වැඩි කොටසකට නිවෙස් වූ දුපත් දෙකක් වන්නේ පුන්ගඩිතිව් හා වෙලනායි (Leidel ලෙස ලන්දේසි භාෂාවෙන් හැඳින්වේ) යන විශාල දූපත් දෙකයි.

මන්නාරම් දිස්ත්‍රික්කයේ දූපත්

ශ්‍රී ලංකාවට අයත් තවත් දූපත් සමූහයක් ආදම්ගේ පාලම නැමති වැලිමය දූපත් දම්වැලක් සාදයි. මෙහි ශ්‍රී ලංකාව පැත්තේ කෙළවර පිහිටි දූපත අනෙක් දූපත්වලට සාපේක්ෂව විශාල වන අතර එය මන්නාරම් දූපත නම් වේ. ඉන්දීය හා අරාබියානු වෙළෙන්ඳන් සඳහා එය ඓතිහාසික වශයෙන් වැදගත් පිවිසුම් දොරටුවක් විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට යන සරණාගතයින් සඳහා එය නාවුක තොටුපොළක් විය.එමෙන්ම ආරක්ෂක නාවුක ආරක්ෂක සහ සංචාරක අරමුණු සඳහා යොදා ගන්නා කුඩා ජනාවාස නොවූ දීපිකා රාශියක් ශ්‍රී ලංකාව වටා පවතී.

මේවාද බලන්න
 ශ්‍රී ලංකාවට අයත් දූපත් නාමාවලිය

දූපත් - ශ්‍රී ලංකා
සාගර ආග්‍රීකරණය

මානවයා විසින් නිකුත් කරන ලද කාබන් ඩයොක් සයිඩ් මගින් මුහුද මතු පිට PH අගය 1700 හා 1990 වකවානුවලදී වෙනස් වේ. 

සාගර ආම්ලීකරණය යනු පෘථිවි සාගරවල සිදුවන PH අගය අඩුවීමට දී ඇති නමයි. වායු ගෝලයේ කාබන් ඩයොක් සයිඩ් ප්රමාණය මිනිසා විසින් වැඩි කිරීම නිසා එය ඇති වී ඇත. 1751 සිට 1994 දක්වා සාගර මතු පිට PH අගය දල වශයෙන් 8.179 සිට 8.104 දක්වා එනම් -0.75 ක වෙනසක් ලෙසින් අඩුවී ඇති බවට ගණන් බලා ඇත. 

කාබන් චක්රය

ස්වභාවික කාබන් චක්රයේදී වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්රණය වායු ගෝලය, භෞමික ජෛව ගෝලය හා සාගර අතර ප්රවාහයන්ගේ සමබරතාවයයි. භූමි පරිහරණය කිරීමේ වෙනස්කම් පොසිල ඉන්ධන දහනය හා සිමෙන්ති නිෂ්පාදනය වැනි මානව ක්රියාකාරකම් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් ප්රවාහයක් ගලා ඒමට හේතු වී ඇත. ඒවායින් ඇතැම් කොටසක් වායු ගෝලයේ ඉතුරු වී ඇත. (ඒ වායු ගෝලීය සාන්ද්රණ වැඩි වීමට වග කියයි.) ඇතැම් කොටස් භෞමික ශාක මගින් ලබාගන්නා බවත් ඇතැම් ඒවා සාගර මගින් අවශෝෂණය කර ගන්නා බවත් විශ්වාස කෙරේ. 

CO2  දිය වූ විට එය ජලයත් සමග ප්රතික්රියා කොට අයනික හා අයනික නොවන රසායනික විශේෂ අතර තුලිත තාවයක් ඇති කරයි. ඒ ජලීය කාබන් ඩයොක්සයිඩ් (Co2 aq) කාබනික් අම්ලය (H2Co3) බයිකාබනේට් Hco3- හා කාබනේට් CO32- අතර වේ. මෙම විශේෂ අතර අනුපාතය රඳා පවතින්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය හා භාෂ්මිකතාවය යන සාධක මතයි. (සාගරයේ ද්රව්ය පොම්පය) ලිපිය වැඩි විස්තර සඳහා බලන්න.

CO2 මුහුදු ජලායේ දියවීම සාගරයේ H+ අයන සාන්ද්රණය වැඩි කරයි. මෙය සාන්ද්රණික PH අගය අඩු කරයි. මෙම ක්රියාවලිය විස්තර කිරීමට සාගරික ආම්ලිකරණය යන පදය 2003 දී කැල්ඩේරියා හා විකට් විසින් හඳුන්වා දෙන ලදී. 

කාර්මික විප්ලවය ආරම්භ වීමත් සමග ඒකක දශම 1 කින් පමණ සාගරික Ph අගය පහත වැටුණු බව විශ්වාස කෙරේ. මිනිසා විසින් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කල හොත් 2100 වන විට තවත් ඒකක දශම 3 සි්ට 5 දක්වා පහත වැටෙතැයි ගණනය කොට ඇත. 

සාගරය ආම්ලීකරණය වුවද එහි Ph අගය ජලයේ උදාසීන 7 ට වඩා වැඩි බව හඳුනා ගන්න. එබැවින් සාගරය භාෂ්මික තාවයෙන් අඩුවන බවට විශ්වාස කළ හැක.

References 
http://en.wikipedia.org/wiki/Ocean_acidification
දේශපාලනික ක්‍රියාදාමයන් අවකාශීය ව්‍යුහයන් කෙරෙහි  බලපාන අන්දම හා දේශපාලනික ක්‍රියාදාමයන්හි විෂම වු අවකාශීය ප්‍රතිඵලයන් පිළිබඳව සැලකිල්ලට ගැනෙන මානවීය භූ විද්‍ය ක්ෂේත්‍රය දේශපාලනික භූ  විද්‍යවයි. සම්ප්‍රදායිකව දේශපාලනික භූ විද්‍ය ව ක්ෂේත්‍ර තුනක් තුළ අනුවර්තනය වී ඇත. එය විශ්ලේෂණය කිරීමේදී ජනපදය මධ්‍යයයේත්, එයට ඉහළින් වු අන්තර්ජාතික සම්බන්ධතා හෙවත් ගෝලීය දේශපාලනයත් ,එයට පහළින් ප්‍රාදේශීයයන් පිළිබඳව අධ්‍යයනයන් පවතී.ප්‍රාථමික වශයෙන් ගත් කළ  මිනිසුන්, ජනපදය හා භූමිය අතර පවත්න අන්තර් සම්බන්ධතාවයන්හි සංක්ෂිප්තකරණයේ උප විනයක් වශයෙන් එය සැලකිය හැකිය.

ඉතිහාසය

දේශපාලනික භූ විද්‍යාවේ ඉතිහාසය මානවීය භූ විද්‍යාවේ ඉතිහාසයත් සමග සැලකිය හැකිය. භෞතික භූ විද්‍යාව, ජනපද භූමිය හා ජනපද බලයේ සම්බන්ධතාවයන්වල දේශපාලනික හා හමුදාමය ප්‍රතිඵලයන් ආදී භාවිතකරුවන් විසින් සැලකිල්ලට ගන්නා ලදී. මෙහි ප්‍රාදේශීය භූ විද්‍යාව සමග සුවිශේෂී සුසංයෝගයක් පවතී. ඒ ‍මෙය එම ප්‍රදේශවල අනන්‍ය ගති ලක්ෂණ හා පාරිසරික නියති වාදයත් මානවීය ක්‍රියාකාරකම් කෙරෙහි භෞතික පරිසරයේ බලපෑමත් අවධාරණය කෙරෙන බැවිනි. මෙම සුසංයෝගය ෆෙඩ්රිච් රැස්චල් නැමති භූ විද්‍යාඥයාගේ වැඩ කටයුතුවලදී හඳුනා ගන්නා ලදී. 1897 දී පොලිටීශයේ ජෝග්රැයෆියේ යන පියස්ස පිළිබඳ සංකල්පය එනම් ජීවත්වීමට අවකාශයක් යන සංකල්පය වර්ධනය කළ ග්‍රන්ථය තුළදීත් එය අඩංගුය. එහිදී භූගෝලීය විකාශනය සමග ජාතියක සංස්කෘතික වර්ධනය පැහැදැලිව අමුණා තිබුණි. පසුකාලීනව 1930 ගණන්වලදී එය තුන්වැනි ජර්මන් අධිරාජ්‍යයේ වර්ධනය ඇකඩමිකව සුජාතකරණය සඳහා භාවිතා කරන ලදී. 

හැල්ෆෝඩ් මැකින්ඩර් නම් බ්‍රිතාන්‍ය ජාතික භූ විද්‍යාඥයා පාරිසරික නියතිවාදයේ දැඩි බලපෑමට ලක්වූ අතර ඉතිහාසයේ ගෝලීය දේශපාලනික කූටප්‍රාප්තිය හෙවත් හදබිම යන සංකල්පය පළමු වරට 1904 දී සිට ඔහු වර්ධනය කරන ලදී. ඔහු මුහුදු බඩ ප්‍රදේශය අවසන් වන බවත් භූමිය මත පදනම් වුණු බලය උච්චත්වයට පත් වන බවත් තර්ක කළේය. යූරෝ ආසියා හද බිම පාලනය කරන්නා ලෝකය විශේෂයෙන් පාලනය කරන බව ඔහු තවදුරටත් තර්ක කළේය. මෙම න්‍යාය තුළ අඩංගු වුණු සංකල්පයන් ඇල්ෆඩ් තයර්මහාන් ලෝක අර්බුදයේ මුහුදු බලයේ වැදගත්කම පිළිබඳව දක්වන අදහස්වලට සත්‍ය වශයෙන්ම විරුද්ධ විය. මෙම හදබිම න්‍යාය සමුද්‍රිකව හෝ මුහුදු හරහා සිදුවන ප්‍රවාහනයන් රහිත හමුදා හා කර්මාන්ත සංකීර්ණවලින් යුත් සුවිසල් අධිරාජ්‍යයක් පැවතීමේ හැකියාව උපකල්පනය කරන ලදී. එමෙන්ම ලෝකයේ වෙනත් කිසිම තරගකරුවෙකුට‍ මෙය පරාජය ‍කළ නොහැකිබව අවධාරණය කෙරුණි. මෙම දෘෂ්ටි කෝණය ශීත යුධ සමය පුරාවටම බලපෑම් ඇති කරන ලද අතර නැගෙනහිර හා බටහිර අතර සීමා ජනපද නැගෙනහිර යුරෝපයේ ඇති කිරීමේ හමුදාමය සිතුවිල්ලට ද රුකුල් දෙන ලදී. 

හදබිම න්‍යාය විස්තාරණය කළ ආකාරයට ලෝකය කොටස්වලට බෙදා වෙන්‍ කොට තිබුණි. එහිදී හදබිමක් එනම් නැගෙනහිර යුරෝපය හා බටහිර රුසියාව හා ලෝක දූපතක් එනම් යුරේෂියාව හා අප්‍රිකාව එමෙන්ම පර්යන්ත දූපත් එනම් ,බ්‍රිතන්‍ය දූපත් ජපානය ඉන්දුනීසියාව හා ඔස්ට්‍රේලියාව ඇමෙරිකාව යන කොටස්වලට බෙදා තිබුණි. මැකින්ඩර් දැක්වූ අන්දමට හදබිම පාලනය කරන්නා ලෝකය පාලනය කරනු ඇත. ඔහු මෙම අනතුරු ඇඟවීම දේශපාලනිකව බලපෑම් කිරීමට යොදා ගන්නා ලදී. එහිදී රුසියාව හා ජර්මනිය අතර සීමා ජනපද ඇති කෙරිණි. එහි අරමුණ වූයේ ඒවායින් එකක් හෝ හදබිම පාලනය කිරීම වැළැක්වීමයි. මේ අතරතුර රැක්සෙල් ජනපද පදනම් වූ න්‍යායක් පියස්ස පිළිබඳ සංකල්පය මත පදනම්ව ගොඩ නගමින් සිටියේය. එය තවදුරටත් සාමාජීය ඩාවින්වාදය මත පදනම්ව තිබුණි. ඔහු තර්ක කළ අන්දමට ජනපද යනු ජීවත් වීමට නිසි නිදහසක් අවශ්‍ය ජීවීන් වෙති. මෙම රචකයන් දෙදෙනාම දේශාපාලනික හා භූ විද්‍යාත්මක අදහස් නිර්මාණය කරන ලදී. එහිදී ලෝකය පිළිබඳ දිවියාමය දැක්මක් සහිත විය. දෙවන ලෝක යුද්ධයට පෙර ඇති වූ දේශපාලනික භූ විද්‍යාව විශාල වශයෙන් ලෝක බල අර්බුද අවස්ථාවන්වලදී එමෙන්ම ජනපද ප්‍රතිපත්තීන්වලදී ද සැලකිල්ලට ගත් අතර ඒවාට බලපෑම් ද සිදු විය. ජර්මනියේ ගෝලීය දේශපාලඥයන් ඉහත න්‍යායන් පුළුල් වශයෙන් උකහා ගන්නා ලදී. උදාහරණ ලෙස අනපේක්ෂීව දැඩිලෙස නාසි දේශපාලනික න්‍යායන්වලට බලපෑම් සිදුකළ කාල් හෝසුෆර් ගත හැකිය. දේශපාලනික සීමා මායිම් ඉක්මවා යෑම සහ පාරසරික නියතිවාදයේ සමීප සුසංයෝගය ශීත යුධ සමයේදී දේශපාලනික භූ විද්‍යාවේ බලපෑමක් සැලකිය යුතු ලෙස ඇතිකිරීමට හේතු විය. එය 1968 දී බ්රනයන් බෙරිය විසින් දිරාපත් වූ පසු බැල්මක් වශයෙන් හඳුන්වා දෙන ලදී. ප්‍රමාණාත්මක අවකාශ විද්‍යාව චර්යයා අධ්‍යනයන් හා ව්‍යුහීය මාක්ස්වාදය වැනි තවත් නැගී එන සමීක්ෂණයන් රාශියක් මානවීය භූ විද්‍යාවේ සිදු වුවද දේශපාලනික භූ විද්‍යාඥයින් විසින් ඒවා විශාල වශයෙන් සැලකිල්ලට නොගත් අවස්ථා දක්නට ලැබුණි. ඔවුන්ගේ ප්‍රධාන පරිශීලනය ප්‍රදේශීය එළඹීමක් සහිතව ඉදිරියට ගමන් කෙරුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රදේශීය භූ විද්‍යාවේ එකල තත්ත්වය එකතු කරන ලද දත්ත තුළින් සාධාරණීකරණයන් කිරීමට සිදු කිරීමට ගත් උත්සාහයන් තුළින් පැහැදිලි විය. රිචඩ් වියෝ දේශපාලනික භූ විද්‍යාව මැරීගිය තාරාවකු නොව අළුමතින් නැගී සිටින ෆීලික්ස් කුරුල්ලෙකු බවට තර්ක කළේය. 1976 දක්වා පමණක් එය සිදුවිය.
දේශපාලනය
ඉලෙක්ට්රො නික යුධ කටයුතු යනු විද්යුරත් චුම්භක වර්ණාවලිය කාර්යක්ෂමව භාවිත කරමින් ප්රකතිපාක්ෂිකයන් විසින් එම මාධ්යය භාවිත කිරීම අවහිර කරන අතර සුහද බලකායන් විසින් එහි භාවිතය වැඩි දියුණු කිරීමේ ක්රිනයාදාමයයි.මෙහි අංශ තුනක් ඇති අතර ඒවා නම් , ඉලෙක්ට්රොතනික සහයෝගීතාවය , ඉලෙක්ට්රොඑනික ප්ර හාරය හා ඉලෙක්ට්රො නික ආරක්ෂාවයි.

ඉලෙක්ට්රොයනික සහයෝගීතාව

ඉලෙක්ට්රොයනික සහයෝගීතාවය යනු ප්රරතිපාර්ෂවයන්ගේ විභව බාධක හෝ ඉලක්ක හඳුනා ගැනීම හෝ අවහිර කිරීම සඳහා යුධ භූමියේදී විද්යුරත් චුම්භක වර්ණාවලියේ අක්‍රීය භාවිතයයි. මෙම බුද්ධිමය ක්රිරයාවලිය ENINT ලෙස හැඳින්වෙන අතර ප්ර්හාර එල්ල කිරීම පාලක පද්ධති මගින් ඍජුව හෝ  බර අවි හා ගුවන් ප්රNහාර සඳහා මෙන්ම යුධ භූමියේ විශේෂ ස්ථානයකට හෝ අරමුණකට මිත්ර  සේනා මෙහෙයවීම සඳහා භාවිතා කෙරේ.ඊට අමතරව ඉලෙක්ට්රොථනික ප්රතහාර හෝ ඉලෙක්ට්රොඅනික ආරක්ෂා ක්රි යාවන්හි පදනම ලෙසද භාවිතා වේ. 

ES අක්රී්යව භාවිතාවන නිසා ඉලෙක්ට්රොරනික ක්රිදයාදාමයන් නිරීක්ෂණය මගින් ඉලක්කය රහිතවද කටයුතු කළ හැක. ESE උපක්රිමික අංශය වන SIGINT  අඛණ්ඩව ලෝකයේ රටවල්වලින් ප්රහතිපාර්ශවයේ ඉලෙක්ට්රොපනික උපකරණ හෝ යුධ උපක්රNම පිළිබඳ බුද්ධි තොරතුරු ලබා ගැනීමට භාවිතා වේ. 

ES සඳහා භාවිතා වූ පැරණි පදයක් වන්නේ විද්යූකත් සහයෝගීතා මිනුම් යන්නයි. 

ඉලෙක්ට්රොඳනික ප්ර හාරය 

විද්යූ්ත් චුම්භක වර්ණාවලියේ සක්රීයය හෝ අක්රී‍ය භාවිතය මගින් ප්රනතිපාර්ෂවයක් මගින් එය භාවිතා කිරීම  වළක්වාලීමේ ක්රිවයාවයි. 

•	සක්රීරය EA වලට අවහිර කිරීම , මුලා කිරීම, සක්රීයය ප්රබතිබාධනය හා EMP භාවිතය අඩංගුය.
•	අක්රීරය EA බැලූන ,රේඩාර් පරාවර්තක ,ෆැරඩේ කුටීර ,පියාසර මායාවන් හා රහස් කටයුතු ආදී ක්රිළයාකාර කම් අඩංගු වේ. 

EA මෙහෙයුම් ඒවායේ සක්රීඅය සම්ප්රේාෂණය නිසා ප්රයතිපාර්ෂවයක් විසින් හඳුනා ගැනීමට ලක් විය හැක. නූතන EA තාක්ෂණය ඉහළ ලෙස වර්ගීකරණය වී ඇත. ඉලෙක්ට්රොවනික් ප්රමති මිනුම් යන්නද මේ සඳහා භාවිතාවන පැරණි පදයකි. 

ඉලෙක්ට්රොසනික ආරක්ෂාව 

ඉලෙක්ට්රොසනික ආරක්ෂාව යටතට සුහද පාර්ෂවයේ පුද්ගලයන් පහසුකම් උපාංග හෝ අරමුණු ආරක්ෂා කිරීම මගින් ප්රආතිපාර්ෂවයේ ඉලෙක්ට්රොෙනික ක්රිහයාකාරකම් අඩාල කිරීම අයත් වේ. EP සුහද පාර්ෂවයන් එම පාර්ෂවයේම EA වලින් ආරක්ෂාවීම සඳහා ද ක්රියයාකර විය හැකිය. 

•	සක්රීෂය EP යටතට රේඩියෝ උපාංගවල තාක්ෂණික නවීකරණය වැනි ක්‍රියාකාරකම් අයත්ය. ( සංඛ්යාෂත තීව්රරව පැවතුණු වර්ණාවලිය වැනි ) 
•	අක්රී ය EP යටතට ක්රියයාකරුවන්ගේ අධ්යාැපනය වැනි ක්රිවයාකාරකම් හා (දැඩි විනය ක්රිඅයාකාරකම් ) හා නවීකරණය වූ යුධ භූමි උපක්රයම හා මෙහෙයුම් අයත් වේ. 
•	EP සඳහා භාවිතා වූ පැරණි පද අතරට EPM හා ඉලෙක්ට්රොයනික ප්ර්තිමිනුම් (ECCM) අයත් වේ.

ආශ්‍රිත 

යුද්ධ කටයුතු
ප්‍රහාරක ගුවන් යානා පරම්පරාව 4.5 (1990- 2000)

මෙම අර්ධ පරම්පරාව ප්‍රබන්ධ කොට ඇත්තේ තෙවන හා හතරවන පරම්පරාවල් වල දියුණුව හා සැසඳීමේ දී වායු ගතිකමය තාක්ෂණයන්හි සාපේක්ෂ ඇණ හිටීමකට ලක් වූ අන්තර් කාල පරාසය විස්තර කිරීමටයි. එහෙත් ගුවන් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ හා වෙනත් අදාල තාක්ෂණයන්හි විශිෂ්ට සොයා ගැනීම් මෙකල සිදු විය. එයට ප්‍රධාන හේතුව 80 හා 90 දශකවල ක්ෂුද්‍ර චිපයන්ගේ හා අර්ධ සන්නායක තාක්ෂණයේ දියුණුවයි. මෙම සංයෝජනය සම්පාදකයන්ට නවීකරණය කළ හතරවන පරම්පරාවේ සැලසුම් ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දුනි. එහි දී පවතින ගුවන් රාමු මත හෝ අතීත ගුවන් රාමුවල යළි සකස් කිරීම මත පාදකව එහෙත් ගුවන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ හා රේඩාර් තාක්ෂණයේ දියුණුව සහිතව එමෙන්ම සිව්වන පරම්පරාවේ රහස් සැලසුම් මඟින් උගත් පාඩම් ද යොදා ගෙන පස් වන පරම්පරාවේ ප්‍රහාරකයන් සඳහා පසුව නුවණින් සලකා බැලිය හැකි පරිදි නිර්මාණය කෙරේ. ප්‍රධාන උදාහරණයක් නම් F/A-18E/F Super Hornet, හා 70 දශකය මත පාදකව සැලසුම් කළ F/A-18 Hornet බාහිර ස්වරූපය පෙර පරිදිම පවතිද්දී super hornet හි ලක්ෂණවල ගුවන් යානා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ වැඩි දියුණු කිරීම් සිදු වූ අතර වීදුරු නියමු කුටියක් (ප්‍රබවයට 90%ක් සමාන වේ.) ඝන තත්වයේ AESA ස්ථාවර රේඩාර් ඇන්ටනාව, නව එංජින් බර අඩු කිරීම සඳහා සංඝටක මූලද්‍රව්‍යයන්හි ව්‍යුහමය භාවිතය, රේඩාර් සලකුණ අවම කිරීමට මද වශයෙන් නවීකරණය කළ හැඩය ඒ අතර වේ. තවත් එකක් නම් F-15E Strike Eagle, සීතල යුධ සමයේ භූමි ප්‍රහාරකයක් වූ සවි ගැන්වු ගුවන් රාමුවක්, වැඩි දියුණු කළ එංජින්, නියමු වීදුරු කුටි හා නූතන භෞම අනුගාමී යාත්‍රා හා ඉලක්ක පද්ධති අඩංගු වූ  F-15 Eagle ද ගත හැක. 4.5 පරම්පරාවේ Super Hornet, Strike Eagle, Rafale  පමණක් යුධ කටයුතු සඳහා යොදා ගනු දක්නට ලැබේ. 
හඳුනන ගුවන් යානාවන්
·	 ප්‍රංශය
o	Dassault Rafale 
·	ඉන්දියාව 
o	HAL Tejas 
·	ජපානය/ එක්සත් ජනපදය
o	Mitsubishi F-2 
·	 මහජන චීන සමූහාණ්ඩුව
o	Chengdu J-10 
o	Shenyang J-11B 'Flanker' 
·	 මහජන චීන සමූහාණ්ඩුව / පකිස්ථානය
o	JF-17 Thunder 
·	 රුසියාව
o	Mikoyan MiG-33/35 'Fulcrum' 
o	Sukhoi Su-30/35/37 'Flanker' 
o	Sukhoi Su-32/34 'Fullback' 
·	 රුසියාව/ ඉන්දියාව
o	Su-30MKI 'Flanker' 
·	 රුසියාව/ මහජන චීන සමූහාණ්ඩුව 
o	Su-30MKK 'Flanker' 
·	 ස්වීඩනය
o	Saab JAS 39 Gripen 
·	 එක්සත් රාජධානිය/ ජර්මනිය/ඉතාලිය/ ස්පාඤ්ඤය 
o	Eurofighter Typhoon 
·	 එක්සත් ජනපදය
o	Boeing F-15E Strike Eagle සහ සියළු පසුකාලීන ව්‍යුත්පන්නයන්
o	General Dynamics / Lockheed Martin F-16C/D Block 50/52 සහ සියළු පසුකාලීන ව්‍යුත්පන්නයන්
o	Boeing F/A-18E/F Super Hornet

References 
http://en.wikipedia.org/wiki/Fighter_aircraft#Generation_4.5_.281990-2000.29

ගුවන් යානා
ප්‍රති සබ්මැරීන යුධ කටයුතු සඳහා වර්ණාවලියේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ දී ඇතැම් ආරක්ෂිත නෞකාවන් විශේෂනය වී ඇත. සබ්මැරීන වේගය දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමඟ (ජර්මනියේ XXI වර්ගයේ සබ්මැරීන බලන්න)ශීඝ්‍රයෙන් වැඩි වූ අතර ඒ සමඟ ආරක්ෂිත නෞකාවන් හා සබ්මැරීන අතර වේග පරතරය ද අඩු විය. එබැවින් ආරක්ෂිත නෞකාවන් වාණිජ යාන්ත්‍රණයක් මඟින් බල ගැන්වුණු සාපේක්ෂව අඩු වේගයක් සහිත යාත්‍රා වර්ගයක් බවට පත් නොවීය. Whitby class වැනි වඩා වේගවත් ආරක්ෂිත නෞකා ගොඩ නැංවීමට පශ්චාත් යුධ සමයේ දී කටයුතු යෙදිනි. එවැනි නැව් තුළ විචල්යග ගැඹුරු සෝනාර් ‍වැනි වැඩි දියුණු කළ සෝනාර් උපකරණ අඩංගු වූ අතර ටොපීඩෝ වැනි විශේෂඥ ආයුධ ද ලිම්බෝ වැනි ඉදිරි විදුම් ආයුධ ද ASROC Ikara වැනි මිසයිල වාහක ප්‍රති සබ්මැරීන ටොපිඩෝවන් ද අඩංගු විය. මතුපිට සිට ගුවනට මෙන්ම මතුපිට සිට මතුපිටට ද විදිය හැකි මිසයිල මඟින් ප්‍රහාරක හා ආරක්ෂක හැකියාවන් පවත්වා ගැනීමට ඒවාට හැකි විය. (Sea Sparrow හෝ Exocet පිළිවෙලින්) එවැනි විශේෂඥ ASW(Anti Submarine Warfare) නෞකාවකට උදාහරණයක් නම් රාජකීය නාවික හමුදාවේ 22 වන ආකාරයේ ආරක්ෂිත නෞකාවයි. 

ASW කටයුතු සඳහා විශේෂයෙන්ම බොහෝ නූතන ආරක්ෂිත නෞකාවන් ගොඩ බැස්සවීමේ පර්යන්තයක් හා අහස්යාත්රාංයගනය හෙලිකොප්ටර ක්‍රියා කරවීම සඳහා සතුව ඇත. මේ මඟින් ආරක්ෂිත නෞකාවන් ද නොහඳුනන උප මතුපිට ගැටුම්වලට ලක් වීම නිශේධනය කරන අතර එබැවින් අවදානම් ප්‍රහාරයන් හා න්‍යෂ්ටික බල ගැන්වුණු මතුපිට යුධ නෞකාවන්ට වඩා වේගවත් නූතන සබ්මැරීන සඳහා විශේෂයෙන්ම උචිත වේ. හෙලිකොප්ටරය සැලසුම් කොට ඇත්තේ මව් නෞකාව ආරක්ෂිත දුරක පවතිද්දී මෙම අරමුණ සඳහාය. මෙම ක්රිසයාව සඳහා sonobuoys වැනි විශේෂිත සංවේදක හෙලිකොප්ටරයේ සවි කර ඇත. ඊට අමතරව අවපාත සෝනාර් හා චුම්භක වෙනස් වීම් හඳුනාගන්නා උපාංග ටොපිඩෝ හෝ depth – chorges වැනි විභව අවදානම් හා මෙහෙයුම් නිශ්චිත ඉලක්ක හඳුනා ගැනීම සඳහා යොදා ඇත. පුවරු මත වූ රේඩාර් හා හෙලිකොප්ටර සිතිජයෙන් එහා ඉලක්ක පරීක්ෂා කිරීමට යොදා ගත හැකි අතර අවශ්ය් නම් ප්රසති මතුපිට යුධ කටයුතු සඳහා යොදා ගැනීමට පෙන්ගුයින් හා sea skua වැනි ප්රවති නාවික මිසයිල සවි කළ හැක. වෙරළ හා නෞකාවන් අතර නෞභාරයන්, තැපැල් කටයුතු, මිනිසුන් ගෙන යාම වැනි කටයුතු සදහා යොදා ගත් ඩිංගි බෝට්ටු හා Jackstay Rig වැනි යාත්රානවල භාවිතයන් විශාල වශයෙන් ප්ර තිස්ථාපනය කරමින් පරීක්ෂණ කොට ගලවා ගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටරය භාවිතා වේ. හෙලිකොප්ටර භාවිතයෙන් ආරක්ෂිත නෞකාවට එහි ක්රිඳයා පටිපා‍ටියෙන් බැහැර නොවී වඩාත් වේගයෙන් හා අඩු අවදානමක් ඇතිව එවැනි කටයුතු සිදු කර ගත හැක. 
en:Frigate#Anti-submarine_role
භූමියේ සිට ගුවනට වන මිසයිල (SAM හෝ GTAM) යනු ගුවන් යානා විනාශ කිරීම සඳහා භූමියේ සිට නිකුත් කළ හැකි මිසයිල වර්ගයකි. එය ගුවන් යානා නාශක පද්ධති වර්ගයකි. 

භූමිය මත පදනම් වූ SAM ස්ථිර සවි කිරීම් හෝ ජංගම නිකුත් කිරීම් රඳවන ලෙස සේවයෙහි යෙදවිය හැක. SAM වල කුඩාතම ආකාරය තනි මිනිසෙකු මඟින් රැගෙන ගොස් නිකුත් කිරීමට හැකි ආකාරයෙන් නිපදවා ඇත. මෙම වර්ගයේ SAM මිනිසා මඟින් චලනය කළ හැකි ගුවන් ආරක්ෂණ පද්ධති (MANPADS) ලෙස හඳුන්වනු ලැබේ. සෝවියට් රුසියාවේ MANPADS ලෝකය පුරාම විසිරී ඇති අතර තවමත් ඒවා පෙර සේවා තත්වවලින් ද සොයා ගත හැක. අනෙකුත් ජාතීන් තමන්ගේම MANPADS නිපදවා ගෙන ඇත. 

භූමිය මත පදනම් වූ SAM මිසයිල රෝද මත හෝ දම්වැල් මත ධාවනය වන ජංගම නිකුත් කිරීම් රඳවන මත සේවයෙහි යොදවා ඇත. මේවායින් දම්වැල් මත ධාවනය වන වාහන සාමාන්‍යයෙන් සන්නාහ රථ වන අතර ඒවා විශේෂයෙන්ම SAM රැගෙන යාම සඳහා නිපදවා ඇත. වඩා විශාල SAM ස්ථිර නිකුත් කිරීම් රඳවන මත සේවයෙහි යොදා ඇති නමුත් ඒවා කැමැත්ත පරිදි නැවත සේවයෙහි යෙදවිය හැක. 

නෞකා මත පදනම් වූ SAM දැනට බහුලව භාවිතයේ යෙදේ. සෑම යුධ නැවක්ම පාහේ SAM මඟින් සන්නද්ධ කළ හැක. (පහත ලයිස්තුව බලන්න) එමෙන්ම නාවුක SAM  සියළු ඉදිරි ආරක්ෂක වළළුවල සේවයෙහි යෙදෙන යුධ නෞකාවලට අත්‍යවශ්‍ය ආයුධයකි. සමහරක් යුධ නැව් වර්ග ප්‍රති ගුවන් යුධ ගැටුම් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත. උදා- Ticonderoga වර්ගයේ කෘසර් ඒගිස් යුධ පද්ධතියක් සමඟ හෝ Kirov වර්ගයේ කෘසර් S-300PMU මිසයිල පද්ධතියක් සමඟ සන්නද්ධ වී ඇත. 

මිනිසුන් මඟින් ක්‍රියාත්මක නොවන SAM සඳහා ඉලක්ක ලබා ගනු ලැබෙන්නේ ගුවන් නිරීක්ෂණ රේඩාර් මඟිනි. මිසයිලය විසින් ඉලක්කය අගුල් ලා ගැනීමෙන් පසු ප්‍රහාරය එල්ල කරනු ලැබේ. එම ගුවන් යානය යුධ ගුවන් යානාවක් නම් ඉලක්කය අගුල් ලා ගැනීමට පෙර පද්ධතිය විසින් එය මිත්‍ර හෝ සතුරු ගුවන් යානයක් ලෙස හඳුනාගනු ඇත. 

භූමියේ සිට ගුවනට වන මිසයිලවල නිෂ්පාදනය දෙවන ලෝක යුද්ධය අතරතුර දී නාසි ජර්මනිය මඟින් ආරම්භ කළ අතර (මිත්‍ර ගුවන් ශ්‍රේෂ්ටත්වය මගින් ලැබුණේ අඩු සහයකි.) ඔවුන් විසින් Wasser fall වැනි මිසයිල නිපදවන ලද නමුත් යුද්ධය නිමා වීමට පෙර ක්‍රියාකරන පද්ධතියක් සේවයෙහි යෙදෙව්වේ නැත.

ආශ්‍රිත
 ගුවනේදී ගුවනට විදින මිසයිල

මිසයිල


ත්‍රස්තවාදයේ ගොදුරු 

ත්‍රස්තවාදය යනු මතභේදයට තුඩු දෙන වදනක් වන අතර ඒ සඳහා අන්තර්ජාතිකව පිළිගත් තනි අර්ථ දැක්වීමක් නොමැත. කෙසේ නමුත් ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර සම්මුති කිහිපයක් තිබෙන අතර ඒවා යම්තාක් දුරකට වෙනස් අර්ථ දැක්වීම් දක්වයි. එක් නූතන ක්‍රමයකට අනුව එය භය ඇති කිරීම තුළින් දේශපාලනික හෝ මතවාදීය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා මහජනයාට ‍එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වය ලෙස හැඳින්විය හැකිය. ත්‍රස්තවාදයේ බොහෝමයක් බහුල අර්ථ දැක්වීම්වලට ඇතුළත් වන්නේ බිය ඇති කිරීමට, මතවාදී අභිමතාර්ථ ඉටු කර ගැනීමට හා යුද්ධයට සහභාගී නොවන අයගේ ආරක්ෂාව ගැන නොසිතා හෝ ඔවුන්ව සිතා මතා ඉලක්ක කර ගනිමින් සිදු කරන ක්‍රියාය. සමහරක් අර්ථ දැක්වීමවලට නීතියට පටහැනි ප්‍රචණ්ඩතා හා යුද්ධය ඇතුළත් වේ. 

ත්‍රස්තවාදය සම්මුතිය බැහැරවන යුධ ගැටුම් හා මානසික යුධ ගැටුම් ආකාරයක් ද වේ. මෙම වදන දේශපාලනික හා චෛතසික වශයෙන් අධික ලෙස ආරෝපණය වී ඇති අතර එමනිසා නිරවද්‍ය අර්ථ දැක්වීමක් සැපයීම අපහසු වේ. US හමුදාව මඟින් 1988 දී කරන ලද අධ්‍යනයක් පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය යන වදන සඳහා අර්ථ දැක්වීම් 100කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන තිබූ බවයි. ත්‍රස්තවාදය පුහුණු කරන පුද්ගලයා ත්‍රස්තවාදියා ලෙස හැඳින්වේ. 

ත්‍රස්තවාදය බොහොමයක් දේශපාලනික සංවිධාන මඟින් ඔවුන්ගේ අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා විශාල වශයෙන් භාවිතා කර ඇත. ඒවා අතරට දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන පක්ෂ, ජාතිවාදී හා ආගමික කණ්ඩායම්, විප්ලව වාදීන් හා ඒකාධිකාරී ආණ්ඩු අයත් වේ. 

යුධ උපාය සම්බන්ධ පූර්වාදර්ශ කණ්ඩායම් මඟින් පවත්වන ලද ජාත්‍යන්තර සාමය නඟා සිටුවීමේ හා ත්‍රස්තවාදය බිඳ දැමීමේ සමුළුව නිර්දේශ කළේ ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදී ක්‍රියා අතර වෙනසක් ඇති කළ යුතු බවයි. ත්‍රස්තවාදී ක්‍රියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල සම්මතය 1373 හා ලෝකයේ බොහෝමයක් රටවල දේශීය නීති පද්ධතියට අනුව සාපරාධී ක්‍රියා වන අතර ත්‍රස්වාදය යනුවෙන් අදහස් කෙරෙන්නේ එම ක්‍රියා හා එම ක්‍රියා සිදු කරන පුද්ගලයන් හා ඔවු‍න්ගේ අරමුණු ඇතුළත් සංසිද්ධියයි. ත්‍රස්තවාදයේ අර්ථ දැක්වීම් පිළිබඳ අසම්මුතියක් ඇත. කෙසේ නමුත් ලෝකයම පිළිගත් සම්මතයක් වන‍්නේ කිසිදු හේතුවක් මත ත්‍රස්තවාදී ක්‍රියා පිළිනොගත යුතුයි යන්නයි. මෙය එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදයට විරෝධී ක්‍රියා පිළිවෙල, ත්‍රස්තවාදය පිළිබඳ වූ මැඩ්රිඩ් සම්මන්ත්‍රණයේ තීරණ, යුරෝපීය පාර්ලිමේන්තුවේ යුධ උපාය සම්බන්ධ පූර්වාදර්ශ කණ්ඩායම හා ALDE හි සාකච්ඡා ඇතුළත්ව බොහෝමයක් වැදගත් සම්මේලනවලට බලපෑම් ඇති කළේය.

ත්‍රස්තවාදයේ ආකාර 

1975 වසන්තයේ දී එක්සත් ජනපදයේ නීතිය බලාත්මක කිරීමේ සහයෝගීතා අධිකාරිය අපරාධ නීති තත්වයන් හා අරමුණු සම්බන්ධ ජාතික උපදේශන කමිටුවක් ඇති කළේය. කමිටුවේ වෙළුම් 5 අතරින් 1ක් නම් කොට ඇත්තේ අක්‍රමිකතා හා ත්‍රස්තවාදය ලෙසය. එය එළි දැක්වූයේ අක්‍රමිකතා හා ත්‍රස්තවාදය පිළිබඳ HHA Cooper විසින් මෙහෙය වූ කාර්ය සාධක බලකාය මඟිනි. ඔවුන් ත්‍රස්තවාදය ආකාර 6කට වර්ග කළේය. 

 සිවිල් අක්‍රමිකතා - සාමය, ආරක්ෂාව හා ප්‍රජාවගේ සාමාන්‍යය ජීවිතය නිරෝධනය කරන බිහිසුණු ක්‍රියාකාරකම්වල එකතුවකි. 
 දේශපාලනික ත්‍රස්තවාදය - දේශපාලනික අරමුණු සඳහා ප්‍රජාව අතර බිය ඇති කිරීමට සිදු කරන බිහිසුණු අපරාධයන්ය. 
 දේශපාලනික නොවන ත්‍රස්තවාදය - දේශපාලන අරමුණු මත පදනම් නොවූ බලහත්කාරමය අරමුණු මත තැති ගැන්වීමේ සැලසුමක් වන අතර අවසානය තනි හෝ සාමූහික පුද්ගල අරමුණකි.
 සදිසි ත්‍රස්තවාදය - බිහිසුණු අපරාධ සිදු කරන පැහැදිලි ත්‍රස්තවාදී ක්‍රියාකාකම්වලට සමාන ත්‍රස්තවාදයේ අන්තර්ගතයන් ඌන වූ ක්‍රියාකාරකම් ය. ක්ෂණික ගොදුර මත සැබෑ ත්‍රස්තවාදය මෙන් ත්‍රස්තවාදයේ පැතිරවීම සිදු නොකරන අතර සමාන තත්වයන් හා ප්‍රතික්‍රියාවන් ඇති කරයි. උදාහරණයක් ලෙස ක්‍රියාකාරකම් සමාන වූ අරමුණු සම්පූර්ණයෙන්ම වෙනස් වූ කල්ලි විසින් පුද්ගලයන් සිර අඩස්සියට ගැනීම.
 සීමිත දේශපාලන ත්‍රස්තවාදය - සැබෑ දේශපාලනික ත්‍රස්තවාදී ලක්ෂණයක් වන්නේ විප්ලවීය එළඹුමයි. නමුත් ‍සීමිත දේශපාලන ත්‍රස්තවාදී, ආදර්ශවාදී හෝ දේශපාලන ව්‍යාපාරිකවාදී වුව ද රාජ්‍යයක බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක කොටසක් නොවේ. 
 නිල හෝ රාජ්‍යය ත්‍රස්තවාදය - බිය හා පීඩනය පදනම් වූ නීති ක්‍රියාත්මක කෙරෙන ත්‍රස්තවාදය අනුරූප වූ රටවල් සඳහා භාවිතා වේ. දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස රාජ්‍යයන් මඟින් සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ව්‍යුහමය ත්‍රස්තවාදය ලෙස හැඳින්වේ. එක්සත් ජනපද බුද්ධි අංශයේ වි‍ශ්ලේෂණයන්ට අනුව ආකාර 4කි. 

 ජාතිවාදී - බෙදුම්වාදී 
 ආගමික මූලධර්මවාදී
 නව ආගමිකවාදී 
 සමාජ විප්ලවවාදී

අාශ්‍රිත ලිපි 
 ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග 

ශ්‍රී ලංකාවේ "ත්‍රස්තවාදය".-(Y.W.B).
============================

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය බෙදුම්වාදය සහ ඊළාම් සටන.....
============================================

ත්‍රස්තවාදයේ ආරම්භය.
=================

දෙමළ ඊළාම් විමුක්ති කොටි නමැති ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ශි‍්‍ර ලංකාවේ පැවති ත්‍රස්තවාදය දශක තුනකට ආසන්න කාලයක් පැවති දික්ගැස්සුණු ගැටුමක් ලෙස සැලකිය හැකිය.

ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ගොන්නට ජනතා විමුක්ති පෙරමුණ ද අයත්වෙති.

1971 රාජ්‍ය විරෝධි කරැල්ල මෙන්ම 1988-1989 කාලයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔස්සේ ඔවුන් ජන ජීවිතයට කල බලපෑම් ත්‍රස්තවාදයම වෙයි.

====================

ශී‍්‍ර ලංකාව වූ කලී 1956 සිටම වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා, ඝාතන සහ කැරලි සම්බන්ධ සිදුවීම් ගණනාවක් අත්දැක තිබෙන රටකි.

රටේ සිංහල හා දෙමළ සම්බන්ධතා විෂයෙහි සලකා බලන විට වාර්ගික පහරදීම් ප‍්‍රධාන මිනුම් දඬු බවට පත්ව තිබේ.

1956 දී ගල්ඔය නිම්නයේදී ඇතිවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් වශයෙන් දෙමළ ජීවිත 150ක් පමණ විනාශ වී තිබේ.

එයින් වසර දෙකකට පසුව නිදහසින් පසු ලංකාවේ හටගත් ප‍්‍රථම වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයාදාමය දියත් විය.

එහිදී දෙමළ ජාතිකයන්ට එරෙහිව සිංහල කල්ලි විසින් සංවිධානය කරන ලද වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ සංහාර දින හයක් තිස්සේ කි‍්‍රයාත්මක වී දෙමළ ජාතිකයන් සිය ගණනක් මරා දැමුණු අතර 25000කට වැඩි පිරිසක් සරණාගතයින් බවට පත් විය.

වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවතත් 1960 ගණන්වලදී සුළු සුළු සිද්ධීන් වශයෙන් පැනනැගි අතර 1970 ගණන්වල එය කෲර පොලිස් කි‍්‍රයාවන් ලෙසින් පැන නැගුණි. මෙය ගැටුමේ වර්ධනීය අවස්ථාව ලෙස සැලකිය හැක.

මේ අවස්ථාව වන විට දෙමළ ජනතාව තමන් වෙනම ජාතියක් ය යන හැඟීම සහ එම අරමුණ සාධනය කර ගැනීම සඳහා යුධ සටන්කාමීත්වය වෙත පිවිසීම ආරම්භ වුනි.

ඒ අනුව 1975 වනවිට යුධවාදී දෙමළ තරුණයන් සංවිධානගත වීම ආරම්භ විය.

එම වර්ෂයේදීම යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කළ අතර එය දෙමළ සටන්කාමී තරුණයන්ගේ පළමු දේශපාලන ඝාතනය විය.

ද්‍රවිඩ සංගමය, ෆෙඩරල් පක්ෂය, ලංකා කම්කරු සංගමය එකතු වී 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවීමෙන් දේශපාලන වශයෙන් ද ගැටුම ලියලමින් පැවති බව සනාථ වේ.

1974 දී යාපනයේ දෙමළ භාෂා පර්යේෂණ සමුළුවට එල්ල වූ මැර ප‍්‍රහාරයත් තරුණයන් නව දෙනෙකු මරුමුවට පත්වීමත් විශාල තරුණයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමත් හරහා දෙමළ දේශපාලන පක්ෂවල දිශානතිය වෙනස් කිරීමට බලපෑවේය.

ඒ අනුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1976 මැයි 14 දින වඩුක්කොඩෙයි ආසනයේ සම්මේලනයක් කැඳවා දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ඊළාම් රාජ්‍යයක් ඇතිකර ගත යුතු බව ප‍්‍රථම වරට ප‍්‍රකාශ කළේය.

1977 මැතිවරණයට තරඟ කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් පිළිබඳ මතවාදය ඉදිරිපත් කරමින් ආසන 23කට තරඟ කර ආසන 18ක් දිනා ගත්තේය.එහිදී පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන විපක්ෂය බවට ද පත් විය.

1978 වර්ෂයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී එක්සත් ජාතික පක්ෂය මුලින් පොරොන්දු වූ පරිදි සර්ව පාක්ෂික සම්මේලනයක් කැඳවීමට කටයුතු කළේ නැත.

ඒ අනුව 1972 දී මෙන්ම 1978 ව්‍යවස්ථාව ද දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි නොසලකා සිංහල ජාතිකත්වය පැහැදිලිව ම ඉස්මතු කරන ලද ජාතිකත්ව වශයෙන් ආධිපත්‍යය දැරීමේ ක‍්‍රමයක් ද ඇති කළේය.

සිංහල රාජ්‍ය පාලනය හා බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරිම එම ජාතිකත්ව ආධිපත්‍යයේ ලක්‍ෂණ වේ.

මේ අනුව යළිත් දේශපාලන පක්‍ෂ අර්බුදයකට මුහුණ දුන්නේය.

ජනවාර්ගික ගැටළුව යුදකරණයට පත් වීම.
===============================

1979 ජුනි මාසයේ දී හදිසි නීතිය පනවමින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙහි උතුරු නැගෙනහිර ත‍්‍රස්තවාදය තුරන් කරලිමේ මෙහෙයුමක් දියත් කෙරිණි.

මේ තුළ දෙමළ සටන්කාමීන්ගේ සන්නද්ධ බලය හමුදා බලයෙන් මර්දනය කිරීම ආරම්භ විය. තත්වය මෙසේ තිබියදී ජාතිකත්ව ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා යැයි යෝජනා කරන ලද දිස්ති‍්‍රක් සංවර්ධන සභා ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට කරුණු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කෙරුණි.

1981 දිස්ති‍්‍රක් සභා මැතිවරණයේදී දෙමළ සටන්කාමීන් විසින් අපේක්ෂකයින් ගණනාවක් ඝාතනය කරන ලදී. ඊට එරෙහිව කි‍්‍රයාත්මක වන රජයේ මිලිටරි හමුදාව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය.

එහිදී දෙමළ සංස්කෘතියේ පමණක් නොව මෙරට ඉතිහාසයේ ඥාණ ගබඩාවක් වූ යාපනයේ පුස්තකාලයේ පොත් 95000ක් පමණ විනාශ විය.

නිවාස 200ක් පමණ ගිනිතබා විනාශ කරන ලදී .

ඊලනාඩු පුවත්පත් කාර්යාලයද විනාශ විය. (ගුරුගේ 2005:44) පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය යාපන ජනතාව දුටුවේ රාජ්‍ය බලය යොදවා තමන්ගේ සංස්කෘතිය විනාශ කරන කි‍්‍රයාවලියක් ලෙසටය.

මෙවැනි කි‍්‍රයාවන් හරහා සිදුවුයේ දෙමළ ජනතාව තව තවත් දුරස්ථවී යාම පමණි.

1983 ප‍්‍රචණ්ඩ කි‍්‍රයා.
===============

නිදහසින් පසු දරුණුතම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවූයේ 1983දී ය.

දෙමළ සටන්කාමීහු හමුදා ට‍්‍රක් රථයක් පුපුරවා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමත් සමගින් ගැටුම ආරම්භ විය.

ආණ්ඩුව සමහර මැර කණ්ඩායම් විසින් කොළඹ ඇතුළු රටේ දකුණු ප‍්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනතාවට එරෙහිව පහරදීම් පටන් ගැනුනි.

මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් වශයෙන් ජීවිත 600කට වඩා වැඩි ප‍්‍රමාණයක් විනාශයට පත් වූ අතර 79000කට අධික පුද්ගල සංඛ්‍යාවක් සරණාගතභාවයට පත්විය.

කෙසේ වෙතත් 1983 ජූලි සිද්ධිය ”දෙමළ ජනතාව වෙන්වී යා යුතුය” යන මතය දෙමළ සමාජය තුළ වඩාත් තහවුරු කිරීමට සමත් විය.

දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් පිළිබඳ අරගලය සහයෝගය ලැබෙන්නට පටන් ගන්නේ මින් පසුවය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හයවැනි සංශෝධනය ගෙන එමින් වෙනම රාජ්‍යයක් පිළබඳ අදහස නීති විරෝධී බව ප‍්‍රකාශයට පත් කළේය.

මේ හරහා ශී‍්‍ර ලංකාවේ වෙසෙන දෙමළ ජන වර්ගයේ නියෝජනය බෙහෙවින් අඩපණ විය.

ත‍්‍රස්තවාදී කණ්ඩායම්.
===============

1983න් පසුව දෙමළ සටන්කාමී කණ්ඩායම් වඩාත් ශක්තිමත් වීම ආරම්භ විය.

උමා මහේෂ්වරන් විසින් ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය(ප්ලොට්)

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් විසින් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානයද (එල්ටීටීඊ)ස්ථාපිත කරන ලදී .

මීට අමතරව ඊළාම් ජනතා විමුක්ති පෙරමුණ(ඊ.පී.ආර්.එල්.එෆ්)

දෙමළ ඊළම් විමුක්ති සංවිධානය(ටෙලෝ)

ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංගමය(ඊරෝස්)ද අවි ගැටුමේ ප‍්‍රධාන පාර්ශවකරුවන් බවට පත් විය.

අනතුරුව ගැටුමේ පාර්ශවය ද සන්නද්ධ මුහුණුවරක් ගනිමින් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ගේ නියැලීම වේගවත් කළේය.

1987 ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ පළාත් සභා ස්ථාපිත කිරීමත් සමග බොහෝ දෙමළ සංවිධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ව්‍යුහයට පිවිසිනි.

මෙමගින් සනාථ වන කරුණක් වන්නේ දෙමළ ජනවාර්ගිකත්වය වෙනුවෙන් සන්නද්ධ සටනකට එළඹීම සඳහා සංවිධාන රාශියක් කි‍්‍රයාත්මක වුවද,පළාත් සභා ස්ථාපිත කිරීමෙන් අනතුරුව එම භූමිකාව නිරූපණය කරන ප‍්‍රධාන සංවිධානය බවට පත්වූයේ එල්ටිටිඊ සංවිධානය බවයි.

පළමු ඊළාම් යුද්ධය-(1979-1989).
========================

ජේ.ආර්.ජයවර්ධන ගේ "මග නතර වූ යුද්ධය".
===============================

පළමු ඊළාම් යුද්ධය 1970 දශකය මැද භාගයේ සිට 1989 දක්වා ක‍්‍රියාත්මක විය.

ආරම්භයේ දී මධ්‍යස්ථ දෙමළ දේශපාලඥයින් හා පොලිස් ඔත්තුකරුවන් ඉලක්ක බවට පත්විය.

1984 සිට උතුරු නැගෙනහිර පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම අරඹන අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුරය ආදී ප‍්‍රදේශ ඉලක්ක කොට ගෙන ත‍්‍රස්තවාදීන් කි‍්‍රයාත්මක විය.

1975 ජූලි 27 වන දින ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය.

1978 එල්ටීටීඊ හා ටෙලෝ කණ්ඩයම් දෙකම යාපනයේ පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් ඝාතනය නොනවත්වාම සිදු කරන ලදී.

පළමුවැනි ඊළාම් යුද්ධය මදින් මද වර්ධනය වූ අතර කොළඹ තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයා ඇතිකරන තත්වයට ලත් විය.

1981 ජුනි 01 වැනි දින යාපන පුස්තකාලයට ගිනි තබා විනාශ කරන ලදී.

1982 ජුනි 05 වනි දින යාපනය කොළඹ තැපැල් දුම්රියේ බෝම්බයක් පිපිරීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය අතර 1982 ජූලි 02 වැනි දින යාපනයේ නෙල්ලිඅඩි හිදී ත‍්‍රස්තවාදීන් පොලිස් ජංගම මුර රථයකට වෙඩිතබා සිව්දෙනෙක් මිය ගියේය.

1982 ඔක්තෝබර් 27 වැනි දින චාවකච්චේරි පොලීසියට එල්ටීටීඊ ප‍්‍රහාරයක් දියත් විය.

1983 සිද්ධීන්.

1983 ජූලි 06 වැනි දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට ප‍්‍රහාරයක් එල්ල කරන ලදී.

1983 ජූලි 15 වැනි දින ලූකස් චාල්ස් ඇන්තනී මිය ගියේය.

එහි පළිගැනීමක් ලෙසට ප‍්‍රභාකරන් 1983 ජූලි 23 වැනි දින තිරුකෝල්වේලි හන්දියේදී බිම්බෝම්බයක් යොදාගෙන සහ වෙඩි තැබීමෙන් සෙබළු 13 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමග මෙ අර්බුදය මහා යුද්ධයකට පෙරළිණ.

මෙතෙක් තැනින් තැන සිදුවූ වෙඩි තැබීම්, මංකොල්ලකෑම් මුහුණට මුහුණ ලා කරන සටනක් බවට පත්වූයේ මෙම කාල වකවානුවෙන් පසුවය.

1983 ජූලියෙන් පසුව සටනට පිවිසුනු අය මෙන්ම නොපිිවිසුනු අයද සිය ගණනින් මරුමුවට පත් වූහ.දහස් ගණන් දමිළයෝ අත්අඩංගුවට ගනු ලැබූහ.

තිම්පු සාකච්ඡා.
===========

මේ අතර තිම්පු සාකච්ඡා මේසයේදී පළමු එල්ටීටීඊ ඇතුළු ද්‍රවිඩ සංවිධාන සියල්ලම එකම මේසයක සාකච්ඡාවට පැමිණි නමුත් එකඟත්වයකට පැමිණිය නොහැකි විය.

දෙවැනි ඊළාම් යුද්ධය-(1990 ජුනි සිට 1994 අගෝස්තු දක්වා).
=========================================

රණසිංහ පේ‍්‍රමදාස ගේ "දෙකටම නැති යුද්ධය".
====================================

1990 ජුනි සිට 1994 අගෝස්තු දක්වා දෙවැනි ඊළාම් යුද්ධය කි‍්‍රයාත්මක විය.

මෙය ශී‍්‍ර ලංකා රජයේ හමුදා හා එල්ටීටීඊ සංවිධානය අතර සිදුවිය.

ආරම්භයේදී පොලිස් ස්ථාන සහ හමුදා කඳවුරු ඔවුන්ගේ ඉලක්ක විය.

1980 දී සහ 1990 දී පැවති රාජ්‍යයන් දෙමළ ජනතාව සතුටු කිරීම සදහා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනීම සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැනි පනත් කීපයක් සම්මත කර ගන්නා ලදී.

එසේ වුවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් දිගටම සිදුවිය.

ඉන්දිය සාම සාධක හමුදාව ඉවත් වු පසු එල් .ටී.ටී.ඊ. ය අනෙකුත් තරගකාරී ආයුධ සන්නද්ධ කණ්ඩායම් විනාශ කරමින් බලවත් විය.

රජය ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමද මර්දනය කළේය. ප්‍රධාන විරුද්ධ පාර්ශවයන් දෙකම ඔවුනොවුන්ගේ බලය තර කර ගත් පසු දෙපාර්ශවයම සටන් විරාමය කඩ කළහ.

රජය නැවත යාපනය අත්පත් කර ගැනීමට සටනක් දියත් කළේය.

නිදහස් කරන පොරොන්දුව මත එල්.ටී.ටී.ඊ.යට යටත් වු සිංහල හා මුස්ලිම් පොලිස් නිළධාරීන් 113 ක් එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කරන ලදී.

රජය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය යාපනයට ගෙන යාම තහනම් කළහ.

ගුවන් හමුදාව ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ඉලක්ක වලට අනුකම්පා විරහිතව බෝම්බ ප්‍රහාර එල්ල කළහ.

මෙය ට එල්.ටී.ටී.ඊ.ය ප්‍රතික්‍රියා දැක්වුයේ සිංහල හා මුස්ලිම් ගම්මානවලට පහර දී සිවිල් වැසියන් 166 දෙනෙකු එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කිරිම යුද්ධයෙන් සිදුවු විශාලතම මනුෂ්‍ය ඝාතනය විය.

නැගෙනහිර පළාතේ සැලකිය යුතු සිවිල් දෙමළ ජනතාවක් ඝාතනය වු අතර ඒ පිළිබද වගකීම රජයේ හමුදාවනට එල්ල විය.

මෙලෙස දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ අතර එයින් සති කිහිපයකින් එල්ටීටීඊය සුළු ප‍්‍රදේශ කිහිපයක් හැර යාපන අර්ධද්වීපයේම එනම් කිලිනොච්චි, වවුනියා, මුලතිව්, මන්නාරම් දිස්ති‍්‍රක්කයන්හි විශාල ප‍්‍රදේශයන්ද නැගෙනහිර පළාතේ ප‍්‍රත්‍යන්ත ඇතුළු කොටස්හිද අණසක යළි රැුඳවූහ.

1990 ජූලි මස 12 වැනි දින එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කොකාවිල් හමුදා කඳවුර මුළමනින්ම විනාශ කළහ.

මේ අතර එල්ටීටීඊ ය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම නොකඩවා කරගෙන යන ලදී.

1991 ජූලි 10 අලිමංකඩ කඳවුරට ප‍්‍රහාරයක් එල්ල වුනි. 1992 මුල් භාගයේදී ත‍්‍රස්තවාදීන් විසින් අම්පාර, පොළොන්නරුව දිස්ති‍්‍රක්කවල අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් මරා දමූහ.

1992 අපේ‍්‍රල් 10 වැනිදා සිවිල් වැසියන් රැගත් බසයක් බෝම්බවලින් පුපුරවා හැරීය.

විශාලතම යුද්ධයක් ඇතිවුයේ 1991 දී එල්.ටී.ටී.ඊ. හමුදා භටයින් 5000ක් විසින් යාපනය අර්ධද්වීපයට පිවිසුම් මාර්ගයක් වුද ශ්‍රී ලංකා හමුදාවන්ට අයිතිවුද අලිමංකඩ කදවුර මාසයක් තිස්සේ වටලා සිටි අවස්ථාවේදීය.

මාසයක් පුරා පැවතුණු වටලෑමේදී දෙපාර්ශවයේම 2000කට අධික සංඛ්‍යාවක් මිය ගියේ රජයේ 10000ක ආධාර හමුදාව ඒමට පෙරාතුවය.

1992 අගෝස්තු 08 වන දින යාපනය අරාලි තුඩුවේදි ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ මරණය ත‍්‍රස්තවාදී බිම් බෝම්බයකින් සිදුවිය.

මේ අතර 1992 නොවැම්බර් 10 වැනි දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ක්ලැන්සි ප‍්‍රනාන්දු ඝාතනයට ලක්විය.

1991 මැයි 21 වන දින රජීව් ගාන්ධි ඝාතනය කළේය.

1993 මැයි 01 ත‍්‍රස්තවාදීන් විසින් කොළඹ ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදා ගනිමින් ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසයන්ද මරණයට පත් කරන ලදී.

මෙම තත්වය මෙලෙස සිදු කිරීම තුළින් එල්ටීටීඊ ය ලෝකය තුළ ප‍්‍රබල ගරිල්ලා ත‍්‍රස්තවාදී සංවිධානයක් බවට පත් විය.

සාමය සදහා ගත් උත්සාහයන්.
=====================

1994 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වු අතර විශාල බලාපොරොත්තු මැද චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් වුයේ සාමය අපේක්ෂාවෙනි.

එමෙන්ම විරුද්ධ පක්ෂ නායක ගාමිණි දිසානායක එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කිරීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයගත්තාය.

1995දී සටන් විරාමයකට එකග වුණද පසුව පැවැත්වු සාකච්ඡා ඵල රහිත විය.

1995 ජනවාරි 08 දින යුධ විරාමයක් ප‍්‍රකාශයට පත් විය.

මේ අතර සාම සාකච්ඡා සාම සාකච්ඡා පැවැත්වුණු අතර නමුත් ඒ සියල්ල බිද වැටුණි.

තුන්වැනි ඊළාම් යුද්ධය-(1995 අපේ‍්‍රල් 19-2001 දෙසැම්බර්).
=======================================

චන්ද්‍රිකා කුමාරතුංග ගේ-“සාමය සදහා යුද්ධය”.
================================

1995 අපේ‍්‍රල් 19 වන දින ත‍්‍රස්තවාදීන් ති‍්‍රකුණාමලයේ ඇතුල් වරායේ නැංගුරම් ලා තිබුණු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් විනාශ කළහ.මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් යොදවා මෙය සැළසුම් සහගතව කර තිබුණි.

ඉන්පසු තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ විය.

නව රජය “සාමය සදහා යුද්ධය” නම් ප්‍රතිපත්තිය අනුගමනය කලේය.

ඒ මගින් කැරලිකරුවන් 2000ක් විසින් අත්පත් කරගෙන සිටි යාපනයේ ප්‍රධාන බලකොටු ආපසු ලබාගැනීමේ පරමාර්ථයෙන් විශාල හමුදාවක් යාපනයට යවන ලදී.

රජයේ හමුදාවල පළමු කාර්යය වුයේ යාපනය අර්ධවීපය දිවයිනේ සෙසු ප්‍රදේශවලින් වෙන් කිරීමයි.

1995 අපේ‍්‍රල් 28 වන දින පළමුවන ඇව්රෝ ගුවන් යානය ත‍්‍රස්තවාදීන් වෙඩි තබා බිම හෙළන ලදී.මෙහිදී ගුවන් හමුදාවේ ඉතා දක්ෂයෙකු වූ රොජර් වීරසිංහ ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

1995 අපේ‍්‍රල් 29 වන දින දෙවන ඇව්රෝ යානයද වෙඩි තබා බිම හෙළන ලදී.

තුන්වන ඊළාම් යුද්ධයේදී විවිධ ප‍්‍රහාරයන්ට නිරතුරුවම ලක්වූ අතර ඒවායින් ත‍්‍රස්තවාදීන් ද සෙබළුන් ද ඝාතනයට ලක්විය.

රිවිරැස කි‍්‍රයාන්විතය.
===============

මෙහිදී රිවිරැස කි‍්‍රයාන්විතය සුවිශේෂී වේ.

රිවිරැස මෙහෙයුම 1995 ඔක්තෝම්බර් 17 වන දින පලාලි කඳවුරෙන් ආරම්භ විය. අවසානයේදී බි‍්‍රගේඩියර් ජානක පෙරේරාගේ නායකත්වයෙන් යුතු 53 සේනාංකය 1995 දෙසැම්බර් 02 දින යාපනය නගරය අල්ලා ගන්නා ලදී. නිලධාරීන් 16ක් හා සෙබළුන් 337ක් රිවිරැස පළමු පියවරේදී ජීවිතය පූජා කළහ.

1995 දෙසැම්බර් 5 වන දින ශ්‍රී ලංකා ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ උත්සවයක්ද පවත්වා යාපනය කොටුව තුළ ජාතික ධජය එසවුයේය.

මෙම සටනින් හමුදා භටයින් සහ කැරළි කරුවන් 2500කට ආසන්න ප්‍රමාණයක් මියගොස් 7000 ක් දෙනා තුවාල ලත් බව රජය ඇස්තමේන්තු කර ඇත.

රිවිරැස දෙවන අදියරේදී 1996 අපේ‍්‍රල් 19 වන දින තෙන්නමාරච්චි ප‍්‍රදේශය අත්පත් කර ගැනීම අරමුණ විය.

1996 මැයි 02 දා වන විට තෙන්නමාරච්චි ප‍්‍රදේශය මුදාගත් පසු රිවිරැස මෙහෙයුමේ තුන්වන හා අවසාන අදියර 1996 මැයි 15 වන දින දියත් කෙරිණි. 1996 මැයි 25 දින වන විට පේදුරුතුඩුව, වැල්වටිතුරේ, නෙල්ලිඅඩි ප‍්‍රදේශ ඇතුළු වඩමාරච්චි ප‍්‍රදේශය හමුදාව මුදවා ගනු ලැබිණ.

1996 දී රජය නැවත වරක් තවත් යුද්ධයක් දියත් කළේය.

බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තවත් 200000ක් සිවිල් ජනයා පලා ගියහ. කිලිනොච්චි නගරය (ගිරානික්කෙ) සැප්තැම්බර් මස 29 අත්පත් කර ගන්නා ලදී. 1997 මැයි 13 දින ආණ්ඩුවේ හමුදාවේ 20000ක් එල්.ටී.ටී.ඊ.ය පාලනය කළ වන්නි ප්‍රදේශය හරහා සැපයුම් මාර්ගයක් විවාත කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. දෙපාර්ශවයම සිවිල් වැසියන් ඝාතනය කළහ. තුවාල කළහ.

උතුරේ දරුණු ක්‍රියා මෙසේසිදුවෙද්දී දකුණේ ජනාකීර්ණ නගරවලද,මහජන ප්‍රවාහන සේවාවන් තුළද වන්නි එල්.ටී.ටී.ඊ. ය විසින් බෝම්බ පුපුපරුවා හරින ලදී.

මෙයින් සිවිල් ජනතාව සිය ගණනක් මිය ගියහ. 1996 ජනවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ අති දරුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගෙන කොළඹ මහ බැංකුවට ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් 90 දෙනෙකු මිය ගොස් 1400ක් තුවාල ලදහ.

1997 ඔක්තෝබරයේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ අතර

1998 ජනවාරියේදී ට්‍රක් රථයක ඇටවු බෝම්බයක් පුපුරවා හැර ලෝකයේ අති පුජනීය බෞද්ධ සිද්ධ ස්ථානයන්ගෙන් එකක් වුද බුදුන්ගේ දන්ත ධාතුව තැන්පත් කර තිබෙන්නා වුද දළදා මාළිගායට හානි සිදු කළහ.මෙම බොම්බ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කළ අතර ලෝකයේ සෙසු රටවලින්ද එසේ කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියේය. මෙය එල්.ටී.ටී.ඊ.යට අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස බලපෑවේය.

1999 දී රජය ‘රණගොස’ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් දකුණු දෙසින් වන්නියට ඇතුලු වීමට උත්සාහ කළේය.හමුදාව ජයග්‍රහන කීපයක් අත්පත් කර ගත්තේය. ඔඩ්ඩුසුඩාන්(ඔත්තන් තුඩුව)සහ මඩු යන ස්ථානයන්හි බලය අල්ලා ගත් නමුත් එල්.ටී.ටී.ඊ.ය එම පෙදෙසින් ඉවත් කිරීමට අපොහොසත් විය.

1999 දී ගෝනගලදී එල්.ටී.ටී.ඊ. ය විසින් සිංහල වැසියන් 50ක් ඝාතනය කරන ලදී.

‘නොනවතින රැල්ල’.
================

1999 නොවැම්බර් 2වැනි දින එල්.ටී.ටි.ඊ.යට නැවත වරක් ‘නොනවතින රැල්ල’ නම් වු මෙහෙයුමකට මුහුණ දීමට සිදුවිය. වන්නි ප්‍රදේශය මුලුමනින්ම ඉතා වේගයෙන් එල්.ටී.ටී.ඊ.ය අතට පත්විය.

එල.ටී.ටී.ඊ ය ප්‍රදේශය තුල සාර්ථක පහර දීම් 17ක් සිදු කළ අතර එය පරන්තන් (පුරාණතැන්න) හමුදා කදවුර සහ කුරක්කන්කුඩුකුලම් (කුරක්කන් කැලේ වැව) කදවුරේද බලය අල්ලා ගැනිමෙන් අවසාන විය. මෙම සටන් වලින් දහස් ගණන් ජනතාව මිය ගියහ. කැරළි කරුවෝ අලිමංකඩ සහ යාපනය දක්වා උතුරු දෙසට ගමන් ගත්හ. කිලිනොච්චි සහ අවටප්‍රදේශවිලන් ශ්‍රි ලංකා හමුදාවට ගොඩබිමින් හා මුහුදින් තිබුණු සැපයුම් මාර්ග අහුරා දැමීමට එල්.ටී.ටි.ඊ.ය සමත් විය.

1999 දෙසැම්බරයේදී පැවැත්වු මැතිවරණ පුර්ව ප්‍රචාරක රැලියකදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු යොදවා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.ය උත්සාහ කලේය.ඇයට එක් ඇසක් අහිමි විය.

එහෙත් ජනාධිපතිවරණයෙන් විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට ඇය සමත් වු අතර ජනාධිපති වශයෙන් දෙවැනි ධුර කාලයකට ඇය තෝරා ගනු ලැබුවාය.

යාපනය අර්ධද්වීපය සහ වන්නි ප්‍රදේශය අවුරුදු 17ක් තිස්සෙන් වෙන් කෙරෙමින් පැවතුනු අලිමංකඩ හමුදා කදවුර 2000 අප්‍රේල් 22 දින සම්පුර්ණයෙන් එල්.ටී.ටී.ඊය අතට පත් විය.

හමුදාව යාපනය අර්ධවීපයේ දකුණු පෙදෙස අල්ලා ගැනිමට “අග්නි කීල” මෙහෙයුම දියත් කළ නමුත් පරාජය විය. එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ යාපනය දක්වා ඉදිරි ගමන නොකඩවා ගෙන ගිය අතර යාපනය ඔවුන් අතට පත්වේයයි බොහෝ දෙනා බිය වුහ. ‍

එහෙත් හමුදාවට එල්.ටී.ටී.ඊ. ආක්‍රමණය සාර්ථකව මැඩ පැවැත්වීමටත් යාපනය නගරයේ බලය අත්පත් කර ගැනීමටත් හැකිවිය.

සටන් විරාම ගිවිසුම.

================

2001 බලයට පත් ආණ්ඩුව යුද්ධය වෙනුවට සාම මාවත හරහා යුද්ධයට තිරසාර විසඳුමක් සෙවීමට උත්සාහ ගත්හ.

මීට පෙර ඇතිකර ගත් සාම සාකච්ඡා වලට වඩා වෙනස් අයුරකින් මෙය මෙහය වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර අවධානයද විශාල වශයෙන් යොමු විය. නෝර්වීජියානු පහසුකම් හා ජාත්‍යන්තර සහය ඇතිව පැවතුණු 2002-2003 සාම කි‍්‍රයාවලිය 2006 වන විිට යළිත් පණගැන්විය නොහැකි ලෙස අඩපණ විය.

දෙපාර්ශවය විසින්ම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළේය.

2005 නොවැම්බර් මාසයේ දී සිංහල ජාතිකවාදී බලවේගවල සහයෝගය මත බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊ ය සමඟ සාකච්ඡා නැවතත් ආරම්භ කිරීමට උත්සාහ ගත්තේය.

2006 වසර මුලදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී සාකච්ඡා වට දෙකක් පැවතුනත් ඒවායින් එතරම් ප‍්‍රතිඵල ලැබුනේ නැත.

අප‍්‍රකාශිත යුද්ධය.
==============

මේ වන විට පාර්ශව දෙකම පැමිණ තිබූ නිගමන ලෙස පෙනුනේ තම තමන්ගේ ඒක පාර්ශවීය අරමුණු ඉදිරියට දැමීමට තිබුනු හොඳම විකල්පය යුද්ධය යන්න බවයි.

2002 පෙබරිවාරි මස අත්සන් කළ සටන් විරාම ගිවිසුම 2008 ජනවාරි වන තෙක් පැවතුණි.

යුද්ධය නැවත ආරම්භ වන අතර දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමේ පාර්ශවකරුවන් හැටියට දිගටම සිටියහ.

එසේ වවත් 2006 මැදදී ආණ්ඩුවත් එල්ටීටීඊ යත් තරමක මහා පරිමාණ යුද්ධයකට එළඹුනේ සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වන්නේ නැතිවය.

මේ නිසා 2006 සහ 2007 වසර වලදී ලංකාවේ යුද්ධය අප‍්‍රකාශිත යුද්ධයක් ලෙස පවතුනි.

සිව්වන ඊළාම් යුද්ධය(2006 ජූලි 26 -2009 මැයි 19).
===================================

මහින්ද රාජපක්ෂ ගේ උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ "මානුෂීය මෙහෙයුම".
====================================================
මාවිල්ආරු.

මෙහි ආරම්භක අවස්ථාව ලෙස 2006 ජූලි 21 වැනිදා ති‍්‍රකුණාමලයෙන් දකුණේ වූ 30,000කට ජනතාවකට ජල සැපයුම අහිමි කරමින් එල්ටීටී ය මාවිල්ආරු ජල දොරටුව වසා දැමුවේ අමානුෂික කි‍්‍රයාවත් සමඟ ය.

මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය 2006 ජූලි 26 දා මාවිල්ආරු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය.

ඉන් ඇරඹි "මානුෂීය මෙහෙයුම" ඉතාමත් තීරණාත්මක විය මෙලෙස ආරම්භ කළ යුද්ධයේදි පෙනුණු දෙයක් නම් ලංකාව මහා පරිමාණ සිවිල් යුද්ධයකට ගමන් කරවීමේ මංසලකුණු සටහන් කළ බවය. මේ වන විට ආණ්ඩුවේ අරමුණු දෙකක් පැහැදිලිය.

එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය කර එහි යුධ ශක්තීන් විනාශ කර දාවිඩ ජාතිකවාදී ව්‍යාපෘතියේ නියෝජිතයෙකු හැටියට එල්ටීටීඊ ය නැති කිරීමය.

දෙවැන්න සම්පූර්ණයෙන් ම පරාජය කිරීමට නොහැකි වුවත් ලංකාවේ රාජ්‍යයට තව දුරටත් තර්ජනයක් නොවන පරිදි එල්ටීටීඊ ය යුධ හා දේශපාලන වශයෙන් දුර්වල කිරීමය.මෙකී අරමුණු ඇතිව ආරම්භ වූ යුද්ධයේදී ආණ්ඩුව විශ්වාස කළ දෙයක් වූයේ අතීතයේ ද එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය කිරීමට සන්නද්ධ හමුදාවන්ට හැකියාවක් තිබුණ ද කරුණු කිහිපයක් නිසා ඒ අවස්ථාව වැළකී ගිය බවය.

I.යුද්ධය සැලසුම් කිරීමේ දී සහ කි‍්‍රයාත්මක කිරීමේ දී ආණ්ඩුවේ බලයේ සිටින දේශපාලඥයින් ඒවාට මැදිහත් වී යුධ කි‍්‍රයා මාර්ග දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට යටත් කර අවුල් කිරීම.

II.යුධමය විසඳුම් ක්‍රියාමාර්ගයෙන් ඉවත්වන ලෙස කෙරුණු ජාත්‍යන්තර බලපෑම්වලට ආණ්ඩුව යට වීම.

III.යුද්ධයේ දී සිදුවන මානව අයිතිවාසිකම් කඩකිරීම් හා මනුෂිකවාදී ගැටළු ගැන අනවශ්‍ය ලෙස වැදගත්කමක් දීම මඟින් යුද මෙහයුම් දුර්වල කිරීම.

මේ නිසා රාජපක්ෂ ආණඩුව එල්ටීටීඊ යට විරුද්ධව යුද්ධය සැලසුම් කිරීමේදී මූලෝපායන් සකස් කිරීම හා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම හා ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ම ආරක්ෂක අමාත්‍යාංශයටත් සන්නද්ධ හමුදා ප‍්‍රධානීන්ටත් භාර දී ඇත

මේ තත්ත්වය තුළ එල්ටීටීඊ ය කල්පනා කලේ යුද්ධය දිග්ගැස්සෙන විට එයින් ඇතිවන මානව අයිති වාසිකම් කඩවීම් හා මානුෂවාදී අර්බුද හේතුවෙන් ආණ්ඩුව ජාත්‍යන්‍තර වශයෙන් හුදකලා විය හැකි බවත් යුද්ධයේ ආර්ථික පිරිවැය වැඩිවීමත් සමඟ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පැතිරෙන විට ආර්ථිකයට හානි පැමිණ ආණ්ඩුවේ මහජන සහයෝගීතා පදනම අඩු වී යුද්ධය ආර්ථික වශයෙන් නඩත්තු කිරීමට ආණ්ඩුවට නොහැකි වන බවයි.

එපමණක් නොව ආර්ථිකයට හානි පමුණුවන නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලිය දුබල කරන යුද්ධයක පසුබිම තුළ දකුණේ දේශපාලන ප‍්‍රතිවිරෝධතා ඇති වීමත් සමඟ යුද්ධය පවත්වාගෙන යාම ආණ්ඩුවට දුෂ්කර වෙද්දී නව බල තුලනයන් ගොඩනැගීමට මූලෝපායික ඉඩකඩ තමාට උදාවේය යන්නය.

නමුත් 2006 අවසානයේදී නැගෙනහිර පළාතේ කෙරුණු යුද්ධයේ දී නැගෙනහිර පළාත ජය ගැනීමට පහසුවෙන්ම ආණ්ඩුවට හැකි විය.

යුද්ධය යළි ඇරඹීමත් සමඟ විශාල මානුෂිකවාදී ප‍්‍රශ්න උග‍්‍ර විය.ඒ අතර සිවිල් ජනයාට උන් හිටි තැන් අහිමි වීම, ගේ දොර මෙන්ම ආර්ථික ජීවන රටා අහිම් වීම, සිවිල් වැසියන් යුද්ධයට ගොදුරු වී මිය යෑම, තුවාල ලැබීම, යුද්ධය කේන්දා ගතවී නොමැති කොළඹ වැනි ප‍්‍රදේශවල බෝම්බ පිපිරීම් සිදුවීම, උදාහරණ ලෙස කොටුව බෝම්බ ප‍්‍රහාරය, මේ ආකාරයට සිදු වූ මානව අයිතීන් කඩවීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විරෝධය හා බලපෑම් නොසලකා හැරීමට තීරණය කර ඇත.

ආණ්ඩුවේ තර්කය වූයේ ‘‘ආණ්ඩුව ඒවාට යටවුවහොත් ඒ මඟින් තම යුධ ප‍්‍රයත්නය අඩාල වන බවයි. මානව අයිතිවාසිකම් හා මානුෂවාදී කරුණු රණවිරුවන් අධෛර්යමත් කරන සහ එල්ටීටීඊ යට සේවය කරන පියවරක් ලෙස ද ආණ්ඩුව හඳුන්වයි.

”ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ” යුද්ධයේ දී මානව අයිතිවාසිකම්වලට වැඩි ප‍්‍රමුඛත්වයක් දිය යුතු නැත යන තර්කය මත ආණ්ඩුව තම ස්ථාවරය සාධාරණය කර ඇත.

මේ ආකාරයට දශක තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ සමාජ දේශපාලනික ආර්ථික මෙන්ම සංස්කෘතික ප‍්‍රපංචයන්ට බරපතල හානි සිදු කළ ත‍්‍රස්තවාදය 2009.05.19 වන දින යුධමය වශයෙන් පරාජය කළේය.එය මුළු ආණ්ඩුව පමණක් නොව රාජ්‍යම ලැබූ ජයග‍්‍රහණයකි.(Y.W.B).
බ්‍රෝඩ්වේ රංගනයන් (මෙය කෙටියෙන් බ්‍රෝඩ්වේ ලෙස හැදින්වේ) යනු නිව්යෝක් නගරයේ මැන් හැටන් කොට්ඨාශයේ සිනමා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආසන 500 ක් හෝ ඊට වැඩි ගණනකින් යුත් විශාල වෘත්තීය නෘත්‍යශාලා වලින් ඕනෑම එකක ඉදිරිපත් කෙරෙන සංදර්ශන වේ. බ්‍රෝඩ්වේ රංගනයන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු ජනතාව අතර වඩාත් ප්‍රචලිත වෘත්තීය රංගන ආකාරය වන අතර රංගන ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන් සහ සන්දර්ශණ ඉදිරිපත් කිරීම හා සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සදහා වඩාත් වැදගත්ම රංගන ක්ෂේත්‍රය ද වේ. ලන්ඩනයේ West End නෘත්‍යශාලා සහ බ්‍රෝඩ්වේ නෘත්‍යශාලා ලෝකයේ ඉංග්‍රීසි භාෂාව භාවිතා වන වාණිජ නෘත්‍යශාලා අතරින් ඉහළම මට්ටමේ ලා සැලකෙයි. 

බ්‍රෝඩ්වේ රංග ශාලා වල සාර්ථකව ඉදිරිපත් කෙරෙන සංදර්ශන අතීතයේ පටන්ම සාමාන්‍යයෙන් ප්‍රධාන ප්‍රවාහයට අයත් ඒවා ලෙස සලකනු ලැබු අතර බ්‍රෝඩ්වේ රංග ශාලා වලින් බැහැර වෙනත් රංග ශාලා හෝ ප්‍රදේශීය ලාභ නොලබන රංග ශාලා වල ඉදිරිපත් වු නව ආකාර සංදර්ශනයන්ට සමාන වීමේ ඉඩකඩ අවම විය. 

ලෝකයේ නෘත්‍යශාලා දිස්ත්‍රික්කය නිව්යෝක් නගරයේ පවතින ප්‍රධාන සංචාරක ආකර්ෂණයන් ගෙන් එකකි. බ්‍රෝඩ්වේ එකමුතුවට අනුව වාර්ෂිකව බ්‍රෝඩ්වේ සංදර්ශන සදහා අලෙවි වන ප්‍රවේශ පත්‍ර වල මුළු වටිනාකම ඩොලර් බිලියන 1.5 කටද අධික වේ.

සංචාරණය 
 

දීර්ඝ කාලයක් බ්‍රෝඩ්වේ රඟහල තුළ දර්ශනයන් පෙන්වන අතරෙහිම නාට්‍ය නිෂ්පාදකයන් ඔවුන්ගේ නිෂ්පාදන නවන නළු නිළියන් හා නව කණ්ඩායමක් සමඟ නැවත නිෂ්පාදනය කොට එය දිවයින පුරා පිහිටි නාට්‍යහල් වෙත ගොස් රඟ දැක්වීමට පෙළඹිණි. අතිවිශාල සහ අති සාර්ථක දර්ශන වාරයන් මෙම සංචාරක ක්‍රමයේදී තිබිණි. එසේම සමහර නඟරවල ටික කාලයක් රැඳී සිටිමින් දීර්ඝ දර්ශනවාර ඉදිරිපත් කිරීමට නිෂ්පාදකයන් පෙළඹුණේ අති විශාල ආදායම් ලබා ගත හැකි නිසාමය. නාට්‍ය කණ්ඩායම් බස් රථවලින් ගමන් කරන අතර දර්ශන තල සහ අනෙකුත් උපකරණ ගෙන යන්නේ ලොරි රථ මඟිනි. මෙම සංචාරක ක්‍රමය නිසා විවිධ නඟරවලට යාමට සිදුවන අතර ඉතා කුඩා ස්ථානවල දර්ශන ඉදිරිපත් කිරීමට සිදු වන්නේ අධිවේගී කාලසටහනකට අනුව වීම ද නාට්‍ය කණ්ඩායම් විශාල වෙහෙසකට පත් කරන කරුණු කිහිපයකි. බොහෝ විට සතියකට නගර 2ක් තුළ රඟ දැක්වීම් සිදු කරන නාට්‍ය කණ්ඩායම් තවත් අවස්ථාවන්හිදී අවම වශයෙන් එක් නඟරයක් තුළ සතියක් හෝ සති 2ක් දර්ශන වාර ඉදිරිපත් කරන්නේ ලැබෙන ප්‍රතිචාර අනුවය. මෙම නාට්‍ය කණ්ඩායම් ප්‍රවර්ධන සටහන ගෞරව කිරීමට බ්‍රෝඩ්වේ එක්සත් මණ්ඩලයෙන් “සංචාරක නාට්‍ය සඳහා වන බ්‍රෝඩ්වේ සම්මාන” ලබා දේ.

ප්‍රේක්ෂක පිරිස 

නිව් යෝර්ක් සංචාරයකයන් බ්‍රෝඩ්වේ නාට්‍ය දර්ශණයක් නැරඹීමට අමතක නොකරයි. එමෙන්ම බ්‍රෝඩ්වේ නාට්‍ය හල ඩොලර් බිලියන ගණනින් ආදායම් උපයන්නේ ද ඔවුන් සතු ප්‍රේක්ෂක සමූහය හේතුවෙනි. ප්‍රවේශපත් මිළදී ගැනීටම “ඩෆී” චතුරස්‍රයේ සහ පහල මෑන්හැටන්හි පිහිටි ප්‍රවේශ පත් අලෙවිහල්වලින් බ්‍රෝඩ්වේ සහ බ්‍රෝඩ්වේ නොවන දර්ශනවාරවලට 25%, 35% හෝ 50% ක වැනි වට්ටම් යට‍තේ  ප්‍රවේශ පත් මිළට ගත හැක. මෙම වට්ටම් ක්‍රමය නිසා නාට්‍යහල් තුළ හිස් අසුන් අවම වන අතර තවද එමඟින් නිව් යෝර්ක්හි දී පහසු ගාස්තුවලට නාට්‍ය දර්ශන නැරඹිය හැක. තවද ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට විශේෂ මිළ ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර මිළට ගත හැකි අතර “සිටගෙන නැරඹීමට” අඩු මිළට ප්‍රවේශපත් මිළට ගත හැකි නිසා වැඩි ආදායමක් ද ඉපැයේ.

සමහර රංගගාමීන් කුඩා නාට්‍යහල් තුළ වැඩි දස්කම් පෙන්විය හැකි බවට විශ්වාස කරයි. උදාහරණයක් ලෙස “Spring Awakening”  නම් නාට්‍ය‍ය ප්‍රදර්ශනය මුලදී බ්‍රෝඩ්වේ නාට්‍ය හලෙන් බැහැරව ප්‍රදර්ශනය වුවත් පසුව එය බ්‍රෝඩ්වේ රඟහලේ වේදිකාගත විය. නාට්‍ය ශාලා වර්ගීකරණය “රංගන ශිල්පීන්ගේ සාධාරණත්වය සඳහා ප්‍රසංගමය සිදු කරයි.

2006 – 2007 කාලයේ දී බ්‍රෝඩ්වේ රඟහලට පැමිණි ප්‍රේක්ෂක ප්‍රමානය මිලියන 12කි. මෙම ප්‍රමාණය ලන්ඩන්හි “වෙස්ට් එන්ඩ්” රඟහලට එම කාල සීමාවේ දී පැමිනි ප්‍රේක්ෂක සංඛ්‍යාවට සමාන වේ. පෙර වසර එනම් 2005 – 2006 වසර තුළ පැමිනි ප්‍රේක්ෂක සංඛ්‍යාවට වඩා වැඩිවීමක් දැක්වේ.

\

එක්සත් ජනපදයේ රංගශාලා
ග්‍රීක රංග ශිල්පය හෝ ග්‍රීක නාට්‍ය යනු ක්‍රිපූ 550 හා ක්‍රිපූ 220  අතර දී පුරාතන ග්‍රීසියේ අතිශය ජනාදරයට පත් වූ නාට්‍ය සම්බන්ධ සම්ප්‍රදායකි. එම යුගයේ දී ග්‍රීසියේ දේශපාලනික හා යුධමය බලමුළුව වූ ඇතැන්ස් පුරාතන ග්‍රීක රංග ශිල්පයේ මධ්‍යස්ථානය විය. ශෝකාන්ත (ක්‍රිපූ 6 වන සියවසේ පසු භාගයේ දී), හාස්‍ය (ක්‍රිපූ 486) හා උපහාසාත්මක නාට්‍ය ලෝකයේ මතු වූ නාට්‍ය සම්බන්ධ ආකාරවලට උදාහරණ කිහිපයක් වේ. ග්‍රීක රංග ශිල්පය හා නාට්‍ය මඟින් බටහිර නාට්‍ය හා සංස්කෘතිය මත දිගින් දිගටම පවතින බලපෑමක් එල්ල කර ඇත. 

බටහිර රංග ශිල්පයේ මූලාරම්භය සොයා ගෙන ඇත්තේ පුරාතන ග්‍රීසියෙන්ය. එය ඩයොනයිසස් දෙවියාට ගෞරව කරමින් ඇතැන්ස්හි පැවැති රාජ්‍ය උත්සවයකින් දියුණු විය. ඇතැන්ස් නගර රාජ්‍ය විසින් පොදු අනන්‍යතාවක් වර්ධනය කර ගැනීමේ අරමුණින් එහි මිත්‍රශීලී පාර්ශව ගණනකටම මෙම උත්සවය අපනයනය කරන ලදී. 

Tregedy යන ඉංග්‍රීසි වදන බිහි වී ඇති τραγοιδία යන වදන ග්‍රීක වචන දෙකක සංයුක්ත වදනකි. ඒවා නම් ලෑටි ගෑමට සම්බන්ධ එළුවා යන ‍ෙත්රුම ඇති  τράγος යන වදන හා ගීත ගැයීමට සම්බන්ධ ගීතය යන තේරුම ඇති ῳδή යන වදනයි.  මෙමඟින් අතිශය දුලබ පෞරාණික පරාවර්තනය වන එළු මිනිසා ගීතය බිලි දෙනවා යන්න විස්තර කරයි. අඩුම තරමින් එමඟින් පුරාතන ඩයොනයිසියානු සංස්කෘතීන්වල ක්‍රියාවන් නිරූපණය කරයි. එසේ නමුත් මෙම පහසුකම් චාරිත්‍ර ශෝකාන්ත හා හාස්‍ය නාට්‍යවලට පදනම වූයේ කෙසේද යන්න ස්ථිර බවකින් යුතුව පැහැදිලි කිරීම කළ නොහැක්කක් විය. එමෙන්ම හෙලිනිස්ථික යුගය තෙක් වූ සියළු ශෝකාන්ත ඩයොනයිසස් දෙවියාට ගෞරව පිණිස ලියන ලද ස්වාධීන කොටස් වූ අතර එම නිසා වර්තමානයේ දී අපට ඉතිරිව  ඇත්තේ පැරණි ශෝකාන්තා නැවත නැවත රඟ දැක්වීම විලාසිතාවක් බවට පත් වීම හේතුවෙන් නැවත රඟ දැක් වූ නිසා අපේ මතකයේ පවතින කොටස් කොටස් පමණි. එය නියම, එක්වරක් රඟ දැක්වූ ශෝකාන්තයට පහල බැස්මක් සේ 
Baskemtball
1983 වර්ෂයේ ජුලි 23 දින ශ්‍රි ලංකාවේ ඇතිවුණු වර්ගවාදි කැරැල්ල හැඳින්විමට පොදුවේ යොදන නාමය "කළු ජූලිය" යන්නයි. ගණන් බලා ඇති අන්දමට එම සිද්ධියේදී දෙමළ වැසියන් 1000 ක් පමණ ඝාතනය කරන ලදහ. ගෙවල් දහස් ගණනක් ගිනිබත් කරන ලද අතර ශ්‍රි ලාංකික දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් වෙනත් රටවලට සංක්‍රමණය වූ බවත් ඇස්තමේන්තු කර තිබේ. දෙමළ ආයුධ සන්නද්ධ සංවිධානයක් වූ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සැඟවී සිට කරන ලද පහර දිමකින් ශ්‍රි ලංකා හමුදාවේ සෙබළු 13 දෙනෙකු ජිවිතක්ෂයට පත් වීම මෙම අරගලයට බලපෑ මුලික හේතුව විය.

සිංහල වැඩි බලයක් හිමි ශ්‍රි ලංකා රජයත් දෙමළ බෙදුම්වාදීනුත් අතර මහා පරිමාණ යුද්ධයකට ප්‍රවේශයක් ලෙසද මෙම කළු ජූලිය සාමාන්‍යයෙන් පිළිගැනේ.

පසුබිම 
බ්‍රිතාන්‍ය යටත් විජිතවාදි පාලකයින් විසින් ශ්‍රි ලංකාවේ පාලන කටයුතුවලදී මෙන්ම අධ්‍යාපනික, ආර්ථික පාලනය වැනි කටයුතුවලදී ද දෙමළ ජනතාවට වැඩි සැලකිල්ලක් දැක්වූහ. මෙසේ කිරිමට බ්‍රිතාන්‍යයන්ගේ බෙදා වෙන් කොට පාලනය කිරිමේ ප්‍රතිපත්තිය මුල් විය. දෙමළ සුළු ජනතාව සහ සිංහල මහ ජාතිය අතර ප්‍රචණ්ඩකාරි අර්බුදයක් ඉක්මණින් ඇති වීමට හේතු වුයේ එයයි. 1956 දි ඉදිරිපත් කරන ලද සිංහල පමණයි පනත මගින් ඉංග්‍රිසි සහ දෙමළ භාෂාව පාවිච්චි කිරිමේ සාධාරණ අයිතියට සීමාවන් පන වන ලදි. මෙම ක්‍රියාවලියට එරෙහිව දෙමළ ජනතාව දැක්වූ විරෝධතාවලට ප්‍රචණ්ඩකාරි පිරිස්වලින් පහර ඵල්ල විය. මෙවැනි සිද්ධීන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වී 1958 දී ඇති වූ කැරැල්ලක් දක්වා එම තත්ත්වය වර්ධනය විය.

1960 දශකය පුරා පැවති විරෝධතා ව්‍යාපාර සහ ඒවා වැළැක්විමට රජය ගත් ක්‍රියා මාර්ගද දෙපාර්ශවය අතර ද්වේශය වර්ධනය වීමට හේතු විය. 1971 දි දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය සහ වෙනත් සීමාකිරිම් හඳුන්වා දෙන ලදි. එයින් වඩාත් තහවුරු කරන ලද්දේ සිංහල සහ මුස්ලිම් සිසුන්ට පමණක් ඉඩදෙන ක්‍රියා පිළිවෙලකි. මෙහි ප්‍රතිඵලය වූයේ දෙමළ සිසුන් වැඩි පිරිසක් සන්නද්ධ කණ්ඩායම් කරා යොමු විමයි. මෙම නැගී ගෙන එන අංකුර තත්ත්වයන් සම්බන්ධයෙන් පොලීසිය ගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලය වූයේ දෙමළ ජනතාව සහ රජය අතර විරසකය තව තවත් වැඩි වීමයි.

ඉන්පසුව 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිමෙන් පසු "1977 කැරලි" යන නමින් හැඳින්වෙන කැරළි කීපයක් ඇති වුනි. 1981 දි ප්‍රචණ්ඩකාරි පිරිසක් විසින් ඉතා ප්‍රසිද්ධියක් ඉසිලු යාපනය පුස්තකාලය ගිනි තබන ලදි. 1983 දක්වා ඒ හා සමාන කුඩා පරිමාණයේ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් රජයත් හතු පිපෙන්නාක් මෙන් බිහිවු දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරත් ඇතිවුණි. සැළකිය යුතු සංඛ්‍යාවක් වූ මිනිමැරුම්, පැහැරගෙන යාම්, හිරිහැර කිරිම්, අතුරුදන් කිරිම් පිළිබඳව එම දෙපාර්ශවයට චෝදනා එල්ල විය.

කළු ජුලියේ සිදුවීම් 
කළු ජුලිය ආරම්භ වුයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 1983 ජුලි 23 වන දින උතුරේදී හමුදා රථ පෙළකට සැඟවී කරන ලද පහරදීම මුල් කරගෙනය. මෙය දෙමළ කැරලිකරුවන් විසින් පොලිස් නිලධාරීන් හට කරන ලද පහරදීම් පෙළක එක් පහරදීමක් පමණක් විය. මුලින්ම රථ පෙලේ ඉදිරියෙන් ගමන් කරන ලද ජීප් රිය ඉලක්ක කරගෙන බිම් බෝම්බයක් පුපුරවන ලද අතර එයින් අඩුම වශයෙන් සොල්දාදුවන් දෙදෙනෙක් තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. ජීප් රියට පසු පසින් පැමිණි ට්‍රක් රථයේ සිටි සෙබළුන් ජීප් රිය තුළ සිටි පිරිසට ආධාර පිණිස එළියට පැමිණි විගස ඔවුන්ට ස්වයංක්‍රීය ගිනි අවි හා ග්‍රෙනේඩ්වලින් පහර දෙන ලදී. මෙහිදී එක් නිලධාරියෙක් හා සෙසු නිල 12 ක් මරණයට පත් වූ අතර , තවත් දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලදහ. මුළු මරණ ගණන 15 ක් වූ අතර , එල්.ටී.ටී.ඊ ප්‍රාදේශීය නායකයෙක් වූ කිට්ටු විසින් සැගවී සිට කරන ලද මෙම පහරදීම සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර ගන්නා ලදී.

මෙම සිද්ධිය මුල කරගෙන පසුව ඇති විය හැකි විනාශකාරී ක්‍රියා නැවැත්වීමේ අරමුණෙන් මියගිය ඒ පහලොස් දෙනාගේ මළ සිරුරු  පිළිබද අවසන් කටයුතු ඉතා නිශ්ශබ්දව කොළඹ කනත්තේදී කිරීමට රජය කටයුතු කළේය. මෙය සාමාන්‍ය ක්‍රියා පිළිවෙලට විරුද්ධ වීමකි. සාමාන්‍ය පිළිවෙල විය යුත්තේ මියගිය සෙබලුන්ගේ සිරුරු  ඹවුන්ගේ ගම්වල අවසන් කටයුතු කිරීමයි. මියගිය හමුදා පිරිසගේ අවසන් කටයුතු සිදු කිරිමට නියමිතව තිබු 24දින සුසාන භූමියට එකතු වු සිංහල සිවිල් වැසියන් පිරිසක් මෙම සිද්ධියට පසුබිම් වු පහරදීම ගැන කෝපයට පත්වීම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට තවත් පිටු බලයක් විය. ඔවුහු  සිදුවී ඇති දෙසට පළිගැනීමක් වශයෙන් දෙමළ ජනතාව සොයා යමින් මිනී මැරීමටත් , දූෂණය කිරිමටත් පහරදිමටත් පටන් ගත්හ. ඒ අතරවාරයේ කොල්ලකෑම් සහ ගිණි තැබීම්ද සිදුවිය. සිදුවීම් මෙසේ පෙළ ගැසෙද්දී නගරය අතහැර පලා යන දෙමළ මිනිසුන්ට සිංහල ජනතාවගෙන් වැඩි දෙනෙක් ඔවු‍න‍්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට ක්‍රියා කළහ. එම දිනවල බොහෝ දෙමළ මිනිසුන් සිංහල මිනිසුන්ගේ නිවෙස්වල ආරක්ෂාව ලැබුහ.

රජය 24 දින සැන්දෑවේ කොළඹට හදිසි ඇඳිරි නීතිය පැනෙව්වේය. කලහකාරී තත්වයේ අති දරුණු ස්වභාවය හේතුවෙන් පොලීසිය ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අසමත් වුහ. එක්කෝ අකමැති වුහ. මේ නිසා පොලීසියේ සහායට  හමුදාව කැදවීමට සිදුවිය.

ප්‍රචණ්ඩ ක්‍රියා දෙවැනි දිනයේදීත් නොකඩවා සිදුවිය. එය දෙමළ මිනිසුන් වැඩිපුර ජීවත් වු නුවර (මෙහි ඇඳිරි නීතිය සවස 6.00ට පනවන ලදී) මාතලේ , නාවලපිටිය, බදුල්ල සහ නුවර එළිය වැනි ප්‍රදේශ මුල් කරගෙන මුලු දිවයින පුරා පැතුරුනි. මස මග ගමන්ගත් වාහන ගිනි බත් කරන ලදී. ඒවායේ ගමන් ගත් දෙමළ මිනිසුන් එළියට ඇද ඔවුනට පහර දුන්හ. නැතහොත් පිහි පොරෝ වලින් කපා කොටා මරා දැමුහ. ගිනි නිවන රථ පවා කැරළිකරුවන් විසින් පලවා හරින ලදී.

මෙම සිද්ධීන් වලින් සිදුවු අපකීර්තිමත් සිදුවීම්වලින් එකක් නම් වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ 25 දින සිදුවු මහා මනුෂ්‍ය ඝාතනයයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඒ තුළ රදවා සිටි දෙමළ රැදවියන් 37 දෙනෙකු ඒ තුලම සිටි සිංහල සිරකරුවන් විසින් කැති ‍පොලු ‍ආදියෙන් පහරදී මරා දමන ලදහ. මෙම සිද්ධියෙන් දිවි ගලවා ගත් අය කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් මෙයට සහයෝගය දැක්වු බවත් , සිර මැදිරි වල සතුරු කැරළිකරුවන් අතට පත් වීමට ඔවුන් ක්‍රියා කළ බවත්ය. පශ්චාත් මරණ පරීක්ෂණයේදි නිලධාරීන් කියා සිටියේ ඔවුන්ගේ සතුරු සොරකම් කර ගත් බවයි. 28 වෙනි දින සිරගෙදර තුළම දෙවැනි මනුෂ්‍ය ඝාතනයද සිදුවිය. එහිදී තවත් සිරකරුවන් 15 දෙනෙකු මිය ගියහ.

ජුලි 26 දින ඇඳිරි නීතිය මුලු දිවයිනටම බලපාන පරිද්දෙන් පනවන ලද්දේ දෙමළ මිනිසුන් ජීවත්වන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් මතුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියා තවදුරටත් පැතිර යාම වැලැක්වීමේ අරමුණෙනි. විශාල හමුදා සහ පොලිස් පිරිසක් මුර සංචාරක කටයුතුවල යෙදීමත් , කැරළිකරුවන්ට එරෙහිව කටයුතු කිරීමත් හේතුවෙන් 26 වන දින හැන්දෑව වන විට කැරළි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය තරමක් දුරට අඩුවිය. යාපනය සිද්ධියෙන් මිය ගිය පිරිසගේ අවසාන කටයුතු ඇදිරි නීතිය පනයා තිබු රාත්‍රී කාලයක සිදු කරන ලදී. කොළඹට පවනවා තිබු දිවා ඇදිරි නීතිය ඊට පසුදින ඉවත් කරන ලදී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන ඉන් පසුවද දින කිහිපයක් යන තෙක් සුලු සිදුවීම් වාර්ථා වුණේ දෙමළ කොටින් (කොටියා එනවා) නගරයට පහර දීමට එනවා යයි ලැබුණු කට කථා ආරංචිවලට ප්‍රතික්‍රියාදැක්වීමක් වශයෙනි.

නැවතත් 29 දින ප්‍රචණ්ඩ ක්‍රියා පැවතුණි. එය ඉතා කෙටි එකක් විය. පොලීසිය ඉන් පසු කළ වෙඩි තැබීමෙන් කැරළි කරුවන්  15 දෙනෙකු මිය ගියහ. අගනුවරට පැය 24 පුරාම ඇදිරි නීතිය පැනවින. නගරයේ පාලනය යථා තත්වයට ගෙන ඒමට ආරක්ෂක හමුදාවට හැකි විය.
කෙන්ට් සහ ඩොලර් ෆාම් ඝාතනය.
කෙන්ට් සහ ඩොලර් ෆාම් ඝාතනයන් L.T.T.E ය  විසින් ශ්‍රී ලංකා යුද්ධයේදී සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීමේ මුල් අවස්ථාවන් වලින් එකකි.  1984  නොවැම්බර් 30 දින ඊසාන දිග ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ කුඩා ගොවිපල ගම්මාන දෙකක මෙම මනුෂ්‍ය සංහාරයක් සිදු විය. ඊසාන දිග ලංකාව දමිළ නිජබිම බවය. එහෙයින් 1980 දී ඔවුන් ජන වර්ග ශුද්ධ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කල බවත් L.T.T.E ය ප්‍රකාශ කර සිටියහ. ලංකාවේ උතුරු නැනෙහිර පළාත් ජන වාර්ගික වශයෙන් පිරිසිදු කිරීම අරඹයා L.T.T.E ය විසින් කරන ලද අප්‍රමාණ ජනතා සංහාරයන්හි ප්‍රතිඵලයක් ලෙස එම පළාත් වල ජීවත් වූ සිංහල හා මුස්ලිම් ජනයාගේ ජීවිත හා දේපළ විනාශ වීමෙන් එම ජනතාව මහත් සේ පීඩා වින්දාහ.

අනුරාධපුරයේ මිනිස් සංහාරය
1985 දී L.T.T.E ය විසින් අනුරාධපුරයේ දී කළ මිනිස් සංහාරයේදී ගැහැණු ළමයින් ඇතුළු 146 දෙනෙක් ඝාතනයට ලක්වූහ. L.T.T.E ය අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම් පලට ඇතුළු වී ස්වයංක්‍රීය ආයුධ වලින් ඉවක් බවක් නැතිව සිදු කළ වෙඩි තැබීම් වලින් බස් රථ එන තෙක් බලාසිටී ස්ථානයේ මහජනතාව මැරුම් කෑහ. සමහරෙක් තුවාල ලැබූහ. මෙම සිදුවීම් සැලසුම් කළේ දෙමළ ජනතාවගේ දරුණු ලෙස පළිගැනීමට සිංහල මහ ජාතිය ප්‍රකෝප කිරීමයි. ඒ තුළින් දෙමළ ජනතාව අතරේ L.T.T.E යේ තත්ත්වය වඩාත් ශක්තිමත් කිරීමේ අදහස ඇතිවයි.

L.T.T.E ය ආසපු යෑමට පළමු ඔව්හු විල්පත්තු ජාතික වනොද්‍යානයට කඩා වැදී එහි සේවය කළ සිංහලයින් 18 දෙනෙක් මරා දැමුහ. 

http://en.wikipedia.org/wiki/Eelam_War_I#Civilian_killings

References 
L.T.T.E.
කැබලි ලිපි
කොකොස් දිවයින්හි කැරැල්ල යනු 1943 මැයි 8වන දින ලාංකික (ශ්‍රී ලාංකික) සෙබලුන් විසින් බ්‍රිතාන්‍ය නිළදාරීන්ට එරෙහිව, දෙවන ලෝක යුද්ධ සමයේ  කොකොස් (කීලිං) දිවයින්  හී ක්‍රියාවට නංවන ලද අසාර්ථක වූ කැරැල්ලකි.

කැරැලිකරුවන් උත්සාහ කළේ දූපතේ බලය අත්පත් කරගෙන දූපතේ බ්‍රිතාන්‍ය බලය අක්‍රිය කිරීමට ය. ඔවුන් දූපත ජපාන අධිරාජ්‍ය වෙත භාර දීමට සැලසුම් කර ඇතැයි ද පැවසේ.  කෙසේ වෙතත් කැරැල්ල සාර්ථකව මර්ධනය කර කැරලිකරුවන් ට දඬුවම් පනවන ලදි. කැරැල්ල ඇරඹූ නායකයන් තිදෙනාට මරණ දන්ඩණය පමුනුවනු ලද අතර, ඒ කැරැල්ලක් හේතුවෙන් දෙවෙනි ලෝක යුද සමයේ මරණයට පත් කරන ලද එකම බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය සෙබලුන් ලෙස ය.

පසුබිම 
1939 සැප්තැම්බර් 2 වැනිදා (නොහොත් බ්‍රිතාන්‍යය නාසි ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට දිනයකට පෙර) ලංකා ආරක්ෂක හමුදාවට (සිලෝන් ඩිෆෙන්ස් ෆෝස් - CDF) අයත් ලංකා ගැරිසන් කාලතුවක්කු (සිලෝන් ගැරිසන් ආටිලරි - CGA), ලංකා සැහැල්ලු පාබල හමුදාව (සිලෝන් ලයිට් ඉන්ෆැන්ට්‍රි - CLI) සහ ලංකා ස්වේඡ්චා වෛද්‍ය බලකාය (සිලෝන් වොලන්ට්‍රි මෙඩිකල් කෝප්ස්) බලමුලු ගන්වන ලදි. මෙයින් සිලෝන් ගැරිසන් ආටිලරි ඒකක අඟල් 6 සහ අඟල් 9 තුවක්කු වලින් සන්නද්ද වූ අතර, ඔවුන්ගෙන් ඒකක කිහිපයක් ද, සැහැල්ලු පාබල හමුදාවෙන් සහ වෛද්‍ය බලකායෙන් කිහිපයක් ද කොකොස් දූපන් වලට පිටත් කර යවන ලදි. මෙම බලකාය සෙබලුන් 75 කින් සමන්විත වූ අතර ඔවුන් කපිතාන් ජෝජ් ගාඩිනර් යටතේ විය. අඟල් හයේ තුවක්කු දෙකක් කොකෝස් දූපත් වලින් එකක් වූ හෝර්ස්බර්ග් දුපතෙ හි පිහිටුවා එහි රජුගේ අෆ්‍රිකානු රයිෆල් ප්ලැටූනයක් රඳවන ලදි. 

බ්‍රිතාන්‍ය ප්‍රින්ස් ඔෆ් වේල්ස් සහ රිපල්ස් යුධ නෞකා ගිල්වීම සහ ඉන් පසු සිංගප්පූරුව වැටීම ත් සමග බ්‍රිතාන්‍යය ට උතුරු ඕස්ට්‍රේලියා සහ නැගෙනහිර ඉන්දියා ප්‍රදේශ ආරක්ෂා කිරීමේ හැකියාව බිඳ වැටුනි. මේ අතර ජපානය ඉන්දියානු සාගරය ඔස්සේ පහරදීමෙන් cruiser නෞකා දෙකක් සහ හර්මීස් ගුවන් යානා වාහක නෞකාව ගිල්වන ලදි. මෙයින් ගිණිකොන පැසිෆික් කලාපයේ මිත්‍ර යුධ ගුවන් යානා සම්පූර්ණ වියවුල් තත්වයට පත්විය. 

මෙවැනි ජපාන සාර්ථකත්වයන් නිසා ලංකාවේ ජනයා ජපානයට වඩාත් අනුග්‍රහයක් දැක්විය. බොහෝ ලංකිකයන් සිතුවේ රටට නිදහස ලබා ගැනීමට ජපානය උදවු කරනු ඇති බවය. මේ කාලයේ, තරුණ ජේ.ආර්. ජයවර්ධන (පසු කලක ජනාධිපති වූ), මේ අරමුණෙන් යුතුව ජපානය සමග සාකච්චා කළත්, යටත්විජිත ආණ්ඩුවට පක්ෂපාති වූ ඩී.එස්. සේනානායක (නිදහසින් පසු පළමු අග්‍රාමාත්‍යය වූ) ඒවා වලක්වන ලදි.

කැරැල්ල 
මැයි 8 වැනිදා රාත්‍රියේ, හෝස්බර්ග් දූපතේ සිටි සිලෝන් ගැරිසන් ආටිලරි හමුදාවේ 56 දෙනාගෙන් 30 දෙනෙක් දූපත ජපානයට අල්ලා දීමට කැරැල්ලක් ආරම්භ කරන ලදි. ඔවුන්ගේ සැලසුම වූයේ අණ දෙන නිළධාරි කපිතාන් ගාඩිනර්, සහ නියෝජ්‍ය අණ දෙන නිලාධරි ලුතිනන් ස්ටීවන්ස් අත් අඩංගුවට ගෙන, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට සහයෝගය දැක්වූ අනෙකුත් සෙබලුන් ද නිරායුධ කර, අඟල් 6 තුවක්කු ඩිරෙක්ෂන් දූපත දෙසට හරවා වෙඩි තැබීම යි. ඒ මාර්තු 3 වැනිදා ක්‍රිස්මස් දූපත අල්ලා ගෙන සිටි ජපන් හමුදාවට සංඥා කිරීම සඳහා ය. 

කෙසේ වෙතත් සියලුම සොල්දාදුවන් අත තිබුනේ දුර්වල ආයුධ විය. සමාරිස් ජයසේකර නම් සෙබලෙක් වෙඩි වැදී මියගිය අතර, ලුතිනන් ස්ටීවන්ස්ට තුවාල විය. කැරලිකරුවන් අත වූ එකම බ්‍රෙන් මැෂින් තුවක්කුව කපිතාන් ගාඩිනර් වෙත එල්ල කරන ඒ මොහොතේම ක්‍රියා විරහිත වුනි. ඉන් පසු කැරලිකරුවන් අඟල් 6 තුවක්කු ඩිරෙක්ෂන් දූපතට හැරවීමට උත්සාහ කළ ද ඉක්මනින් ම බ්‍රිතාන්‍ය පක්ෂපාති සෙබලුන් විසින් මෙල්ල කරන ලදි. 

සමාරිස් ජයසේකර සම්පූර්ණ යුද උපහාර සමග මැයි 10 වැනිදා හෝස්බර්ග් දූපතේදී භූමදානය කරන ලද අතර පසුව සිංගප්පූරුවේ ක්‍රන්ජි යුධ ස්මාරකය අසල නැවත භූමදානය කරන ලදි. කොකොස් දිවයිනේ පැවති යුද අධිකරන විභාගයකින් හත් දෙනෙකුට වැරදිකරුවන් ලෙස මරණ දන්ඩණය පැනවුනු අතර ඉන් සිව් දෙනෙකුගේ දඬුවම සිර දඬුවමකට ලිහිල් කෙරුනි.

කුමන්ත්‍රණ නායකයා වූ ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයන්ගෙන් සමාවක් අයැදීම අවසන් මොහොත තෙක්ම ප්‍රතික්ෂේප කළේය. තමා දේශප්‍රේමියකු බව කියා සිටි ඔහුගේ අවසාන වචන වූයේ "විදේශිකයන්ගේ පයට පෑගී සිටින තාක් කල් රටක දේශප්‍රේමී හැඟීම් නැති කළ නොහැකි යි" යන්න යි. ඔහුව ද, අනෙක් කැරලිකරුවන් දෙදෙනාවද, 1942 අගෝස්තු 5 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදි මරණ දන්ඩනයට ලක් කරන ලදි.

කැරලිකරුවන් 

 බොම්බාර්ඩියර් ග්‍රේෂන් ප්‍රනාන්දු — 1942 අගෝස්තු 5 මරණ දඬුවමට ලක් කරන ලදි
 අවිකරු කාලෝස් ඔගස්ටස් ගෝඩර් — 1942 අගෝස්තු 7 මරණ දඬුවමට ලක් කරන ලදි
 අවිකරු ජී. බෙනී ද සිල්වා — 1942 අගෝස්තු 8 මරණ දඬුවමට ලක් කරන ලදි
 අවිකරු ආර්. එස්. හැමිල්ටන් — මරණ දඬුවම වසර තුනක බරපතල වැඩ ඇති සිර දඬුවමකට ලිහිල් කරන ලදි 
 ලාන්ස් බොම්බාර්ඩියර් කින්ස්ලි ඩබ්.ජේ. ඩයස් — මරණ දඬුවම වසර හතරක බරපතල වැඩ ඇති සිර දඬුවමකට ලිහිල් කරන ලදි
 අවිකරු ඒ. ජෝසප් එල්. පීරිස් — මරණ දඬුවම වසර හතරක බරපතල වැඩ ඇති සිර දඬුවමකට ලිහිල් කරන ලදි
 අවිකරු ගෙරී ඩී. ආනන්දප්පා — මරණ දඬුවම වසර තුනක බරපතල වැඩ ඇති සිර දඬුවමකට ලිහිල් කරන ලදි 
 අවිකරු ඒ. බී. ඇඩෙමා — වසරක සිර දඬුවම
 අවිකරු එම්. ඒ. හොප්මන් — වසර තුනක බරපතල වැඩ ඇතිව සිර දඬුවම
 අවිකරු එෆ්. ජේ. ඩැනියෙල්ස් — වසර හතක බරපතල වැඩ ඇතිව සිර දඬුවම
 අවිකරු කෙනත් ආර්. පොනිට් — වසරක බරපතල වැඩ ඇතිව සිර දඬුවම

මූලාශ්‍ර 

 https://en.wikipedia.org/wiki/Cocos_Islands_mutiny
 Arsecularatne, SN, Sinhalese immigrants in Malaysia & Singapore, 1860-1990: History through recollections, KVG de Silva & Sons, Colombo, 1991
 Crusz, Noel, The Cocos Islands Mutiny, Fremantle Arts Centre Press, Fremantle, WA, 2001
 Muthiah, Wesley and Wanasinghe, Sydney, Britain, World War 2 and the Sama Samajists, Young Socialist Publication, Colombo, 1996


ගජබාහු සමග සටන 

ක්‍රි.ව. 1150 දී පමණ පරාක්‍රමබාහු රජු ඔහුගේ ඉදිරි ගමන ආරම්භ කළේ මලය දේශයේ බලය අල්ලා ගැනීමෙනි. මෙයින් ඔහුගේ නැගෙනහිර ප්‍රදේශයේ ආරක්ෂාව යුධමය වශයෙන් තහවුරු විය. ඉන් පසු ඔහු රජරට මායිමේ ප්‍රධානීන් කීප දෙනෙකුට එරෙහිව බල සේනා මෙහෙය වුයේය. මෙම යුද්ධ ව්‍යාපාරයේ අවසාන පියවර වුයේ ගජබාහුගේ හමුදා පරාජය කිරීමයි. ඉන්පසු දෙපාර්ශවය අතර කෙටි කලකට පමණක් යුද විරාමයක් ඇති විය.

ඉන්පසු ඉතා ඉක්මණින් එදිරිවාදි කම් ඇරඹුණි. ගජබාහු ආරක්ෂාව පතා විදේශ රටවලින් පිහිට පැතුවේය. ඔහු සහ පරාක්‍රම බාහු අතර නැවත ආරවුලක් ඇරඹෙන විට විදේශවලින් පැමිණි මිසදුටු ආගම් අදහන ප්‍රභූන්ද රජරට හමුදාවේ සිටියහ. එහෙත් පරාක්‍රම බාහු රජරටට ආක්‍රමණයක් දියත් කළ නමුත් ඔහු ඊට සෘජුවම සම්බන්ධ නොවීය. එහෙත් එම ආක්‍රමණයට සම්පුර්ණ වශයෙන් වගකිව යුත්තා වුයේ ඔහුය. මෙය කෙදවිලයගේ ලේඛන පදනම් කර ගෙන ක්‍රියාත්මක කළ යුද්ධෝපායකි.

දක්ඛින දේශයේ හමුදා කලා ඔය මෝය අසල පිහිටි චල්ලවලාන නම් බලකොටුවට පහර දී එම බලකොටුව අල්ලා ගෙන ලංකාවේ බටහිර වෙරළ කලාපයේ බලය තහවුරු කරගත්හ. ඉන්පසුව හමුදාව උතුර බලා යාත්‍රා කළහ. අනතුරුව වර්තමාන මන්ෆර් අසල චුත්තකාර නොහොත් චුතුකාර (මුතු - පර) නැමැති ස්ථානයේ ගොඩ බැස්සාහ. මේ අතර ගජබාහුගේ වැව සමීපයේ දී ජ්‍යෙෂ්ඨ සෙනෙවියා වූ ගොකන්න පරාජයන් කීපයක අත්දැකීම් ලැබුවේය. ඔහුට ගජබාහුගෙන් යුද්ධ ආධාර නොහොත් අතිරේක බලසේනා ඉල්ලා ආයාචනා කිරීමට සිදුවිය. මෙම ආධාර ලැබුණ ද මලය දේශයෙන් ලත් සහයෝගයද ඇතිව පරාක්‍රමබාහුගේ සෙන්පති මහින්ද විසින් නැවත වරක් ගෝකන්නව පරාජය කළේය. පරාජය කොතරම් ප්‍රබලද යත් ගෝකන්න ඔහුගේ තනතුර අතහැර පළා ගියේය. ඔහුගේ ඉතිරි හමුදාව කැලයේ බලකොටුවක් ඉදිකළ අතර නැවතත් යුද්ධයට සහභාගී නොවුහ.

ක්‍රි.ව. 1153 වන විට පරාක්‍රමබාහුගේ සේනාවෝ පොළොන්නරුව ජයගැනීමට තරම් සුදුසු තත්ත්වයක සිටියහ. රක්ක සහ කණිෂ්ඨ සෙන්පතියෙකු වු ෂුඛ විසින් ගජබාහු නැවත වරක් නගරය අසල තැනකදී පරාජය කරන ලදී. ඒ සමගම රජරට අගනුවරද අල්ලා ගත්හ. ඔහු විසින් රජුද සෝලගංග සහ වික්‍රමබාහු නම් වු ඔහුගේ පුතුන් දෙදෙනාද සිර ගත කරන ලදහ. පරාක්‍රමබාහු පරාජිතයින් සම්බන්ධයෙන් උදාර ලෙස කටයුතු කළේය. ඔහු පරාජිත රජුට හා නගරවැසියන්ට සැළකිය යුතු ආකාරය ගැන ඔහුගේ සෙන්පතියාට නියෝග පවා පැනවුයේය.
    

"දිස්ත්‍රික් ප්‍රධානීන් සහ සෙසු නිලධාරීන් ජයග්‍රහණයෙන් උදම් වී යටත් රජු (ගජබාහු) මරා දමන්නේ නම් එය යුක්ති සහගත නොවේ. එමෙන්ම ජයගත්තවුන් නගරය මංකොල්ල කන්නේනම් හික්මීමකින් තොරව ජනයා පෙළන්නේ නම් එයද යුක්ති සහගත නොවේ. එබැවින් ඔබ වහාම එහි යායුතුය. නොහික්මුණු පිරිස් මෙල්ල කොට රජු ඔබේ ආරක්ෂාව යටතට ගත යුතුය. නගරයේ ආරක්ෂාව සැලසිය යුතුය."පරාක්‍රමබාහු රජු නියෝග කළේය .

කෙසේ වෙතත් පරාක්‍රමබාහුගේ හමුදා පිරිස් මෙම අණ පිළිපැද්දේ නැතැයි සඳහන් වේ. ඔවුහු පොළොන්නරුවේ නිවාසවලට පැන බඩු භාණ්ඩ කොල්ල කෑහ. රෙදි පෙරදි ආභරණ සොරකම් කළහ.

හමුදා පිරිස් විසින් පොළොන්නරුවේ සිදුකළ කොල්ලකෑම් පරාක්‍රමබාහුට අයහපත් ප්‍රතිඵල උදා කළේය. දක්ඛිණ දේශ හමුදාවේ ක්‍රියාකලාපයෙන් කෝපයට පත් ප්‍රභූන්ද ගජබාහුට පක්ෂ සංවිධානද, ගජබාහුගේ සෙන්පති ගොකන්නද එකතුව, ඒ වනවිට රට මැද සොරබොර සිටි රුහුණේ මනාභරණගෙන් උදව් ඉල්ලා ආයාචනා කළහ. මානාභරණ සහ ගජබාහු අතර සහයෝගිතාවයක් තිබුණු නමුදු යුද්ධය පැවති කාලයේ සිට අවස්ථාව පැමිණෙන තෙක් මානාභරණ අපක්ෂපාතීව සිටියේය. පරාක්‍රම බාහුගේ ජයග්‍රහණයත් සමගම වාගේ ඔහු අර්බුදයට මැදිහත් වු අතර රජරට ආක්‍රමණයට කටයුතු කළේය.

සටහන්
මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුවේ පිහිටි ජලාශයකි. මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38 ක් වන අතර උසින් මීටර් 9.45 කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි. 71.71 වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5 වේ. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07 කි.

මූලාශ්‍ර

භාහිර සබැඳි 

වැවු
මහ වැවු
වැවු - මහා පරාක්‍රමබාහු රජ  විසින් කරවූ
ශ්‍රී ලංකාවේ ජලාශ
වතු දෙමළ කම්කරුව න්ට පුරවැසිභාවය දීම ප්‍රතික්ෂේප කිරීම

බ්රිතාන්ය යටත් විජිත පාලකයින් විසින් 19 වෙනි සහ 20 වන ශත වර්ෂ වලදී ඉන්දියාවෙන් ගෙන  එන ලද වතු කම්කරුව න් ගෙන් යුත් සෑහෙන දෙමළ ජනගහනයක් මධ්යම පලාතේ සිටිති. ඉන්දියන් දෙමළ හෝ වතු දෙමළ යනුවෙන් හදුන්වනු ලබන මොවුහු ප්රධාන වශයෙන් ලංකාවේ තේ වතු වල දැනුදු සේවය කරති. පරම්පරා ගණනක් තිස්සේ ඔවුන් දරිද්රතාවයෙන් පීඩා විදින අතර නොකඩවා පහත් ජිවන තත්වයක් අත් විදිති. එකම භාෂාවක් කතා කරන නමුදු උතුරේ සහ නැගෙනහිර සිටින අනෙක්  දෙමළ ජනතාව , උඩරට දෙමල ජනතාව වෙනම ජන කොට්ඨාශයක් ලෙස සලකා කටයුතු කරති.

1949 දී ඩී.එස්. සේනානායක රජය වතු කම්කරුවන්ට පුරවැසිභාවය නොදීමට  නීතියක් සම්මත කර ගත්තේ ඔවුන් රටක් නැත්තවුන් තත්වය හෙළමිනි.

මෙහි ප්රතිඵලය වුයේ දේශපාන සමතුලිතභාවය දෙමල ජනතාවගෙන් ඈත්වීමයි.  1948 දී නිදහස ලබන විට පාර්ලිමේන්තුවේ 33% ඡන්ද බලය දෙමළ ජනතාවට තිබුණි. වතු දෙමළ ජනතාවට  ඡන්ද බලය අහිමි වීම මත එය එම ප්රමාණය 20% දක්වා අඩුවිය.  සිංහලයනට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගැනීමට හැකිවීමෙන් සිංහල ප්රතිපත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විරෝධය පෑමට දෙමල ජනතාවට තිබුණු ඉඩ ප්රස්ථා අහිමි විය. මෙම අසාමානත්වයට ප්රධාන හේතුව වුයේ සිංහල බහුතරයක් සිටින බහු ආසන මන්ත්රී කොට්ඨාශයකින් දෙමල මන්ත්රීවරයෙකු තෝරා ගැනීමය. බහු ජාතික ආසන ඇති කිරීමට හේතුව වුයේ ඉදිරි ජාතික වාදී ආණ්ඩුවකදී සුදු ජාතීන්ට වැඩි බලයක් ඒම වලක්වනු පිණිසයි.

පුරවැසිභාවය අහිමි කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවී ඉන්පසු බලයට පක්ෂ රාජ්යයන් කීපයක්ම උත්සාහ කළේ වතු දෙමල ජනයා සම්පුර්ණයෙන්ම  රටෙන්  ඉවත් කිරීමටයි. 1962 දී එවකට අගමැති එල්. බී. ශාස්ත්රී සමග ගිවිසුමක් අතසන් කරන ලදී.  දෙවැනි ගිවිසුම ඉන් අවුරුදු 3කට පසුව ඉන්දිරා ගාන්ධි සමග අත්සන්  කෙරිනි. මෙයින් වතු දෙමල ජනතාව 600000 ක් අවුරුදු 15 ක් තුළ ඉන්දියාවට යැවීමටත් 375000කට ශ්රී ලංකා පුරවැසිභාවය දීමටත් එකගතාවයක් ඇති විය. මෙයින් පළමු පිරිස ඇත්ත වශයෙන්ම ඉන්දියාවට නොගිය අතර ශ්රි ලංකාවේ නැවතුනාහ. එහෙත් ඒ ඡන්ද බලයද පිටරටකට යාමේ අවස්ථාවද , සැබෑ ශ්රී ලංකික පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවන් අහිමි කර ගනිමින් 2003 දී ඉතිරිව සිටි උඩරට දෙමල ජනතාවට පුර්ණ පුරවැසිභාවය ප්රදානය කරන ලදී.

References 
http://en.wikipedia.org/wiki/Origins_of_the_Sri_Lankan_civil_war#Denial_of_citizenship_to_estate_Tamils
දුටුගැමුණු  රජුගෙ පාලනය සමය 

දුටුගැමුණු   රජතුමාගේ පාලන සමය ගැන මහා වංශයේ විස්තර වෙයි. පරිච්ජේද 35 ක් වු එහි පරිච්ජේද 6 ක්ම වෙන්කර තිබෙන්නේ දුටු ගැමුණු රජතුමා වෙනුවෙන් ගැමුණු කුමරු දේවානම්පියතිස්සගේ සොයුරු මහානාග ඇතුළු රජරට රජ පෙලපතෙන් පැවත එන්නේ යැයි මහාවංශයේ 22 පරිච්ජේද7යේ විස්තර කර ඇත. ඔහු උපදින අවස්ථාව වන විට ඔහුගේ පියා කාවන් තිස්ස ශ්‍රී ලංකාවේ ගිණි කොණ දිග පෙදෙසේ කුඩා රාජ්‍යයක් වු “රෝහණ” ගේ රජු වුයේය. එය උතුරේ රජරට‍පාලනයෙන් මිදුනේ විය. රජරට සහ රුහුණු රාජ්‍යයන් දෙක වෙන් වුනේ ‘මහා ගංගා’ යනුවෙන් හැදින්වු ගගකිනි. මෙය වර්ථමානයේ මැණික් ගග විය හැක. මහාවංහයේ කාවන්තිස්ස රජු ගැන සදහන් වන්නේ ත්‍රිවිධරත්නය කෙරේ බලවත් විශ්වාසයෙන් සිටි පුද්ගල යෙකු සහ සහෝදර ජනතාවට අවශ්‍ය දේ නොකඩවා සැපයු කෙනෙකු ලෙසිනි.

දුටුගැමුණුගේ මව වුයේ විහාර මහා දේවියයි. ඇය ‘කල්‍යාණි’ රාජ්‍යයේ රජ වු තිස්සගේ දියණියයි. පුරාවෘත්ත වලින් කියවෙන්නේ ‘තිස්ස විසින් බෞද්ධ භික්ෂුවක් මැරවීම නිසා ඊට දඩුවම් වශයෙන් කිහිප වරක් මුහුද ගොඩ ගැලු බවකි. එයින් මිදීම සදහා තිස්ස කළේ ඔහු	ගේ දියණිය වු ‘දේවි’ කුමරිය රන් ඔරුවක නංවා එහි රජුගේ දියණිය යනුවෙන් සටහනක්ද තබා මුහුදට පා කර හැරීමයි. ප්‍රතිහාර්යයකින් මෙන් රජ කුමරිය රුහුණු වෙරළට නිරුපද්‍රිතව පාවී ආවාය. පසුව කාවන් තිස්ස රජු විසින් ඇය විවාහ කරගන්නා ලදී යනුවෙනි. 

විහාර මහාදේවිය දුටුගැමුණු බිහිවීම‍ට සිටියදී ඇයට විශේෂ ආශාවන් කිහිපයක් ඇති විය. (දොළදුක්) එයින් එකක් නම් මී වද වලින් සෑදු  කොට්ටයක් මත සැතපීමයි. අනෙත් විශේෂ කාරණය වුයේ එළ‍ාර රජුගේ හමුදාවේ රණවිරුවකුගේ හිස වෙන් කළ කඩුව සේදු ජලය එම හිස මතම වාඩිවී පානය කිරීමයි. මෙය රාජසභාවේ අනාවැකි කියන වුන්ගේ කුහුල ඇවිස්ස වීමට හේතු විය. “රැජිනගේ පුතා දමිළයන් ජයගෙන රට එක් සේසත් කර බුද්ධාගම බබලවනවා. යනුවෙන් ඔවුහු අනාවැකි කීහ. විහාර මහා දේවිය පුතෙකු වැදුවාය. ඔහු ගාමිනි අභය නම් වුයේය. ටික කලකට පසු ‘තිස්ස’ නම් වු තවත් පුතෙකුද බිහි කළාය.

ගාමිණි බිහි වු කාලයේදීම එක් සද්දන්ත කුලයේ ඇතෙක් උගේ පැටවා එහි ගෙන වුත් දමා යන්නට ගියේය. ඒ ඇත් පැටවා “කන්ඩුල” නම් වු අතර ගැමුණු කුමාරයාගේ සෑම ක්‍රියාවකදීම කුමරු සමග ඌ සිටියේය.

 ඉතිහාසය

ශ්‍රී ලංකාවේ රජවරු
පොළොන්නරු රාජධානිය
ශ්‍රී ලාංකික ජනතාව
සිංහල ජනතාව
ක්‍රි.පූ. 137 මරණ
දුටුගැමුණු අභාවය සහ ඊළග රාජ්‍ය ව්‍යාප්තිය.

අභාවය සහ ඊළග රාජ්‍ය ව්‍යාප්තිය.
දුටුගැමුණු ඔහුගේ ආදරණිය නිර්මාණය වු රුවන් වැලි සෑය නිම කරන තෙක් ජීවත් නොවීය. එහි හුණු බදාම වැඩ නිම වන්නටත් පෙර ඔහු මියගියේය. මහාවංශය ඔහුගේ අභාවය ගැන කීමට සම්පුර්ණ පරිච්ජේදයක් වෙන් කර ඇත. එහි මරණාසන්න රජු දෝල‍ාවක හිදුවා එතෙක් නිම නොකල රුවන්වැලි ස්ථුපය අසලට ගෙන ආ සංවේදී පුවත විස්තර කර තිබේ. එහිදී රජුගේ සගයෙකු වු (ඒ වන විට භෞද්ධ භික්ෂුවක්ව සිටි) ථෙරපුත්ථාභය හමුවිය. මරණය ගැන කෙරුණු සාකච්ඡාවකින් පසු රජු ස්වර්ගස්ථ විය. ඒ වහාම ඔහු තුසිත දෙව් ලොවෙහි පුනරුප්පත්තිය ලැබුවේය.

ඔහුගේ මරණය ගැන තිබෙන සාමාන්‍ය ජන කථාවක සදහන් වන්නේ රජු මිය යාමට ආසන්න අවස්ථාවේ ඔහුගේ සිත සතුටු කිරීම පිණිස රුවන්වැලි සෑයේ වැඩ අවසාන වී ඇතැයි දක්වන ලදී. එලෙස ඒ සැලසුම් වැරදි ගියේය. වැඩ අවසාන කර ඇති චෛත්‍ය තමන්ට පෙන්වන්නැයි රජු ඉල්ලා සිටියේය. ඔහුගේ සහොදරයා වු තිස්ස කළේ සම්පුර්ණ චෛත්‍යයම නිම කර ඇති බව ඇග වෙන්නට සුදු රෙදි වලින් වැසිමයි. වියපත් රජුගේ ඇස් පෙනීම දුර්වලව තිබු බැවින් එහි වෙනසක් ඔහු නොදුටුවේය. ථුපයේ වැඩ අවසාන යැයි යන සිතුවිල්ලෙන් යුතුව ඔහු මිය ගියේය.

ඔහුගේ මරණයෙන් අනතුරුව ඒ වන විට රාජ්‍ය අහිමි කර තිබු සාලිය  කුමාරයා නොව රජුගේ සහෝදරයා වු සද්දා තිස්ස රජතුමා පත්විය.

දුටුගැමුණු රජු සමහර විට මුළු ලංකාවටම තම අණසකට ගෙන එක්සේසත් කල පළමු වැන්නාවිය හැක. මහා වංශයේ වෙනත් අරමුණක් වුයේ ඔහුගේ කථාව සමග ඔහුට ‘මහාවංශයේ විරගා’ යන විරුදාවලිය ලබා දීමයි. ඔහුගේ පුරාවෘත්ත ප්‍රතිරෑප සිංහල පුරා කථා සංග්‍රහ වල ඇති බවට පෙනේ.

රජරට සිංහල බෞද්ධ සිංහල රාජ්‍යයේ ස්වර්ණමය යුගයක් ලෙස දුටුගැමුණු යුගය දැකිය හැක. අනුරාධපුරයේ රජු වශයෙන් ඔහු රාජ්‍ය උරුම කම් නොකී විදේශීය රජෙකු (යහපත් රජෙකු වුවුත්) නෙරපා දැම්මා පමණක් නොව බෞද්ධ ආයතන සංවර්ධනය කිරීම පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් ඇති විශාල ගොඩනැගිලි තැනීම සම්බන්ධ යෙනුත් වගකිව යුත්තා විය. රුවන්වැලි සෑය හා මිරිස වැටිය වැනි නිමැවුම් රාශියක් අදද පුජනීය ස්ථාන ලෙසින් සැලකුම් ලබයි. 

ශ්‍රී ලංකා නාවික හමුදාවට නැව් දෙකක් තිබේ. ඒ SLNS එළාර සහ SLNS රුහුණු යනුවෙනි. දුටුගැමුණු පාලන සමය සම්බන්ධ කරමින් ඒ නම් තබා ඇත.

 ඉතිහාසය
දෙවැනි උඩරට යුද්ධය ආසන්න සමයේ ඉන්දියන් උප මහාද්වීප‍යේ  ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම වාගේ බ්‍රිතාන්‍ය පාලනයට නතු වූ බව පෙනුණි. උඩරට රාජ්‍යය අභ්‍යන්තර කඳුකරය ට සීමා වී පැවතුනේය. 

පළමු උඩරට යුද්ධය අවසානයේ හා දෙවැන්න අතර වූ අවුරුදු 10 ක කාලය තුළ සිදු වීම් කෙසේද කියතොත් දෙවැනි යුද්ධයේ ස්වරූපය පළමුවැන්නට වඩා සෑහෙන වෙනසක් ගත්තේය. 1805 දී බ්‍රිතාන්‍යයට උඩරට සතුරු රදළවරු රාශියක් සමග මත ගැටුම් ඇති කර ගැනීමට සිදු වූ  නමුදු 1815 එම රදළවරුම උඩරටට පැමිණෙන ලෙස බ්‍රිතාන්‍යයින්ට ඇරයුම් කොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කිරීමට උදව් ද කළහ.

එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර මේට්ලන්ඩ් මහා පරිමාණ වශයෙන් නීතිමය හා සාමාජයීය වශයෙන් ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍ය බලය ආරක්ෂා කිරීමට හා වැඩි කිරීම උදෙසාය. දූෂණ තුරන් කිරීම සඳහා සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීමද, කුල නීතිය පදනම් කර ගත් ලාංකික මහාධිකරණයක් ආරම්භ කිරීම ද ඊට ඇතුළත් විය. ලන්දේසි පල්ලිවලට තිබුණු වරප්‍රසාද නැති වූ අතර කතෝලික ප්‍රජාවට ඡන්ද බලය හිමි විය. මේට්ලන්ඩ් බෞද්ධ අධිකාරී බලයට රහසින් පීඩා කළ අතර යුරෝපීයයන්ට අක්කර 4000 ක බිම් කොටස් දෙන බව පැවසීමෙන්  ඔවුන් දිවයිනට අද්දවා ගැනීම අපේක්ෂා කළේය. ඔහුගෙන් පසු පැමිණි රොබට් බ්‍රවුන්රිග් ද මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේය.

1807 දී සාදා නිම කරන ලද නුවර වැවෙහි අලංකාරය හැරෙන්නට එම ව්‍යාපෘතිය ජනතා ප්‍රසාදයට ලක් නොවීය. ඊට හේතු වූයේ එයින් ප්‍රායෝගික වශයෙන් සේවයක් සිදු නොවීමයි. සාම්ප්‍රදායික වශයෙන් එවැනි විශාල වාරි කර්මාන්ත තැනවීමේ ප්‍රධාන අරමුණ වූයේ කුඹුරුවලට ජලය සැපයීම වුවත් මැද සෙංකඩගල කුඹුරු තිබුනේ නැත. 1810 දී රජු විසින් පිළිමතලාවේ දරමින් සිටි ප්‍රධාන ඇමති ධූරයෙන් ඉවත් කරන ලදී. ඊළඟ වසරේ පිළිමතලාවේ කැරළි ගැසුවේය. නුවර ප්‍රධානීන් බියටපත්කරමින් ඔහු මරණයට පත් කරනු ලැබුවේය. රජු තවදුරටත් බලවත් බෞද්ධ සංස්ථා සතු ධනය හා ඉඩම් බලහත්කාරයෙන් ලබා ගෙන අන් සතු කළේය. මේ කාලය මුළුල්ලේ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකු වූ ජෝන් ඩොයිලි සිංහල රදළවරු කීප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වා ගෙන ගියේය. ඔව්හු නායක රජ පෙළපතකට වඩා බ්‍රිතාන්‍ය පාලනය වඩා හොඳ යයි සිතූහ.

 ඉතිහාසය

ශ්‍රී ලංකාව සම්බන්ධ යුද්ධ
එක්සත් රාජධානිය සම්බන්ධ යුද්ධ
උඩරට ඉතිහාසය
උඩරට රාජධානිය
19වන සියවසෙහි ගැටුම්
පසුව රජවුවද සපුමල් කුමාරයා ලෙස බොහෝවිට හැඳින්වෙන රජ නැතහොත් (1480 දී මිය ගිය) VI වෙනි බුවනෙකබාහු රජ (ඔහුම පිළිගත් පරිදි) හයවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් හදාවඩා ගත් පුතෙකි.

ඔහුගේ ප්‍රධාන අවශ්‍යතාවය වී තිබුණේ 1447 දී හෝ 1450 දී යාපනය යටත් කර ගැනීමයි. ඔහු 17 වසරක් යාපනය පාලනය කළේය. ඔහු හදා ගත් පියා වූ පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු ඔහුට දකුණට එන ලෙස දන්වන්නට ඇත. ප්‍රධාන මූලාශ්‍රයක් වූ රාජාවලියට අනුව ඔහු 6 වැනි පරාක්‍රමබාහුගේ මුණුබුරා වූ වීර පරාක්‍රමබාහු නොහොත් ජයබාහු (1468-1470) ඝාතනය කළේය. එහෙත් ඩූ කූතෝ (Do Couto) කියන්නේ අවුරුදු කිපයකින් පසු රජු මිය ගිය බවයි. ඔහු එසේ කියා ඇත්තේ ඔහුට ඉතා හොඳින් තොරතුරු ලැබීමෙන් පසුවය.ඉන් පසු සිහි විකල පුතෙකු සිහසුණෙහි හිඳුවන ලද්දේ ඔහුගේ නැන්දණියක විසිණි. පාලනය ගෙන යා නොහැකි බව අවුරුදු දෙකකට පසු ඇයට වැටහී යාමෙන් පසු සපුමල් කුමාරයාට යාපනයෙන් පැමිණෙන ලෙස ඕ දන්වා යැව්වාය.

ළමා විය
චෙම්බගප් පෙරුමාල් ලෙස හෝ අරිය වෙට්ටෙයියදුම් පෙරුමාල් යන්න උපතින් ලබාදුන් නම සේ සැලකේ.

යාපනය රාජධානිය ආක්‍රමණය කිරීම 
යාපනය ජය ගැනීම පියවර කිහිපයකින් සිදු විය. පළමුවෙන්ම වන්නි ප්‍රදේශයේ වන්නිමෛයි වන්නියාර් ප්‍රධානීන් විසින් කප්පම් ගෙවීම බල රහිත කරනු ලැබීය. මෙයින් පසු ආක්‍රමණ දෙකක් ක්‍රියාත්මක විය. පළමු ආක්‍රමණය සාර්ථක නොවීය. 1450 දී සිදු වූ දෙවැනි ආක්‍රමණය අවසානයේදී සාර්ථක විය. මෙම ආක්‍රමණ ක්‍රියාවලිය වර්තමාන දකුණු ඉන්දියාවේ අද්‍රියම්පෙට් දක්වා පුළුල් වූ බව පෙනෙන්නට තිබේ. වැලන්ටයින්ට අනුව මෙහිදී කුරුඳු ගෙන ගිය ලාංකික නැවක් අත්පත් කර ගන්නා ලදී. තින්නවෙල් හි අරිකේශරී පරාක්‍රම පාණ්ඩ්‍යගේ තෙන්කයි තෙන් ලේඛනයේ මෙම යුද්ධ ගැන සඳහන් කරන්නට ඇත. එය ක්‍රි.ව. 1449-50 සහ ක්‍රි.ව. 1453-4 අතර සිදු වූවක් ලෙස පෙන්වා දී ඇත. කනකසූරිය සින්ගයි අරියන් නම් ආර්යචක්‍රවර්තී රජු දකුණු ඉන්දියාවට පලා ගියේ ඔහුගේ පවුල සමගිනි.

මෙම ජයග්‍රහණයන් සිංහල විද්වතුන් හා දේශපාලන නායකයන්ගේ සිත තුළ ඉතා වැදගත් මතක සටහන් තබන්නට ඇත. මුල්ගිරිගල විහාරයේ, ඉරුගල්තිලක පිරිවෙණෙහි නායක භික්ෂූණ් වහන්සේ විසින් රචිත කෝකිල සංදේශයේ සපුමල් කුමාරයාගේ කීර්තිය වර්ණනා කෙරේ. එම ග්‍රන්ථයෙන් දෙවිනුවර සිට උතුරේ නල්ලූර් දක්වා රට හරහා කෙරෙන කෝකිලයාගේ ගමන් විස්තරයෙන් රට ගැන සමකාලීන තොරතුරු විස්තර කෙරේ. (නල්ලූර් යනු ලස්සන නගරය යන්නයි) "ආදරණීය කොවුලාණෙනි, පියාසලා යන්න යාපා පටුන දක්වා (වර්තමාන යාපනය) අපේ සපුමල් කුමාරයා ආර්යචක්‍රවර්තී පලවා හැර ඔහුගේ යුද්ධ ශක්තිය තහවුරු කර ඇත. ඔහුට මෙම පණිවුඩය දෙන්න"

"ආර්යචක්‍රවර්තී ඔහුගේ කීර්තිය රඳවා ගෙන සිටියේ හිරුගේ දීප්තිය මෙනි. ඔහුගේ බල දහ අට රට පුරා පවත්වාගෙන ගියේය. එවිට ඔහුගේ හදවතට දුක පැමිණියේය. ඔහු ඔහුගේ රාජ්‍ය අතහැර මුහුදින් එතෙරට පළා ගියේය"

කෝට්ටේ කුමාරයාගේ ආපසු පැමිණීම තොටගමුවේ රාහුල හිමියන් සැළලිහිණි සන්දේශයේ විස්තර කරන්නේ මේ අයුරිනි.

"සපුමල් කුමරු යාපා පටුන ජයගත් වීරයා එන අයුරු බලව මිත්‍රය"

දෙමළ මූලාශ්‍රවල ඔහු ගැන සඳහන් වන්නේ චෙම්බහ පෙරුමාල් ලෙස සහ අරිය වෙට්ටෙයියදුම් පෙරුමාල් යනුවෙනි.

කෝට්ටේ රාජධානියේ නැගීම
සපුමල් කුමාරයා, 6 වැනි බුවනෙක බාහු නමින් කොට්ටේ රජ විය. (ක්‍රි.ව 1472-1480) ක්‍රි. ව 1476 දී ශ‍්‍රී ලංකාව ආගමික වශයෙන් අත්කර ගැනීම සඳහා ජේගු රටින් නියෝජිතයන් පිරිසක් පැමිණි අවස්ථාවේදී රටේ විශාල කැරැල්ලක් ඇතිවූ බව කියැවේ. මොහු සිංහාසනාරූඪව සිටි කාලය වසර 7 ක් බව පුරාවෘත වල සදහන් වේ. එහෙත් දැදිගම ශිලා ලිපිය දානම් කර ඇත්තේ ඔහුගේ නව වන වසරේදීය. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයා වන හත් වැනි පණ්ඩිත බාහු රජ විය.

ආරම්භය - මතවාද හා අවසානය
රජුගේ ජනවාර්ගික මූලය සහ ඔහුගේ පාලනයට එරෙහිව කැරැල්ලක් ඇති වීම පිළිබදව බොහෝ කල්පිතයන් තිබේ. ජෝන් හොල්ට් (John Holt) ට අනුව රජු අයත් වන්නේ දිවයිනේ නැගෙන හිර ප්‍රදේශයේ දෙමළ ජන වර්ගයාටයි. වෙනත් මුලාශ්‍ර කියන්නේ ඔහු මලබාර් ප්‍රදේශයෙන් පැමිණන්නට ඇතැයි යනුවෙන් යාපනයේ නල්ලුර් කන්ද සාමි කොවිල සහ තවත් කොවිල්ද දකුණේ තවත් විහාරද සෑදීම සම්බන්ධයෙන් ඔහු සම්මානයට පාත්‍ර වුණි. ඔහුට එරෙහිව පැන නැගුණු කැරැල්ල පිටස්තරයෙකුට සිංහල ජනවර්ගයා දැක්වු ප්‍රතික්‍රියාවක් ලෙස සැලකිය හැක.
1963 දෙසැම්බර් 01 වන දා උපත ලැබු අර්ජුන රණතුංග ආරම්භක අවදියේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු අතර වර්තමානය වන විට දේශපාලනඥයෙකු වෙයි.ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රිඩාව ආශ්‍රිත කටයුතු පාලනය කරන ප්‍රධාන ආයතනය වන  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වශයෙන්ද හෙතෙම කටයුතු කර ඇත.
අර්ජුන රණතුංග උපත ලැබුයේ කොළඹින් සැතපුම් 20 ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබෙන ගම්පහ නගරයේදී වේ. ඔහු සහ ඔහුගේ සොහොයුරන් ඔවුන්ගේ මව ගුරුවරයෙකු ලෙස සේවය කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. අර්ජුනගේ ක්‍රිකට් ජීවිතය පාසල ඇසුරින් ආරම්භ වු අතර එහි වර්ධනය ද පාසල ආශ්‍රිතවම සිදු විය. ඔහු තම පාසලෙහි කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අතර ආනන්ද විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වසර දෙකක් ඔහු විසින් දරණ ලදී. 

වමත් පිතිකරුවෙකු සහ ප්‍රයෝජනවත් දකුණත් මදවේග පන්දු යවන්නෙකු වන අර්ජුණ 1981 වසරේදී තම ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරඟයට සහභාගි වු අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් විය. මින් වසරක් පසු ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මංගල ටෙස්ට් තරඟයට සහභාගි වීමේ අවස්ථාව හිමිකරගන්නා අතර එම තරගයේදී ශ්‍රී ලංකාව සදහා වාර්තා වු පළමු අර්ධ ශතකය ද ඔහු විසින් වාර්ථා කරන ලදී. 

කාලයත් සමග 1988 වසරේදී රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වු අතර එතැන් පටන් වසර 11 ක කාලයක් නායකත්වය දරමින් තම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්තකම අවධිය කරා ගෙන ගියේය. ඔහු ඉතා දක්ෂ උපායශීලි ක්‍රිඩකයෙකු ලෙසත් හැම විටම තම සහෝදර ක්‍රීඩකයින් ආරක්ෂා කර ගන්නා නායකයෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත්විය. 

රණතුංගගේ ශරීර ප්‍රමාණය ද තරමක විශාල එකක් විය. වරෙක ඉහළ ආර්ධතාවයෙන් යුත් දිනක පැවැත් වුණු ක්‍රිකට් තරඟයක් අතරතුර ඔහු තමාගේ කොහේ‍දෝ උළුක්කු (‍‍‍”claiming to have sprained something”) වී යැයි පවසමින් කඩුළු අතර දිවීම සදහා සහයෙකු ක්‍රීඩකයෙකු ගෙන්වීමට අවසර ඉල්ලීය.  ඒ අවස්ථාවේදී ප්‍රතිවාදි පිලේ (ඔස්ට්‍රේලියානු ක්‍රීඩක) කඩුළු රකින ඉයන්හීලි ඊට එරෙහි වෙමින් ශරීරක යෝග්‍යතාවයෙන් තොර මහත පුද්ගලයෙකු (an overweight, unfit, fat cunt) වු පමණින් කඩුළු අතර දිවීම සදහා සහයෙකු ක්‍රිඩකයෙකු ගෙන්වීමට ඉඩදිය නොහැකි බව පැවසීය. (ඔහු භාවිතා කළ වචන අසභ්‍ය වේයැයි සැලකිය හැක) ඔහුගේ මෙම ප්‍රකාශය කඩුළු අතර සවිකර ඇති මයික්‍රෆෝන තුළින් සජීවි රූපවාහිණි තරඟ ප්‍රචාරය ඔස්සේ විකාශය විය. තමාගේ ශාරීරික තත්ත්වය හේතුවෙන් දිගු ඉනිම් අතර තුර කඩුලු අතර දීවීම සදහා සහයක ක්‍රීඩකයන් ගෙන්වීම පිළිබද ඔහු තරමක ප්‍රසිද්ධියක් ඉසිලීය. 1995 / 96 තරඟවාරය අවසාන භාගය තුළදී ඔස්ට්‍රේලියාවේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසාන තරඟයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් හට අතට අත නොදෙන ලෙස රණතුංග තම ක්‍රීඩකයන් හට උපදෙස් දුන් බව කියැවේ. 

තවද රණතුංග එංගලන්තයට එරෙහිව පැවති එක්දින තරඟයක් අතරතුර ඔස්ට්‍රේලියානු විනිසුරු රෝස් එමර්සන්ට එරෙහි වීම මතකයේ රැදෙන තවත් සිදුවීමක් වෙයි. මෙම තරඟය අතරතුරදී අදාල විනිසුරුවරයා මුත්තයියා මුරලි දරන් පන්දුව දමා ගසන බවට චෝදනා කරන ලදී. (පසුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සේවයේ යෙදු ජෛව යාන්ත්‍ර විද්‍යාව විශේෂඥයන් විසින් මුරලි දරන් මෙම චෝදනාවෙන් නිදහස් කරන ලදී. මෙම අවස්ථාවේදී රණතුංග සහ අදාල විනිසුරුවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වු අතර අනතුරුව රණතුංග තම කණ්ඩායම 4 සීමාවට ආසන්න ස්ථානයකට රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය රණතුංග සමග අදහස් හුවමාරු කරගන්නා තෙක් තරඟය ඇන හිටින ලදී. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල කණ්ඩායමක් ලෙස සැලකුණු නමුත් 1996 වසරේ ලෝක ශුරතා ක්‍රිකට් තරඟාවලිය තුල දී රණතුංගගේ නායකත්වය යටතේ වඩාත් ශක්තිමත්ම කණ්ඩායම ලෙස සැලකුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාවදිනා ගැනීමත් සමග මෙම මතය සම්පුර්ණයෙන් වෙනස් විය. රණතුංග මෙම ජයග්‍රහණය සදහා පිතිකරුවෙකු සහ නායකයෙකු ලෙස විශාල කාර්යය භාර්යයක් ඉටුකල අතර මේත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවදුරටත් ලඝුකොට තැකීම සිදු නොවේ. 

ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියක අවසාන් තරඟයේදී තම කණ්ඩායම සදහා ජයග්‍රාහි ලකුණ රැස්කළ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසද රණතුංග සැලකිය හැක. අනෙක් ක්‍රිඩකයා වන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැරන් ලීමන් වේ. (මීට හේතුව ලෝක ශුරතා අවසන් තරඟයකදී ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ කණ්ඩායම් දෙකක් පමණක් වීම නිසයි.) 

තවත් විශේෂත්වයක් වන්නේ රණතුංග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දැඩි ලෙස විවේචනය කිරීමයි. ඒ අතරින් ද ඔහු සහ ෂේන් වෝන් අතර පැවති උණුසුම් කාරි තත්ත්වය විශේෂ වෙයි. 

1999 වසරේදී ලෝක ශුරතා තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වු දුර්වලතා හේතුවෙන් රණතුංගට න‍ායකත්වය අහිමි වු නමුත් එම වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රිඩකයන් ලෙස නම් කෙරුණු ක්‍රීඩජකයන් 5 දෙනා අතරට ඔහුද අයත් විය. රණතුංග 2001 වසරේදී ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගන්නා ලදී. 

ඔහු චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දැරූ පොදුජන එක්සත් පෙරමුණ ඔස්සේ දේශපාලනයට පිවිසි අතර පසුව ඔහු නියෝජ්‍ය සංචාරක ඇමති පදවියට පත්විය.මේවන විට වරාය හා නාවික අමාත්‍ය දූරයේ කටයුතු කරමින් සිටී.

මෙයද බලන්න
 ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්

ආශ්‍රිත

මූලාශ්‍ර 

 http://www.parliament.lk/si/component/members/viewMember/218/?Itemid=

ක්‍රිකට් ක්‍රීඩකයෝ
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ 
චරිත කතා
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ
ශ්‍රී ලංකා දේශපාලනය
1963 උපත්
බේස් බෝල් ක්‍රීඩා තරඟයක් පළමු වරට ගුවනින් විසිරුවා හරින ලද්දේ 1921 අගෝස්තු 5වන දින පෙනිසිල්වෙනියාවේ පීටර්ස්බර්ග්හි ෆොර්බ්ස් ෆීල්ඩ් ක්‍රිඩාංගනයේ පැවති තරඟයක් KDKA වෙස්ටන් හවුස් ගුවන්විදුලිය මඟිනි. පීටර්ස්බර්ග් පීරේට්ස් හා පිලඩෙල්පියා පිලීස් කණ්ඩායම් දෙක අතර තර‍්‍ඟයේ පැට් වීල්ස් විසින් විස්තර ප්‍රචාරය කරන ලදී. 1939 සැප්තැම්බර් මාසයේ දී පළමු වරට ෆෝඩ්හැම් (Fordham) හා වෙයින්ස්බර්ග් (Waynesburg) පාසල් අතර ඇමරික්න පාපන්දු තරඟ‍යක් රූපවාහිනිය මඟින් විසිරුවා හරින ලදී. NBC ය පළමු වරට රූපවාහිනී ආවරණයක් පළමුවරට ජාතික පාපන්දු තරඟාවලියක් සඳහා ලබා දුනි. මෙහිදී ඔවුන් ආවරණය කළේ ෆිලඩෙල්පියා ඊගල් සහ බෲක්ලින් ඩොජර්ස් කණ්ඩායම් දෙක අතර 1939 ඔක්තෝම්බර් 23 වන දින පැවැත්වූ තරඟයකි. 1958 පැවති NFL  ශූරතාවලියෙන් පසු MFL හි ගුවන් විදුලි අයිතිය වැදගත්ය.

Monday Night Football , NFL on FOX, සහ NBC Sunday Night Football මඟින් ඇමරිකන් පාපන්දු ගුවන් මඟින් විසුරුවා හැරීමේ හැඩ ගලයෙහි මෙන්ම Super Bowl වැඩ සටහන් විස්තරයෙහි ද වෙනසක් ඇති කරන ලද්දේ එය හවස විකාශනය බවට පරිවර්තනය කරමිනි.

References 
http://en.wikipedia.org/wiki/Broadcasting_of_sports_events#History
20 – 20 ක්‍රිකට් තරඟ ක්‍රිකට්වල එක් කාණ්ඩයකි. මුලින්ම මෙය හඳුන්වා දුන්නේ එංගලන්තයේ දී වෘත්තීය ක්‍රිකට් ක්‍රිඩකයන් අතර රට තුළ දීම පවත්වන , ක්‍රිකට් තරඟයක් වශයෙනි. ප්‍රථම වතාවට , 2003 වර්ෂයේ දී එංගලන්තය සහ වෙල්ස් ක්‍රිකට් මණ්ඩලය අතර පළමු තරඟය පවත්වන ලදී. කණ්ඩායම් 2ටම එක තරඟ වාරයක් ලෙස උපරිම වශයෙන් ඕවර 20 ක් පන්දුවට පහර දීමට මෙහි දී අවස්ථාව ලබා දුණි.
20 – 20 තරඟ වාරයක් සම්පූර්ණ කිරීම සඳහා පැය තුනක පමණ කාලයක් ගත විය. එක් ඉනිමක ක්‍රියා කිරීමට මිනිත්තු 75 ක් පමණ කාලයක් ගත කරනුයේ එය අනෙකුත් ප්‍රසිද්ධ කණ්ඩායම් ක්‍රීඩා, එනම් පාපන්දු වැනි ක්‍රීඩාවකට ගතවන කාලයට කිට්ටු කාලයක් ලබා දීම සඳහාය.
මෙය හඳුන්වාදීම මඟින් ක්‍රීඩාවේ ජවය ඇති කර පිටියේ සහ රූපවාහිනියේ මෙය නරඹන්නන්ගේ සිත් ඇද තබා ගැනීමට සමත් වීම මඟින් මෙය ජයග්‍රාහීභාවයට පත්ව ඇත. එංගලන්ත මණ්ඩලය අදහස් කරන ආකාරයට වෙනත් කිසිම ක්‍රීඩාවක් 20 – 20. ක්‍රිකට් තරඟ සඳහා ස්ථානගත කළ හැකි නොවන බවයි. එම නිසා මෙම ක්‍රීඩාව දිගටම පවතිනු ඇති බව සිතිය හැක.
මෙම ක්‍රීඩාව ක්‍රිකට් ලෝකය පුරා පැතිරී පවතී. බොහෝ අන්තර්ජාතික ක්‍රිකට් චාරිකාවල 20 -2 20 ක්‍රිකට් තරඟ පැවැත්වේ. එලෙසම බොහෝ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් ගෘහස්ත ක්‍රීඩා තරඟ ලෙස මෙය පවත්වයි. පළමු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පවත්වන ලද 20 – 20 තරඟයක් 2007 වර්ෂයේ දී පැවැත්වූයේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟයි. එම තරඟයේ අවසන් තරඟයේ දී පකිස්ථානය පරාජයට පත් කරන ලදී.

References 
http://en.wikipedia.org/wiki/Twenty20
මෙම ලිපියෙහි අන්තර්ගත වන්නේ දස ප්‍රයාම ඉසව්ව ලෙස හැඳින්වෙන ක්‍රීඩා තරඟය පිළිබඳවයි. මෙම ඉසව්ව හැඳින්වීමට භාවිතා කෙරෙන ඉංග්‍රීසි පදය වූ ‍Decathlon යන නමින්ම හැඳින්වෙන ක්‍රීඩා උපකරණ අලෙවිසැල් සමූහය පිළිබඳ තොරතුරු Decathlon Group නම් ලිපියෙහි අන්තර්ගත වන අතර එම නමින්ම හැඳින්වෙන ගුවන් යානාව පිළිබඳ තොරතුරු American Champion Decathlon නම් ලිපියෙහි අන්තර්ගත වේ. මෙම නමින්ම යුතු ඇමරිකානු අධ්‍යාපන තරඟාවලිය පිළිබඳ තොරතුරු Academic Decathlon නම් ලිපියෙහි අන්තර්ගත වේ. 

දස ප්‍රයාම ඉසව්ව යනු ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් 10ක් එක් කිරීමෙන් නිර්මාණය කෙ‍රුණු මලල ක්‍රීඩා ඉසව්වකි. මෙම ඉසව්ව එක ළඟ දින 2ක් තුළ පැවැත්වෙන අතර තරඟයෙහි දිනුම පැරදුම සියළු ඉසව්වන්හි දක්වන ලද දක්ෂතා ඇසුරෙන් නිර්ණය කෙරේ. එක් එක් තරඟය සඳහා දක්ෂතාවය නිර්ණය කෙරෙනුයේ ලකුණු සංඛ්‍යාවක් මත වේ. මෙම ඉසව්ව පිරිමින් සඳහා විශේෂිත වූවක් වන අතර කාන්තාවන් සඳහා පැවැත්වෙන ඉසව් සත්ප්‍රයාම නම් වේ. 

සාම්ප්‍රදායිකව ලොව දක්ෂතම ක්‍රීඩකයා සඳහා හිමි සම්මානය දස ප්‍රයාම ඉසව්ව ජයගන්නා ක්‍රීඩකයාට හිමි වේ යැයි සැලකේ. මෙම සම්ප්‍රදාය ආරම්භ වූයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වසර 1912 දී පැවති ඔලිම්පික් තරඟාවලිය අවසානයේ දී දස ප්‍රයාම ඉසව්වේ ජයග්‍රාහකයා වූ ජිම් තෝප් හට ස්වීඩනයේ රජු වූ පස්වැනි ගුස්ටාව් රජතුමා “You, sir, are the world’s greatest athlete” ලෙස පැවසීමත් සමඟයි. ඔහුගේ ප්‍රකාශයේ අරුත වූයේ “මහත්මයානෙනි ඔබ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා වේ” යන්නයි. වර්තමානයේ මෙම ඉසව්වෙහි ජයග්‍රාහකයා වන්නේ චෙක් ජාතික රොමෑන් සෙබ්‍රීල් වේ. පසුගිය වසර 7ක කාලය තුළ පස්වතාවක් ඔහු මෙම තරඟයෙහි ජයග්‍රාහකයා වූ අතර ක්‍රීඩකයකු විසින් වාර්තා කරන ලද උපරිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව ද ඔහු සතුය. 

දස ප්‍රයාම ඉසව්ව පුද්ගලයකුගේ වේගය, ශක්තිය, දක්ෂතාවය, දරා ගැනීමේ හැකියාව සහ පෞරුෂත්වය පරීක්ෂා කිරීම සඳහා මලල ක්‍රීඩා ඉසව් සමූහයක් එක් කොට නිර්මාණය කරන ලද ඉසව්වක් වේ. මෙම ඉසව්ව හැඳින්වීම සඳහා යෙදෙන ඉංග්‍රීසි පදය Decathlon නම් වන අතර එහි සම්භවය ග්‍රීක භාෂාව ආශ්‍රිතව සිදු වී යැයි සැලකිය හැක. ග්‍රීක බසින් deka යන්නෙහි අරුත 10 නම් වන අතර athlon යන්නෙහි අරුත තරඟය යන්නයි. මෙම ඉසව්ව සඳහා යාබද දින දෙකක් තුළ ක්‍රියාවට නැංවෙන 10ක් පැවැත්වෙන අතර මින් එක් එක් දිනයක් තුළ ඉසව් 5ක් බැඟින් පැවැත්වේ. පළමු දිනයෙහි දී මීටර් 100 දිවීම, දුර පැනීම, යගුලිය විසි කිරීම, උස පැනීම සහ මීටර් 400 දිවීම යන ඉසව් පැවැත්වේ. මේ අනුව පළමු දිනයේ දී වේගවත් චලන හැකියාව, ක්ෂණික ජවය සහ පැනීමේ හැකියාව යන දක්ෂතා පරීක්ෂා කෙරේ. දෙවැනි දිනයේ දී මීටර් 110 කඩුළු මතින් දිවීම, කවපෙත්ත විසි කිරීම, රිටි පැනීම, හෙල්ල විසි කිරීම සහ මීටර් 1500 දිවීම යන ඉසව් පැවැත්වේ. දෙවැනි දිනයෙහි දී පරීක්ෂා කෙරෙනුයේ තාක්ෂණික දක්ෂතාවය සහ දරා ගැනීමේ හැකියාවයි.

References 

http://en.wikipedia.org/wiki/Decathlon

මලල ක්‍රීඩා
දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන (ඉංග්‍රීසි Denagamage Praboth Mahela de Silva Jayawardene උපත: 1977 මැයි මස 27 වැනිදා) නොහොත් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයයෙකි.ඔහු විශේෂඥ දකුණත් පිතිකරුවෙකි. මහේල ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිද වෙයි.

ජයවර්ධන 1997 දී ටෙස්ට් හා එක්දින වරම් ලැබුවේය.2006 දී ඔහු ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කල වැඩි ම ලකුණු සංඛ්‍යාව වන 374 දකුණු අප්‍රිකාවට එරෙහිව මව්බිමෙදී ලබා ගන්නා ලදී. ඔහුට 50ට ඉතාමත් ආසන්න ටෙස්ට් සාමාන්‍යයක් (49.84) හා 30ට  වැඩි (32.90) එක්දින සාමාන්‍යයක් ඇත. ටෙස්ට් ලකුණු 10,000 හා 11,000 සීමාව පසු කල පලමු ශ්‍රී ලාංකිකයා ද ඔහු වේ.ඔහුගේ අඩු ලකුණු සාමාන්‍යය නොසලකා හැරියොත් ඔහුගේ ම කණ්ඩායම් සගයෙකු වන කුමාර් සංගාක්කාර සමග මැතකදී ශ්‍රී ලාංකාවෙන් බිහි වූ හොදම පිතිකරුවෙකු වේ.ඔහු එක් දින ජාත්‍යන්තර තරඟ වලදී කුමාර් සංගක්කාර හා සනත් ජයසූරිය හැරුණු විට  ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10,000 ක් ලබා ගත් තෙවැනි පිතිකරු වේ.

2006 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වසරේ හොඳම නායකයා ලෙස ඔහුව නම් කරන ලදී. එමෙන්ම 2007 දී වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහුව නම් කරන ලදී. ඔහු යාර 30 රේඛාව තුල සිටින හොඳ පන්දු රකින්නෙක් බව 2005 දී Cricinfo.com වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වේ. එහි සඳහන් වන පරිදි 1999 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව එක්දින තරඟ වලදී වැඩිම දුවද්දී දවා ගැනීම් ලබාගත් පන්දු රකින්නා වේ.ලකුණු පුවරුවේ සදහන් c. Jayawardene b. Muralitharan යන්න ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුලභම පන්දු යවන්නෙක් සහ පන්දු රකින්නෙක් අතර ඇති සම්බන්ධතාවය බව වර්තාවලින් සනාත වේ.

2009 මාර්තු මස සිට අප්‍රේල් මස දක්වා පාකිස්තානය සමග පැවැත්වුණු ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයවර්ධන විසින් මෙහෙයවන ලදී. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතී ටෙස්ට් තරඟාවලිය නිම වීමෙන් පසුව මෙම තරඟාවලිය පවත්වන ලදී. තරඟාවලියේ පළමුවන තරඟය ජය පරාජයකින් තොරව අවසාන විය. ජයවර්ධන එහිදී ද්විත්ව ශතකයක් වාර්තා කලද දෙවන ටෙස්ට් තරඟයෙන් පසුව ඔහු සිටියේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමටය. දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන විට තිලාන් සමරවීරගේ ද්විත්ව ශතකය හා තිලකරත්න දිල්ෂාන්ගේ ශතකයත් සමග ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ස්ථානයක සිටියේය. තරඟයේ තෙවැනි දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැගෙන ගඩාෆි ක්‍රීඩාංගනයට ගමන කරමින් තිබූ බස් රථයට වෙස් මුහුණු දමාගත් තුවක්කුකරුවන් 12 දෙනෙකු විසින් වෙඩිතබන ලදී. එයින් ජයවර්ධන  ඇතුළු තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හය දෙනෙකුට තුවාල විය. බස් රථය ආරක්ෂා කල පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු එයින් මියගියහ.ඔහු ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කෝචි ටස්කර්ස් කේරල කණ්ඩායමේ නායකත්වය දරයි.2011 ලෝක කුසලානය පරාජයෙන් පසු උප නායකත්වයෙන් ද ඉල්ලා අස් වූ අතර නැවතත්  දැඩි කතාබහට ලක් වු ටි.එම්. ඩිල්ෂාන් ගේ නායකත්වය නිමා වු පසු නායකයා ලෙස පත් කරන ලදී.ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කෝචි ටස්කර්ස් කේරල පිලේ නායකත්වය දැරිය. වර්තමානයේ ඔහු දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ උප නායකත්වය දරයි.

පෙර දේශීය  ක්‍රිකට් ජීවිතය

ජයවර්ධන අධ්‍යාපනය ලැබුවේ කොලඹ නාලන්ද  විද්‍යාලයේය. ඔහු එහිදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉගෙනගත්තේය. ඔහු ඔහුගේ දක්ෂතා ටිකෙන් ටිකේ වර්ධනය කරමින් පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත්විය. 1994 වසරේදී ඔහු දෙවැනි හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගන්නා ලදී. 1994 මහේල කොලඹ නාලන්ද  විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය.

ඔහු සිංහල ක්‍රීඩා සමාජයට 1995 සිට ක්‍රීඩා කරන ලදී. 2008 ඉංග්‍රීසි ප්‍රාන්ත ක්‍රිකට් වාරයේ අග භාගයේදී ඩර්බිෂයර් කණ්ඩායමට විදේශ ක්‍රීඩකයෙක් ලෙසට ගිවිසුම් අත්සන් කලේය. කෙසේ නමුත් ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ට සහභාගි වීම නිසා ඩර්බිෂයර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි විය .

ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය

මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ 69 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකය වේ. ජයවර්ධනගේ පළමුවැනි ටෙස්ට් තරඟය වුයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති වාර්තාගත ටෙස්ට් තරඟයේදීය.එහිදී ඔහු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 66ක් රැස් කරගන්නා ලදී. ඔහු එම තරඟයේදී ක්‍රීඩා පිටියට පැමිණියේ ඊට පෙර ටෙස්ට් තරඟයකදී කණ්ඩායමක් රැස් කරගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවත් ඉක්මවා ගිය පසුවය. ඉන්පසුව ඔහු නවසීලන්තයට හා ඉන්දියාවට එරෙහිව පිළිවෙලින් ලකුණු 167ක් සහ ලකුණු 242ක් රැස් කරගන්න ලදී.

ජයවර්ධන තම පළමු ජාත්‍යන්තර එක්දින තරඟය ලෙස 1998 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනදී ක්‍රීඩා කරන ලදී. ජයවර්ධන ගේ ජයග්‍රාහී ලකුණත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කරන ලදී. ඉන්පසුව පැවති තරඟයෙන් ඔහු ලකුණු 77ක් රැස් කරගන්න ලදී. ඔහුගේ පළමුවැනි එක්දින ශතකය  වාර්තා කිරීමට ගතවූයේ තරඟ 11 ක් පමණි.එම 11 වැනි තරගය වූයේ ඕස්ට්‍රේලියානු තුන්කොන් (සී.බී) තරගාවලියේ එංගලන්තය ට එරෙහි ව ඇඩිලේඩ් හි පැවති තරගයයි.එම තරගයේදි ජයවර්ධනට ක්‍රීඩා කිරිමට සිදු වුයේ ශ්‍රි ලංකා කණ්ඩයමේ ලකුණු  134ට  කඩුලු 4ක් බිද වැටි තවත් ලකුණු 120ක් අවශ්‍ය කල අසීරු මොහොතකය. විනිසුරු රොස් එමර්සන් විසින් මුත්තයියා මුරලිදරන් හට පන්දුව දමා ගැසිමේ චෝදනා එල්ල කරන ලද්දේ ද මෙම තරගයේදි ය.මෙම සිදුවිමෙන් පසු තරගය අතරතුරදි එවකට නායක අර්ජුන රණතුංග තරගය නවත්වා විනිසුරු තීරණයට විරෝධය පා තම කණ්ඩායම 4 සීමාවෙන් පිටතට ‍රැගෙන යන ලදී.

හිටපු නායක මාවන් අතපත්තු ආබාධයකට ලක් වීම හේතුවෙන් 2005 එංගලන්ත සංචාරයේ නායකත්වය ජයවර්ධන ට හිමි විය. ටෙස්ට් තරගාවලිය 1-1 ලෙස ජය පරාජයෙන් තොරව ද, එක්දින තරගවලිය 5-0  ලෙස අතිවිශිෂ්ට අන්දමින් නිමා කිරිමට ද ඔහුට හැකි විය.

2006 දී දකුණු අප්‍රිකාවට එරෙහි ප්‍රථම ටෙස්ට් තරගයේදි කුමාර් සංගාක්කාර සමග ලෝක වාර්තාවක් පිහි‍ටු වීමට ජයවර්ධන ට හැකි විය.එය ටෙස්ට් තරග ඉතිහාසයේ ඕනැම කඩුල්ලක් සදහා වැඩිම සබදතාවයයි (624 තුන්වැනි කඩුල්ල සදහා).එහිදි ඔහු විසින් මීට පෙර තිලාන් සමරවීර සමග ලකුණු 262 ක  ශ්‍රි ලංකා කණ්ඩායමේ තුන්වැනි කඩුල්ල සදහා තැබු හොදම වාර්තාව ද අභිබවා ගියේ ය.එමෙන් ම ඔවුන් නවසීලන්ත කණ්ඩායමේ මාර්ටින් ක්‍රෝව් සහ ඇන්ඩෲ ජෝන්ස් තැබු ලකුණු 467 ක වාර්තාව ද තමන් සතු කර ගන්නා ලදී. 

ශ්‍රී ලාංකික ක්‍රිකට් නායකයෙකු වාර්තා කල ප්‍රථම ත්‍රිත්ව ශතකය වාර්තා කිරිමට ජයවර්ධන ට හැකි විය. එම ලකුණු 374  ඔහු ලබා ගත්තේ 4 පහර 43ක් සහ එක් 6 පහරක් සමගින් පන්දු 572 කදී ය.
එය දකුණත් පිතිකරුවෙකු විසින් වාර්තා කල වැඩිම  පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වන අතර  ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම හතර වැනි පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වේ.එහිදි ඔහු ශ්‍රී ලාංකිකයෙකු විසින් වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව වූ සනත් ජයසූරිය ගේ ලකුණු 370  (1997 දී ඉන්දියාව ට එරෙහිව) වාර්තාව ද බිද දමන ලදී.

ඔහු 2007 දී වසරේ විස්ඩන් ක්‍රීඩකයා ලෙස තේරි පත් විය.තවද ජයවර්ධන 2007 ලෝක කුසලානයේදී ශතකයක් හා අර්ධ ශතක 4ක් සමගින් මැතිව් හේඩ්න් ට පමණක් දෙවැනි වෙමින් වැඩිම ලකුණු ‍රැස් කල ක්‍රීඩකයා බවට පත් විය. ඔහුගේ ශතකය නවසීලන්තය ට එරෙහිව පැවති අවසාන පූර්ව තරගයේ ජයග්‍රහණයට හේතු විය. අවසාන මහා තරගයේදී ඕස්ට්‍රේලියාව ට  පරාජය වී 2007 ලෝක අනු ශූරයන් බවට පත් වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඔහු සියලුම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වලට එරෙහිව ශතක ලබා ගෙන ඇත.ඔහු මෙම වාර්තාව තැබුවේ 2009 පෙබරවාරි 21 දින පාකිස්තානයේ කරච්චි නුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව ප්‍රථම ශතකය  ලබා ගැනිමෙනි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පලමු වරට පිරිනැමු " වසරේ හොදම නායකයා " යන සම්මානය ඔහුට ලැබිණි. තවද  2006 "වසරේ එක්දින කණ්ඩායමේ" නායකයා වීම , 2007 දී "වසරේ ක්‍රිකට් ජීව ගුණය ‍රැදි කණ්ඩායමේ " නායකයා වීම , 2007 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා වීම , ශ්‍රී ලාංකීකයෙකු ලැබු වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලැබීම වැනි සිදුවීම් වලට දායක වීමට මහේල ට හැකියාව ලැබුණි.

2010  අයි.පී.එල් තරගාවලිය අතරතුර කොල්කටා නයිට් රයිඩර්ස් සමග පැවති තරගයකදී ලකුණු 201 ක හඹා යෑමට පෙර ඉනිම ඇරඹීමට තිබු කැමැත්තට නායක කුමාර් සංගක්කාර වෙතින් අවසර ලැබු පසු ජයවර්ධන පන්දු 59කින් අතිවිශිෂ්ට ලකුණු 101 ලබා තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් විය. මෙයින් කුමාර් සංගක්කාර ඔහුව කිංග්ස් 11 පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක පිතිකරු බවට පත් කලේ ය. එහිදි ඔහුට නිරපරාදයේ වුවත් ලකුණු 44ක් රාජස්තාන් රෝයල්ස් පිලට  එරෙහිව හා 93* ඩෙකෑන් චා(ර්)ජර්ස් පිලට එරෙහිව ලෙස දර්ශනීය පිති හරඹයක යෙදීමට හැකි විය. ලකුණු 43.9 සාමාන්‍යයක් තරගාවලිය අවසානයෙදී රදවා ගැනිමට ඔහුට හැකි විය. ඔහු තරගාවලියේ 6 වෙනි වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

කුමාර සංගක්කාර නායකත්වය දැරු සමයේ පැවති 2010 අයි.සි.සි. පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේදී ද ඔහු ආරම්භක පිතිකරු කාර්යය සිදු කලේ ය. නවසීලන්තයට එරෙහි පලමු තරගයේදි ඔහුට පන්දු 51කින් ලකුනු 81ක් ‍රැස් කර ගැනිමට හැකි විය. ඔහුගේ දැවි යාමෙන් පසු පිතිකරු ලැයිස්තුවේ  කඩා වැටීම හේතුවෙන් මුළු ලකුණු සංඛ්‍යාව 135කට සීමා වීම නිසා ඔහුගේ ‍රැස් කල ලකුණු සංඛ්‍යාව අපතේ යැවිමක් විය .කෙසේ වූවත් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ඊළග තරගයේ දී ඔහුගේ පන්දු 64කින් ලබා ගත් ශතකය නිසා ලකුණු 173 ක මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා තරගය ජය ගැනීමට හැකි විය.
ඔහු ජාත්‍යන්තර ඕවර 20 තරගයක ශතයකයක් වාර්තා කල ලොව 4 වැනි ක්‍රීඩකයා සහ පලමු ශ්‍රී ලාංකිකයා වේ.

පෞද්ගලික ජීවිතය

මහේල ජයවර්ධන, 1977 දී සුනිලා සහ සෙනරත් ජයවර්ධනට දාව කොළඹ දී උපත ලැබීය. ඔහුට දිශාල් නම් වූ එක් බාල සහෝදරයෙක් සිටි අතර, ඔහු වයස 16 දී මොළයේ පිළකාවකින් මිය ගියේය. මෙය මහේලට මානසිකව බලපැම් ඇති කළ අතර, ඒ නිසා ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම ද ටික කාලයකට නතර විය. අවසානයේ දී ඔහුගේ දෙමව්පියන් හා කණ්ඩායම් මිතුරන් විසින් ඔහුට නැවත ඉදිරියට යාමට සහ වෘත්තිය ගොඩ නඟා ගැනීමට ධෛර්යමත් කරන ලදී.
ඔහු ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමඟ විවාහ වී සිටී. ඇය සංචාරක උප‍දේශිකාවකි. ක්‍රීඩාවට අමරතව, ඔහු විසින් “Hope” පිළිකා ව්‍යාපෘතිය සඳහා ලබා දෙන දායකත්වය බොහෝ ප්‍රශංසාවට ලක්වී ඇත. දිශාල්ගේ මතකයන් ද සිතෙහි දරා සිටන ඔහු “Hope” ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩසටහන් ප්‍රවර්ධකයා බවට පත්වී සිටී. වර්තමානයේදී, ඔහු සිය කණ්ඩායම් මිතුරන්ගේ ද සහයෝගය ඇතිව මහරගම පිළිකා රෝහලෙහි ඇඳන් 750කින් යුත් පිළිකා ඒකකයක් ඉදි කිරීමට අදිටන් කර ගෙන සිටී. මෙම රෝහල ලංකාවේ පිළිකා සඳහා වෙන් වුණු එකම රෝහල වේ.

ක්‍රීඩක දත්ත

එක් එක් ප්‍රතිවාදීන්ට එරෙහිව ටෙස්ට් ක්‍රීඩා කිරිම. 

As of 5 December 2010:

තරගාවලියේ වීරයා (ටේස්ට්) සම්මානය ලැබීම.

චරිත කතා
ශ්‍රී ලාංකිකයෝ
සිංහලයෝ
ආදි නාලන්දියයෝ
ක්‍රිකට් ක්‍රීඩකයෝ
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ
1977 උපත්
මේරියන් ලුසි ජෝන්ස් (මේරියන් ජෝන්ස් තොම්සන් නමින්ද හැඳින්වේ) 1975 ඔක්තෝම්බර් මස 12 වෙනි දින කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලිස් හීදි උපත ලැබුවාය. ඇය මීට පෙර ජවන හා පිටිය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ලෝක ශූරිය වූවාය. 2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි පැවැත්වුනු ගිම්හාන ඔලිම්පික් උළලේදි පදක්කම් පහක් දිනා ගත්තාය. එහෙත් ඉන් පසු තහනම් උත්තේජක ඖෂධ ලබා ගත් බව පිළිගැනීම නිසා 2000 වර්ෂයේ සිට ඒ දක්වා ඇය ලබා ගෙන තිබු  පදක්කම් සියල්ල ආපසු භාර දීමට ඇයට සිදු විය. 

2000 සිඩ්නි ගිම්හාන ඔලිම්පික් තරඟාවලියට පෙර ඇය තහනම් උත්තේජක ලබා ගත් බව 2007 ඔක්තෝම්බර් මාසයේදි ඇය පිලිගත්තාය. එමෙන්ම මේ සම්බන්ධයෙන් පුවත් පත් වලට, නොයෙක් ක්‍රීඩා නියෝජිත ආයතන වලට, සහ විනිශ්චය සභාවන් දෙකකටද බොරු කී බවද පිළිගත්තාය. මෙම පිළිගැනීම් වල ප්‍රතිඵලයක් වූයේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවුරුදු දෙකක කාල සීමාවකට පැනවූ තහනම ඇයට පිළිගන්නට සිදු වීමයි. එසේම තමන් එම තරඟ වලින් ඉවත් වන බවද 2007 ඔක්තෝම්බර් 05 වැනි දින ප්‍රකාශයට පත් කළාය. 2001 සැප්තැම්බර් මස 1 වැනි දිනට පසු තරඟ දිනීමෙන් ලබා ගත් සියලු ප්‍රතිඵල වලට ඇය නුසුදුසු බවත් එදිනෙන් පසු ඇය විසින් ලබා ගත් සියලු පදක්කම්, ලකුණු හා ත්‍යාගයන් ඇයට අහිමි වන බවත් එක්සත් ජනපද මත් ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (US Anti Doping Agency) ප්‍රකාශ කළේය. 2007 ඔක්තෝම්බර් 05 දින ඇය ෆෙඩරල් නියෝජිතයින්ට බොරු කීමේ වරදට වැරදිකාරිය බව එක්සත් ජනපද දිසා අධිකරණයේදි පිළිගත්තේය. 2008 ජනවාරි 11 ඇයට මාස 6 ක සිර දඬුවමක් නියම කරන ලදි. 
	
ඇය විසින් මෙම චෝදනාවන්ට වරද පිළිගන්නා කාලය වන විට බැල්කෝ පරීක්ෂණ වලට සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයින් කීප දෙනාගෙන් කෙනෙකු විය. හරියටම දින 41 ට පසු මේජර් ලීග් බේස් බොල් ක්‍රීඩකයෙකු වූ බැරි බොන්ඩ්ස්ට එරෙහිව විනිශ්චයට බාධා කිරිම සම්බන්ධයෙන් වූ එක් චෝදනාවකටද ඔහුගේම ප්‍රකාශයෙන් වැරදි බවට පිළිගැනීම සම්බන්ධ තවත් චෝදනා හතරකටද නඩු පවරන ලදි.

නීති විරෝධි (තහනම් උත්තේජක) ඖෂධ භාවිතය
මේරියන් ජෝන්ස්ගේ සම්පූර්ණ ක්‍රීඩා දිවිය පුරාම, ඇගේ උසස් පාසැලේදි පවා තහනම් උත්තේජක ඖෂධ ගත් බවට ඇයට චෝදනා එල්ල වුනේය. ඇතැම් විට ඇය එසේ කළා වන්නට ඇත. නැතහොත් ඒ සම්බන්ධයෙන් ඇගේ නම කෙසේ හෝ සඳහන් වූ අවස්ථා ඇත. මෙම චෝදනාව ජවන හා පිටිය මලල ක්‍රීඩා වල යෙදෙන ක්‍රීඩකයින්ට බොහෝ විට  නැගෙන චෝදනාවකි. 2007 දක්වා ඇය පුරුද්දක් වශයෙන් හැකි සෑම ආකාරයකින්ම සහ සෑම අවස්ථාවකදීම මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළාය. ඇයගේ ආරක්ෂාවට ඇය නිතරම කියු කරුණක් නම්, ඇය කිසිදු දිනෙක තහනම් ඖෂධ පිළිබඳ පරීක්ෂණ වලදි වැරදි කාරියක නොවුනු බවයි. මෙම චෝදනා සම්බන්ධයෙන් 2002 දී කඩාකප්පල් වූ සී.ජේ.හන්ටර් සමග තිබුනු ඇ‍ගේ විවාහය කෙරේ දොස් පැවරුවාය. 2000 ඔලිම්පික් තරඟ වලට කලින් හන්ටර් සිව් වතාවක් තහනම් ඖෂධ පිළිබඳ පරීක්ෂණ වලදි වැරදිකරු වී තිබුනේය. මෙය තහනම් ඖෂධ වලින් තොර ඇගේ ප්‍රතිරූපයට හානි පමුණුවන්නක් විය. 1990 වර්ෂයේ මුලදි ඇයගේ උසස් පාසැලේ පැවැත්වුණු තහනම් මත් ද්‍රව්‍ය පිළිබඳ හදිසි පරීක්ෂණයක් ඇය විසින් මග හරින ලදි. එම අවස්ථාවේදි ඇරඹුනු කටකථා සහ චෝදනා ඔලිම්පික් තරඟ දෙකක් සහ ශූරතාවලි කීපයක් දක්වා ඇදි ගියේය. (එම පරීක්ෂණ පිළිබඳ තමන් දැනුවත් නොකළ බව ජෝන්ස් කියා සිටියාය. ඇයගේ නීතිඥ ජොනි කොච්රන් ජවන හා පිටිය තරඟ වලට පනවා තිබු සිව් අවුරුදු තහනමද පරීක්ෂණය මග හැරීමට පනවා තිබු දඬුවමද ඉවත් කර ගත්තේය) කෙසේ වෙතත් කටකථා වලින් හා චෝදනාවන්ගෙන් ධෛර්යට පත් වුනු පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් දෙපාර්ශවයම සමග පුහුණු වීමට යොදා ගත් ජෝන්ස්ගේ තෝරා ගැනීමේ ක්‍රමයක් ඉතා ඉක්මණින් ආරම්භ විය.

1975 උපත්
ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
මයිකල් ෂූමාකර් (1969 ජනවාරි 3 වැනිදා ජර්මනියේ හුක් හර්මුයිහයිඩ් හිදී උපත ලැබීය) හිටපු "ෆෝමියුලා වන්" ධාවකයෙක් වන අතර, ඔහු හත් වතාවක්ම ලෝක ශූරයා බවට ද පත්විය. නිල ෆෝමියුලා එක, වෙබ් අඩවියට අනුව ඔහු, “සංඛ්‍යාලේඛණාත්මකව ක්‍රීඩාව තුළ මෙතෙක් දැක ඇති විශිෂ්ටතම ධාවකයා” ලෙස සටහන් වේ. ඔහු ෆෝමියුලා එක ලෝක ශූරතාව දිනා ඇති ප්‍රථම ජර්මානු ජාතිකයා වන අතර ෆෝමියුලා එක ජර්මනියේ ජනප්‍රිය කරවීමේ ගෞරවය ද ඔහුට හිමිවේ. 2006 වර්ෂයේ දී කරන ලද FIA  සමීක්ෂණයේ දී, මයිකල් ෂූමාකර් ෆෝමියුලා එක රසිකයන් අතර වඩාත්ම ජනප්‍රිය ධාවකයා ලෙස ඡන්ද ලබා තිබුණි.

බෙනීටන් සමඟ ශූරතා 2ක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, ෂූමාකර් 1996 දී ෆෙරාරි කණ්ඩායම වෙත මාරු වූ අතර, එහිදී වර්ෂ 2000 සිට 2004 කාලය තුළ ධාවක නාමයන් 5ක් අනුපිළිවෙලින් දිනා ගත්තේය. ෂූමාකර් ෆෝමියුලා එක අංශයේ බොහෝ තරඟ වාර්තා පිහිටුවා ඇත. ඒ අතරට වැඩිම ධාවක ශූරතාවය, තරඟ ජයග්‍රහණ, වැඩිම වේග වටරවුම්, පෝල් ස්ථාන, එකතු කර ගත් ලකුණු සහ තනි වාරයක දී වැඩිම තරඟ ජයග්‍රහණ ඇතුළත් වේ. සම්පූර්ණ පෝඩියම් අවසාන ලබා ගත් ප්‍රථම සහ එකම ෆෝමියුලා එක ධාවකයා ෂූමාකර් වේ (2002). ඔහුගේ ධාවනය සමහර අවස්ථාවල දී මත භේදයට තුඩු දුන්නේය. ඔහු දෙවරක් ගැටුම්වලට පත් වූ අතර එමඟින් ලෝක ශූරතාවයේ ප්‍රතිඵලය ද තීරණය විය. 1997 ලෝක ශූරතාවයේ දී ජේක්ස් විලනෙව් සමඟ වූ ගැටුමක් නිසා ඔහු තරඟයෙන් ඉවත් කෙරිණි.

2006 වර්ෂයේ ෆෝමියුලා එක තරඟවටය අවසන් වීමෙන් පසුව ෂුමාකර් රේස් ධාවනයෙන් විශ්‍රාම ගත්තේය.

ක්‍රීඩාවට අමතරව ෂූමාකර් UNESCO සංවිධානයේ තනාපතිවරයකු හා රියදුරු ආරක්ෂාව සඳහා කතා නියෝජිතයකු ලෙස කටයුතු කරයි. ඔහු ජීවිත කාලය පුරා විවිධ මානුෂීය ක්‍රියාකාරකම්හි නිරතව සිටින්නෙකි. ඔහු ලන්දේසි Tourenwagen Masters රියදුරු රැල්ෆ් ෂූමාකර්ගේ වැඩිමහල් සහෝදරයාය.

ඔහු දැනට 2008 ෂුඩරියා ෆෙරාරි F1 කණ්ඩායම සඳහා උපදේශකවරයෙක් හා විශේෂ පරීක්ෂක රියදුරෙකු ලෙස කටයුතු කරයි.

1969 උපත්
දැල්පන්දු ක්‍රීඩාව,

ක්‍රීඩකයින් එකිනෙකා අතර කායික ස්පර්ශ සබඳතාවක් නොදක්වන පැසිපන්දු ක්‍රීඩාවට සමානකම් දක්වන හා එමගින් වර්ධනය වු සාමාන්‍යයෙන් ගෘහස්ථ වශයෙන් සැලකෙන ක්‍රීඩාවකි. මෙය සාමාන්‍යයෙන් කාන්තා ක්‍රීඩාවක් ලෙස සලකනු ලැබේ.1891 දී ඇමරිකාවේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ උපදේශකයෙකු වන ආචාර්ය ජේම්ස් නේස්මිත් විසින් "කාන්තා බාස්කට්බෝල්" නමින් මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.  මෙය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යන රටවල ප්‍රධාන කාන්තා කණ්ඩායම් ක්‍රීඩාව බවට පත්වී ඇති අතර (නැරඹුම් ක්‍රීඩාවක් ලෙස හා සහභාගී ක්‍රීඩාවක් ලෙස) බටහිර ඉන්දිය දූපත් ,ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානියෙහි ඉතා ජනප්‍රිය වී ඇත. මෙය ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේ ජෙනී ග්‍රීන් මහත්මිය වේ.

ක්‍රීඩා
පෙට්‍රොස් “පීට්” සම්ප්‍රාස් (1971 අගෝස්තු 12වන දින උපත ලැබීය) ග්‍රීක සම්භවයකින් යුත් ලෝකයේ හිටපු අංක ‍එකේ ඇමරිකානු ජාතික ටෙනිස් ක්‍රීඩකයෙකි. ඔහුගේ අවුරුදු 15ක ක්‍රීඩා ඉතිහාසයේ දී, ඔහු විසින් තරඟ 52 දී ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි තනි ශූරතා 14ක් ජයග්‍රහණය කර වාර්තාවක් තබා ඇත. සම්ප්‍රාස් එක දිගට අවුරුදු 6ක්ම ලෝකයේ අංක ‍ලෙස ATP වාර්තාවන්හි ඇතුළත් වූ අතර, මෙය “ඕපන් ඊරා” සඳහා වාර්තාවක් වන අතර සම 3වන ස්ථානය ලබා ගත්තේය. සැම්ප්‍රාස් විම්බ්ලිඩන් තනි ශූරතාවය සත් වාරයක් ජයග්‍රහණය කළ අතර, එය විලියම් රෙන්ෂෝ සමඟ පිහිටුවා ඇති වාර්තාවකි. ඔහු එක්සත් රාජධානි විවෘත තරඟයේදී ද තනි ශූරතා 5ක් ජයග්‍රහණය කළ අතර, එය ජිමි කොනර්ස් සමඟ පිහිටුවා ඇති “ඕපන්ඊරා” වාර්තාවකි. බඩ් කොලින්ස් විසින්, සම්ප්‍රාස් මෙතෙක් විසූ හොඳම පිරිමි ටෙනිස් ක්‍රීඩකයන් 5 දෙනා අතුරෙන් එක් අයකු ලෙස නම් කර ඇත. එමෙන්ම ටෙනිස් සඟරාව විසින් ඔහු 1965 සිට 2005 කාල වකවානුව අතරතුර සිටි විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සඳහන් කර ඇත. 2007 ජුලි මස 17 වන දින, සම්ප්‍රාස් “සුප්‍රසිද්ධ ජාත්‍යන්තර ටෙනිස් කමිටුව” (International Tennis Hall of Fame) ඇතුළත් කර ගන්නා ලදී.

මූලාශ්‍ර

ටෙනිස් ක්‍රීඩකයන්
1971 උපත්
ප්‍රේක්ෂක ක්‍රිඩා තරඟ යනු අදාල ක්‍රීඩා තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයන් හෙවත් නරඹන්නන් සහභාගි වීම මගින් ලාක්ෂණික වන ක්‍රීඩාවන් වෙයි. උදාහරණයක් ලෙස අයිස් හොකී, බාස්කට් බෝල්, බේස් බෝල් සහ පාපන්දු වැනි ක්‍රිඩාවන් ප්‍රේක්ෂක ක්‍රිඩාවන් වන අතර දඩයමේ යෙදීම සහ දිය යට හොකී වැනි ක්‍රිඩාවන් ප්‍රේක්ෂක ක්‍රීඩාවන්ට අයත් නොවෙයි. ප්‍රේක්ෂක ක්‍රීඩාවන් වෘත්තිය හෝ ආධුනික මට්ටමින් ක්‍රියාත්මක විය හැක. ඒවා සහභාගිත්වය විශේෂ වන ක්‍රිඩා අතරින් වෙනස් වෙයි. ඒවැනි ක්‍රිඩාවන් සාමාන්‍යයෙන් විනෝදය සදහා තමන්ම නිරත වන ක්‍රිඩාවන් වෙයි. ගොල්ෆ් මෙම වර්ග දෙකෙන් ඕනෑම එකක් යටතේ වර්ගීකරණය කළ හැක. 

ප්‍රේක්ෂක ක්‍රිඩා සදහා ප්‍රේක්ෂකයන්ට තරඟය හෝ ඉසව්ව නැරඹිය හැකි ආකාරයේ ස්ථානයන් අවශ්‍ය වෙයි. තව ද  ප්‍රේක්ෂකයන්ට ක්‍රිඩා තරඟයක මාධ්‍ය විකාශයක් නැරඹීමෙන් හෝ එවැන්නකට සවන් දීමෙන් තරඟය පිළිබද තොරතුරු ලබාගත හැක. තව ද ප්‍රේක්ෂක ක්‍රිඩා තරඟ වල ප්‍රතිඵලයන් විවිධ පුවත් වැඩ සටහන් වල සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ද ප්‍රකාශයට පත් වෙයි. තරඟයට ලකුණු තත්ත්වය සහ උච්ච අවස්ථාවන් හැරුණු විට මෙවන් වාර්තාවක අදාල තරගය පිළිබද විශ්ලේෂණයක් ද අන්තර්ගත විය හැක.

ප්‍රේක්ෂක ක්‍රිඩා තරඟ වල භාවිත වන යෙදුම්
Birging (බර්ජින්): මෙනමින් හැදින්වෙනුයේ කිසියම් කණ්ඩායමකට සහය දක්වන ප්‍රේක්ෂකයෙකු “තම” කණ්ඩායමේ  සාර්ථකත්වය පිළිබද ඇති වන හැඟීම් මගින් තම ආත්ම අභිමානය ඉහළ නංවා ගැනීමයි. 
Corfing (කෝෆින්) : මේ නමින් හැදින්වෙනුයේ කිසියම් ක්‍රිඩා කණ්ඩායමක ප්‍රේක්ෂකයන් තම කණ්ඩායමේ පරාජය විදදරා ගන්නා ආකාරයයි.මෙහිදි යම් හෙයකින් තමා සහය දක්වන කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ප්‍රේක්ෂකයන් “අපි දින්නෙමු” යැයි ප්‍රකාශ කරන අතර තමුන් සහය දක්වන කණ්ඩායම පරාජයට පත් වු විට “ඒ කණ්ඩායම පැරදුනා” යැයි ප්‍රකාශ කරති. 
කණ්ඩායම් වලට බෙදීම : තමුන් සහ අනෙකුත් පුද්ගලයින් සහය දක්වන කණ්ඩායම අනුව වර්ගීකරණය කොට ගැනීමේ හැකියාවයි.
'දිනීම සියලුම දේ නොවේ. එය එකම දෙයයි' මෙම කියමන ක්‍රීඩාවේදි ප්‍රචලිත කියමනකි. මෙම කියමන ඇමෙරිකන් ක්‍රීඩාව තුල ප්‍රචලිත වී තිබෙන, බාධා නැති තරඟ කිරීම් වලට උදාහරණයක් යයි ඇතැමෙක් කල්පනා කරති. දිනීමේ වැදගත්කම අදහස් වන එම ප්‍රකාශය ඇමරිකන් ක්‍රීඩාවේ පිළිගැනිම් තුල මූලික ප්‍රතිපත්තියක් ලෙස තැරැව් කෙරෙමින් පවති. ඒ සමගම තරඟකාරී ක්‍රීඩාවන්හි නියම අරමුණ විය යුත්තේ කුමක්දැයි කැටිකොට පෙන්වා දෙයි. 
	මෙම මතය ඉතා ප්‍රසිද්ධ මනෝභාවයකට අත්වැලක් ලෙස උපයෝගී කර ගෙන තිබේ. ඒ ක්‍රීඩා ලේඛක ග්රැන්ට්ලන්ඩ් රයිස් විසිනි. ඔහු කියන්නේ "එය ඔබ දිනීම හා පැරදීම ගැන නොවේ. ඔබ ක්‍රීඩා කළේ කෙසේද" යනුවෙනි. එපමණක් නොව වර්තමාන ඔලිම්පික් පිළිගත් මතයේ නිර්මාතෲ පියරෙ ඩි කුබර්ටින් කියන්නේ " වඩාත් වැදගත් දෙය....දිනීම නොවේ. සහභාගී වීමයි) යනුවෙනි.
	මෙම කියමන පෘතුල ලෙස අදාල වූයේ ඇමරිකන් පාපන්දු පුහුණුකරු වින්ස් ලොම්බාර්ටි ටයි. 1959 තරම් ඈත කාලයේ මෙම කියමන පැකර්ස් පුහුණු කඳවුරේදි සඳහන් කිරීමෙන් ඔහු වාර්තා තබා ඇත. 1960 වර්ෂ වලදි පැකර්ස් කණ්ඩායමේ පුහුණු කරු ලෙස ලොම්බාර්ඩිගේ සාර්ථක සේවා කාලය තුල මෙම කියමන ඇමරිකන් ජනතාවගේ අවධානය දිනා ගත්තේය. කල්යාමේදී මෙම වචන ලෝකර් කාමර වල පැති අලංකාර කළේය. මියගිය ජේම්ස් මිචනර්ගේ 'ස්පොර්ට්ස් ඉන් ඇමරික‍ා' ග්‍රන්ථයේ "ලොම්බාර්ඩි වැරදි ලෙස කියමන ඉදිරිපත් කළ බවක්" ප්‍රකාශ කර ඇත. ඔහු කිමට අදහස් කරන්නට ඇත්තේ 'දිනුම යනු හැම දෙයක්ම නොවේ. දිනීමට ඇති අධිෂ්ඨානය එකම දෙය'' (යයි මිච්නර් නිවැරදි කරන්නට

References
http://en.wikipedia.org/wiki/Winning_isn%27t_everything;_it%27s_the_only_thing
ක්‍රීඩා () යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකම් ය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ (දිනුම හෝ පරාජය) එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. නමුත් බුද්ධිය භාවිතා කරන ක්‍රීඩා (වාසනාවට ඉතා අඩු ඉඩකඩක් ඇති “කාඩ් සෙල්ලම්” හා පුවරු ක්‍රීඩා” හැඳින්වීම බහුලව යොදන නමකි) සහ මානසික තීක්ෂණභාවය හෝ උපකරණවල තත්වය ප්‍රධාන සාධක වන “මෝටර් රථ ක්‍රීඩා” වැනි ක්‍රියාකාරකම් හැඳින්වීමට ද මෙම යෙදුම භාවිතා කරනු ලැබේ. කායික ක්‍රීඩා සමහරකට සහයෝගීතාව අවශ්‍ය වන අතර ඊට පාපන්දු, පැසිපන්දු, ජල පන්දු ක්‍රීඩාව සහ බේස් බෝල් ක්‍රීඩාව ඇතුළත් වේ.

ක්‍රීඩා ඉතිහාසය 
ක්‍රීඩාවේ ඉතිහාසය මිනිසුන්ගේ මුල් ආරම්භය තෙක් විහිදීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාව මිනිසුන්ගේ ස්වභාවය සහ පරිසරය ප්‍රගුණ කිරීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාවේ ඉතිහාසයෙන් අපට සමාජ වෙනස්වීම් ගැන බොහෝ ඉගැන්වීම් සිදු කරයි, එමෙන්ම ක්‍රීඩාවේ ස්වභාවය ද විස්තර වේ. මිනිසුන් ඔවුන්ගේ යහපැවැත්ම සඳහාම තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීම සහ පුහුණු කිරීම ක්‍රීඩාවට අන්තර් ගත වන අතර මීට සමාන්තරව තමන්ගේ ප්‍රයෝජනවත් භාවය පුහුණු කිරීම සිදුවේ. බොහෝ ඈත අතීතය දෙස බලන විට ක්ෂය වී යන සාධක මෙම කාර්යයට උදව්කර ගැනීම වඩා අපහසු කරයි. එසේම එම සමාජය එහි විශ්වාසය වෙනස් කළ ආකාරයත් එම නිසාම ක්‍රීඩාවේ නීතිරීති වෙනස් කළ ආකාරයත් පෙනී යයි.

නිරුක්ති ශාස්ත්‍රය 
ක්‍රීඩාව යන වචනය ප්‍රංශ භාෂාවෙන් විවේකය යන තේරුම ඇතිව බිහි වන්නකි.වචනය ප්‍රංශ භාෂාවෙන් විවේකය යන තේරුම ඇතිව බිහි වන්නකි.

පාරීභාෂික ශබ්ද මාලාව 

බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියෙහි ක්‍රීඩා ක්‍රියාකාරකම් පොදුවේ විස්තර කරන්නේ සමූහවාචී නාම පදයක් වූ "ස්පොර්ට්" යන වචනයෙනි. ඇමරිකන් ඉංග්‍රිසියෙහි වැඩි වශයෙන් යෙදෙන්නේ 'ස්පොට්ස්' යන්නයි. සියලු ඉංග්‍රිසි ව්‍යවහාරයන්හි එක් නිශ්චිත ක්‍රීඩාවකට වඩා හැඳින්වීමේදි "ස්පෝට්ස්" වචනය භාවිතාවේ. උදාහරණයක් වශයෙන් "Foot ball and swimming are my favorite sports" යනුවෙන් ව්‍යවහාර කෙරේ. මෙම භාවිතය ඉංග්‍රීසි කථා කරන සියලු දෙනා සාමාන්‍යයෙන් නිවැරදි යැයි පිළිගනිති. "I enjoy sport" කියනවාට වඩා "I enjoy sports" යනුවෙන් කථා කිරීම වඩා සුදුසු බව උතුරු අමෙරිකානුවන්ගේ මතයයි.

ස්පොර්ට් (ක්‍රීඩා) යන යෙදුම සමහර විට සියලු තරඟකාරී ක්‍රියාවන් හැඳින්වීමට යොදා ගැනෙයි. එහිදි ශරීරය ක්‍රියාත්මක වන මට්ටම වැදගත් නො‍වේ. 

පුහුණුව සහිත ක්‍රීඩා සහ මෝටර් රථ තරඟ යන දෙකම පුහුණුව, ක්‍රීඩා ලෝලීත්වය යනාදි, ශාරීරික ක්‍රියාවන්හි බොහෝ ගති ලක්ෂණ ප්‍රදර්ශණය කරයි. ගුවනේ කෙරෙන ක්‍රීඩා, බිලියඩ්, චෙස්, මෝටර් සයිකල් ධාවන තරඟ සහ බෝට්ටු තරඟ ආදී සියල්ල අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා වශයෙන් පිළිගනු ලබයි.

ආශ්‍රිත

 Outline of sports
 List of sports
 List of sportspeople
 List of sports attendance figures
 List of professional sports leagues
 New Media and Sports

ආශ්‍රිත මාතෘකා

 Athletic sports
 Animals in sport
 Combat sport
 Disabled sports
 Electronic sports
 Fan (person)
 Handedness#Advantage in sports
 International sport
 Lawn game
 Mind sport
 Motor sports
 Multi-sport events
 National sport
 Nationalism and sports
 ඔලිම්පික්
 Paralympic Games
 Physical education
 ශාරීරික යෝග්‍යතාව
 Spalding Athletic Library
 Sponsorship
 Sport in film
 Sport psychology
 ක්‍රීඩා සමාජ
 Sports coaching
 Sports commentator
 Sports entertainment
 ක්‍රීඩා උපකරණ
 Sports fan
 Sports governing body
 Sports injuries
 Sports league attendances
 ක්‍රීඩාව අලෙවිය
 Sports nutrition
 Sports terms named after people
 Sports trainer
 Sportsperson
 Sportswear
 Sunday sporting events
 Team sport
 Underwater sports
 Women's sports
 Water sports
 Winter sport

මූලාශ්‍ර

 
ප්‍රධාන මාතෘකා ලිපි
Books about sports
Social gatherings
සංස්කෘතිය
වර්තමාන වුෂු ක්‍රිඩාව පැරණි සාම්‍ප්‍රධායික එන සටන් කලාවෙන් පැවත එන්නක් ලෙස හැදින්විය හැකිය. 1949 ට පසුව චීන සමුහාණ්ඩුව ක්‍රිඩාව ආරම්‍භ කෙරුණු අතර එය චීන සම්‍ප්‍රධායි සටන් කලාව ජාතික මට්‍ටම ගෙන ඒ‍මේ උත්සාහයක් විය.

වර්තමානයේ දී බොහෝ තරඟ පත්වනු ලබන්නේ රජය විසින් පත් කරනු ලැබූ කොමිටියකින් වන අතර එම තරඟ මුල් සටන් කලා සම්ප්‍රදායට අනුව සැලසුම් කෙරේ. එසේම අවුරුදු 2කට වරක් පවත්නා  වුෂු ලෝක ශූරතාවය දක්වන අන්තර්ජාතික ක්‍රීඩාවක් ලෙස දැනට මෙම ක්‍රීඩාව වර්ධනය වී ඇත. ප්‍රථම ලෝක ශූරතාවය 1991 දින බීජින් හි දී පැවැත්වුණු අතර ක්ලාර්ක් ෂෑන් එහි ශූරයා විය.

නූතන වූෂූ ක්‍රීඩා ප්‍රධාන අංග 2කින් පවත්වනු ලබයි. ඒවා නම් “ටඕලු” සහ “සැන්ඩා” ආරයි. 

ටඕලු ආර බොහෝ දුරට චීන සටන් කලාව ඇතුළත් ජිම්නාස්ටික් ක්‍රීඩාවට සමාන වන අතර නියමිත් නීති රීති මාලාවක් යටතේ විනිශ්චයේ දී ලකුණු ප්‍රදානය කරයි. මෙම ආරේදී මූලික චීන සම්ප්‍රදායික සටන් ශිල්ප ඇතුළත් වන අතර කෙනෙකුගේ දක්ෂතාවය ඔප් නැංවීමේ දී වෙනස් කළ හැකිය. කාල පරාසයන් තුළ බාහිර හා අභ්‍යන්තර ආරයන්ට අනුව ක්‍රීඩාව තරඟකාරීව කෙරෙන අතර නූතන තරඟකරුවන් විවිධ ශිල්ප ක්‍රමවල අනුව පුහුණු වීම් සිදු කරනු ලබයි. 

“සැන්ඩා” නූතන සටන් ක්‍රමයක් වන අතර එය චීන සම්ප්‍රදායික බොක්සින්, මල්ලව පොර හා විවිධ චින සටන් ක්‍රම (Qin Na) වල අභාසය ලබා ඇත. එය චීන විවිධ පහර දීම ශිල්ප ක්‍රම ඇතුළත්ව ඇත. එම තරඟ “ටඕලු” ක්‍රීඩා තරඟ හා සමාන්තරව පැවැත්වේ. 

සටන් කලා
ක්‍රීඩා
ඉරාක යුද්ධය යනු 2003 මාර්තු 20 දින ඇරඹුණු ලෝකයේ විවිධ රටවල් සහය පළකල සංහාරයකි. එය ඇමරිකා එක්සත් ජනපදයේ මුලිකත්වය යටතේ ක්‍රියාත්මක වු අරත මහා බ්‍රිතාන්‍යය,  ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, පෝලන්තය යන රාජ්‍යවලද සහය පළවිය. මෙය ඉරාකය නිදහස් කරගැනීමේ මෙහෙයුම ලෙසද හැඳින්වින.

ඉරාකය අල්කයිමා සංවිධානයට උදව් කිරීමත්, නීතිවිරෝධි ගිනි අවි නිෂ්පාදනය,ඉරාකය ආක‍්‍රමණය කිරීමට මුලික හේතු දෙක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ දැක්වුයේ ය. නමුත් ආක‍්‍රමණ අතරතුර එවැනි ගිනිඅවි සොයාගැනීමට අපොහොසත් වු අතර බොහෝ දෙනෙකුගේ මත වුයේ ඉරාකය එවැනි ගිනිඅවි නිපදවීම බොහෝ කලකට පෙර නතර කර දැමු බවය.

සමහරකුගේ මතය වුයේ ඇමරිකා එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමණය කිරීමට හේතු වුයේ පලස්තින  බෝම්බ කරුවන්ට ඉරාකය උපකාර කිරීම, ඉරාක රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ඉරාකීය තෙල් ආර්ථිකය යන සාධක නිසා බවයි.

ආක‍්‍රමණයේ ප‍්‍රතිඵලයක් ලෙස 2003 දෙසැම්බර් මාසයේදී ඉරාක ජනාධිපති සදාම් හුසේන් අත්අඩංගුවට පත්වු අතර 2006 දෙසැම්බර් මාසයේදී ඔහු එල්ලා මරනු ලැබීය. ඉන්පසු ඉරාක පිරිස් සහ අල් කයිඩා සංවිධානයේ විවිධ විරෝධතා ඇමරිකානු හමුදා වෙත එල්ල විය.

මෙම ආක‍්‍රමණය නිසා මිලියනකට අධික මරණ සංඛ්‍යාවක් සිදුවු බවට ඇස්තමේන්තු ගත කර ඇත.

ඉරාකය ආක්‍රමණය සඳහා ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් W බුෂ් ප්‍රමුඛ එකමුතුව මගින් ප්‍රධාන හේතු යුගලක් ගෙනහැර දක්වන ලදී. ඉන් පළමුවැන්න වූ ඉරාකය අල්කයිඩා සංවිධානයට ඍජුව සහයෝගය දක්වන බවට වූ චෝදනාවයි. දෙවැන්න වූයේ ඉරාකය සතුව සමූල ඝාතක අවි පවතින බවත් 1991 එකඟතාවය බිඳ හෙළමින් ඔවුන් තව දුරටත් සමූල ඝාතක අවි නිෂ්පාදනය කරන බවට වූ චෝදනාවයි. මෙම චෝදනා යුගල සඳහාම ඇමරිකානු ඔත්තු සේවා මගින් යම් ප්‍රමාණයක එකඟතාවක් දක්වන ලදී. 

යුද්ධය ආරම්භයේදී එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කළේ ඉරාකය එක්සත් ජනපදයට , එහි ජනතාවට , මිත්‍ර රටවලට සහ වැදගත් ක්‍රියාකාරකම්වලට ප්‍රභල අවදානමක් එල්ල කරන බවයි. කෙසේ නමුත් මෙම ප්‍රකාශයන්ට මුල් වූ බුද්ධි තොරතුරු දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර ආයුධ පරීක්ෂකයන්ට සමූල ඝාතක අවි පැවති බවට කිසිදු සාධකයක් හමු නොවීය. ඉරාක ආක්‍රමණය අවසානයේදී ඉරාකය සම්බන්ධ සමීක්ෂණ කණ්ඩායම් තම සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ අතර ඔවුන්ට අනුව ඉරාකය තම සමූල ඝාතක අවි වැඩපිළිවෙල 1991 වසරේදී නවතා දමා ඇති අතර ඇමරිකා ආක්‍රමණය වන විට ඔවුන් සතුව සමූල ඝාතක අවි නොවීය. කෙසේ නමුත් ඉරාක සම්බාධක ඉවත් කළ විට නැවත සමූල ඝාතක අවි නිෂ්පාදනය කිරීමේ අදහසක් ඔවුන් සතු වූ බවද සමීක්ෂණ කණ්ඩායමේ මතය විය. ඉරාකය තුළ විනාශයට පත් වූ නැතහොත් අත්හැර දමන ලද පැරණි සමූල ඝාතක අවි කොටස් හමු වූ නමුත් ඒවා ආක්‍රමණය සාධාරණීකරණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඇතැම් එක්සත් ජනපද නිලධාරීන් සදාම් හුසේන් සහ අල්කයිඩා සංවිධානය අතර සම්බන්ධතා පැවති බවට ප්‍රකාශ කළ නමුත් එවැනි සම්බන්ධතාවයක් පිළිබඳ කිසිදු සාධකයක් සොයාගත නොහැකි විය. ඉරාක ආක්‍රමණය සඳහා නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අනෙකුත් හේතු අතරට පලස්තීන මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පවුල්වලට ඉරාකය මගින් මූල්‍යමය ආධාර සැපයීම , ඉරාක රජය මගින් මානව හිමිකම් උල්ලංගනය කිරීම යන චෝදනා සහ ප්‍රජාතන්ත්‍රවාදය පැතිරවීම සහ ඉරාක ඛනිජ තෙල් නිධි යනාදියත් අයත් වේ. කෙසේ නමුත් මේ අතරින් තෙල් නිධි සම්බන්ධ අරමුණු ඇතැම් නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. 

මෙම ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින්ම ඉරාක හමුදාව පරාජයට ලක් වූ අතර ජනාධිපති සදාම් හුසේන් පළායන ලදී. අනතුරුව 2003 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු අල්ලා ගන්නා ලද අතර 2006 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහුට එරෙහිව මරණ දණ්ඩණය ක්‍රියාත්මක කරන ලදී. මේ අතර එක්සත් ජනපද ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් තව දුරටත් ඉරාකයේ රැඳී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ගොඩනැගීමට උත්සාහ කළේය. කෙසේ නමුත් මුල් ආක්‍රමණයෙන් කෙටිකලක් ගතවත්ම ඒකාබද්ධ හමුදාවන්ට එරෙහිව සහ විවිධ ආගමික කණ්ඩායම් අතර ප්‍රචණ්ඩ ක්‍රියා හටගන්නා ලදී. මේත් සමගම අසම මිතික යුධ තත්වයක් ඇති වූ අතර සුන්නි සහ ෂියා මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුම් හට ගැනීමත් ඉරාකය තුළ අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක වීමත් සිදු විය. මෙම තත්වයන් හේතුවෙන් සමස්තයක් ලෙස මිය ගිය ප්‍රමාණය සම්බන්ධ ඇස්තමේන්තු 150000 ට වැඩි සංඛ්‍යාවක සිට  මිලියන එකකට අධික සංඛ්‍යාවක් දක්වා දිවේ. මේ අතර ඒකාබද්ධ හමුදා කණ්ඩායම් අතරින් ඇතැම් රටවල් තම සේනාංකයන් ඉවත් කර ගන්නා ලදී. මේ සඳහා එම රටවල ගොඩනැගුණු ජනමතයද හේතු විය. ක්‍රමයෙන් ඉරාක හමුදාවන් ආරක්ෂක වගකීම් බාර ගැනීම ආරම්භ කිරීමත් සමග හමුදාවන් ආපසු කැඳවා ගැනීම ක්‍රමයෙන් ඉහළ ගියේය.

1991 – 2003 එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරු සහ තහනම් ගුවන් කලාපය

1991 ගල්ෆ් යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 687 යෝජනාවෙන් ඉරාකය සතු රසායන, ජීව විද්‍යාත්මක, න්‍යෂ්ටික අයුධ, දිගු දුර මිසයිල වැඩ සටහන නැවැත්වීම සහ එවැනි සියලු ආයුධ එක්සත් ජාතීන්ගේ විශේෂ කොමිෂමේ පාලනය යටතේ විනාශ කිරීමටද නියම කරන ලදී. ඉරාකය තුළ සිටින එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන්ට විශාල ප්‍රමාණයක සමූල ඝාතන අවි විනාශ කිරීම පරීක්ෂා කිරීමේ හැකියාව තිබින. එහෙත් එක්සත් ජනපද සහ එක්සත් රාජධානියෙන් ලඟදීම එල්ල විය හැකි ආක්‍රමණයක් පිළිබඳව UNSCOM ප්‍රධානි රිචඩ් බට්ලර් විශ්වාස කළේය. මෙම හේතුව නිසා 1998 දී  අවි පරීක්ෂකවරු ඉරාකයෙන් පිට වූහ. ඉන් පසු එම ප්‍රශ්නය නොවිසඳී ඉතිරි විය. අවි පරීක්ෂකවරු පිට වූ සැනෙන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සිව් දින බෝම්බ ප්‍රහාරය දියත් කළහ.

අවි පරීක්ෂණ ක්‍රියා දාමයට අමතරව එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ඉරාකය සමග කුඩා පරිමාණයේ සටන් වල යෙදුනේ උතුරු සහ දකුණු ඉරාකයේ තහනම් ගුවන් කලාප ඇති කිරීමට බල කරමිනි. මෙම කලාප පිහිටුවන ලද්දේ පර්සියන් ගලෆ් යුද්ධයෙන් පසු උතුරෙන් ඉරාක කුර්දිස්තානයත් දකුණු ෂියා මුස්ලිම් ප්‍රදේශයත් ආරක්ෂා කිරීම පිණිසයි. මෙය ඉරාක රජය විසින් දක්නා ලද්දේ ඉරාක රජයේ ස්වාධීනත්වය කඩ කිරීමක් ලෙසිනි. මෙම අවුරුදු හයක කාලය තුළ ඉරාක ගුවන් ආරක්ෂක පද්ධතිය සහ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය ගුවන් මුර සේවා නොකඩවා වෙඩි හුවමාරු කර ගත්හ. 

2001අප්‍රේල් මාසයේදි ජනාධිපති බුෂ්ගේ කැබිනට් මණ්ඩලය ඉරාකය තුළ හමුදා මැදිහත් වීමකට එකඟතාවය පල කළේ එයින් මැද පෙර දිග සිට අන්තර්ජාතික වෙළඳ පොලට තෙල් ගලා යාම අස්ථාවර කිරීමක් බලාපොරොත්තු වූ හෙයිනි. එක්සත් ජනපද නව කොන්සර්වේටිව්වරු ඉරාකයේ තිබෙන සියලු තෙල් බිම් අඩු මිලට විකිණිය යුතු යැයි ඉල්ලා සිටියහ. එමෙන්ම සැප්තැම්බර් 11 ප්‍රහාරයට බොහෝ ඉහතදි රජය පෙරලා දැමීමට කුමණ්ත්‍රණයක්ද දියත් දියත් කරන ලද්දේ නව රජය ඔපෙක් මිළ වැඩි කිරීමේ ගිවිසුම් විනාශ කිරිම සඳහා ඉරාක තෙල් ප්‍රයෝජනයට ගනු ඇතැයි ද ඔපෙක් හි සීමාවන් ඉක්මවා තෙල් නිෂ්පාදනය කරනු ඇතැයිද අපේක්ෂාවෙනි මෙම සැළසුම් ආක්‍රමණයේදි සිදු වී සුලු කලෙකින් අත් හැර දැමුනි. ඔවුන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීම භාරව සිටි ෂෙල් තෙල් සමාගමගේ කලින් සිටි නිලධාරියෙකු වූ පිලිප් කැරොල් ඉරාක තෙල් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් මැදිහත් වීම ප්‍රතික්ෂේප කළේය. එයට හේතුව වූයේ රජය යටතේ වූ තෙල් අමාත්‍යාංශය යටතේ මෙන් නොව එක්සත් ජනපද ආයතන වලට ඉවත් වීමට සිදු වන හෙයිනි. 2001 වර්ෂයේදි බුෂ් ජනාධිපති තනතුරේ වැඩ භාර ගත් විගසම ඉරාක රජය පෙරලා දැමීම සම්බන්ධව වොෂින්ටනයේදි ද මැදපෙරදිග හා කැලිෆෝනියාවේදි තමන් රහස් සාකච්ඡා පැවැත් වූ බව එක්සත් ජනපද තෙල් කර්මාන්ත පිළිබඳ උපදේශකයෙකු වූ ෆලාහ් - අල් ජිබුටි කියා සිටියේය. ඔහු සදාම් හුසේන් ගෙන් පසු බලයට ඒමට ඉඩ තිබෙන තැනැත්තන් සමගද බුෂ් පාලනයේ වුවමනාව මත සාකච්ඡා පැවැත් වූ බව අල් ජිබුටි BBC යටද කියා ඇත. 

‘ඔපරේෂන් ඉරාකි ෆ්‍රීඩම්’ නම් මෙහෙයුමට දළ වශයෙන් වසරකට කලින් එක්සත් ජනපදය ප්‍රධාන  උපක්‍රමය සඳහා වෙනසක් ලෙස සදර්න් ෆෝකස් මෙහෙයුම ආරම්භ කළේය. මෙහිදි ඉරාකයේ හමුදා මෙහෙයුම් ව්‍යුහය කඩා කප්පල් කිරීම සඳහා සියලුම යුද ක්‍රියා මාර්ග සහ තහනම් ගුවන් කලාපය පුරා තෝරා ගත් ඉලක්ක ප්‍රමාණය වැඩි කර ගැනුනි. ඉරාකය මත හෙළනු ලැබු බෝම්බ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වූයේ කෙසේද යත් 2002 මාර්තු මාසයේදි කිසිදු බෝම්බ පතිත කිරීමක් නැත. අප්‍රේල් මසදි එය 0.3 කි මැයි - අගෝස්තු වන විට එය මසකට ටොන් අටේ සිට දාහතර දක්වා ඉහළ ගියේය. 2002 සැප්තැම්බර් වන විට (යුද්ධයට පෙර ඉහලම අගය) එය ටොන් 54.6 කි

2001 – 2003 නිරායුධකරණ ආරවුල් සහ පූර්ව යුද ඔත්තු සේවා

එක්සත් ජාතීන්ගේ අවි පරික්ෂාව
2005 මැයි 1 වැනි දින “ඩවුනික් වීදියේ මැමෝව (Meme)” සන්‍ඩේ ටයිම්ස් පුවත් පතේ පළ විය. මෙම මැමොවෙහි  බුෂ්ට අවි බලය පාවිච්චි කර සදාම් ඉවත් කිරීමට අවශ්‍ය වී ඇති බව විස්තර කර ඇත. එම ප්‍රකාශයට අනුව 2002 ජුලි 23 වෙනි දින ඒ සම්බන්ධයෙන් රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. මෙයට එක්සත් රාජධානියේ කම්කරු රජය ආරක්ෂක සහ බුද්ධි සේවා නිලධාරිහු සහභාගි වී ඇත. මොවුන් සාකච්ඡා වී ඇත්තේ ඉරාකය සමග කෙරෙන යුද්ධය ගැනයි. මෙම සාකච්ඡාවලට වර්ග කරන ලද කාලීන එක්සත් ජනපද ප්‍රතිපත්ති කෙලින්ම අදාළ විය. එහෙත් බුද්ධි තොරතුරු සහ සාධක කරුණු ප්‍රතිපත්ති සමග බැඳී තිබුනි. 

2002 සැප්තැම්බර් 18 දින ජොර්ජ් ටෙනෙට් විසින් සදාම් හුසේන් සතුව සමූල ඝාතණ අවි නොමැති බවට ජෝර්ජ් බුෂ්ට උපදෙස් දෙනු ලැබීය. එහෙත් බුෂ් එම තොරතුරු ප්‍රතික්ෂේප කළේය. එහෙත් පසුව එය සම්පූර්ණයෙන් නිවැරදි බව හෙළි විය. තොරතුරු කොංග්‍රසය සමග හෝ සීඅයිඒ නියෝජිතයින් සමගද කෙදිනක හෝ සාකච්ඡා නොවුනි. සිඅයිඒ සංවිධානය සදාම් හුසේන්ගේ විදේශ ඇමති වූ නජි සබ්රි සමග සම්බන්ධකම් පවත්වා තිබුනි. ඔහුට ඔත්තුකරුවෙකු ලෙස සළකා ප්‍රංශය විසින් ඒ සඳහා ගෙවීම් කරමින් තිබුනි. සදාම්ට න්‍යෂ්ඨික වැඩ පිළිවෙලක් ගැන අදහසක් තිබුනු බව සබ්රි ඔවුනට දැන්වීය. එහෙත් එය ක්‍රියාත්මත නොවූ එකකි. පරීක්ෂණ කටයුතු දිගටම පවත්වා ගෙන ගිය නමුත් ජීව විද්‍යාත්මක අවි ඉදිරිපත් නොකෙරුනි. ගබඩා  කිරීම්ද සොයා ගත නොහැකි විය. යුද්ධයක් වුවහොත් රසායන අවි පාවිච්චි කිරීමේ අවසරය සදාම් විසින් ලබා දී තිබුනු බවට ඔත්තු කරුවන්ගේ වාර්තා වලින් එක්සත් ජනපදයට තොරතුරු ලැබී තිබුනි. 

න්‍යෂ්ඨික බෝම්බ තැනීම සඳහා යුරේනියම් බල ගැන්වීමට අධි බල ඇලුමිනියම් බට දහස් ගණනක් ලබා ගැනීමට ඉරාකය උත්සාහ කරන බව 2002 සැප්තැම්බරයේදි බුෂ් රජය කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ නීති රීති අනුව එම බට ලබා ගැනීමට ඉරාකයට හිමි කමක් නොමැත. ඉරාකයේ තිබුනා යැයි කියන සැලසුම් සම්බන්ධව CIA  සහ DIA සංවිධාන එකඟත්වය පල කළ නමුත් DOE (department of energy) බල ශක්ති දෙපාර්ථමේන්තුව සහ INR සංවිධාන ඊට විරුද්ධ විය. මන්ද කියතොත් ඇමරිකාවේ න්‍යෂ්ඨික අවි ව්‍යාප්තියේ සහ කේන්ද්‍රපසාරි බලයෙන් ගැස් සම්බන්ධ කටයුතු කිරීමේ ශක්තියද තිබුනේ මෙම බල ශක්ති දෙපාර්ථමේන්තුවට බැවිනි. ඉහත කී බට න්‍යෂ්ඨික අවි සඳහා යොද‍ා ගත හැකි බව සියලු සංවිධාන කියා සිටියද DOE  සහ INR ආයතන කියා සිටියේ ඒවා එවැනි දෙයකට තරම් සුදුසු ‍නොවන බවය. එක්සත් ජාතීන් අමතා කොලින් කථා කිරීමට පළමුව DOE ආයතන එම කථාව වෙනස් කිරිමට උත්සාහ ගත් නමුත් රජය විසින් එය වලක්වන ලදි. ඇත්තෙන්ම සිදු වූයේ කොලින් පවල් විසින් (එළැඹෙන යුද්ධයට ටික කලකට පෙර) එක්සත් ජාතීන් අමතා කළ ඔහුගේ කථාවේදි මෙම ඇලුමිනියම් බට ගැන සඳහන් කළේය. එහෙත් විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතන මගින් නිකුත් කළ වාර්තාවක එම බට යුරේනියම් බල ගැන්වීමට ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ විය. ඉරාක ආයුධ ගැන තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසන ලද කරුණු වැරදි බවත් තමන්ට බුද්ධි සේවා මගින් ලැබී ඇත්තේ නොමග යවන තොරතුරු බවත් පසුව පවල් විසින් පිළිගන්නා ලදී.

2002 සැප්තැම්බර් සහ 2003 ජුනි අතර කාලය තුළ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් පොල් වොල්ෆොවිට්ස් ඒකකයත් නිර්මාණය කළේය. එහි නම ඔෆීස් ඔෆ් ස්පෙෂල් ජලෑන්ස් (OSP) වූ අතර ප්‍රධානියා වූයේ ඩග්ලස් ෆෙයිත් ය. මෙම ඒකකයේ අරමුණ වූයේ බුෂ්ගේ පාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ඉරාකයට සම්බන්ධ බුද්ධි සේවා නිලධාරින් සැපයීමයි. මොවුන් ඒ සඳහා යෙදවිය යුතු වූයේ CIA සංවිධානය වෙනත් බුද්ධි සේවා මග හරිමිනි. එක් පැරනි CIA නිලධාරියෙකු මෙය එක්සත් ජනපදයේ ආරක්ෂාවට අනතුරු දායක බවත් ලෝක සාමයට තර්ජනයක් බවත් සදාම් හුසේන් ඉවත් කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට බුද්ධි සේවා ශූර ලෙස තව දුරටත් යොද‍ා ගන්නා බවත් ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් ඒ ගැන කීවේ එම සංවිධානය බුද්ධි සේවා වලින් ලැබෙන තොරතුරු ටිකෙන් ටික ලබා ගන්නේ තම මතය තහවුරු කිරීමට බවත් ප්‍රතිවිරුද්ධ කරුණු බැහැර කරන බවත්ය. මෙහි ප්‍රතිඵලය ලෙස 2008 වර්ෂයේදී මහජන ඒකාබද්ධතාවය සඳහා වූ කිසිදු පක්ෂයකට සම්බන්ධ නොවු මධ්‍යස්ථානය, ජෝර්ජ් බුෂ් කර ලද සහ ඔහුගේ උසස් නිලධාරින් හය දෙනෙකු විසින් කරන ලද ප්‍රකාශ 935 ක් ගැන සඳහන් කළේය. මේවා 9/11 සිද්ධියෙන් පසු ඉතා ප්‍රවේශමෙන් තොරතුරු රැස් කර ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා මහා පරිමාණ වශයෙන් සහයෝගය ලබා ගැනීම අපේක්ෂාවෙන් කරන ලදී.

එක්සත් ජාතීන් - ආයුධ පරීක්ෂණය අරඹයි

ඉරාකයේ තිබේ යැයි කියන සමූල ඝාතණ අවි නිෂ්පාදනය සම්පූර්ණයෙන් නවතා දැමීමද එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂක වරුන්ට බාධාවකින් තොරව ඉරාකයට ඇතුලු වී එවැනි අවි ආයුධ නිෂ්පාදන පහසුකම් තිබේ දැයි සොයා බැලීමට ඉරාකය ඉඩ දීමද යන කරුණු ඉටු වීම ජනාධිපති බුෂ් ඉතා තදින් අපේක්ෂා කළේය. ඉරාකය නිරායුධ කිරීමේ මෙම ප්‍රශ්නය 2002 – 2003 කාලයේ විශාල අර්බුදයක මාතෘකාවක් වී තිබුනි. මීට ඉහතදි ගල්ෆ් යුද්ධයෙන් පසු එවැනි ආයුධ නිපදවීම සංවර්ධනය  කිරීම හා ළඟ තබා ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තහනම් කර තිබුනි. 

2002 වර්ෂයේ ජනාධිපති බුෂ් දිගින් දිගටම යුදමය  තර්ජන විදහා දක්වමින් බාධා විරහිත පරික්ෂාවන් සහ නිරායුධකරණය ගැන ඉල්ලීම් කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ යෝජනාවට අනුව 2002 වර්ෂයේ අවසාන භාගයේදි ඉරාකය අකමැත්තෙන් නමුත් අලුත් පරීක්ෂණ සඳහා එකඟ විය. මේවායින් ලැබුනේ මිශ්‍ර ප්‍රථිඵලයි. සමූහ ඝාතණ අවි සොයා ගැනීමට නොහැකි විය. 
	
සමූහ ඝාතණ අවි

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ මුල් පියවර තුල ජෝර්ජ් ටෙනෙට් යටතේ වූ CIA සංවිධානය, ඇෆ්ගනිස්ථාන් යුද්ධයේදි කැපි පෙනුනේය. එසේ වුවද ඇෆ්ගනිස්ථානය සහ අල්ඛයිඩාව අතර සම්බන්ධයක් නොමැති බව ජෝර්ජ් ටෙනෙට් විසින් ජනාධිපති බුෂ්ට අවධාරණය කොට කියා සිටි අවස්ථාවේ උප ජනාධිපති ඩික් චෙනි සහ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ්ස් රම්ස්ෆෙල්ඩ් දෙදෙනා CIA සංවිධානය සහ ජෝර්ජ් ටෙනෙට් සීමා කර තැබීමටද, ලැබුනු තොරතුරු නැවත පරීක්ෂා කිරීමටද රහස් වැඩ පිළිවෙලක් ආරම්භ කළහ. මෙම රහස් වැඩ පිළිවෙල මගින් ලබා ගත් ප්‍රශ්න කළ හැකි බුද්ධි තොරතුරු චෙනීට දැන ගැනීමට (Stove piped) සැළැස්වූ අතර මහජනයා වෙතද ඉදිරි පත් කරන ලදි. ඇතැම් අවස්ථාවේදි චෙනී ගේ කාර්යාලයේද මෙම තොරතුරු පත්‍ර වාර්තාකරුවන් වෙතද කාන්දු විය. ඔව්හු ඒවා නිව් යෝර්ක් ටයිම්ස් වැනි පුවත් පත් මඟින් ප්‍රකාශ කළහ. ඉන් පසු චෙනි ඉරිදා ‍දේශපාලන රූපවාහිනි වැඩ සටහනට සම්බන්ධ වූ අතර එහිදි මෙම බුද්ධි තොරතුරු සාකච්ඡාවට භාජනය කළේය. මෙහිදි නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත ගැන සඳහන් කරනු ලබන්නේ විශ්වාසය ඇති කිරීමේ පියවරක් ලෙසිනි.
තානාපති ජෝශප් සී විල්සන්

2002 පෙබරවාරි මස අවසාන භාගයේ CIA සංවිධානය විසින් කලින් තානාපති නිලධාරියෙකු වූ ජෝශප් විල්සන් නයිජීරියාවට පිටත් කර හැරියේ, ඉරාකය නයිජීරියාවෙන් “යෙලෝ කේක් යුරේනියම්” මිළදි ගැනීමටද කරන ලද (සැක සහිත) උත්සාහයක් ගැන කරුණු සෙවීම පිණිසයි. විල්සන් පෙරලා පැමිණ CIA සංවිධානයට දන්වා සිටියේ එම “යෙලෝ කේක” ඉරාකයට විකිණීම පිළිබඳ කථාව ඉතා පැහැදිලි ලෙසම වැරදි බවයි. 2003 ජනවාරි මාසයේදි ඉරාකය යුරේනියම් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමින් සිටි බව හා යෙලෝ කේක් ලබා ගැනීමට දැරූ උත්ස‍ාහය ගැන බුෂ් දිගින් දිගටම චෝදනා කළේ ඉරාකය සමග යුධ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට එම කරුණු හේතුවක් කර ගැනීමේ අභිලාෂයෙනි. මෙයට ප්‍රතිචාර වශයෙන් විල්සන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතට විචාරයක් ලියමින් (2003 ජුනි) ඔහු යෙලෝ කේක් සිද්ධිය සම්බන්ධව පෞද්ගලිකව සොයා බැලූ බවත් එය වංචාවක් බවත් කියා සිටියේය. විල්සන්ගේ වාර්තාවෙන් හෙලිවූ කරුණු විශ්ලේෂකයින්ට  පැහැදිලි නොවීය. එහෙත් ඉරාක නියෝජිත නයිජීරියාවට පැමිනි බවත් එසේ පැමිණියේ යුරේනියම් ගැන සාකච්ඡා කිරීමට විය හැකි බවත් නයිජීරියානු අගමැති වරයා කියා තිබීම විශ්ලේෂකයින්ගේ උනන්දුවට කාරණයක් විය. විලියන්ගේ ලිපිය පළවීමත් සමග ඔහුගේ බිරිඳගේ CIA රහස් නියෝජිත වැලරි ප්ලේම් අනන්‍යතාවය රොබට් නොවැක් විසින් හෙළි කළේය. CIA නියෝජිතයෙකුගේ අනන්‍යතාවය හෙළි කිරීම බරපතල වරදක් බැවින් නොමැක් ගේ ලිපිය ගැන අධිකරණ දෙපාර්ථමේන්තුව මගින් පරීක්ෂණ පවත්වන ලදී. 2007 මාර්තු මාසයේදි ඩික් චෙනි ගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලුවිස් ස්කූටර් ලබ්බි, ප්ලෙම් සම්බන්ධ තොරතුරු හෙලි වීමේ පරීක්ෂණයේදි බොරු කීම සම්බන්ධයෙන් වැරදි කරු විය. මෙම තොරතුරු කාන්දු වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමීටේජ් වගකිව යුතු නමුත් එම අපරාධ සම්බන්ධයෙන් කිසිදු දිනෙක ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් වූයේ නැත.

ආක්‍රමණ විරෝධය

2003 ජනවාරි 20 වෙනි දින ප්‍රංශ විදේශ අමාත්‍ය ඩොමිනික් ඩි විලෙපින් “යුද්ධමය මැදිහත් වීම් නරකම විසඳුම යයි අප විශ්වාස කරනවා” යයි ප්‍රකාශ කළේය. මේ අතර ලෝකය පුරා සිටින යුධ විරෝධී කණ්ඩායම් මහජන විරෝධතා ව්‍යාපාර සංවිධානය කළහ. ඩොමිනික් රෙයින් නම් ප්‍රංශ විද්‍යාපීඨයට අනුව 2003 ජනවාරි 03 දින සිට අප්‍රේල් 12 දක්වා කාලය තුල ලෝක ජනතාවගෙන් මිලියන 36 ක් ඉරාක යුද්ධයට එරෙහිව 3000 ක් තරම් වූ විරෝධතා ව්‍යාපාර වලට එක් වී ඇත. 2003 පෙබරවාරි 15 පවත්වන ලද විරෝධතා පෙළපාලිය විශාලතම සහ ඵලදායී එකක් විය.

2003 පෙබරවාරියේදී එක්සත් ජනපද යුද හමුදාවේ ඉහළ හමුදා නිලධාරියෙකු වූ එරික් ෂිනෙස්කි සෙනෙට් යුද සේවා කොමිටියට කීවේ ඉරාකය සුරක්ෂිත කිරීමට සෙබලු ලක්ෂ ගණනක් අවශ්‍ය විය හැකි බවයි. දින දෙකකට පසු ආරක්ෂක ලේකම් ඩොනල්ඩ්ස් රම්ස්ෆෙල්ඩ්, පශ්චාත් යුද හමුදා වගකීම් යුද්ධය දීනීමට අවශ්‍ය හමුදා සංඛ්‍යාවට වඩා අඩු විය  හැකි බවත් එක්සත් ජනපද හමුදා ලක්ෂ කීපයක් අවශ්‍ය වේ යයි යන අදහස ඉලක්කයෙන් ඈත බවත් කීවේය. නියෝජ්‍ය ආරක්ෂක ලේකම් පෝල් වුල්ෆොවිට්ස්, ෂිනෙස්කිගේ ඇස්තමේන්තුව ඉලක්කයෙන් ඈත බව කීවේය. මක්නිසාද කියතොත් අනෙකුත් රටවල  හමුදාවන්ටද එක් විය හැකි හෙයිනි. 

2003 මාර්තු මාසදි හෑන්ස් බ්ලික්ස්, පරීක්ෂණ සම්බන්ධයෙන් ගෙන යන ක්‍රියා මාර්ග තව දුරටත් ගෙන යනු ඇතැයිද, මේ තාක් දුරට ඉරාකය තුල තහනම් ක්‍රියාකාරකම් තිබෙන බව සොයා ගෙන නැතැයි යනුවෙන්ද වාර්තා කළේය. එහෙත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ඵල රහිත වූ බවත්, ඉරාකය තුළ මහා පරිමාන විනාශ කාරී ආයුධ තිබෙන්නේය යන චෝදනාවෙන් ඉරාකය නිදහස් කිරීමට මිත්‍ර රටවල්වලද සහයෝගය ඇතිව තව දුරටත් කටයුතු කෙරෙන බවත් එක්සත් ජනපදය ප්‍රකාශ කළේය. එක්සත් ජනපද රජය  එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන්ට බෑග්ඩෑග් නගරයෙන් ඉවත් වන ලෙස හදිසියේම උපදෙස් දුන්නේය. 

දුර්වල සතුරන්ට එරෙහිව (ඉරාකයට) කළ හමුදා මෙහෙයුම පිළිබඳ බුෂ්ගේ ප්‍රතිපත්තිය සහ ඉරාකයට එරෙහිව කරන ලද යුද්ධය වටා බරපතල නීතිමය ප්‍රශ්න තිබුනේය. 2004 සැප්තැම්බර් මස 16 වැනි දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆි අන්නන් “මම පෙන්වා දී  තිබෙනවා එය එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය සමග නොගැලපෙනවා සේම අපට පෙනෙන ආකාරයට සහ ප්‍රකාශනයේ හැටියටත් එය නීති වීරෝධියි” යනුවෙන් ප්‍රකාශ කළේය.

2003 ආක්‍රමණය

2003 මාර්තු 20 වැනි දින බෑග්ඩෑග් වේලාවෙන් උදෑසන 5.34 ට (අ.භා - 9.34 - මාර්තු 19 Est) ඉරාකය ආක්‍රමණය ආරම්භ විය. ජෙනරාල් ටොමි ෆ්රැන්ක්ස් ගේ නායකත්වයෙන් ඇරඹුනු 2003 ඉරාක ආක්‍රමණය එක්සත් ජනපදයේ “ඔපරේෂන් ඉරාකි ෆ්‍රීඩම්” යන සංකේත නාමයෙන් ද බ්‍රිතාන්‍යයේ “ඔපරේෂන් ටෙලික්” සහ ඕස්ට්‍රේලියාවේ “ඔපරේෂන් ෆැල්කන්” යන සංකේත නාම වලින්ද හඳුන්වනු ලැබීය. මිත්‍ර හමුදාවෝ කුර්දි පෙෂ්මෙර්ගා හමුදාවන් සමගද උතුරේදී එක් වූහ. දළ වශයෙන් හතලිහක් වූ අනෙකුත් ජාතීන්ද උපකරණ සැපයීමෙන්, සේවා, ආරක්ෂාව, සහ විශේෂ හමුදා සපයමින් සහයෝගය දැක් වූහ. මෙම මුල් ඒකාබද්ධ හමුදාව 300,000 ක් පමණ වූ අතර එයින් 98% ක් එක්සත් ජනපද සහ එක්සත් රාජධානි හමුදා විය.

 

ආක්‍රමණයට අරමුණු අටක් ඇතුලත් විය. සෑම එකක්ම ජනාධිපති බුෂ්ගේ ජාතික ආරක්ෂක වැඩ පිළිවෙල තුල සැලසුම් කරන ලද ප්‍රධාන කාරණා අනුගමනය කිරීම පිණිස විය. මෙම අරමුණු නම් සදාම් හුසේන් පාලනය අවසන් කිරීම, ඉරාකයේ තිබෙන මහා පරිමාණ විනාශකාරී ආයුධ සෙවීම, විනාශ කිරීම, ත්‍රස්තවාදින් සෙවීම, අල්ලා ගැනීම සහ ත්‍රස්තවාදය තුරන් කිරීම, ත්‍රස්තවාදි ජාලයට අදාල බුද්ධි තොරතුරු ලබා ගැනීම, මහා පරිමාණ විනාශකාරී නීති වීරෝධි අවි ජාලයට අදාළ තොරතුරු එක්රැස් කිරීම, අවශ්‍යතාවන්ගෙන් පෙලෙන අයට මානූෂීය ආධාර බෙදා හැරීම සහ දඬුවම් පැමිණ වීම අවසාන කිරීම, ඉරාකයේ තෙල් නිධි සහ වෙනත් සම්පත් ආරක්ෂා කිරීම, නියෝජිතයන් මගින් පාලනය කරන රජයක් කරා යාමට ඉරාක ජනතාවට උපකාර කිරීම යනාදියයි. ඉරාක නිදහස් මෙහෙයුම නම් වූ එය උතුරු වියට්නාමයෙන් පසු ඇති වූ විශාලම විශේෂ මෙහෙයුම් බලවේගයක් විය. “අග්ලි බේබි” (කැත බබා) යන සංකේත නමින් හැඳින් වුනු මෙය වියට්නාම් යුද්ධයෙන් මෙපිට ඇති වූ විශාලම ගොඩබිම් යුද්ධයයි. මුහුණ පෑමට සිදු වූ බාධාවන් අල්ප වූ එය තීරණාත්මක මෙන්ම ඉක්මන් යුද්ධයක් විය. ඉරාක හමුදාව සම්පූර්ණයෙන් යටත් කරනු ලැබින. ෆෙඩයින් සදාම් නම් ප්‍රභූවරයා පමණක් විශාල අභියෝගයක් එල්ල කළ නමුත් එයද ජනතාව අතරම තුනි වී ගියේය. අප්‍රේල් 9 දින සදාම් හුසේන්ගේ වසර 24 ක පාලනය  අවසන් කරමින් බෑග්ඩෑඩය යටත් විය. එක්සත් ජනපද හමුදාව විසින් අතහැර දමන ලද බාත් පක්ෂ අමාත්‍ය කාර්යාලය අල්ලා ගෙන මෙම සිද්ධියේ සංකේතය වූ සදාම්ගේ විශාල ලෝහ පිලිරුවක්ද, ඡයාරූප, වීඩියෝ ආදිය බිම ඇද දැමූහ. බෑග්ඩෑඩයේ හදිසි ඇද වැටීමත් සමග ජන ජීවිතය විශාල කඩා වැටීමකට ලක් විය. රජයේ ගොඩනැගිලි කොල්ල කෑමට ලක් විය. අපරාධ බෙහෙවින් ඉහළ ගියේය. මෙම සිද්ධින් ඩොනල්ඩ් රමස්ෆෙල්ඩ්ගේ ක්ෂණික අවධානයට ලක් විය. ට්‍රිපොලි කාර්ය සාධක නාවික හමුදාව මුහුණ පාන්නට සිදු සුලු බාධාවලින් පසු සදාම් හුසේන් උපන් නගරය වූ ටික්රිට් යටත් කර ගැනීමෙන් පසු අප්‍රේල් 15 දින ඒකාබද්ධ ආක්‍රමණය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වූ බව ප්‍රකාශ කරන ලදී. 

(මෙම ආක්‍රමණය පැවති කාලයේ (මාර්තු 20 - අප්‍රේල් 30) ඉරාක සටන් කරුවන් 9200 ක් සහ සිවිල්  වැසියන් 7299 ක් ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද ගුවන් හමුදාවේ සහ ගොඩබිම් හමුදා එල්ල කළ ප්‍රහාර වලින් මරු මුවට පත් වූහ. මෙම සටනින් එක්සත් ජනපද හමුදාවේ 139 ක් සහ එක්සත් රාජධානියේ 33 ක් හමුදා නිලධාරින් ඝාතණය වූ බව ඒකාබද්ධ හමුදාව වාර්තා කළේය.

2004 ත්‍රස්තවාදය ව්‍යාප්ත වීම  

2004 වර්ෂයේ ආරම්භය සංසන්ධනාත්මකව බැලු විට ප්‍රචණ්ඩත්වයේ අඩුවක් පෙන්නුම් කළේය. බහු ජාතික හමුදාවන්ගේ උපක්‍රම අධ්‍යයනය කරමින් අලුත් සටනක් සඳහා සැළසුම් සකස් කරමින් එම කාලය තුළ ත්‍රස්තවාදී කණ්ඩායම් නැවත සංවිධානය වූහ. කෙසේ වෙතත් 2004 වර්ෂයේ ඉරාක (Spring) සටන් සමයේ අඩු මුසාබ් අල් සර්කාවි විසින් මෙහෙයවන ලද මැද පෙර දිග කලාපයේ විදේශ හමුදා සහ ඉරාකයේ අල් ඛයිඩාවරුන් සමග ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වූයේ ත්‍රස්තවාදය පලවා හැරීමට උදව් කරමිනි.

කැරළි ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වෙද්දී ඉලක්කයන් වෙනස්විය. එනම්  ඒකාබද්ධ හමුදා වෙතින් නව ඉරාක ආරක්ෂක හමුදා වෙත මාරු වීමයි.එහි ප්‍රථිපලයක් වශයෙන් ඉරාක සිවිල් වැසියන් හා පොලිස් නිලධාරින් සිය ගණනක් එක දිගට එල්ල කෙරුනු දැවැන්ත බෝම්බ ප්‍රහාරවලින් ඝාතණයට ලක් වූහ. ජාතිකවාදි සහ ඉස්ලාම් අරමුණු මූලික කර ගත් හොඳින් ස්ථාපිත වූ සුන්නි ත්‍රස්තවාදය ඉරාකය පුරාම වඩාත් බලවත් වෙමින් පැවතියේය. ෂියා නිකායික මහ්දි හමුදාව ද ඉරාක ආරක්ෂක හමුදාවන්ගේ පාලනය අල්ලා ගැනීමේ උත්සාහයකදී ඒකාබද්ධ හමුදාවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කළේය. බහු ජාතික හමුදා ප්‍රති ප්‍රහාරයක් සඳහා සූදානම් වෙද්දී  සහ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටියදී ඉරාකයේ දකුණු හා මධ්‍යම කොටස්, නාගරික ගරිල්ලා සටන් ක්‍රමයකට අවතීර්ණ වීම ආරම්භ කරමින් සිටියහ. 2004 ජුනි 28 දින ඒකාබද්ධ තවකාලික අධිකාරියේ අධ්‍යක්ෂ එල් - පෝල් බ්රූමර් ඉරාක අන්තර්වාර රජයට ස්වාධීනත්වය පවරමින් අත්සන් තැබීම එහිදී සිදුවිය.

යුද්ධයේ මෙතෙක් කාලයක් සිදු වූ දරුණුම සටන 2004 මාර්තු 31 දින ආරම්භ විය. මෙය සිදු වූයේ යුරෙස්ට් සර්විස් නම් ආහාර සපයන සමාගමට ආරක්ෂාව සපයමින් ගමන් කළ ඇමෙරිකානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත් කරුවන් 4 දෙනෙකුද සහිත රථ පේළියකට ඉරාක ත්‍රස්තවාදීන් සැඟවී ප්‍රහාර එල්ල කිරීමත් සමගයි. ග්‍රෙනේඩ් ප්‍රහාර වලින් සහ කුඩා ගිණි අවි වලින් කරන ලද වෙඩි තැබීම් වලින් හමුදා කොන්ත්‍රාත්කරුවන් හතර දෙනා වූ ස්කොට් හෙල්වෙන්ස්ටන්,ජර්කෝ සොව්කෝ,වෙස්ලි බටලෝනා සහ මයිකල් තේග් (Teague) මරුමුවට පත් වූහ. අනතුරුව වාහනවලින් ඔවුන්ගේ සිරුරු එලියට ඇද පහර දී ගිණි තබනු ලැබීය. පසුව ගිණි තැබුනු එම එම සිරුරු යුප්‍රටීස් ගඟ හරහා දිවෙන පාලමක එල්ලා දැමුනි. මෙම සිද්ධියේ ඡායාරූප ලෝකය පුරා ප්‍රවෘත්ති ඒජන්සි වෙත නිකුත් විය. මෙයින් ඇමෙරිකානු ජනතාවගේ කේන්තිය ඇවිස්සුනේය.

2004 නොවැම්බරයේදී නැවතත් සටන් ඇරඹුනි.මෙය යුද්ධයේ අති බිහිසුනුම අවස්ථාව විය.මෙය හැඳින්වූයේ (second Battle of Fallujah) දෙවැනි ෆලූජා යුද්ධය නමිනි. එක්සත් ජනපද හමුදාව ඒ ගැන විස්තර කරන්නේ මෙසේය. “වියට්නාම් හියුනගරයේ යුද්ධයෙන් මෙපිට අපට මුහුණ පාන්නට සිදු වූ දැවැන්ත නාගරික (ගරිල්ලා) සටනයි.” සටනට පළමු ලැබුණු බුද්ධි තොරතුරු වලින් කියවුනේ “ඒකාබද්ධ හමුදාවට චෙච්නියන්, පිලිපීන, සවුදි, ඉරාන, ඉතාලි සහ සිරියන් සටන් කාමීන්ට මෙන්ම ස්වදේශීය ඉරාක ජාතිකයින්ටද මුහුණ දීමට සිදු වේ” යන්නයි. මෙම පහර දීමේ කාලය අතර තුර ඇමෙරිකානු හමුදා ත්‍රස්තවාදී නායකයින්ට එරෙහිව ගින්නෙන් විනාශ කිරීමේ ආයුධයක් ලෙස සුදු පොස්පරස් පාවිච්චි කළේ මත භේදයකට පොළඹවමිනි. දින 46 ක් ගත වූ යුද්ධය නිමා වූයේ ඒකාබද්ධ හමුදාවන්ට ජයග්‍රහණය ලැබීමෙනි. මෙහිදී ඇමෙරිකානුවන් 95 ක් මිය ගිය අතර ත්‍රස්තවාදීන් 1350 දෙනෙකු ඝාතණය වූහ. සිවිල් ජනතාවට වූ හානි අඩු වූයේ සටන් ඇරඹීමට ප්‍රථම ඔවුන් බොහෝදෙනෙකු ප්‍රදේශය අතහැර යාම හේතුවෙනි.
       
මෙම කාලය තුළ සිදු වූ තවත් ප්‍රසිද්ධ සිදුවීමක් නම් අබු ගරීබ් බන්ධනාගාරය තුළ සිටි සිරකරුවන් අපචාරයට ලක් කිරීම පිළිබඳව 2004 වසරේ අප්‍රෙල් මස තුළදී මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමය. ඇමෙරිකානු හමුදා භටයින් විසින් ඉරාක සිරකරුවන්ට කරන ලද ගර්හා කිරීම්, අපචාරයට ලක් කිරීම් සම්බන්ධ පළවූ ප්‍රවෘත්ති මහජනතාවගේ අවධානයට යොමු වූයේ 60 මිනිට්ස් ii නම් (අප්‍රෙල්28) ප්‍රවෘත්ති වාර්තාවෙන් සහ අප්‍රෙල් 30 දිනැති “නිව් යොර්ක්” හි පළවු සෙයිමෝර් එම් හෙර්ෂ් ගේ (Online) වාර්තා වලිනි. යුද්ධය ගැන අධ්‍යයනය කළ ලේඛකයෙකු වූ තෝමස් රික්ස් මෙම හෙළි කිරීම් මගින් සදාචාරය සාධාරණත්වය යන කාරණා බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බව ප්‍රකාශ විය.

නිකායික වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වීම

ඉරාකයේ සිටි නාවික හමුදා අණ දෙන නිලධාරියා අසාමාන්‍ය රහස් වාර්තාවක් ඉදිරිපත් කරමින් අන්බර් පළාත ආරක්ෂා කර ගැනීම සඳහා වන ඉදිරි බලාපොරොත්තු අපැහැදිළි බවත්, එම ප්‍රදේශය දේශපාලනික හා සමාජමය වශයෙන් වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපද හමුදාවට කිසිවක්ම කළ නොහැකි යයි ප්‍රකාශ කළ බවත් වොෂින්ටන‍් පෝස්ට් පුවත්පත 2006 සැප්තැම්බර් මාසයේදී වාර්තා කළේය.

අමෙරිකානු ‘විදේශ ප්‍රතිපත්ති’ නම් සඟරාව සහ ෆන්ඩ් ෆෝර් පීස් නම් බුද්ධි මණ්ඩලය විසින් සකස් කරන ලද 2006 වසරේ අසමත් රාජ්‍ය පිලිබඳ දර්ශකයේ 4 වැනි ස්ථානය ගත්තේ ඉරාකයයි. සුඩානය පළමුවැන්නයි. 

ඔක්තෝබර් 20 පමණ වන විට එක්සත් ජනපද හමුදාවේ (Operation together Forward) ‘එක්ව ක්‍රියාන්විතය ඉදිරියට’ නමැති වැඩ සටහන බැග්ඩෑඩයේ නැගී එන ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට අසමත් වූ බව නිවේදනය කළේය. අල් සදර් යටතේ ෂයිට් සටන් කාමීහු දකුණු ඉරාකයේ නගර කීපයක් අල්ලා ගත්හ.

එක්සත් ජනපද කොංග්‍රස් චන්ද විමසීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීම

2006 නොවැම්බර් 7 වන දින එක්සත්  ජනපද මධ්‍යවාර මැතිවරණ විසින් එක්සත් ජනපද කොංග්‍රසයේ  කාර්යාල දෙකේම පාලනයෙන් රිපබ්ලිකන් පක්ෂය ඉවත් කරන ලදි. රිපබ්ලිකන් පක්ෂයේ පරාජයට හේතු වූ ප්‍රධාන කාරණා වලින් එකක් ලෙස ඉරාක යුද්ධයේදී වූ දුර්වලකම් පෙන්වා දෙනු ලැබ තිබුනි. නොවැම්බර් 23 වැනි දින ඉරාක යුද්ධය ආරම්භ කළ දිනෙන් පසු ඇති වූ මාරාන්තික පහර දීම සිදු විය. මෙම ප්‍රහාරයට සැක කරනු ලැබුවෝ සුන්නි - අරාබි සටන්කාමීහු වූහ. ඔව්හු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහිත මෝටර් රථ කිහිපයක් පුපුරුවා හරිමින් සහ මෝටාර් ප්‍රහාර දෙකක් එල්ල කරමින් අගනුවර ෂයිට් සදර් නගරයේ මුඩුක්කු වලට ප්‍රහාර එල්ල කළහ.  මෙයින් අඩු ගණනේ 215 දෙනෙකු මිය ගිය අතර 257 දෙනෙක් තුවාල ලැබූහ. ‍මෙයට වහාම ප්‍රතිචාර දැක්වූ ෂයිට් මුස්ලිම් කල්ලිය ෂෙල් වෙඩි 10 කින් ප්‍රහාර එල්ල කරමින් බැග්ඩෑඩයේ සුන්නිවරුන්ගේ අති පූජනීය පල්ලියක් වූ අබු හනිෆා පල්ලියට බරපතල හානි සිදු කළහ. මෙම සිද්ධියෙන් එක් අයෙකු මරුමුවට පත් විය. ඉරාකයේ ඉහල පෙලේ සුන්නි මුස්ලිම් සංවිධානයක් වූ “ඇසෝසියේෂන් ඔෆ් මුස්ලිම් ස්කොලර්ස්” නම් සංවිධානයේ කාර්යාල අසලට එල්ල වූ තවත් ප්‍රහාර 8 කින් අහල පහළ නිවාස ගිණි බත් විය. බටහිර බැග්ඩෑඩයේ සුන්නි ජනාවාසවලට එල්ල කළ තවත් මෝටාර් ප්‍රහාර දෙකකින් නම දෙනෙකු මියගොන් 21 දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය ප්‍රකාශ කළේය. 

එක්සත් ජනපද සහ ඉරාක හමුදා බලයට යුධමය වශයෙන් අල් අන්බර් පළාතේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තව දුරටත් යමක් කිරීමට ශක්තියක් නොමැති බවත්, ගම් මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා රජයේ ආයතන සියල්ලක්ම පාහේ ඉරාකයේ අල් ඛයිඩාව විසින් කොටස් වලට බෙදා, දූෂිත තත්වයට පත් කර හෝ සංවිධානයේ අදහස් වලට නම්මවා ගෙන ඇති බවත් සඳහන් කර තිබුණු වාර්තා ස්ථිර කරමින් නොවැම්බර් 28 දින නාවික හමුදා බුද්ධි අංශයේ වාර්තාවක් නැවතත් නිකුත් කරන ලදී.

ඉරාක අධ්‍යයන කණ්ඩායම් වාර්තාව සහ සදාම් ඝාතණය
	
ඉරාකය පිළිබඳ අධ්‍යයන කණ්ඩායමේ වාර්තාව 2006 දෙසැම්බර් 06 වැනි දින නිකුත් වුනේය. කලින් රාජ්‍ය ලේකම්ව සිටි ජේම්ස් බේකර් සහ කලින් ඩිමොක්‍රටික් කොංග්‍රස් පාක්ෂික ලී හැමිල්ටන් විසින් මෙහෙයවන ලද පාර්ශව දෙකකින් යුතු ඉරාකය පිළිබඳ එම අධ්‍යයන කණ්ඩායම තීරණය කළේ “ඉරාකයේ තත්වය බැරෑරුම්ය, දිනෙන් දින නරක අතට හැරෙමින් තිබේ, එසේම එක්සත් ජනපද හමුදාව අවිනිශ්චිත තත්වයකක සිර වී සිටියි.” යනුවෙන් සඳහන් කරමිනි. එකී වාර්තාවේ සඳහන් උපදේශ 79 ට, ඉරානය සහ සිරියාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි කර ගත යුතු බව සහ ඉරාක හමුදා පුහුණු කිරීමට ගන්නා උත්සාහයන් වැඩි කළ යුතු බවද ඇතුළත් විය. දෙසැම්බර් 18 වැනි දින පෙන්ටගන් වාර්තාවක් මගින් පල කළ කරුණු අනුව අමෙරිකානුවන්ට සහ ඉරාක ජාතිකයින්ට කෙරුනු පහර දීම් වල සාමාන්‍යය සතියකට 960 ක් පමණ වූ බව හෙළි විය.
ඒකාබද්ධ හමුදාව විසින් එක් පළාතක පාලනය ඉරාක රජයට විධිමත්ව පවරා දෙන ලදි. එය යුද්ධය ඇරඹුනු පසු කෙරුනු පළමු කාර්යයයි. හමුදා අධිකරණය මගින්, ඉරාක සිවිල් වැසියන් 24 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් 8 දෙනෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ලදි. 2005 නෙවැම්බරයේ ‘හදිතා’ හි සිදු වූ මෙම සිද්ධියේදී මියගිය අය අතුරෙන් දහ දෙනෙකු ළමයින් සහ කාන්තාවන් වූහ. නිලධාරීන් හතර දෙනෙකුටද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කෙරුනේ ඔවුන් රාජකාරි පැහැර හැරීමේ හේතුවෙනි. 

අවුරුද්දක කාලයක් ගත වූ නඩු විමසීමෙන් අනතුරුව අධිකරණය සදාම් හුසේන් වැරදි කරු බවට තීරණය කළ බැවින් 2006 දෙසැම්බර් 30 වැනි දින ඔහු එල්ලා මරණ ලදී.

2007 ජනවාරි 10 වෙනි දින අමෙරිකානු ජනතාව රූපවාහිනි‍ය මගින් ඇමතූ ජනාධිපති බුෂ් තවත් 21500 ක හමුදාවක් ඉරාකයට යැවීමටද, ඉරාක ජාතිකයින් සඳහා රැකියා ව්‍යාපෘතියක්ද, තවත් ප්‍රතිසංස්කරණ යෝජනාවන්ද ඉදිරිපත් කර සිටියේය. මෙම සැලසුම මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නේ මන්දැයි බුෂ් ගෙන් විමසූ විට ඔහු කීවේ “එය කළ යුතු නිසා” යනුවෙනි. 2007 ජනවාරි 23 ජනාධිපති බුෂ් 20000 කට අධික අතිරේක භට හමුදාවක් සහ නාවිකයින් පිරිසක් ඉරාකයට යොදවන බව නිවේදනය කළේය. 2007 පෙබරවාරි 10 දින එක්සත් ජනපද සියලු හමුදා අධීක්ෂණ තනතුර දැරූ ඩේවිඩ් පෙට්රාවුස් ඉරාකයේ බහු ජාතික හමුදාවේ අණ දෙන නිලධාරියා ලෙස පත් කරමින් ඉරාකයට යවනු ලැබුවේ එවකට එහි සිටි හමුදා ප්‍රධානි ජෝර්ජ් කේසි ආපසු කැඳවමිනි. පෙට්රාවුස් ඔහුගේ නව තනතුරේ රාජකාරි කරමින් ඉරාකයේ සියලු ඒකාබද්ධ හමුදා අධීක්ෂණය කළේය. ඒ සමගම බුෂ් ගේ පාලනයෙන් නියම කරන ලද පරිදි එකී හමුදා මෙහෙයවූයේය. 2007 වර්ෂයේදීද ත්‍රස්තවාදීන්ගේ ක්ලෝරින් බෝම්බ ප්‍රහාරයන්වල තියුණු වැඩිවීමක් දක්නට ලැබුනි. 

කෙසේ වුවද විශාල හානි හමුවේ වුවද හමුදාවේ මට්ටම ඉහළ තත්වයක පවත්වාගෙන යාමට හමුදාව තුල වෙනස්කම් දෙකක් කිරීම අවශ්‍ය විය. හමුදා මෙහෙයුම් වැඩි වශයෙන් සිදු වූ අතර අපරාධ පිළිබඳ ඉතිහාසයක් ඇති ස්වේච්ඡා භටයින් ඉවත් කිරීම ලිහිල් කෙරුනි. අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛණ වලින් පෙන්නුම් කරන ලද්දේ තමන්ගේ රාජකාරිය අතහැර යන යුද සෙබලුන්ගේ සංඛ්‍යාව කලින් අවුරුදු වලට වඩා වැඩි වූ බවකි.

බ්‍රිතාන්‍ය හමුදා සේනාංක බස්රා ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීම හේතුවෙන් එක්සත් ජනපද හමුදාවට එල්ල වුනු පීඩනය දැඩි විය. සින්බෑඩ් මෙහෙයුමෙන් පසු ඉරාකයටම ආරක්ෂාව පිළිබඳ කටයුතු භාර දෙමින් බස්රා පෙදෙසින් එක්සත් රාජධානි හමුදා ඉවත් වීම අරඹන බැව් බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් නිවේදනය කළේය. මෙම නිවේදනය පසුව අගමැති පදවියට පත් වූ ගොර්ඩන් බවුන් විසින් ස්ථිර කරන ලදි. බ්‍රවුන් එවකට ඉතිරිව සිටි එක්සත් රාජධානි හමුදා ආපසු කැඳවිමට සැලසුමක් නැවතත් ඉදිරිපත් කළේය. එයට අනුව 2008 වර්ෂයේ අග භාගය වන විට එකී හමුදාව ආපසු කැඳවීමේ කාර්යය සම්පූර්ණ වන්නේය. ජූලි මාසයේදී ඩෙන්මාර්ක් අගමැති අන්ඩෙර්ස් ෆොග් රස්මුසන්ද, ඩෙන්මාර්ක හමුදාවේ 441 දෙනෙකු (නිරීක්ෂණ හෙලිකොප්ටර් යානා මෙහෙයවන නම දෙනෙකුගෙන් යුක්ත ඛණ්ඩයක් හැර) ආපසු ඉරාකයෙන් කැඳවන බව නිවේදනය කළේය.

ඉරාක සමීක්ෂණ කණ්ඩායමේ හා ප්‍රදේශීය අධිකාරියේ සන්ධානය 

ආක්‍රමණයෙන් කෙටි කලකට පසුව බහු ජාතික සන්ධානයන් ප්‍රාදේශීය අධිකාරී සන්ධානය නිර්මාණය කළේය. හරිත කලාපය මත පාදක වූ එය ඉරාකයේ අන්තර්වාර රජයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ඇති වන තුරු ක්‍රියා කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්ස‍ලයෙන් ප්‍රතිබිම්භනය 1483 දී (2003.05.22) හා යුධ නීති යටතේ විධායක ව්‍යවස්ථාදායක හා අධිකරණ අධිකාරිය ඉරාක රජයෙන් එහි නිර්මාණයේ සිට එනම් 2003.04.21 සිට එහි විසිරීම එනම් 2004.06.28 දක්වා බැඳී සිටියහ. 

CPA ආරම්භයේ දී මෙහෙයවනු ලැබූවේ හිටපු එක්සත් ජනපද යුධ නිළධාරියෙකු වූ ජේ. ගානර් විසින් වුව ද ඔහුගේ පත් වීම 2003.05.11 දින දක්වා පමණක් පැවතිය. ගානර් ඉල්ලා අස් වූ පසු ජනාධිපති බුෂ් CPA හි ප්‍රධානියා ලෙස පෝල් බ්‍රීමර් නම් කළ අතර ඔහු 2004 ජුලි මාසයේ CPA හි විසිරීම දක්වා ක්‍රියා කළේය. 2003 සරත් ඍතුවේ දී නිර්මාණය කළ තවත් කණ්ඩායමක් වන්නේ ඉරාක සමීක්ෂණ කණ්ඩායමයි. (එහි අවසාන වාර්තාව ඩුල්ෆර් වාර්තාව ලෙස හැඳින්වේ) මෙය ඉරාකයේ බහු ජාතික බලකායන් විසින් ඉරාකයට යවන ලද තොරතුරු සෙවීමේ මෙහෙයුමක් විය. 2003 ඉරාක ආක්‍රමණයෙන් පසු ඉරාකයේ පැවති සමූල ඝාතක අවි වැඩ පිළිවෙල පිළිබඳව ඔවුන් විසින් සොයන ලදී. පෙන්ටගනය හා CIA  මඟින් සංවිධානය කළ මෙයට සමූල ඝාතක අවි ගබඩා, රසායනික හා ජෛව ආයුධ හෝ වෙනත් ඕනෑම සමූල ඝාතක අවි වර්ධනය කිරීමේ සමීක්ෂණ වැඩි පිලිවෙලවල් හෝ යටිතල පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා අන්තර්ජාතික 1400ක සාමාජික කණ්ඩායමක් අයත් විය. මෙහි වාර්තාවට අනුව ඉරාකයට සජීවී සමූල ඝාතක අවි වැඩ පිළිවෙලක් නොමැති බව හෙලි විය.

දේශපාලන සංවර්ධනයන්  

ඉරාක පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගෙන් අඩකටත් වඩා පළමු වරට රටවෙනුවෙන් ඔවුන්ගේ සේවය ඉදිරියට ගෙනයාම ප්‍රතික්ෂේප කළහ. නීති සම්පාදකයන් 144 ක් අත්සන් කළ ව්‍යවස්ථා කෙටුම් පතෙන් ඉරාක රජයට 2007 අවසානයේදී කල්ඉකුත් වන විදේශ හමුදා ඉරාකයේ රැදිසිටීමට අදාල එක්සත් ජාතීන්ගේ විධානය දික්කෙරෙන අවසරයක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටී. එය තවදුරටත් බටපිරිස් ඉවත් කර ගැනීමට කාල සටහනක් හා විදේශ හමුදා ප්‍රමාණය අවම කිරීමට ඉල්ලා සිටි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එක්සත් ජනපදය මගින් මෙහෙය වන ඉරාකයේ රැදී සිටින බටපිරිස් වෙත ඉරාක රජයෙන් ඉල්ලා සිටිය හොත් ඉවත් කිරීමේ විධානයන් සපයනු ඇත. ඉරාක නීතියට අනුව කතා නායකයා නීති සම්පාදකයන් බහුතරයකගේ සම්මතයක් පෙන්විය යුතුය. ඒ අනුව ඔවු‍න්ගේ 59% ක් බටපිරිස් ඉවත් කිරීමේ කාලසටහනකට එක්සත් ජනපදයට සහයෝගය සැපයිමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

2007 මැදදී සන්ධානය ඉරාක සුන්නි වරුන් ආරක්ෂක බලකා සම්පාදනයට බදවා ගැනීමේ මත ‍භේදාත්මක වැඩ පිළිවෙල ආරම්භ කළහ. එම ආරක්ෂක බලකායන් අභ්‍යන්තර ආරක්ෂාව සපයා ගත නොහැකි විවිධ සුන්නි අසල් වැසියන් ගලවා ගැනීමට හා සහයෝගය දැක්වීමට අදහස් කරයි.

ඉරාක ප්‍රහාරයට බලකාය යෙදවීම සඳහා අවසරය ලබා ගැනීම  

 
2002 ඔක්තෝම්බරයේ දී එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩලය ඉරාකයට එරෙහිව එක්සත් ජනපද යුධ හමුදා බලකායන් යෙදවීමට අනුමැතිය ලබා ගැනීමට ඒකාබද්ධ විසඳුමක් සඳහා වූ ඡන්දය පැවැත්වීමට දින කිහිපයකට ප්‍රථම සෙනෙට් සභිකයන් 75ක් පමණ මෙසේ පවසා සිටියේය. එනම් සදාම් හුසේන් විසින් යුඒස් මඟින් බෙදා හරින ලද ජීව හා රසායනික ආයුධ මඟින් එක්සත් ජනපදයේ බටහිර මුහුදු තටාකාංගනයට පහර දීමට අදහස් කර සිටින බවයි. 2003 පෙබරවාරි මාසයේ 05 වැනි දින කොලින් පවෙල්ද (එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී ඔහු විසින් ඉරාක ඩබ්ලිව්. එම්. ඩී. වැඩසටහන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමේ දී) තවදුරටත් සාක්ෂි සපයමින් පැවසුවේ යුඒවී මඟින් එක්සත් ජනපදයට විරුද්ධව ප්‍රහාර දියත් කිරීමට සූදානමින් සිටි බවයි. එම අවස්ථාවේ දී ඉරාක යුඒවී පිළිබඳව රහස් තොරතුරු අනුව රට අභ්‍යන්තරයේ  සීඅයිඒ මඟින් ඉදිරිපත් කළ නිගමනයන් නිවැරදි ද නැද්ද යන්න පිළිබඳව ප්‍රබල විවාදයක් ඇති විය. එක්සත් ජනපදයේ ගුවන් හමුදා ඒජන්සිය යූඒවී සමඟ සමීපව කටයුතු කරයි. ඇ. එ. ජනපදයේ  බුද්ධිමය හා ගවේෂණ කාර්යාලය සහ ආරක්ෂක බුද්ධිමය ඒජන්සිය ඉරාකය සතුව එවැනි ප්‍රහාරාත්මක යුඒවී හැකියාවක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔවුන් පවසා සිටියේ ඔවුන් කිහිපදෙනෙකු සෝදිසි කිරීමට බලාපොරොත්තු වූ බවයි. රහස් තොරතුරු කමිටුවේ බහුතරයක්දෙනා ඉරාකය, යූඒවී යොදා ගනු ලැබුවේ මූලික පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පමණක් බව පෙන්වා දුණි. සත්‍ය වශයෙන්ම ඉරාක යුඒවී නාවික හමුදාව ඵලදායී අයුරින් මෙහෙයුම්වල නිරත නොවීය. එමෙන්ම ඔවුනට කැමරා, වීඩියෝ පටිගත කිරීම් සඳහා අවැසි පහසුකම් හෝ අඩුම තරමින් යල් පැන ගිය පියා පරායන සහිත අඩි 24.5 දුර සිට පාලනය කෙරෙන නියමුවා රහිත ගුවන් යානා අතළොස්සක් හෝ අන්තර්ගත ප්‍රහාරාත්මක හැකියාවක් හෝ ඉරාකය සතු නොවීය. මෙම මතභේදය එසේ තිබියදීත් සෙනෙට් මණ්ඩලය ඒකාබද්ධ විසඳුමක් සඳහා අනුමැතිය ලබා ගැනීමට 2002 ඔක්තෝබර් 11 ඡන්දය පාවිච්චි කළහ. එමෙන්ම එමඟින් බුෂ් පරිපාලනයට ඉරාකය ආක්‍රමණය කිරීමට අවශ්‍ය නීතිමය පදනම සලසා දුනි. එක්සත් ජාතීන්ගේ යුද්ධායුධ සම්බන්ධව කටයුතු කරන නිලධාරියා වන හැන්ස් බිලික්ස් 2003 ජනවාරි මාසයේ දක්වා සිටියේ, අද වනවිටත් ඉරාකයේ වැසියනට ලෝකයේ සාමයෙන් ජීවත් වීමට සුදුසු පසුබිමක් උදාවී නොමැති බවයි. තවද ටොන් 1000 රසායනික කාරකයන් ගණනය කර නොමැති බවද ඔහු විසින් සටහන් කරන ලදී. ඉරාකයේ වී:එක්ස් නර්ව් නියෝජිත වැඩසටහනේ තොරතුරු අතුරුදහන්ව ඇති අතර එහි “සැලකිය යුතු සාක්ෂි නොමැත” “No convincing evidence” යනුවෙන් ඉදිරිපත් කරනු ලැබීය. එයින් ප්‍රකාශ කරන ලද්දේ ඇන්ත්‍රැක්ස් රෝගකාරක ලීටර් 8,500 නිසා විය හැකි විනාශය පිළිබඳව විය හැකියි. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් වන කොලින් පවෙල් 2003 ජනවාරි 03 වැනි දින එක්සත් ජාතීන්ට කළ ඉදිරිපත් කිරීමේ දී ඔහු විසින් සැලසුම් කරන ලද පරිදි එක්සත් ජාතීන්ගේ සමාජිකයන්ට බලපෑම් කිරීමට සදාම් හුසේන් සතුව මහා විනාශකාරී ආයුධ ඇති බව ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ඔහුගේ ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුගේ ඉදිරිපත් කිරීම නැරඹු අයගෙන් 71% සිතුවේ මෙය ආක්‍රමණය කිරීම සඳහා අන් රටවල අනුමැතිය ලබා ගැනීමට කරන ලද  කූට උපායක් ලෙසයි. ඒ අතර තවත් 51% මතය වූයේ විශාල විනාශයක් කිරීමට අවශ්‍ය ආයුධ ඉරාකය සතුව ඇති බවට ඔප්පු කිරීමට ඔහු සැපයූ සාක්ෂි ප්‍රමාණවත් බවයි. ප්‍රංශයේ විශ්වාසය වූයේ සදාම් ඇන්ත්‍රැක්ස් සහ ආහාර විෂ වීම සඳහා යොදා ගන්නා විෂ ගබඩා කර ඇති බවත් තවද ඔහුට වී:එක්ස් නිෂ්පාදනය කිරීමට හැකි බවත්ය. නමුත් මාර්තු මාසයේ දී බිලික්ස් පැවසුවේ පූර්ණ පරීක්ෂාවකින් අනතුරුව ලබා ගත් ප්‍රගතියේදී ඩබ්ලිව්.එම්.ඩී පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ බවයි. ඊනියා “18 වැනි යෝජනාවේ”  යුදමය ක්‍රියාවන් මඟින් බලකෙරෙන්නේ යෝජනාවන් සමඟ එකඟත්වයකට එළඹෙන ලෙසය. මෙම යෝජනා විසඳුම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ලද සහයෝගය මද බැවින් එය නැවත ඉල්ලා අස් කරගනු ලැබීය. විශේෂයෙන් නෙටෝ සමාජිකයින් වන ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, රුසියාව ඉරාකය යුධමය වශයෙන් ආක්‍රමණයට මැදිහත් වීමට අකමැති විය. එයට හේතුව වූයේ ජාත්‍යන්තර ප්‍රජාවගේ ආරක්ෂාවට හා විදේශ සබඳතාවලට ආරක්ෂාකාරී නිරායුධකරණයෙන් ඇතිවිය හැකි විශාල අනතුරයි.

සැලසුම් කළ භට ඛණ්ඩ අවම කිරීම  

2007.09.10 දින ජෙනරාල් ඩේවිඩ් පෙට්‍රාවුස් විසින් කොංග්‍රසය හමුවේ කළ කතාවක දී ඊළඟ ගිම්හානයේ දී දළ වශයෙන් එක්සත් ජනපද භට ඛණ්ඩ 30000ක් යළි ගෙන්වා ගැනීම සලකා බලන බව ප්‍රකාශයට පත් කළේය.සැප්තැම්බර් 14 වන දින ජනාධිපති බුෂ් ඉරාකයේ සිට සීමා සහිත භට ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට යළි ප්‍රකාශයන් ඉදිරිපත් කළේය. බුෂ්ගේ බලාපොරොත්තුව වූයේ  2007 නත්තල වන විට 5700ක පිරිසක් නිවෙස් බලා පැමිණෙනු ඇති අතර බවත්, 2008 ජුලි වන විට තවත් දහස් ගණනක් ගෙන්වා ගැනීමටත්ය. මෙම සැලැස්ම භටඛණ්ඩ සංඛ්‍යාව 2007 ආරම්භයේ දී කැරැල්ලට පෙර ගෙන්වීමට කටයුතු යොදා තිබුණි. රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කැරැල්ල ඇතිවීමට පෙර 2007 මැද දී භට කණ්ඩායම් අඩු කිරීමට නිවේදනය කිරීමත් සමඟ ආ‍න්දෝලනයක් ඇති විය.

ආරක්ෂාව සම්බන්ධයෙන් කැරැල්ලේ බලපෑම් 

2007 මැද භාගයේ දී බැග්ඩෑඩයේ එක්සත් ජනපද මූලාශ්‍රයන් විසින් වාර්තා කළ අන්දමට දරුණු තත්වයක් ඇති වී ඇති අතර එය 80%කින් මැඩ පවත්වා ඇත. කෙසේ නමුත් ස්වාධීන වාර්තා එවැනි ඇගයීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. ඉරාක යුධ ප්‍රකාශකයෙක් චෝදනා කළ අන්දමට 265 දක්වා භට පිරිස් වැඩි කිරීමේ සැලසුම සමඟ සිවිල් වැසියන් ඝාතනය ‍පෙර සති 4 දී 1440 කින් අඩු වී ඇත. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සොයාගත් අන්දමට එම දින 28 තුළ දීම ඉරාක සාමාන්‍ය වැසියන් 450කට වඩා ඝාතනය වී ඇති අතර එය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ හා බලලත් නිළධාරීන්ගේ දෛනික වාර්තා මත පාදක වී ඇත. ඓතිහාසිකව දෛනික ගණනය කිරිම් NYT මඟින් ප්‍රකාශ කළ අන්දම හා සසඳන කළ එක්සත් ජනපද අධ්‍යයනයන් ප්‍රකාශ කළ මරණ සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වඩා වාර්තා වී ඇත. ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිස් හා මරණයට පත් වූ පිරිස් මත එය රඳා පවතී.

ඇමරිකානු භට පිරිස්වල බැග්ඩෑඩ් හි දී මරණයට පත්වීමේ සීඝ්‍රතාව පළමු සති 7 තුළ දී උච්චත්වයට පත් වී ඇත. ආරක්ෂක වැඩි කිරීම පෙර කාල පරිච්ඡේදයට වඩා දෙගුණ වී ඇති අතර දිනකට 3.14 ප්‍රමාණයකට වැඩි වී ඇත.

ආශ්‍රිත

ඉරාක යුද්ධය
ඉරාකය
අල්වා ගැනීමෙන් පසුව සදාම් හුසේන් 

“රතු අරුණෝදය” මෙහෙයුමේදී ටික්රිට් නගරය ආසන්න ගොවිපලකදී 2003.12.13 දින සදාම් හුසේන් අල්වා ගන්නා ලදී. කැරැල්ලට සම්බන්ධ ඉතිරි බාත් පාක්ෂිකයන් වැටලීමේ දී පෝෂණය වුණු බුද්ධි තොරතුරුමත පදනම්ව එය සිදු කෙරිණි. මෙම මෙහෙයුම මෙහෙයවූයේ එක්සත් ජනපද හමුදාවේ 04 වන අනුකණ්ඩය හා 121 වන කාර්ය සාධක බලකායේ සාමාජිකයන් විසිනි.

කාමර දෙකක කුඩා කුටියක් යට කුරුබිලියකදී සදාම් හුසේන් අල්‍ලා ගන්නා ලදී. ඔහු අල්ලා ගන්නා විට එක්සත් ජනපද හමුදාව හා සදාම් අතර සුළු අරගලයක් පමණක් ඇති විය. මේජර් ජෙනරාල් රේමන් ඕල්ඩ්‍රිනෝ විසින් විචාරය කළ පරිදි “අපි ඔහු මීයෙක් මෙන් අල්ලා ගතිමු” ඔහුගේ පවුලේ සාමාජිකයන් හා හිටපු ආරක්ෂක නිලධාරීන් මගින් සදාම් අල්ලා ගැනීමට බුද්ධි තොරතුරු ලබා ගැණුනි.

සදාම් අල්ලා ගැනීම හා කැරලි ප්‍රහාරයන් අඩු වීම සමග ඇතැම් අය බහු ජාතික බලකායන් කැරලිවලට එරෙහි මෙහෙයුමේ යෙදී සිටින බව හුවා දැක්වීය. ප්‍රාදේශීය රජය රට ආරක්ෂා කිරීමට අරමුණු කොට ගත් නව ඉරාක ආරක්ෂක බලකායන් පුහුණු කිරීම ආරම්භ කළේය. එක්සත් ජනපදය ඩොලර් බිලියන 20 ට වඩා ප්‍රතිසංස්කරණ ප්‍රතිපාදන ඉරාකයේ අනාගත තෙල් ආදායම් මගින් අය කර ගැනීමේ පදනම මත ලබාදෙන ලදී. තෙල් ආදායම පාසල් යලිත් ගොඩනැංවීමට හා විද්‍යුත් හා කර්මාන්තශාලා යටිතල පහසුකම් සම්පාදනයට යොදා ගන්නා ලදී. 

සදාම් අල්ලා ගැනීමෙන් කෙටි කලකට පසුව ප්‍රාදේශීය අධිකාරී සංගමය ඉරාක අන්තර්වාර රජයක් ගොඩනැංවීමට හා මැතිවරණ සූදානමක් ඇති කිරීමට කටයුතු කළේය. මේ අතුරින් ප්‍රධානතම වන්නේ ෂියා පූජක අයතුල්ලා අලි අල් - සිස්ථානි ය. මේ වකවානුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීමට එරෙහිව ප්‍රාදේශීය අධිකාරී සංගමය ක්‍රියාකළ අතර ඒ වෙනුවට ඔවුන් කැමැත්ත දැක්වූයේ අවසානයේ ඉරාක අන්තර්වාර රජයකට බලය පැවරීමටයි. නව ඉරාක අන්තර් වාර රජයේ බලය සඳහා අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් කුළු ගැන්විණි. මේ අතරින් වඩාත් නොහික්මුණු ප්‍රදේශ වන්නේ ෆලූජා සහ බැග්ඩෑඩ් නගරයේ සිට බස්රා දක්වා දුප්පත් ෂියා නගර ප්‍රදේශවලිනි.

References 
http://en.wikipedia.org/wiki/Iraq_war#Post-invasion_phase
මනෝ විද්‍යාවේ ජීව විද්‍යාත්මක මනෝ විද්‍යව නොහොත් ජීව මනෝ විද්‍යාව / මනෝ විද්‍යාව යනු මානසික ක්‍රියාවන් හා හැසිරීම් අධ්‍යයනය සඳහා ජීව විද්‍යාත්මක සිද්ධාන්තයන් යොදා ගැනීමයි. උදාහරණයක් ලෙස මනෝ ජීව විද්‍යාඥයෙක් පාත්ත පැටවනුගේ හැසිරීම් ළදරුවන්ගේ හැසිරීමට ආදේශ කර ඒවා මත සිද්ධාන්ත බිහි කරයි. මීට අමතරව ඔහු ජීව විද්‍යාත්මක විචල්‍යයන් මැනීමටද විශේෂ කැමැත්තක් දක්වයි. ඒවා ගුණාත්මක හා සංඛ්‍යාත්මකව හෝ මනෝ විද්‍යාත්මක හෝ හැසිරීම විචල්‍යයකන්ට සම්බන්ධ කිරීමට උත්සාහ කරයි. අනතුරුව එය සාක්ෂි මත පදනම් වූ පුහුණුවට උපයෝගී කරයි.

ඉතිහාසය 

මෙම අධ්‍යනයන් පර්සියාවේ මනෝ විද්‍යාඥ Avicenna (980-1037 A.D.) සහ අනුබද්ධ වෛද්‍යවරයෙක් දක්වා දිවෙයි. මොවුන් දෙදෙනා විසින් චිත්ත සංවේදන ආශ්‍රිත මනෝ රෝග සඳහා ප්‍රතිකාරයන්ට කායික මනෝ විද්‍යාවේ වටිනාකම හඳුනාගන්නා ලදි. අකුරු ආශ්‍රිත පර්යේෂණය මඟින් ශරීර අභ්‍යන්තරයේ සිදුවන නාඩිවල වෙනස්කම් කායික රෝග සඳහා හේතුවන බව මේ දෙපළ අවබෝධ කරගති.මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම් කළ අතර සෑම විටම කායික සහ මානසික රෝග එකිනෙකට සම්බන්ධ කරන ලදී. ඔහු විසින් මොළය තුළ පවතින ආර්ද්‍රතාවය මනෝභාව රෝග සඳහා බලපාන බව පැහැදිලි කරන ලදී. සතුට වැඩි වූ විට හුස්ම ගැනීමේ ප්‍රමාණය වෙනස් වන (වැඩිවන) බවත් එමඟින් මොළය තුළ ආර්ද්‍රතාවය වැඩි කරන බවත් හඳුනාගන්නා ලදී. නමුත් එම තෙතමනය සීමාව ඉක්මවා යෑම මඟින් මොළයේ කල්පාන්විත පාලන හැකියාව නැති කිරීම මඟින් මානසික රෝග ඇති වන බව පහදා දෙන ලදී.

18 වැනි සහ 19 වැනි සියවස්වලදී විවිධ විද්‍යාත්මක සහ දර්ශනාත්මක සම්ප්‍රදායන්වලින් ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව විද්‍යාත්මක ක්ෂේත්‍රයක් ලෙස පැන නැගිණි. දර්ශනවාදයේ දී, Rene Descartes විසින් භෞතික අනුරූපක මඟින් මිනිස් සහ සත්ව හැසිරීම් පහදා දීමට යෝජනා කරන ලදී. උදාහරණයක් ලෙස ඔහු බොහෝ ජීවීන්ගේ මොළයේ මධ්‍යගතව පවතින පීනයිල් ග්‍රන්ථිය මිනිස් සිත හා දේහය අතර සන්ධිය ලෙස පවසන ලදී. මීට අමතරව දේහ තරලවල පවතින වායු ස්වභාවය මඟින් ප්‍රතීකයන් සහ අනෙක් චාලක ක්‍රියාවන් පහදන සිද්ධාන්තයක් ද ගොඩ නඟන ලදී.

අනෙක් දර්ශනවාදීන් ද මනෝ විද්‍යාවේ උපත සඳහා විවිධ අයුරින් සහාය ලබා දෙන ලදී. මුල් කාලයේ එන පාඨ ග්‍රන්ථයක් වන William James (1890) “මනෝ විද්‍යාවේ මූලධර්ම” මනෝ විද්‍යාවේ විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා ජීව විද්‍යාවේ මූලික අවබෝධයක් තිබිය යුතු බවට තර්ක කරන ලදී.
      

“ සිරුරේ ක්‍රියාකාරකම් සහ අත්දැකීම් විශේෂයෙන් මොළය සම්බන්ධ අත්දැකීම් සම්බන්ධයෙන් වන මනෝ විද්‍යාව සැළකිල්ලට ගත යුතු වෙයි. අධ්‍යාත්මවාදීන් සහ සංඝටනවාදීන් යන දෙදෙනාම අවම වශයෙන් ඔවුනගේ මූලධර්ම විස්තර කරන අසාමාන්‍ය ආකාරය සහ ඒවා පහදා දිය හැක්කේ මොළය සම්බන්ධ නීති මඟින් පමණක් වීම නිසා ද මොවුන් 'cerebralists,' (මස්තිෂ්කයින්) ලෙස හැඳින්විය යුතුය. අපගේ ප්‍රථම නිගමනය වනුයේ මොළයේ භෞතවේදය මනෝ විද්‍යාව තුළ යම් තාක් දුරට හෝ අන්තර්ගත කළ යුතු බවය. ”

ජේම්ස්හට, අනෙකුත් මුල් කාලීන මනෝ චිකිත්සකයින් මෙන් කායික විද්‍යාව ගැන පුළුල් පුහුණුවක් ලද්දෙකි.

ව්‍යුහ විද්‍යාවේ (විශේෂයෙන්ම ස්නායුක ව්‍යුහ විද්‍යාවේ) ආශ්‍රිතව කායික විද්‍යාව පැන නඟී. ඒ අනුසාරයෙන් මනෝ විද්‍යාව සහ ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව යන දෙඅංශයම නිත්‍යානුකූල විද්‍යාවන් ලෙස බිහි වී ඇති බව ප්‍රකාශ කළ හැකිය. විශේෂයෙන්ම කායිකවේදීන්  විසින් ජිවීන් ඇසුරින් පර්යේෂණ කරන ලැබුව ද ඒවා සමකාලීන ව්‍යුහවේදීන් විසින් අනුමත නොකරන ලදහ. ක්ලෝඩ් බර්නාඩ් , චාර්ලිස් බෙලි , විලියම් හාර්වි වැනි විද්‍යාඥයින්ගේ පරීක්ෂණ “ජීවීන් ඇසුරින් කරන පර්යේෂණවලින් විශ්වාසදායී දත්ත” යන මතය විද්‍යාත්මක සමාජය තුළ ඇති කිරීමට උපකාරී විණි.

මනෝ ජීව විද්‍යාව යන පදය විවිධ ක්ෂේත්‍රයන්හි යොදා ගත්ත ද එය ප්‍රථම වරට යොදා ගත්තේ නයිට් ඩන්ලැප් විසින් රචිත “මනෝ ජීව විද්‍යාව පිළිබඳ විග්‍රහය” යන ග්‍රන්ථයේය. ඔහු විසින් මනෝ ජීව විද්‍යා සඟරාව ආරම්භ කරන ලදී. එහි ප්‍රථම එළි දැක්වීමේ දී ඔහු විසින් මානසික සහ කායික ක්‍රියාවලීන් අතර ඇති සම්බන්ධතාවය විදහා දක්වන සඟරාව ලෙස හඳුන්වා දී ඇත. එමඟින් ඔහු ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව හඳුන්වා දී ඇත.

සටහන් 

{|

|Biological_psychology

|-
ජීව විද්‍යාව
මනෝ විද්‍යාව
කාල් රොජර්ස් යනු මනෝ විද්‍යාවේ මානුෂීය ප්‍රවේශණය පිළිබඳ අධ්‍යනයේ අඩිතාලම් දැමූ ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයෙකි. ඔහුගේ මූලික පර්යේෂණ කටයුතු නිසා 1956 වර්ෂයේදී ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ විද්‍යාත්මක දායකත්වය පිළිබඳව විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ අද්විතීය ප්‍රවේශණයක් වන පුද්ගල කේන්ද්‍රගත ප්‍රවේශණය මඟින් පෞරුෂත්ව අධ්‍යනය සහ පුද්ගල බැඳීම් පිළිබඳව හදාරා ඇත. එම ප්‍රවේශණය මානසික ප්‍රතිකාර සහ උපදේශනයේ දී (රෝගියා කේන්ද්‍රගත ප්‍රවේශණය) අධ්‍යාපනය (ශිෂ්‍ය කේන්ද්‍රගත ඉගෙනුම) ආයතනය සහ අනෙකුත් කණ්ඩායම් තුළ දී බහුලව යොදා ගෙන ඇත. ඔහුගේ වෘත්තීය දායකත්වය වෙනුවෙන් ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් 1972 වර්ෂයේදී වෘත්තිකයන්ගේ අද්විතීය දායකත්ව සම්මානය පිරිනමන ලදී. ඔහුගේ ජීවිතයේ අවසාන භාගය තුළ දී  ඔහු විසින් දකුණු ඇමරිකාව සහ උතුරු අයර්ලන්ත අර්බුදයේ දී පුළුල් දායකත්වය ලබාදීම නිසා නොබෙල් සාම ත්‍යාගයට පවා නම් කෙරිණි. වසර 2002 දී Haggbloom විසින් සඳහන් කිරීම සහ පිළි ගැනීම වැනි සාධක හයක් උපයෝගී කර ගනිමින් කරන ලද නිරීක්ෂණාත්මක අධ්‍යයනයේ දී 20 වැනි සියවසේ කීර්මත් මනෝ විද්‍යාඥයින් අතර හයවැනි තැනට පත්විය. තවද චිකිත්සකයින් අතර ඔහු දෙවැනි වූයේ සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට පමණි.
විද්‍යාඥයෝ
විශාදය යනු දෛනික ක්‍රියාකාරකම් සඳහා උද්යෝගය අඩුවීම සහ සතුට ලබා ගැනීමට හැකියාව අඩුවීම යන රෝග ලක්ෂණවලින් යුක්ත වන මානසික ආබාධයකි.

දොම්නස යන්න පුද්ගලයෙකුගේ තාවකාලික පීඩිත මනෝභාවය හැඳින්වීමට යොදාගත්ත ද සායනික විශාදය යනු පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් ,පවුල් කටයුතු ,අධ්‍යාපනික කටයුතු, නින්ද, ආහාර ගැනීම, කායික සෞඛ්‍යය සහ ජීවිතයේ සතුටු වීමට ඇති හැකියාව අඩපණ කරන මානසික රෝගී තත්වයකි. විශාදයේ සායනික මාර්ගය පුළුල් ලෙස වෙනස්විය හැකිය. එනම් විශාදය ජීවිතයේ එක් වරක් පමණක් ඇතිවිය හැකි අතර ඇතැම් අයෙකු කිහිපවාරයක් මෙම රෝගයට ගොදුරු විය හැකිය. තවද එය ක්‍රම ක්‍රමයෙන් හෝ හදිසියේම ඇති විය හැකිය.

මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයා මාස කිහිපයකින් සුව විය හැකි අතර ඇතැම් රෝගීහු ජීවිත කාලය පුරාම නිරතුරුවම රෝගයෙන් පීඩා විඳිති. විශාදයට ගොදුරු වී සිටින රෝගීන් තම ජීවිත හානිකර ගැනීමට වැඩි නැඹුරුතාවයක් දක්වන අතර වෙනත් ක්‍රම මගින් ජීවිත හානි සිදු වීමට ඇති හැකියාවද වැඩි වේ.

විශාදය තනිව ඇතිවිය හැකි රෝගයක් ලෙසද ඇතැම් විට ද්විධ්‍රැව රෝගයක හෝ නිද්‍රාගත වේදනාවක අතුරුඵලයක් ලෙසද ඇතිවිය හැකිය. මනෝචිකිත්සාව සහ විශාද නාශක ඖෂධ භාවිතය විශාදයට උචිත ප්‍රතිකාර ක්‍රම ලෙස පෙන්වා දිය හැකිය.

ආශ්‍රිත ලිපි 

 Section F33 of ICD 10 classification  https://www.who.int/classifications/icd/en/bluebook.pdf
 විශාදය (online doctor sri lanka) 

මනෝ වෛද්‍යවේදය
මානසික ආබාධ
සිහින යනු පුද්ගලයකු අත්විඳින හැඟීම්, දර්ශනය සහ සිතුවිලි වෙයි. නින්දේදී සිදුවන ඉක්මන් අක්ෂි චලන සමග ප්‍රබලව බැඳී පවතී. සිහිනයක අන්තර්ගතයන් සහ එහි අදහස මුළුමනින්ම වටහා ගෙන නැත. එහෙත් ඉතිහාසය පුරාවටම සිහිනය යනු විමර්ෂණයට ලක්වූ මාතෘකාවකි.

නින්දේ සහ සිහිනයේ අදාල ස්නායු විද්‍යාව

සිහිනයට විශ්වයේ පිළිගත් ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීමක් නොමැති පොදු නිරීක්ෂණ මගින් සිහිනය හා නින්දේ ඇතිවන ඉක්මන් අක්ෂි වලන ප්‍රබලව බැඳී පවතින බව සොයා ගෙන ඇත. මෙම සිහින අතරතුර, මොළයේ ඇති වන විද්‍යුත්ධාරා සටහන් මිනිසා අවදිවී සිටින විට ඇති වන විද්‍යුත් ධාරාවලට බොහෝ දුරට සමානය. ඉක්මන් අක්ෂි චලන නොමැති අවස්ථාවේ දක්නා ලද සිහින බොහෝ දුරට ලෞකික ඒවා විය. සාමාන්‍ය මිනිස් ජීවිත කාලයක් තුළ මිනිසා අවුරුදු 6 ක් පමණ සිහින දකියි. (දවසකට පැය දෙක බැගින්) මෙම සිහින හටගන්නේ මොළයේ එක් ස්ථානයකදී ද නැතහොත් මොළයේ විවිධ ප්‍රදේශවලින්ද යන්න අපැහැදිලිය. එමෙන්ම සිහින මගින් සිරුරට හා සිතට ඇති ඵලදායීතාවය තවදුරටත් අපැහැදිලි කරුණක්ව පවතී.

සටහන් 

{|

|Dream
ජීව විද්‍යාව

lucid dreaming=

සිහිනයක් තුල සිටින විට ඒසිටින්නේ සිහිනයක බව දැනගතහොත් කුමක් සිදු වේ ද?
අධ්‍යාපන මනෝවේදය යනු මිනිසා අධ්‍යාපන පසුබිමක ඉගෙන ගන්නා ආකාරය, අධ්‍යාපනික වෙනස්කම්වල ඵලදායීතාව ඉගැන්වීමේ මනෝ විද්‍යාත්මක පසුබිම සහ පාසල් සමාජ මනෝ විද්‍යාත්මක පසුබිම ගැන කරන විග්‍රහයකි. නමුත් අධ්‍යාපනික මනෝවිද්‍යාව සහ පාඨශාලීය මනෝවිද්‍යාව එකිනෙකට බැඳුණ ද ගවේශකයින් සහ මතවාදීන් අධ්‍යාපනික මනෝ විද්‍යාඥයින් ලෙසද පාසල් හා ඒවා ආශ්‍රීත මනෝ විද්‍යාඥයින් පාඨශාලීය මනෝවිද්‍යාඥයින් ලෙස ද හැඳින්විය හැක. අධ්‍යාපනික මනෝ විද්‍යාව මගින් ශිෂ්‍යයා ඉගෙනීම සහ තම බුද්ධිය වැඩි දියුණු කරන ආකාරය ගැන අවධානය යොමු කර ඇති අතර විශේෂයෙන්ම මෙහිදී අධිමානසිකත්වයක් ඇති සිසුන් සහ අබාධිත සිසුන් ගැන වැඩි අවධානයක් යොමු කරයි.

අධ්‍යාපන මනෝවිද්‍යාව යන්න එය අනිත් අංගයන් හා ඇති සබඳතාවයන් මගින් බොහෝ දුරට අවබෝධ කර ගත හැකිය. මෙය මනෝවිද්‍යාව හා අතර ඇති සම්බන්ධතාවය ද වෛද්‍ය විද්‍යාව සහ ජීව විද්‍යාව අතර සහ භෞතික විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව අතර ඇති බැඳීමට සමාන වෙයි. එමෙන්ම අධ්‍යාපනික මනෝවිද්‍යාව මගින් පුහුණු සැලසුම් අධ්‍යාපනික තාක්ෂණවේදය, විෂය මාලා සැකසුම , සංවිධානාත්මකතා අධ්‍යාපනය, විශේෂ අධ්‍යාපනය, පන්ති පාලනය වැනි උප කොටස් මනාව පහදා දෙයි. මෙය ඥානාත්මක විද්‍යාව සහ ඉගෙනීම් විද්‍යාව යන දෙඅංශයටම දායක වෙයි. විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනික මනෝවිද්‍යා පරිශ්‍රය පිහිටා ඇත්තේ ශාස්ත්‍ර පීඨය තුළයි. මෙම නිසා මූලික මනෝවිද්‍යා පාඨග්‍රන්ථයන්හි අධ්‍යාපනික මනෝවිද්‍යාව සඳහා යොදවා ඇති (හඳුන්වාදීම) ඉඩ ප්‍රමාණය අල්ප වේ.

    

ජීව විද්‍යාව
මනෝ විද්‍යාව
ඉලක්කගත අවධානය

ඇමරිකානු මෝහන විද්‍යා සංගමයේ වෙබ් අඩවිය පවසන පරිදි මෝහනය යනු අන්තර් අවශෝෂණය, ඒකාග්‍රතාවය සහ ඉලක්කගත අවධානය පවත්වා ගැනීමකි.

බොහෝ මෝහන විද්‍යාඥයන් විසින් මෝහනයට ලක් වූවන්ගේ අත්දැකීම් තම පාලනයට නතු කර ගනු ලබයි. මෝහන කාල පරිච්ඡේදයකට පසුව සහභාගී වූවන්ගෙන් අවසාන නිගමනය ඇසූ විට ඔවුන් පැවසුයේ එම අවස්ථාව අමතක බවයි. තවද ඇතැමෙක් පැවසුවේ මෝහන විද්‍යාඥයා වැරදි බව හැඟී ගියද එම අවස්ථාවේ දී මනෝ විද්‍යාඥයකුගේ උපදෙස් පිළිපැදීම පහසු ලෙස හැඟී ගිය බවයි.

(Richard Feynman ඔහුගේ “Surely You’re Joking Mr. Feynman” කෘතියේදී තම මෝහනගත අත්දැකීම් විස්තර කරයි)

මෝහනයේ ගැඹුරු බව 

කළු ඉංගිරියා ප්‍රතිකය

නෙදර්ලන්ත ජාතික මෝහන විද්‍යාඥ කාල් සෙප්ටස්ගේ මෝහනය පිළිබඳ ගුප්ත රහස් ප්‍රකාශනයේ කළු ඉංගිරියාවේ ප්‍රතික ක්‍රියාව මෝහනයේ දී  සිදු නොවන බව සඳහන් වෙයි. විශේෂයෙන්ම මෝහනයට පත් පුද්ගලයාගේ ඇස් ඇරීමට උපදෙස් දී දීප්තිමත් ආලෝකයක් ඇසට යොමු කළ විට කළු ඉංගිරියාව සංකෝචනයට පත් නොවේ. මෝහන විද්‍යාඥයින් පුද්ගලයින් මෝහනයට පත් කිරීමට ඇතැම් ඉඟියන් යොදා ගත්ත ද ඇස් සම්බන්ධ ඉඟි , දෘෂ්ටි ඉලක්කයන්, ආලෝකය , සහ කළු ඉංගිරියාවේ සංකෝචන හා ප්‍රසාරණය සම්බන්ධ වන ඉඟියන් යොදා ගැනීම නොකළ යුතුමය.

සටහන් 

{|

|Hypnosis General_effects
ධාරිතාව

මොළය නියුරෝන අතර අමතර සන්ධි ගොඩ නඟා ගැනීමෙන් දිගු කාලීන තොරතුරු ගබඩා කර ගනියි. මොළයේ ආසන්න ලෙස සන්ධි 105 පවතින නිසා කෙනෙකුට මතක ධාරිතාව ටෙරා බයිට් 100 ලෙස විවාද කළ හැකිය. තවද සන්ධියකට බයිට් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කළ හැකි නම් ධාරිතාව තවත් වැඩි වේ. නමුත් මිනිසාට මොනම අයුරකින්වත් මේ තරම් තොරතුරු ගබඩා කළ නොහැකිය. 1980 මැද කාලයේ කරන ලද පර්යේෂණවලට අනුව මිනිසාගේ දිගු කාලීන මතකයේ තොරතුරු ගබඩා කළ හැක්කේ තත්පරයකට බයිට් 1-2 අතර ප්‍රමාණයක් බව සොයාගන්නා ලදී. එනම් අවුරුදු 70 ක් වන ජීවිත කාලය තුළ මොළයේ ගබඩා කළ හැක්කේ මෙගා බයිට් 125ක තොරතුරු පමණි.

කාලය

Bahrick ගේ අධ්‍යයන කටයුතුවලට අනුව දිගු කාලීන මතකයේ ඇති ඇතැම් තොරතුරු ජීවිත කාලයටම මතක තබා ගත හැකි බව අනුමාන කරන ලදී. නමුත් ඇතැම් හේතු සාධක මගින් එම මතකයන් අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් නැති කිරීම කළ හැකිය. ළමා කාලයේ අමතක වීම දිගු කාලීන මතක කාලයට බලපාන එක් හේතු සාධකයකි. එනම් අවුරුදු 3,4 පෙර තම ජීවිතයේ තොරතුරු නැවත සිහි ගැන්විය හැකි පුද්ගලයින් සිටින්නේ අතලොස්සක් පමණි.

තොරතුරු සැකසීම සහ දත්ත ගත කිරීම

බැඩ්ලිගේ පර්යේෂණ අනුව දිගු කාලීන මතකය තොරතුරු ගබඩා කිරීම සඳහා පිළිවෙලට සකසා ගනියි.

නින්ද

මනා සංවිධානාත්මක දිගු කාලීන මතකයක් සඳහා නින්ද වැදගත් සාධකයක් ලෙස ඇතැම් සිද්ධාන්ත මඟින් පෙන්වාදී ඇත.

Tarnow’s ගේ සිද්ධාන්තයන්ට අනුව දිගු කාලීන මතකයන් ගබඩා කර ඇත්තේ සිහින ආකාරයන් ලෙසය. Penfield සහ Rasmussen’s ගේ හඳුනාගැනීම් අනුව මොළයේ විද්‍යුත් උද්දීපනයන් මඟින් සිහිනවලට සමාන අත්දැකීම් ඇති වන බව පෙන්වා දී ඇත.මෙහිදී මිනිසෙකු නොනිදා සිටින කාලය තුළ විධායක කාර්යයන් මඟින් දිගු කාලීන මතකය යථාර්ථය හා ගැළපේ ද යන්න සොයා බලයි.

සටහන් 

{|

|Long_term_memory
මානසික සෞඛ්‍යය මගින් චිත්ත හැඟීම් හෝ ගුණාත්මක යහ පැවැත්ම හෝ මානසික රෝග හෝ නොමැති බව විස්තර කරයි. ධනාත්මක මනෝවිද්‍යාව හා ස්ථිර මානසික සෞඛ්‍යය අන්‍යෝන්‍යව සිතා බලන කල පුද්ගලයෙකුගේ ජීවිතය විඳීමට ඇති හැකියාව, ජීවිතයේ ක්‍රියාකාරකම් අතර සමබලතාවයක් පවත්වා ගැනීම සහ මනෝ විද්‍යාත්මක මත ප්‍රකෘති භාවයක් ලබා ගැනීම ලෙස හැඳින්විය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික සෞඛ්‍යය යන්නට ගැලපෙන එක් පොදු අර්ථ දැක්වීමක් නොමැත. එහි අර්ථ දැක්වීමට සංස්කෘතික වෙනස්කම් , පුද්ගල ඇගයීම් , වෘත්තිකයින්ගේ සිද්ධාන්ත යන සියල්ල බලපායි.

ඉතිහාසය 

මානසික රෝග සඳහා ප්‍රතිකාරයන්හි ඉතිහාසය 8 වැනි සියවසේ සිට 15 වැනි සියවස දක්වා වූ මුස්ලිම් ජාතික වෛද්‍යවරුන් දක්වා දිවෙයි. මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් වන අබු සයිඩ් අල් බකී විසින් මානසික සෞඛ්‍යයේ ආධ්‍යාත්මික නිරෝගීතාවයට සම්බන්ධ කරමින් ආරම්භක සංකල්පයක් ඉදිරිපත් කොට ඇත.

19 වැනි සියවස මැද භාගයේ දී මානසික සෞඛ්‍යය පැහැදිලිව නිර්වචනය කිරීමට විලියම් ස්වීට්සර් සමත් විය. ඇමරිකානු මනෝවිද්‍යාඥ සංගමයේ ආරම්භකයෙක් වන අයිසැක් රේ විසින් තවදුරටත් සිතේ ශක්තිය ගුණාත්මකභාවය , වර්ධනය විනාශ කරන බලපෑම් සහ ක්‍රියාකාරකම්වලින් සිත ආරක්ෂා කරන කලාවක් ලෙස හඳුන්වා දුනි.

20 වැනි සියවසේ මුල් භාගයේ දී මානසික සෞඛ්‍ය සඳහා වන ජාතික සංගමයට ආරම්භයට උරදුන් ක්ලිෆඩ් විටින්හම් බියර්ස් විසින් ප්‍රථම බාහිර මානසික රෝගී සායනය ආරම්භ කරන ලදී.

සටහන් 

{|

|Mental_health

|-
සෞඛ්‍යය
ස්නායු මනෝවිද්‍යාව යනු මනෝවිද්‍යාවේ සහ ස්නායු විද්‍යාවේ සම්බන්ධ කරන අන්තර් ක්ෂේත්‍රයකි. එමගින් මානසික ක්‍රියාවන් සහ ඊට අදාළ හැසිරීම්, මොළයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය මගින් හඳුනාගැනීමට උත්සාහ දරයි. ස්නායු මනෝවිද්‍යාව මිනිසා සහ සත්වයින්ගේ රෝග අධ්‍යයනයට සහ උසස් ප්‍රයිමාටාවන්ගේ සෛල හෝ සෛල කාණ්ඩවල විද්‍යුත් ක්‍රියාකාරිත්වය සටහන් කිරීමේ ප්‍රයත්නය යන දෙකටම ව්‍යවහාර කළ හැකිය. මෙය විද්‍යාත්මක ප්‍රවේශනයක් වන අතර සිතේ තොරතුරු සැකසීම ඥානාත්මක මනෝවිද්‍යාව සහ ඥානාත්මක විද්‍යාව යන දෙඅංශයකටම බෙදා ගනී. මෙය මනෝවිද්‍යාත්මක ක්ෂේත්‍ර අතරින් වඩා සාරවත් ක්ෂේත්‍රයකි. එනම් ඇතැම් කාලයන්හි ස්නායුක මනෝ විද්‍යාව, දර්ශනවාදය (විශේෂයෙන්ම චිත්ත දර්ශනය) ස්නායු අධ්‍යයනය, මනෝවිද්‍යාව, පරිගණක විද්‍යාව (කෘත්‍රීම ස්නායුක පද්ධති බිහි කිරීම) වැනි ක්ෂේත්‍ර සමග අති පිහිත වේ. පුහුණුවේ දී ස්නායුක මනෝවිද්‍යාඥයින් අධ්‍යයන කටයුතුවල (පර්යේෂණ කටයුතු) , සායනික ස්ථානවල (ස්නායුක මනෝවිද්‍යාත්මක රෝග සඳහා ප්‍රතිකාර කරමින්) , අධිකරණයන්හි (විශේෂඥ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වීම/ විත්තිකරුවන්ගේ විශ්වසනීයත්වය ඇගයීම) කර්මාන්තශාලාවල (ස්නායුක් මනෝවිද්‍යාඥයින්ගේ දැනුම මධ්‍ය ස්නායුක පද්ධතියට බලපෑ හැකි ඹෟෂධ පිළිබඳව පර්යේෂණවලදී වැදගත් වේ) වැනි අවස්ථාවල කර්යයන් සඳහා යොදවා ගනී.

සටහන් 

{|

|Neuropsychology

|-
මනෝ විද්‍යාව
පාර්කින්සන් රෝගය, යනු එයට ගොදුරු වූ පුද්ගලයාගේ චාලක ක්‍රියාවන් , කථනය සහ අනෙකුත් ක්‍රියාවන් අඩපණ කරන ප්‍රධාන ස්නායු පද්ධතියේ පිරිහීම් තත්වයකි.

මෙය චලන රෝගී තත්ත්වයන් ලෙස හඳුන්වන රෝග කාණ්ඩයේ එක් රෝගයකි. මාංශ පේශීවල තද බව, අනිච්ඡානුග සියුම් චලන, චාලක ක්‍රියාවන්හි වේගය අඩු වීම හෝ නැති වී යාම , මෙම කාණ්ඩයට පොදු අද්විතීය රෝග ලක්ෂණයන් වේ. ස්නායු පද්ධතියේ ඩොපැමින් ස්‍රාවය කරන නියුරෝනවල ඩොපැමින් රසායනිකය නිෂ්පාදනය අඩු වීම නිසා පාදස්ථ ගැංග්ලියන් මගින් මොළයේ කංකාල පද්ධතියේ උත්තේජන අඩු වීම මෙම ලක්ෂණ සඳහා හේතු වෙයි. ද්විතීයික රෝග ලක්ෂණ ලෙස සිහි කල්පනාව අඩු වීම සහ භාෂාවේ දුර්වලතාවයන් ඉස්මතු වෙයි. මෙම රෝගය නිධන්ගත සහ ක්‍රමයෙන් වැඩි වන රෝගයකි.

නිධන්ගත ක්‍රමයෙන් වැඩිවන පාර්කින්සෝනිය තත්ත්වය කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව පාර්කින්සන් රෝගයයි. වෙව්ලීම, මාංශවල ඝන බව, ක්‍රියාවන්වල වේගය අඩු වීම සහ ඉරියව්වල අස්ථායීභාවය ලෙස පාර්කින්සන් තත්ත්වය අර්ථ දැක්වේ. පාර්කින්ස රෝගය ප්‍රාථමික පාර්කින්සනත්වය ලෙස හැඳින්විය හැකිය. එනම් කිසිදු හේතුවක් නොමැති ජානමය විකෘතීන් නිසා ඇතිවන රෝගයකි. ද්විතීයික පාර්කින්සන් රෝගී තත්ත්වය ඇති වීමට හේතු කාරක ලෙස බෙහෙත් වර්ග , හිසට ඇති වූ පහර දීම්, සහ වෙනත් ඇතැම් රෝගී තත්ත්වයන් හඳුන්වාදිය හැකිය. ජේම්ස් පාකින්සන් විසින් ප්‍රකාශිත “වෙව්ලීම් සහිත පණ නැති වීමේ රෝග තත්වය ගැන විස්තරය” මගින් ඔහු විසින් කරන ලද සවිස්තරාත්මක හැඳින්වීම නිසා ඔහුට කරන ලද ගෞරවයක් ලෙස මෙම රෝගය පාර්කින්සන් රෝගය ලෙස නම් කරන ලදී. 
  

ස්නායු රෝග
ස්නායු වෛද්‍යවේදය


අසාමාන්‍ය මානසික තත්ත්වය 

psychokinesis යන ග්‍රීක් වචනයේ "psyche", යන්නේ අර්ථය මනස, ආත්මය, හදවත හෝ හුස්ම යනුයි. "kinesis"යන්නේ අර්ථය දුරස්ථ චලනය යන්නය. එය කෙටි කළ විට PK හා TK යනුවෙන් හැඳින්වෙයි. එයින් හැඟවෙන්නේ භෞතික විද්‍යාවේ දැනට දන්නා නීතිවලට පරිබාහිරව ද්‍රව්‍යය, කාලය අවකාශය හා ශක්තිය කෙරේ බලපෑමක් ඇති කිරීමට මනසින් අපේක්ෂිත ශක්තියයි. එය ඉතා බලවත් චෛතසික ශක්තියට හැකි බවයි.දෙවියන්ගේ බලයක් මෙන් වූවකි. මනෝ චලනයට උදාහරණයක් ලෙස කිසියම් ද්‍රව්‍යයක් විකෘති කිරීමක් හෝ චලනය කිරීමත් සැලකිය හැකිය. නොහොත් අහඹු අංක ජෙනරේටරයක ප්‍රතිඵලය වෙනස් කිරීම ගණන් ගත හැකිය. එවැනි බලයක් පවතින බව කිසිදා විද්‍යාත්මකව ලේඛනගත කර නැත. මෙම සංසිද්ධියේ අධ්‍යයනය චෛතසික චලනයක් වන අතර එය අසාමාන්‍ය මනෝ විද්‍යාවේ එක් අංගයක් ලෙස සැළකේ. සමහර අසාමාන්‍ය මනෝ විද්‍යා පර්යේෂකයන් විශ්වාස කරන්නේ අහඹු අංක යන්ත්‍ර භාවිතා කරමින් ගන්නා ප්‍රතිඵල වැනි දේ පෙන්නමින් මනෝ චලනය විද්‍යාමාන වන බවත් ඒ පිළිබඳව සැක කරන්නන් තර්ක කරන්නේ සයිකොකිනෙසිස් (මනෝ චලනය) වැනි දෙයක් සැබැවින්ම නොපවතින බව පවසයි. එවැන්නක් පවතින්නේ යයි පළ කෙරෙන මතය, නොයෙකුත් ප්‍රකාශන, වංචාවල් මායාවල් හා විද්‍යාත්මක දත්ත ඇතැම්හු තම වාසියට පෙරළීම මත පදනම් වූ ඒවාය. නැතහොත් ස්වාභාවික සංසිද්ධි මත පදනම් වූ ඒවාය. මනෝ චලනය ජනප්‍රිය වී ඇත්තේ අද්භූත ආගමික ත්‍රාසජනක තේමාවල, ප්‍රබන්ධවල හා පරිගණක ක්‍රීඩාවලත්ය.

සටහන් 

{|

|Psychokinesis
ප්‍රොයිඩ්ගේ මනෝගති විද්‍යාවේ පුද්ගලතා බද්ධ වීම සහ අන්තර්වලෝකන ස්වභාවය නිසා ද ළමා කාලයේ අත්දැකීම් නැවත එකතුකර ගැනීම නිසා ද 20 වැනි සියවසේ දී චර්යාවාදය ප්‍රධාන මග පෙන්වුම් මනෝවිද්‍යාත්මක න්‍යායක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. ජෝන් වොට්සන්ගේ පුරෝගාමීත්වයෙන් එඩ්වඩ් තෝන්ඩික්, ක්ලාක් එල්හල්, එඩ්වඩ් සී. ටොමිලන් සහ පසුකාලීනව බී.එෆ්. ස්කිනර්ගේ උපකාරයෙන් චර්යාවාදය ගැන සතුන් ආශ්‍රිත පර්යේෂණ කිරීම ඇරඹිණි. චර්යාවාදීන්ගේ මතයට අනුව මනෝ විද්‍යාවේ විෂයානුබද්ධ ගැටලු සම්මත පාලන ක්‍රියාවන්ට අනුව ක්‍රියාකාරීවීමත් සමඟ මනෝ විද්‍යාව මනස හෝ විඥාණය නොව චර්යාව මූලික ලෙස ඉලක්ක කර ගති. ඔවුන් අභ්‍යන්තර මානසික තත්ත්වයන් හැඟීම්, දැනීම්, විශ්වාසයන්, ආශාවන් සහ අනෙකුත් නිරීක්ෂණ කළ නොහැකි සිතුවිලි අධ්‍යනයේ වලංගුතාවය පිළිබඳව ප්‍රශ්න නැගිය “චර්යාවාදීන්ට අනුව මනෝ විද්‍යාවට අදාළ අර්ථ කථන කිහිපයකි. ” Watson විසින් මනෝ විද්‍යාව යනු “ස්වභාවික විද්‍යාවේ විෂය මූලික පර්යේෂණයන්හි ශාඛාවක් ලෙසද” “අන්තර් අවලෝකනය එම ක්‍රමයන්හි වැදගත් කොටසක් නිරූපණ නොකරන බවද” පෙන්වා දුනි. චර්යාවාදීන් විසින් මිනිසා සහ තිරිසනුන් ද බෙදා කළ හැකි පැහැදිලි කඩ ඉමක් නොමැති බව නිරීක්ෂණය කරන ලදී. Skinner විසින් උපකල්පන පරීක්ෂා කිරීමට කරනු ලබන පර්යේෂණ ඵලදායී නොවන බව ප්‍රකාශ කරන ලදී. එනම් වඩා හේතු භූත වූ හෝ විචාරාත්මක සෛද්ධාන්ත මඟින් අර්ථ ශුන්‍ය පර්යේෂණ හා සාර්ථක පර්යේෂණ මැඩ පවත්වන බව පවසන ලදී.
                 
20 වැනි සියවසේ පළමු භාගයේ දී චර්යාවාදය මනෝ විද්‍යාවේ ප්‍රධාන සුසමාදර්ශකයක් විය. නමුදු නූතන මනෝ විද්‍යාව විඥාණික මනෝ විද්‍යාව මඟින් අභිබවනය කරයි. භාෂාවේ දී Noam Chomsky මනෝ විද්‍යාවේ විඥානික විප්ලවය ඇති කිරීමට B. F. Skinner ගේ වාච්‍යචර්යාව පිළිබඳව කරන ලද සමාලෝචනය මඟින් හැකි විය. එමඟින් චර්යා අධ්‍යාපනය සහ‍ භාෂා ආධිපත්‍ය අධ්‍යාපනය සඳහා චර්යාවේදී ප්‍රවේශණය අභියෝගයට ලක් කරන ලදී. Chomsky විසින් Skinner විසින් සතුන් ආශ්‍රිත පර්යේෂණ ඇසුරින් ඉදිරිපත් කළ “සංවේදනය” “ප්‍රතිචාරය” “ප්‍රතියත්නය” වැනි මතයන් පුළුල් ලෙස විවේචනය කරන ලදී. තවද ඔහු විසින් Skinner ගේ මතයන් ආදේශ කළ හැක්කේ භාෂාව ලබා ගැනීම, වැනි සංකීර්ණ මිනිස් ක්‍රියා සඳහා මතුපිටින් පමණක් බවට වාද කරන ලදී. ඔහු පර්යේෂණ සහ විශ්ලේෂණ භාෂාව ග්‍රහණය කිරීමේ දී ළමයාගේ දායකත්වය සැලකිය යුතු බව ද මිනිසා භාෂාව ග්‍රහණය කිරීම සඳහා ස්වභාවික හැකියාවක් සහිතව උපත් ලබා ඇති බවද අවධාරණය කරන ලදී. මොහුගේ බොහෝ ක්‍රියාවන් මනෝ විද්‍යාඥ ඇල්බට් බන්ඩුරා හා එක්ව කරන ලද ඒවා වෙයි. ඇල්බට් බන්දුරා විසින් සමාජ ඉගෙනුම් න්‍යාය මඟින් කුඩා ළමුන් වෙනත් පුද්ගලයෙකුගේ ආකෘතියක් නිරීක්ෂණය මඟින් ඛණ්ඩශීලීත්වය (ආක්‍රමණශීලීත්වය) ඉගෙන ගන්නා බව පෙන්වා දෙන ලදී. තවද මෙම ක්‍රියාවේ දී පිටතට පෙනෙන චර්යාවේ කිසිදු වෙනසක් ඇති නොවන නිසා ආක්‍රමණශීලීත්වය කෙරෙහි හේතු වනුයේ දේහය අභ්‍යන්තර ක්‍රියාවලියක් බව ද පැවසීය.

සටහන් 

{|

|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

|-
|Psychology Rise_of_behaviorism

|-

References 

http://en.wikipedia.org/wiki/Psychology#Rise_of_behaviorism
මනෝ විද්‍යාව
හිනෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයා අසංවිධිත චින්තනය, ශ්‍රවණ භ්‍රාන්තිය හා මායාවල් ප්‍රදර්ශනය කරයි. උග්‍ර අවස්ථාවල බොහෝ කොටම ගොළුව සිටින අතර අශෝභන අවස්ථාවලදී නොසෙල්වී සිටින අතර නිරර්ථක කැටටෝනියාවක් ප්‍රදර්ශනය කරයි. වර්තමානයේ මනෝ විකාර වර්ගීකරණයට අනුව මෙවැනි රෝගියෙක් තුළ අඩුම වශයෙන් 6 මාසයකවත් බාධාකාරී ක්‍රියාකාරීත්වයක් තුළ යටත් පිරිසෙන් මාසයක්වත් මනෝ විකාර ලක්ෂණ තිබිය යුතුයි. කෙටි කාලීන හිනෝන්මාදය හැඳින්වෙන්නේ හිනෝන්මාද ක්‍රමයේ ආබාධයක් ලෙසිනි. එක් ලක්ෂණයකින් පමණක් හිනොන්මාදය හඳුනාගත නොහැකි වන අතර ඒ සියල්ලම අනෙක් මනෝ චිකිත්සක තත්වයන් යටතේ ද ඇති විය හැකිය.
    
සාමාන්‍යයෙන් සමාජ හුදෙකලා වීම සාධක කීපයක් නිසා ඇති විය හැකිය. සමාජය විසින් ඔහු හඳුනා ගනු ලැබීම දුර්වල වූ විට එය හිනෝන්මාදය හා සම්බන්ධ වෙයි. එය මායාව නිසා ඇතිවෙන පීඩන උන්මාදයේ හා භ්‍රාන්තිකයේ ක්‍රියාකාරී ලක්ෂණයි. එසේම උදාසීනත්වයේ හා අපකර්ෂණයේ නිෂේධ ලක්ෂණයි.

නව යෞවන සමයේ පසු යුගය හා වැඩිහිටි සමයේ පෙර යුගය හිනෝන්මාදයේ උච්ච අවස්ථාවයි. මේවා තරුණ වැඩිහිටියකුගේ සාමාජික හා වෘත්තීය සංවර්ධනයේ තීරණාත්මක වකවානු වෙයි. මෙකල ඒ අය අසනීප වැළඳීමෙන් දැඩි ලෙස ව්‍යාකූල විය හැකිය. හිනෝන්මාදයේ පීඩාව අඩු කිරීමට ආබාධයේ මුල් පියවර හඳුනා ගැනීමට හා ප්‍රතිකාර කිරීමට දැනට බොහෝ දේ සිදු කර තිබේ. රෝග ලක්ෂණ පහළ වීමට මාස 30කට පෙර දී මෙය හඳුනාගත හැකිය. එහෙත් ආබාධය දිගු කලක් පැවතිය හැකිය. හිනෝන්මාදය වැළදෙන්නට යන අයට ඊට පෙර අවධියේදී සමාජයෙන් ඈත්වීම, කෝප වීම, හා කාංසිය ඇති වීමට ‍ඉඩ තිබේ. මනෝ විකාර ඇති වෙන්නට පෙර තමාටම සීමා වූ මනෝ විකාර මෙබඳු අයට ඇතිවේ.

සටහන් 

{|

|Schizophrenia Signs_and_symptoms

|-
ආදී සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව ( Classical mechanic) අර්ථ දැක්වීම 

 
ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව	   
 
නිව්ටන්ගේ දෙවන නියමය	   
ඉතිහාසය 
 
[show] මූලික සංකල්ප	   
	 
  
[show] සූත්ර 	   
	 
  
[show] අංශ	   
	 
  
[show] විද්යාඥයන්	   
	 
	   
This box: view • talk • edit	 

ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව ( බොහෝ විට එහි උප ක්ෂේත්රයක්වන නිව්ටෝනියානු යාන්ත්ර විද්යාව සමග පැටලේ) . ප්රක්ෂිප්තවල සිට යන්ත්ර කොටස් දක්වා මෙන්ම අභ්යවකාශයානා, ග්රහලෝක, තාරකා හා ගැලැක්සි වැනි තාරකා විද්යාත්මක වස්තු වැනි මහේක්ෂීය වස්තුවල චලිතය විස්තර කිරිමට යොදා ගනී. එය මෙම වසම් යටතේ ඉතා නිවැරදි ප්රතිඵල ලබා දෙන අතර විද්යාවේ හා තාක්ෂණයේ විශාලම හා පැරණිම විෂයයන්ගෙන් එකකි. 

මෙය හැරුණු කොට වායු, තරල හා ඝන වැනි දේ සමග කටයුතු කරන අංග පවතී. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව, අධි ප්රවේගයෙන් ආලෝකයේ ප්රවේගයට ළඟා වෙමින් චලනයවන වස්තු සඳහා වූ විශේෂ සාපේක්ෂතාව මගින් වැඩි දියුණු කරනු ලබයි. තව දුරටත් සාමාන්යය සාපේක්ෂතාව වඩා ගැඹුරු මට්ටම්වලදී ගුරුත්වාකර්ෂණය සමග වැඩ කිරීමට යොදා ගනී. භෞතික විද්යාවේදී ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව, යාන්ත්ර විද්යාව පිළිබඳව වූ අංශයේ ප්රධාන උපකොටස් දෙකෙන් එකක් වන අතර බලපැවැත්වෙන භෞතික නීති එකතුවක් හා වස්තු හා වස්තුවල එකතුවල චලිතය ගණිතමය වශයෙන් විස්තර කිරීමත් සමග සැලකිල්ලට ගනී. අනෙක් උපක්ෂේත්රය වන්නේ ක්වොන්ටම් යාන්ත්ර විද්යාවයි. 

ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව  (Classical mechanics) යන වදන සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය නිර්මාණය වීමට පෙර, ටයිකො බ්රා හා ගැලීලියෝගේ භූගෝලීය ප්රක්ෂිප්ත චලිතය මත පදනම් වූ ජොහැන්නස් කෙප්ලර්ගේ ආදී තාරකා විද්යාත්මක සිද්ධාන්ත මත ගොඩනැගුණු සර් අයිසැක් නිව්ටන් හා 17 වන සියවසේ බොහොමයක් සමකාලීන වැඩ කරන්නන් මගින් ආරම්භ කළ ගණිතමය භෞතික විද්යා පද්ධතියක් හැඳින්වීමට 20 වන සියවසේ දී නිර්මාණය විය.එම නිසා සමහරක් මූලාශ්ර “සාපේක්ෂ භෞතිකය” ලෙස හඳුන්වන දෙය එම ලයිස්තුවෙන් ඉවත් කරලීය. කෙසේ නමුත් නූතන මූලාශ්ර ගණනක අයින්ස්ටයින්ගේ යාන්ත්ර විද්යාව ඇතුළත් වන අතර ඔවුනට අනුව එය ආදී සම්භාව්යය යාන්ත්ර විද්යාවේ වඩාත් දියුණු හා නිවැරදි ආකාරයයි. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාවේ වර්ධනයේ මූලික අවධිය නිව්ටෝනියානු යාන්ත්ර විද්යාව ලෙස හඳුන්වන අතර එය නිව්ටන් විසින් ලෙයිබනිස් හා අනෙක් අය සමග සමාන්තරව හඳුන්වා දෙන ලද ගණිත ක්රම හා ක්රියාවේ යොදවන ලද භෞතික සංකල්ප සමග සම්බන්ධ වේ. මෙය ඉදිරි කොටස්වලදී තව දුරටත් විස්තර කර ඇත. වඩා වියුක්ත හා සාමාන්යය ක්රම වලට ලැග්රන්ජියානු යාන්ත්ර විද්යාව (Lagrangian mechanics) හා හැමිල්ටෝනියානු යාන්ත්ර විද්යාව (Hamiltonian mechanics) ඇතුළත් වේ. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව හා නිව්ටෝනියානු යාන්ත්ර විද්යාව යන වදන් දෙකම සමාන ලෙස සලකන අතර (සාපේක්ෂතාව නොසලකා හැරේනම්) එහි අන්තර්ගතයෙන් වැඩි ප්රමාණයක් 18 හා 19 වන ශත වර්ෂවල නිර්මාණය විය. තවද නිව්ටන්ගේ කාර්යයන්ගෙන් සැලකිය යුතු තරම් දුරකට විහිදිනි. (බොහෝවිට එහි විශ්ලේෂණික ගණිතය භාවිතයේදී).

References 
http://en.wikipedia.org/wiki/Classical_mechanics
ඇතැම්විට කෙටි කාලීන මතකය “ ප්‍රාථමික” “වැඩ කරන” “ක්‍රියාකාරී” මතකය ලෙස සඳහන් ව අතර තත්පර 20 ක පමණ කුඩා ප්‍රමාණයක තොරතුරු ඊට ඇතුළත් වෙයි.

කෙටි කාලීන මතකය ධාරිතාව කොටස් 3 හෝ 4 සිට (වචන, අංක, හෝ අකුරු) කොටස් 9 දක්වා වෙනස් වෙයි. පොදුවේ දැක්වෙන ධාරිතාව කොටස් 7±2 වෙයි. ඊට පටහැනිව දිගු කාලීන ස්මරණයට නියමයක් නැතිව අසීමිත තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් වේ.
  

කෙටි කාලීන මතකය මනසේ ක්‍රියාකාරීව ක්ෂණිකව භාවිතා කළ හැකි තත්ත්වයෙන් පවතින සුළු ප්‍රමාණයේ තොරතුරු ප්‍රමාණයක් අල්ලන ධාරිතාවක් ලෙස විස්තර කළ හැකිය. කෙටි කාලීන සංවේදකවල අඩංගු තොරතුරු මෙසේය.

             

කෙටිකාලීන මතකය ගබඩාව

වර්ෂ 1960 දී වර්ධනය වූ ස්මරණය පිළිබඳ සම්භාව්‍ය ආකෘතියකින් පිළිගත්තේ සියලු ස්මරණයන් කෙටිකාලීන ගබඩාවකින් දිගු කාලීන ගබඩාවකට මාරුවෙන බවයි. මේ මොඩලය ස්වරූප මොඩලයක්ය යනුවෙන් ප්‍රසිද්ධියේ විස්තර කළේ ඇට්කින්සන් හා ශීෆීන් යන දෙදෙනාය. 

මෙම ගබඩා දෙක අතර පැහැදිලි වෙනසක් ඇත් ද යන්න, විශේෂඥයන් අතර විවාදයට තුඩු දුන් කරුණකි.

       

වෙන් වශයෙන් කෙටි කාලීන ගබඩාවක් පවතීය යන කාරණයට පක්ෂව සාක්ෂි ලැබෙන්නේ විස්මෘතියෙනි. අලුත් තොරතුරු හා සිදුවීම් දැන ගැනීමට ඇති නොහැකියාවෙනි. මොළයට හානි සිදුවීමෙන්  ඇතිවෙන මෙබඳු විස්මෘතියක් සහිත ආබාධිතයන්ට ද (තත්පර 30) සුළු තොරතුරු ප්‍රමාණයක් මතකයේ රඳවා ගත හැකිය. එහෙත් දිගු කාලයක් මතකයේ රඳවා ගැනීමට ඇති හැකියාව විස්මිත ලෙස අඩු වෙයි. (HM නැමැති රෝගියා, මීට ප්‍රකට උදාහරණයකි)

අනෙක් සාක්ෂිය හමුවන්නේ පර්යේෂණාත්මක අධ්‍යයනවලිනි. ඇතැම් ඉලක්කම් මෙහෙයවීමෙන් (වික්ෂිප්ත කාර්යයක් - distractor task) ලොකු සංඛ්‍යාවකින් තනි ඉලක්කමක් යළි යළිත් අඩු කිරීම වැනි) ඉතා මෑතකදී ඉගෙන ගත් වචන ලැයිස්තුවෙකින් වචන 3 හෝ 5 ක් පිළිබඳ ස්මරණය දුර්වල විය හැකිය. මේ සියලු සොයා ගැනීම්වලින් පෙන්නුම් කරන්නේ කෙටි කාලීන ස්මරණය හා දිගු කාලීන ස්මරණය යන දෙකම එකිනෙකින් නිදහස්ව හා එකිනෙකට වෙනස්ව ක්‍රියා කරන බවයි.

සියලු පර්යේෂකයෝ කෙටි කාලීන ස්මරණය හා දිගු කාලීන ස්මරණය එකිනෙකට වෙනස් ක්‍රම බව නොපිළිගනිති. සමහර සෛද්ධාන්තිකයෝ ස්මරණය සියලු කාල පරිමාණවල ඒකීය ස්වරූපයෙන් මිලි තත්පරයේ සිට අවුරුද්ද දක්වා පවතින බව ප්‍රකාශ කරති. කෙටි කාලීන හා දිගු කාලීන ස්මරණ අතර සීමාවක් ලකුණු කිරීම දුෂ්කර වීමෙන් ඒකීය ස්මරණය පිළිබඳ මතයට සහායක් ලැබී ඇත.
නින්ද යනු ඌතිත (අඩු වශයෙන් පවතින)  හෝ විරහිත සංවිඥානකතාව,  සාපේක්ෂ වශයෙන් අත්හිටවුනු සංවේදී ක්‍රියාකාරිත්වය, සහ සියළුම පාහේ ඉච්ඡානුගත පේශින්ගේ නිෂ්ක්‍රියාව යන ලක්ෂණයන්ගෙන් නිරූපිත වන හා ස්වභාවිකව නැවත නැවත ඇතිවන තත්ත්වයකි. එය සියලු ක්ෂීරපායී සතුන්ටත් කුරුල්ලන්ටත් උරගයින්ටත් උභය ජීවීන්ට හා මත්ස්‍යයන්ටත් පොදුය.

මනුෂ්‍යයින්ටත්, අනෙක් ක්ෂීරපායී සතුන්ටත් අධ්‍යයනයට ලක් වූ මත්ස්‍යයන් කුරුල්ලන් කුහුඹුවන් හා පලතුරු මැස්සන් වැනි අනෙක් සතුන් සැළකිය යුතු පමණකටත් සිය පැවැත්ම සඳහා ක්‍රමවත් නින්දක් අවශ්‍යය. කෙසේ වුවත් එයින් පැහැදිලි වන්නේ කොටසක් පමණි. එසේම ඒවා දැඩි පර්යේෂණයට බඳුන් වී ඇත.

කායික විද්‍යාව 

ක්ෂීරපායී සතුන්ගේ, පක්ෂීන්ගේ නින්දේ දී අක්ෂි චලනයේ මිණූම පුළුල් වූ කොටස් දෙකකට බෙදේ. 
 වේගවත් අක්ෂි චලනය (Rapid eye movement) (REM) හා
 වේගවත් නොවූ අක්ෂි චලනය සම්බන්ධ නින්ද (Non – rapid movement) (NREM)

එක් එක් කොටසට පැහැදිලිව හඳුනාගත හැකි භෞතික විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක අංග ලක්ෂණ ඇත්තේය. නින්ද ඉදිරියට යන්නේ Rem චක්‍රවලින් හා ( REM = Rapid eye movement) NREM හි පියවර හතරකිනි. 

පියවරවල් / > 2>3>4>3>2> REM

නිදිපෙති වැනි ඖෂධ වර්ග හා මධ්‍යසාරය සහිත බීමවලට නින්දේ සමහර අවස්ථා යටපත් කළ හැකිය. (නින්ද අහිමිවීම බලන්න) විඥානය නැතිවීම මෙහි ප්‍රතිඵලය වන අතර එහි කායික ක්‍රියාකාරකම් ඉටු නොවේ. 

‍රෙක්ස්ෂැෆන් සහ කාලෙස් (Rechtschaffen and Kales) 1968 දී පළමුවෙන් නින්දේ විවිධ අවස්ථා හැදෑරීම සඳහා මිණුම් දණ්ඩක් සැළසුම් කළේය. නිද්‍රාජනක ඖෂධ පිළිබඳ ඇමරිකානු ආයතනය 2007 දී මෙම අවස්ථා සැළසුම් කිරීම යාවත්කාලීන ක‍ළේය.

නින්දේ අවධි

ක්ෂණික අක්ෂි චලන සහිත නින්දේ නිර්ණායක ලෙස වේගවත් අක්ෂි චලන පමණක් නොව වේගවත් කුඩා විදුලි ප්‍රමාණ සහිත මොළයේ විද්‍යුත් ධාරා සටහන් ද අයත් වේ. ක්ෂීරපායීන්ගේ අඩුම වශයෙන් කුඩා මාංශපේශී තානයද දැකිය හැකිය. මතකයේ තබාගත හැකි සිහින වැඩි වශයෙන් මෙම අවස්ථාවේදී ජනිත වෙයි.

බළල් පැටවුන් නිදාගන්නා ආකාරය
වැඩිහිටි මිනිසකුගේ මුළු නිදිකාලය තුළ 75% - 80% පමණ වේගවත් අක්ෂිචලන සහිත නින්දක් අන්තර්ගතය. වේගවත් අක්ෂි චලන රහිත නිද්‍රා අවස්ථාවේදී සාපේක්ෂව සිහින අඩුවෙන් දක්නට ලැබේ. මෙම වේගවත් අක්ෂි චලන රහිත නින්දේ අවස්ථා 4 ක් අන්තර්ගතය. අවස්ථා 1 සහ 2 සැහැල්ලු නින්ද ලෙසද අවස්ථා 3 සහ 4 ගැඹුරු නින්ද (අඩු වේග - තරංග) ලෙසද හඳුන්වයි. වේගවත් අක්ෂි චලන සහිත සහ මාංශ පේශි තානය නොමැති ක්ෂණික අක්ෂි චලන නින්ද මෙන් නොවෙයි. මෙහිදී අවස්ථා නිර්ණය කරනුයේ හුදෙක් මොළයේ ඇති වන විද්‍යුත් තරංග මතය. මෙම ක්ෂණික අක්ෂි චලන රහිත නිද්‍රා කාලයේ ගාත්‍රා චලන, Parasomnias, සහ සිහිනෙන් ඇවිදීම සිදුවෙයි.

මෙම නිද්‍රා අවස්ථාවන් තුළ චක්‍රීයව වෙනස්වන රටාවන් නිරීක්ෂණය කර ඇත.

නිද්‍රා අවස්ථා NI හිදී සාමාන්‍ය අවදි වී සිටින මිනිසුන් තුළ ඇති X කිරණවල (සංඛ්‍යාතය 8 – 13 Hz) සිට theta තරංගවලට පරිවර්තනය වෙයි. (සංඛ්‍යාතය 4 – 7Hz) ඇතැම්විට මෙම අවස්ථාව නිදි මත ලෙස විග්‍රහ කෙරේ. මෙම අවස්ථාව ආරම්භයේදී ක්ෂණික ගැස්සීම් හා නිද්‍රා චලන ඇති විය හැකිය. ඇතැම් පුද්ගලයන් හට කරදරකාරී නිද්‍රා මායා දර්ශනද අත්දැකීමට සිදුවේ. මෙම NI අවස්ථාවේදී පුද්ගලයාගේ පේශී තානයද යම්තාක් දුරට බාහිර පරිසරය පිළිබඳව ඇති අවබෝධයද අඩුවෙයි.

N2 අවස්ථාවට ආවේණික ලෙස නිද්‍රා තර්කූන් ද, K සංකරණයන් ද ඇතිවෙයි. මෙහිදී විද්‍යුත් මාංශ පේශී ග්‍රාහකයේ මැනිය හැකි මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාව අඩුවන අතර බාහිර පරිසරය පිළිබඳ ඇති සිහිකල්පනාව මුළුමනින්ම නැති වෙයි. මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාවය අඩුවන අතර මුළු නින්දේ 45% - 55% පමණ N2 අවස්ථාව ඇතුළත්වෙයි.

N3 අවස්ථාව - ඩෙල්ටා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% අඩු ප්‍රමාණයක් නිරූපණය කරයි. මෙය ගැඹුරු නින්දේ කොටස් වන අතර N4 අවස්ථාවට සංක්‍රාන්ති සමයක් ලෙස හඳුන්වයි. නින්දේ කථා කිරීම, ත්‍රාසජනක සිහින දර්ශනය, නින්දේදී මුත්‍රා පිටවීම ආදී ක්‍රියාවන් N3 අවස්ථාවේදී සිදුවේ.

N4 අවස්ථාව - මෙහිදී ඩෙල්මා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% කට වැඩි ප්‍රමාණයක් නිරූපණය කරයි. අවස්ථා N3, N4 නින්දේ ගැඹුරු අවස්ථාවෙයි. ඩෙල්ටා තරංග වැඩි වශයෙන් ඇතිවන N4 අවස්ථාව N3 අවස්ථාවේ ගැඹුරු අනුවාදයක් ලෙස හදුන්වාදිය හැකිය. අක්ෂි චලන සහිත නින්ද සහ අක්ෂි චලන රහිත නින්දේ 3, 4 අවධීන්හි සමතුලිතතාවයක් පවතී. එමනිසා එම අවස්ථා එකක් අඩුවුවහොත් නැවත නින්ද ලැබුණු පසු එම අඩු වූ ප්‍රමාණය ලබා ගැනීමට උත්සාහ දරයි. එමනිසා මෙම අවස්ථා දෙකම නින්දේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන බව පැහැදිලි වෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ සමාජීය මනෝවිද්‍යා විෂය ‍ක්ෂේත්‍රය ඉතිහාසය

Kurt Lewin - සමාජීය මනෝවිදයාවේ පියා

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජීය මනෝවිද්යා විෂය ක්ෂේත්රය 20වන සියවසේ මුල් භාගයේදී ඇරඹිණි. Norman Trip Let  හෝ සමාජ සුසාධ්යකරණයේ ප්රපංචය මෙම ක්ෂේත්රයේ ප්රථම ප්රකාශිත පර්යේෂණය ලෙස හැඳින්විය හැක. 1930 දී ජර්මනියේ ගෙස්ටල්ට් මනෝවිද්යාඥයින් බොහෝ දෙනා ඇමරිකාවට සංක්රමණය විය. (විශේෂයෙන්ම Kert Lewin ) මොවුන් චර්යාත්මක සහ මනෝවිශ්ලේෂණාත්මක පථයන්ගෙන් පරිබාහිර මෙවැනි ක්ෂේත්රයක් බිහිකිරීම සඳහා පුරෝගාමී විය. සමාජ මනෝ විද්යාව නිරතුරුවම අවබෝධය සහ සිහිබුද්ධිය සඳහා ඇති ඇලීම සඳහා උරුමකම් කියති. විවිධාකාර කුඩා කණ්ඩායම් ප්රපංචය සහ ආකල්පයන් මෙම විෂය ක්ෂේත්රයේ බොහෝදුරට අධ්යයනය කළ මාතෘකා වෙයි. 

දෙවන ලෝක යුද්ධය අතරතුරදී සමාජ මනෝවිද්යඥයෝ ඇමරිකානු සෙබළුන්ගේ අවනත වීම සහ ප්රචාරණය පිළිබඳව අධ්යයනය කරන ලදී. යුද්ධය අවසන් වූ පසු පර්යේෂකයෝ ලිංගභේද සම්බන්ධ ගැටළු සහ ජාතීන් වෙනස් කොට සැලකීම යන මාතෘකා අධ්යයනයට පෙළඹූණි. 60 වන දශකයේදී සංජානන විභේදනය , පේක්ෂකයා මැදිහත් කරගැනීම , කළහකාරිත්වය යන මාතෘකා කෙරේ වැඩි අවධානයක් යොමු විය. නමුත් 1970 දී ඇමරිකාවේ සමාජ මනෝ විද්යාව තුළ අර්බුදකාරී තත්වයක් පැන නැගිණි.  විද්යාත්මක පර්යේෂණයන්වල පවතින ආචාර ධර්ම , ආකල්ප මගින් හැසිරීම් පිළිබිඹු කරනවාද? නැද්ද? සහ සංස්කෘතීන් තුළ විද්යාව කොතරම් දුරට යොදාගන්නවාද යන්න පිළිබඳ දිගින් දිගටම විවාද පැන නැගිණි. එක් අවස්ථාවකදී අන්තගාමී න්යායවාදීන් විසින් මනෝවිද්යාවේ එන මම සහ පෞර්ෂත්වය යන්නන්ගේ අවශ්යතාව පිළිබඳව අභියෝග කරන ලදී. 

1950 – 1980 දශකය තුළදී සමාජ මනෝවිද්යාඥයින් සෛද්ධාන්තිකව යොදා ගන්නා ක්රමෝපායන් මගින් පරිණත තත්වයට පත්විය. අද පර්යේෂණයන් පරීක්ෂාකාරී ආචාරධර්ම මගින් පාලනය කරන අතර , බහුත්ව වාදය සහ බහු සංස්කෘතීන්වල සාපේක්ෂව වැදගත්කම පැන නැගී ඇත. නවීන පර්යේෂණ වඩා උනන්දුවක් දක්වන්නේ උපලක්ෂණය. සමාජීය ප්රධානය සහ ස්වයං ආකල්ප වැනි මාතෘකා අධ්යයනය සඳහාය. තවද සමාජ මනෝ විද්යාඥයෝ තම අධ්යයනයන් සෞඛ්යය සහ පාරිසරික මනෝවිද්යාව මෙන්ම නීති පද්ධති තුළ මනෝවිද්යාව වැනි ක්ෂේත්ර තුළද යොදා ගනි.

References 
http://en.wikipedia.org/wiki/Social_psychology_%28psychology%29#History
මිනිසාගේ සිතුවිලි , හැඟීම් සහ හැසිරීම්වලට අන්‍යන්ගේ පැවතීම, සිතෙහි මවා ගැනීම හෝ හැඟීයාම බලපාන ආකාරය ගැන අධ්‍යයනය කිරීම සමාජ මනෝවිද්‍යාව වෙයි. මෙම අර්ථ දැක්වීමට අනුව පර්යේෂණ සඳහා අනුභවික ක්‍රමයක් යොදාගෙන ඇත. සිතුවිලි, හැඟීම් සහ චර්යාවන් යන කොටස් තුළින් මිනිසා මැනිය හැකි සියලුම මනෝවිද්‍යාත්මක විචල්‍යයන් අඩංගු වෙයි. ඉහත සඳහන් අන් අය මවා ගත හැකිය හෝ හැඟී යා හැකිය යන අර්ථයට අනුව අප අන් පුද්ගලයින් සිටිය ද නොසිටිය ද සමාජයීය බලපෑම්වලට ලක්විය හැකි බව කිව හැකිය. එනම් උදාහරණයක් ලෙස රූපවාහිනිය නැරඹීම, අභ්‍යන්තරයේ පවතින සංස්කෘතික ප්‍රතිමාණයන් මත ද, සමාජයීය බලපෑම් මතද ඇති විය හැකි බවය.
       
මානසික තත්ත්වය හා සමාජයීය අවස්ථා අතර සම්බන්ධතාවය නිසා මිනිස් චර්යාවන් ඇති වන ආකාරය පිළිබඳව සමාජයීය මනෝවිද්‍යාඥයෝ පහදා දෙති.වර්ෂ 1951 කර්ට් ලුවින්ස්ගේ විවරණයට අනුව චර්යාව යනු මිනිසා සහ පරිසරය අතර ක්‍රියාකාරිත්වය ලෙස හැඳින්විය හැකිය. සමාජ විද්‍යාඥයෝ පර්යේෂණාගාර ප්‍රමුඛ වූ සොයා ගැනීම් සඳහා වැඩි කැමැත්තක් දක්වති. එසේම ඔවුන්ගේ සිද්ධාන්ත වඩා විශේෂිත සහ ඉලක්ක සහගත ඒවාය.

සමාජ මනෝවිද්‍යාව , සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව අතර හිඩැස යා කරන අන්තර් විෂයකි. දෙවන ලෝක යුද්ධයට පසු මනෝවිද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින් අතර නිරන්තරයෙන් එක්වීමක් සිදු විණි. එහෙත් පසුව මෙම විෂය ක්ෂේත්‍ර එකිනෙකින් වෙන් වී තනි තනි විෂයයන් ලෙස වර්ධනය විය. සමාජ විද්‍යාඥයෝ මහා විචල්‍යයන් (සමාජ ස්ථරය) දෙස වැඩිවශයෙන් අවධානය යොමු කළහ. එනමුත් සමාජ මනෝවිද්‍යාවට, සමාජ විද්‍යාත්මකව ප්‍රවේශන වීම මනෝවිද්‍යාවේ වැදගත් ප්‍රතිරූපයකි.

එලෙස මනෝවිද්‍යාව සහ සමාජ විද්‍යාව වෙන් වීමට අමතරව ඇමරිකානු සහ යුරෝපීය ජාතික සමාජ මනෝවිද්‍යාඥයින් ආකාර දෙකකින් මේ සඳහා අවධානය යොමු කොට ඇත. එනම් පොදුවේ ගත් කළ ඇමරිකානුවන් වඩාත්ම පුද්ගලයින් ඉලක්ක කර ඇති අතර යුරෝපියානුවන් වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ කණ්ඩායම් කෙරෙහිය.

ඉතිහාසය

ඇමරිකා එක්සත් ජනපදයේ සමාජීය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය 20 වැනි සියවසේ මුල් භාගයේදී ඇරඹිණි. Norman Trip Let හෝ සමාජ සුසාධ්‍යකරණයේ ප්‍රපංචය මෙම ක්ෂේත්‍රයේ ප්‍රථම ප්‍රකාශිත පර්යේෂණය ලෙස හැඳින්විය හැකිය.වර්ෂ 1930 දී ජර්මනියේ ගෙස්ටල්ට් මනෝවිද්‍යාඥයෝ බොහෝ දෙනෙක් ඇමරිකාවට සංක්‍රමණය වූහ. (විශේෂයෙන්ම Kert Lewin ) ඔවුන් චර්යාත්මක සහ මනෝ විශ්ලේෂණාත්මක පථයන්ගෙන් පරිබාහිර වූ මෙවැනි ක්ෂේත්‍රයක් බිහිකිරීම සඳහා පුරෝගාමී වූහ. සමාජ මනෝ විද්‍යාව නිරතුරුවම අවබෝධය සහ සිහිබුද්ධිය ඇති ඇලීම පිළිබඳව පෙන්වා දෙයි. විවිධාකාර කුඩා කණ්ඩායම්වල ප්‍රපංචයන් සහ ආකල්පයන් මෙම විෂය ක්ෂේත්‍රය තුළදී බොහෝදුරට අධ්‍යයනයට ලක් කළ මාතෘකා වෙයි.
                
දෙවන ලෝක යුද්ධය අතරතුරදී සමාජ මනෝවිද්‍යාඥයෝ ඇමරිකානු සෙබළුන්ගේ අවනත වීම් සහ ප්‍රචාරණය පිළිබඳව අධ්‍යයනය කළහ. යුද්ධය අවසන් වූ පසු පර්යේෂකයෝ ලිංගභේද සම්බන්ධ ගැටලු සහ ජාතීන් වෙනස් කොට සැලකීම යන මාතෘකාද අධ්‍යයනය කිරීමට පෙළඹූණහ. 60 වන දශකයේදී සංජානන විභේදනය , ප්‍රේක්ෂකයා මැදිහත් කරගැනීම , කළහකාරිත්වය යන මාතෘකා කෙරේ වැඩි අවධානයක් යොමු විය. එහෙත් 1970 වර්ෂයේදී ඇමරිකාවේ සමාජ මනෝවිද්‍යාව තුළ අර්බුධකාරී තත්වයක් පැන නැගිණි. විද්‍යාත්මක පර්යේෂණයන්වල පවතින ආචාර ධර්ම , ආකල්ප මගින් හැසිරීම් පිළිබිඹු කරනවාද? නැද්ද? සහ සංස්කෘතීන් තුළ විද්‍යාව කොතරම් දුරට යොදාගන්නවාද යන්න පිළිබඳ දිගින් දිගටම විවාද පැන නැගිණි. එක් අවස්ථාවකදී අන්තගාමී න්‍යායවාදීන් විසින් මනෝවිද්‍යාවේ එන මම සහ පෞරුෂත්වය යන්නෙහි අවශ්‍යතාව පිළිබඳව අභියෝග කරන ලදී.

1950 – 1980 දශකය තුළදී සමාජ මනෝවිද්‍යාඥයින් සෛද්ධාන්තිකව යොදා ගන්නා ක්‍රමෝපායන් මගින් පරිණත තත්ත්වයට පත්විණි. අද පර්යේෂණයන් පරීක්ෂාකාරී ආචාරධර්ම මගින් පාලනය කරන අතර බහුත්ව වාදය සහ බහු සංස්කෘතීන්වල සාපේක්ෂව වැදගත්කම පැන නැගී ඇත. නවීන පර්යේෂණ වඩා උනන්දුවක් දක්වන්නේ උපලක්ෂණය. සමාජීය ප්‍රධානය සහ ස්වයං ආකල්ප වැනි මාතෘකා අධ්‍යයනය සඳහාය. තවද සමාජ මනෝ විද්‍යාඥයෝ තම අධ්‍යයනයන් සෞඛ්‍යය සහ පාරිසරික මනෝවිද්‍යාව මෙන්ම නීති පද්ධති තුළත් මනෝවිද්‍යාව වැනි ක්ෂේත්‍ර තුළත් යොදා ගනි.

සටහන් 
ම‍නෝවිද්‍යාව 

මනෝ විද්‍යාව
‍‍

සමාජ සේවය යනු සමාජ සෛද්ධාන්තයන් පර්යේෂණ ක්‍රමයන් මඟින් පුද්ගලයින් කණ්ඩායම් සහ සමාජයන් අධ්‍යයනය කිරීම සහ ඔවුනගේ තත්ත්වය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමයි. එමඟින් අනෙකුත් සමාජ විද්‍යාවන්ද මිනිස් තත්ත්වය දියුණු කිරීමට සහ සමාජයේ දිගු කාලීන ප්‍රශ්න සඳහා ප්‍රතිචාරයන් වෙනස් කිරීමට අනුබද්ධ කර ගනී. සමාජ සේවය යනු සමාජ යුක්තිය රඳවා ගැනීම , ජීවිතයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සහ වැඩදායී පුද්ගලයින් , කණ්ඩායම් සහ සමාජයන් වර්ධනය සඳහා බැඳුණු වෘත්තියකි. එමඟින් සමාජයේ විවිධ ස්ථරවල සමාජ ප්‍රශ්න නිරාකරණය කිරීමට කටයුතු කරයි. විශේෂයෙන්ම දුගීන් සහ රෝගීන්ගේ සමාජ ගැටළු සඳහා වැඩි අවදානයක් යොමු කෙරේ. සමාජ සේවකයෝ සමාජ ප්‍රශ්න, ඒවාට හේතු , ඒවාට විසඳුම් සහ මිනිසාට එමඟින් ඇති බලපෑම ගැන සිත යොමු කරති. එසේම ඔවුහු පුද්ගලයින් , පවුල් කණ්ඩායම් , සංවිධාන සහ මිනිස් කොට්ඨාශ සමඟ එක්ව වැඩ කරති.

සමාජ සේවය 19 වැනි සියවසේ ඇරඹුණු පරිශීලණාත්මක වෘත්තියක් ලෙස අර්ථ දක්වා ඇත. මෙය කාර්මික විප්ලවය නිසා සමාජයේ ඇති සමාජ ප්‍රශ්නයන්ට ප්‍රතිචාර ලෙස ද, තව ද විද්‍යාත්මක සිද්ධාන්ත අධ්‍යයන කටයුතු සඳහා වැඩිපුර යොදා ගැනීම නිසා ද සමාජ සේවය පැන නැඟිණි. පසුව අධ්‍යයන ආයතන වැඩි ගණනක් සමාජ සේවා වැඩමුළු හඳුන්වා දීමට පටන් ගැනිණි.

20 වන සියවසේ අතරතුර වෘත්තීය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා අලුත් පර්යේෂණ සහ සාක්ෂි මත පදනම් පුහුණුව වැඩිපුර භාවිතා කෙරිණි. වර්තමානයේ සමාජ සේවකයෝ නිමක් නොමැති සාමජ අවස්ථාවල හා පරිශීලනයේ යෙදෙති. වෘත්තීමය සමාජ සේවකයෝ ලෙස සැලකෙන්නේ සමාන්‍යයෙන් සමාජ සේවා පිළිබඳ උපාධියක් දරන එමෙන්ම බොහෝ විට ඒ සඳහා බලපත්‍රයක් හෝ වෘත්තීමය ලෙස ලියාපදංචි වී ඇති පුද්ගලයින්ය. සමාජ සේවකයෝ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වී සිටිති.

සටහන් 

{|

|Social_worker

|-

මූලාශ‍්‍ර 
http://en.wikipedia.org/wiki/Social_worker
ක්‍රීඩා මනෝවිද්‍යාව යනු ක්‍රීඩාවේදී පුද්ගල හැසිරීම පිළිබඳ අධ්‍යයනයයි. එය ක්‍රීඩා දක්ෂතාවයන්, කායික ක්‍රියාකාරකම් සඳහා මානසික සාධකයන් බලපාන ආකාරය අවබෝධ කරගැනීමට අවශ්‍ය මොළයේ මනෝවිද්‍යාව ද ගතිවිද්‍යාව පිළිබඳව ද ඒවා පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක දක්ෂතා  වැඩි කිරීමට යොදා ගන්නා ආකාරයද පිළිබඳ කරන හැදෑරීමකි. තවද එය චිත්ත වේග පාලනය කරමින් ක්‍රියාකාරිත්වය වැඩිකිරීම සහ දුර්වල ක්‍රියාකාරිත්වයේ ආබාධවලදී මානසික අවපීඩන අවම කිරීම සඳහා ද උපකාරී වේ. මෙහි එන වැදගත් කුසලතාවයන් ලෙස අරමුණු පිහිටුවීම, සැහැල්ලුවීම, දර්ශනය, ස්වයං කථනය, පරීක්ෂාකාරී බව, පාලනය, ඒකාග්‍රතාවය, ක්‍රමානුකූල බව, සහ ගුණාත්මක පුහුණුව හැඳින්විය.

ක්‍රීඩා මනෝවිද්‍යාවේ ඉතිහාසය

ක්‍රීඩා මනෝවිද්‍යාව යනු ක්‍රීඩාවේදී පුද්ගල හැසිරීම පිළිබඳ අධ්‍යයනයයි. එය ක්‍රීඩා දක්ෂතාවයන්, කායික ක්‍රියාකාරකම් සඳහා මානසික සාධකයන් බලපාන ආකාරය අවබෝධ කරගැනීමට අවශ්‍ය මොළයේ මනෝවිද්‍යාව ද ගති විද්‍යාව පිළිබඳව ද ඒවා පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක දක්ෂතා වැඩි කිරීමට යොදා ගන්නා ආකාරය පිළිබඳවද කරන හැදෑරීමකි. තවද එය චිත්තවේග පාලනය කරමින් ක්‍රියාකාරිත්වය වැඩිකිරීම සහ දුර්වල ක්‍රියාකාරිත්වයේ ආබාධවලදී මානසික අවපීඩන අවම කිරීම සඳහා ද උපකාරී වේ. මෙහි එන වැදගත් කුසලතාවයන් ලෙස අරමුණු පිහිටුවීම, සැහැල්ලුවීම, දර්ශනය, ස්වයං කථනය, පරීක්ෂාකාරී බව, පාලනය, ඒකාග්‍රතාවය, ක්‍රමානුකූල බව, සහ ගුණාත්මක පුහුණුව ආදිය දැක්විය හැකිය.

ක්‍රීඩා මනෝවිද්‍යාවේ ඉතිහාසය 

ක්‍රීඩා මනෝවිද්‍යාව යනු ක්‍රීඩාවලදී පුද්ගල හැසිරීම් පිළිබඳ කරනු ලබන විද්‍යාත්මක අධ්‍යයනයකි. මෙහි මූලික අභිමථාර්තය වනුයේ ක්‍රීඩාවේ සහභාගීත්වය සහ කායික ක්‍රියාකාරකම් පුද්ගල වර්ධනය සඳහා බලපාන ආකාරය හඳුනා ගැනීමයි.

ලොව පළමු ක්‍රීඩා මනෝවිද්‍යාඥයා වන්නේ උතුරු ඇමරිකානු ජාතික නෝර්මාන් ට්‍රිප්ලට් මහතාය. (උපත - 1861 ආසියාවේ දී) පාපැදිකරුවන් කණ්ඩායම් වශයෙන් යන විට තනි පාපැදිකරුවෙකුට වඩා වේගයෙන් ගමන් කරන බව ඔහු විසින් නිරීක්ෂණය කරන ලදී.

වර්ෂ 1920 දී ඇන්ටාටිකානු ජාතික Carl diem විසින් ලොව ප්‍රථම ක්‍රීඩා මනෝවිද්‍යා පර්යේෂණාගාරය ආරම්භකරන ලදී. එයට වසර පහකට පසු A – Z Puni ලෙනින්ග්‍රාඩ් හි කායික සංස්කෘතික ආයතනයෙහි විද්‍යාගාරයක් ආරම්භ කළේය. එසේම 1925 වර්ෂයේදී උතුරු ඇමරිකාවේ ඉලිනෝසිස් විශ්ව විද්‍යාලයේ Coleman Griffith විසින් ක්‍රීඩා මනෝවිද්‍යා පර්යේෂණාගාරයක් ආරම්භ කරන ලදී.වර්ෂ 1918 දී ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා බලපාන සාධක පිළිබඳව පර්යේෂණ ආරම්භ කළ හෙතෙම 1923 දී ප්‍රථම ක්‍රීඩා මනෝවිද්‍යා පාඨමාලාව ද ඇරඹීය.

ක්‍රීඩා මනෝවිද්‍යාව සඳහා වූ අන්තර්ජාතික සංගමය, යුරෝපීය ජාතික ක්‍රීඩා මනෝවිද්‍යාඥයින්ගෙන් සැදුම් ලද්දකි. 1966 වර්ෂයේදී චිකාගෝ හි දී තවත් ක්‍රීඩා මනෝවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ක්‍රීඩා මනෝවිද්‍යාව සහ ක්‍රියාකාරකම් සඳහා ඇමරිකානු සංගමය පිහිටුවන ලදී.

  
වර්ෂ 1970 මුල භාගයේදී ක්‍රීඩා මනෝවිද්‍යාව විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන් තුළද අන්තර්ගත විය‍. සාමාන්‍යයෙන් ගතිවිද්‍යා වැඩසටහන් තුළ අන්තර්ගත වූ මෙමගින් මළල ක්‍රීඩකයින් තුළ ධනාත්මක ආකල්ප ඇතිකිරීම වර්ධනය කෙරිණි. 1980 දශකයේදී ක්‍රීඩා මනෝවිද්‍යාව වඩාත් පර්යේෂණයන් මත පදනම් වීම ඇරඹිණි. ක්‍රීඩා මනෝවිද්‍යාඥයෝ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ව්‍යායාම්වල සහ පමණට වඩා පුහුණුවේ මානසික බලපෑම සහ මානසික පීඩනය පාලනය කිරීම ආදිය ගැන උනන්දු වූහ.

වර්තමානයේ ක්‍රීඩා මනෝ විද්‍යාඥයෝ ප්‍රබල කායික ක්‍රියාකාරකම් සහ මානසික යහ පැවැත්ම අතර සම්බන්ධතාවය සඳහා තොරතුරු ලබා ගැනීම පිළිබඳව පර්යේෂණ සිදු කරති. මානසික කායික විද්‍යා අදහස් සහ ව්‍යායාම් අතරතුරදී මොළයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය මේ සඳහා උපකාරී වී ඇත. තවද, ක්‍රීඩා මනෝවිද්‍යාඥයෝ යහපත් නිරෝගී මානසික තත්වයකට ආධාරකයක් ලෙස ව්‍යායාම හඳුන්වති.

වර්තමානයේදී ක්‍රීඩා මනෝවිද්‍යාඥයින් තරඟකාරී ක්‍රීඩාවලදී ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ගේ දක්ෂතා වර්ධනය සඳහා තමන්ගේ දායකත්වයේ වටිනාකම ද, මළල ක්‍රීඩකයින් නොවන පුද්ගලයින්ගේ යහපත් මානසික තත්ත්වයන් රඳවා ගැනිම සඳහාද කායික ව්‍යායාම්හි පවතින වැදගත්කම ද හඳුනාගෙන ඇත. තමාගේ දක්ෂතා වැඩි දියුණු කිරීමට අවශ්‍යය ක්‍රීඩකයින්, අභිප්‍රේරණයක් අවශ්‍ය ආබාධිත ක්‍රීඩකයින්, තරඟකාරී ක්‍රීඩාවල පීඩනය මැඩපවත්වා ගත නොහැකි ක්‍රීඩකයන්, තරුණ ක්‍රීඩාවල නිරත තරුණ ක්‍රීඩකයින් සහ ඔවුනගේ දෙමාපියන් වැනි බොහෝ කොට්ඨාස ක්‍රීඩා මනෝවිද්‍යාඥයින්ගෙන් උපකාර ලබති.

සටහන් 

{|

|-
|Sport_psychology
නින්දෙහි අවස්ථාවන්

ක්ෂණික අක්ෂි චලන සහිත නින්දේ නිර්ණායක ලෙස වේගවත් අක්ෂි චලන පමණක් නොව වේගවත් කුඩා විදුලි ප්‍රමාණ සහිත මොළයේ විද්‍යුත් ධාරා සටහන ද අයත් වේ. ක්ෂීරපායීන්ගේ අඩුම වශයෙන් කුඩා මාංශපේශී තානයද දැකිය හැක. මතකයේ තබාගත හැකි සිහින වැඩි වශයෙන් මෙම අවස්ථාවේදී ජනිත වෙයි. 

වැඩිහිටි මිනිසකුගේ මුළු නිදිකාලයේ 75% - 80% පමණ වේගවත් අක්ෂිචලන සහිත නින්ද අන්තර්ගතය. වේගවත් අක්ෂි චලන රහිත නිද්‍ර අවස්ථාවේ සාපේක්ෂව සිහින අඩුවෙන් දක්නට ලැබේ. මෙම වේගවත් අක්ෂි චලන රහිත නින්දේ අවස්ථා 4 ක් අන්තර්ගතය. අවස්ථා 1 ස 2 සැහැල්ලු නින්ද ලෙසද අවස්ථා 3 ස 4 ගැඹුරු නින්ද (අඩු වේග - තරංග) ලෙසද හැදින්වේ. වේගවත් අක්ෂි චලන සහිත සහ මාංශ පේශි තානය නොමැති ක්ෂණික අක්ෂි චලන නින්දමෙන් නොව මෙහිදී අවස්ථා නිර්ණය කරනුයේ හුදෙක් මොළයේ ඇති වන විද්‍යුත් තරංග මතය. මෙම ක්ෂණික අක්ෂි චලන රහිත නිද්‍රා කාලයේ ගාත්‍රා චලන, Parasomnias, සහ සිහිනෙන් ඇවිදීම සිදුවෙයි. 

 
ක්ෂණික අක්ෂි චලන සහිත නින්දේ නිර්ණායක ලෙස වේගවත් අක්ෂි චලන පමණක් නොව වේගවත් කුඩා විදුලි ප්‍රමාණ සහිත මොළයේ විද්‍යුත් ධාරා සටහන් ද අයත් වේ. ක්ෂීරපායීන්ගේ අඩුම වශයෙන් කුඩා මාංශපේශී තානයද දැකිය හැකිය. මතකයේ තබාගත හැකි සිහින වැඩි වශයෙන් මෙම අවස්ථාවේදී ජනිත වෙයි.

       
 
වැඩිහිටි මිනිසකුගේ මුළු නිදිකාලය තුළ 75% - 80% පමණ වේගවත් අක්ෂිචලන සහිත නින්දක් අන්තර්ගතය. වේගවත් අක්ෂි චලන රහිත නිද්‍රා අවස්ථාවේදී සාපේක්ෂව සිහින අඩුවෙන් දක්නට ලැබේ. මෙම වේගවත් අක්ෂි චලන රහිත නින්දේ අවස්ථා 4 ක් අන්තර්ගතය. අවස්ථා 1 සහ 2 සැහැල්ලු නින්ද ලෙසද අවස්ථා 3 සහ 4 ගැඹුරු නින්ද (අඩු වේග - තරංග) ලෙසද හඳුන්වයි. වේගවත් අක්ෂි චලන සහිත සහ මාංශ පේශි තානය නොමැති ක්ෂණික අක්ෂි චලන නින්ද මෙන් නොවෙයි. මෙහිදී අවස්ථා නිර්ණය කරනුයේ හුදෙක් මොළයේ ඇති වන විද්‍යුත් තරංග මතය. මෙම ක්ෂණික අක්ෂි චලන රහිත නිද්‍රා කාලයේ ගාත්‍රා චලන, Parasomnias, සහ සිහිනෙන් ඇවිදීම සිදුවෙයි.

මෙම නිද්‍රා අවස්ථාවන් තුළ චක්‍රීයව වෙනස්වන රටාවන් නිරීක්ෂණය කර ඇත.

නිද්‍රා අවස්ථා NI හිදී සාමාන්‍ය අවදි වී සිටින මිනිසුන් තුළ ඇති X කිරණවල (සංඛ්‍යාතය 8 – 13 Hz) සිට theta තරංගවලට පරිවර්තනය වෙයි. (සංඛ්‍යාතය 4 – 7Hz) ඇතැම්විට මෙම අවස්ථාව නිදි මත ලෙස විග්‍රහ කෙරේ. මෙම අවස්ථාව ආරම්භයේදී ක්ෂණික ගැස්සීම් හා නිද්‍රා චලන ඇති විය හැකිය. ඇතැම් පුද්ගලයන් හට කරදරකාරී නිද්‍රා මායා දර්ශනද අත්දැකීමට සිදුවේ. මෙම NI අවස්ථාවේදී පුද්ගලයාගේ පේශී තානයද යම්තාක් දුරට බාහිර පරිසරය පිළිබඳව ඇති අවබෝධයද අඩුවෙයි.
   
N2 අවස්ථාවට ආවේණික ලෙස නිද්‍රා තර්කූන් ද, K සංකරණයන් ද ඇතිවෙයි. මෙහිදී විද්‍යුත් මාංශ පේශී ග්‍රාහකයේ මැනිය හැකි මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාව අඩුවන අතර බාහිර පරිසරය පිළිබඳ ඇති සිහිකල්පනාව මුළුමනින්ම නැති වෙයි. මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාවය අඩුවන අතර මුළු නින්දේ 45% - 55% පමණ N2 අවස්ථාව ඇතුළත්වෙයි.

N3 අවස්ථාව - ඩෙල්ටා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% අඩු ප්‍රමාණයක් නිරූපණය කරයි. මෙය ගැඹුරු නින්දේ කොටස් වන අතර N4 අවස්ථාවට සංක්‍රාන්ති සමයක් ලෙස හඳුන්වයි. නින්දේ කථා කිරීම, ත්‍රාසජනක සිහින දර්ශනය, නින්දේදී මුත්‍රා පිටවීම ආදී ක්‍රියාවන් N3 අවස්ථාවේදී සිදුවේ.

N4 අවස්ථාව - මෙහිදී ඩෙල්මා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% කට වැඩි ප්‍රමාණයක් නිරූපණය කරයි. අවස්ථා N3, N4 නින්දේ ගැඹුරු අවස්ථාවෙයි. ඩෙල්ටා තරංග වැඩි වශයෙන් ඇතිවන N4 අවස්ථාව N3 අවස්ථාවේ ගැඹුරු අනුවාදයක් ලෙස හදුන්වාදිය හැකිය. අක්ෂි චලන සහිත නින්ද සහ අක්ෂි චලන රහිත නින්දේ 3, 4 අවධීන්හි සමතුලිතතාවයක් පවතී. එමනිසා එම අවස්ථා එකක් අඩුවුවහොත් නැවත නින්ද ලැබුණු පසු එම අඩු වූ ප්‍රමාණය ලබා ගැනීමට උත්සාහ දරයි. එමනිසා මෙම අවස්ථා දෙකම නින්දේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන බව පැහැදිලි වෙයි.

සටහන් 

{|

|Stages of sleep

|-

නින්ද
විෂාදයේ දී විවිධාකාර රෝග ලක්ෂණ ලෙස මතු විය හැක. නමුදු සියලුම රෝගීන් චිත්ත ස්වභාවයේ ප්‍රබල වෙනසක්, සිතේ ඇතිවන අධික දුක , තමාගේ කැමැති ක්‍රියාවන්වලින් ලබා ගන්නා ප්‍රීතිය අඩු වීම, යන ලක්ෂණ පෙන්වයි.

වෙනත් රෝග ලක්ෂණ වනුයේ 

දිගුකල් පවත්නා දුක, නොසන්සුන් බව හෝ හිස් බව
කෑම අරුචිය හෝ බර අඩුවීම හෝ බර වැඩිවීම සහ
නින්ද නොයාම , වැඩිපුර නිදා ගැනීම
නොසන්සුන්තාවය සහ ‍නොරුස්සනා ස්වභාවය
නොගැළපෙන වරදකාරී හැගීම් , අසරණ බව
බලාපොරොත්තු කඩවූ , අසුභවාදී හැගීම්
චින්තනයේ , අවධානය පවත්වා ගැනීම් , මතක තබා ගැනීමේ , තීරණ ගැනී‍මේ අපහසුතාවය.
මරණය ගැන සිතීම හෝ සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම
තමා ප්‍රීතිමත් වූ ක්‍රියාවන්වලින් සොම්නස ලබා ගැනීමට නොහැකි වීම.
සමාජ ආශ්‍රයෙන් , යහළුවන්ගෙන් ඈත් වීම
ශක්තිය අඩුවීම, ක්‍රියාවන්ගෙන් වේගය අඩුවීම
දිගුකල් පවත්නා , ප්‍රතිකාරයන්ගෙන් සුව නොවන කායික රෝග 
ලක්ෂණ උදා - හිසරදය, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ලක්ෂණ, වේදනාව
චාලක ක්‍රියාවන්හි වේගය අඩු වීම

සිය රෝගීන් මෙම රෝග ලක්ෂණ සියල්ලන්ගෙන්ම පෙළීමට ලක් නොවේ. රෝග ලක්ෂණයන්ගේ තීව්‍රතාවය පුදගලයා මත රඳා පවතියි. එනමුත් සියදිවි හානි කර ගැනීමට සිතීම හෝ තැත් කිරීම හැර අනෙක් රෝග ලක්ෂණය අඩුම වශයෙන් සති 2ක් පැවතීම විෂාදය රෝග නිර්ණය කිරීම අවශ්‍ය වේ.

වැඩිහිටියන්ගේ ‍මෙන් නොව කුඩා ළමුන්ගේ රෝග නිර්ණය කිරීම දුෂ්කර කාර්යයකි. එමනිසා ‍බොහෝ විට මෙම රෝගයට ප්‍රතිකාරය කුඩා ළමුන්ගෙන් මග හැරී යයි. මෙයට හේතුව වනුයේ කුඩා ළමුන්ගේ රෝග ලක්ෂණ එම වයසට සාමාන්‍ය චිත්ත ස්වභාවයන් ලෙස ගැනීමත් විවිධ පරිසරවල ඔවු‍න්ගේ රෝග ලක්ෂණ වැඩිහිටියන්ට වඩා වෙනස්වීමත් නිසාය.

ඇතැම් ළමුන් හොඳින් ක්‍රියාකාරී වුවද , විෂාදයෙන් පෙළෙන බොහෝ ළමුන් සමාජීය හා දෛනික කටයුතුවල පැහැදිලි වෙනසක් , අධ්‍යයන කටයුතු සඳහා ඇති උනන්දුව නැතිවීම, බාහිර ස්වරූපය පැහැදිලි ඉක්මන් වෙනසක් ඇතිවීම සහ මේවා පෙන්විය හැක. එමෙන්ම මත්ද්‍රව්‍ය සහ අරක්කුවලට ඇබ්බැහි වීම ද සිදුවිය හැක. (විශේෂයෙන් වයස අවුරුදු 12 න් පසු) වැඩිහිටියන්ට වඩා සියදිවි හානි කර ගැනීමට ඇති හැකියාව අඩු වුවද උග්‍ර විෂාදයෙන් පෙළෙන ළමුන් වයස අවුරුදු 12ට අඩු කාලයේ දී වුව ද සියදිවි හානි කර ගැනීමට පෙළඹේ.

මනෝ විද්‍යාව